Friday, 26 June 2026

Forehead Kiss

 In the corner of a heart,

on the edge of an eye,

at the end of a memory,

where beginnings say goodbye…

In the ache of a whisper,

in the smile of a tale,

something stayed behind us,

a love too shy and frail.

A hurting memory remains,

still calling me and you,

words we never dared to say,

though deep inside we knew.

Did you belong to me?

Did I belong to you?

Questions left unspoken,

floating in the blue…

Caught inside a forehead kiss,

a moment soft and slow,

a silent kind of loving

we never let to show.

Now the rhythm keeps on playing,

like waves upon the shore,

your memory keeps dancing

inside my heart once more

Sunday, 26 April 2026

සිඟමන්

https://suno.com/s/amcjEWE1z8TJtc6v 


බක් මස ගෙවුනා

නොදැනිම කොවුලාට

අන්තිම කොකිස කෑවා

මම තනි කමට


කැවුමෙ රස දැනෙන්නෙත්
බක් මස ගෙවුනාම


අතිරස ආසමී අලුවා
ආගිය අත නැති සේම


හැඳි ගෑ දොදොලේ අන්තිම
අග මුඩු රස ඇයි

මුං කැරලි නාරං කැවුම් නං
තාම රසයි

නුඹ ඇඳි චීත්තේ මල් රටා හරි කදිමයි

කරල් දෙකට බැඳි කොන්ඩෙට මම ආසයි


වෙසක් පොසොන් ඇසල පෙරහර හිත පාරයි

බෝ ගහ පාමුලදි නුඹෙ මුව මට අකපැයි

ඉරට රටා මවමින් මම වැලි පීරයි

රටා දකින මගේ හිත සෙමින් නිවෙයි


නුඹ හෙට සිදාදියෙ ගියොතින් වෙනදාමෙන්

සත්තයි කරමි අභිනික්මන් නුඹේ නමින්

හෙට මුර දානේ පිලිගන්නට නුඹ නාවොත්

වඩිනෙමි පිඬු සිඟා නුඹ යන මග අවුරන්



පව් පුරවා ගන්නෙ දිග්ගස්සන්නද සංසාරේ

ලොකු හාමුදුරුවන්ගේ ඒ හඬ මට නං නොඇසේ

මුර බණ දාන පිංකං මට නොඇරේ

අවානට මුවාවෙමි මම සඟවා මගෙ සිත් සාරේ

බක් මස ගෙවුනා
නොදැනිම කොවුලාට

අන්තිම කොකිස කෑවා
මම තනි කමට

Sunday, 4 February 2024

Four weddings & fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල්..

 




කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ...
මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි, හෝල්සේල් අකමැතියි වෙඩිමවල් අපේ මේ සූටි රටේ කෙරෙන සහ කරන විදිය ගැන ඉතින්...
මගේ ලඟම බොක්කක් අවුරුද්දක් විතර ඉඳන් ප්ලෑන් කොලා උගෙ එකම කොල්ලගෙ වෙඩිම...ඌයි මායි VX ශොට් එකක් දාන ගමන්, ඌ ආසම දික්වැල්ලේ අශ්‍රොෆ් ගේ රෝස්ට් චිකන් බයිට් වලින් ඉතිරි වෙන බෝන්ස් මගේ නයිට් ෆ්‍රෙන්ඩ් සින්ඩාට කවන ගමන් ඔය වැඩේ ගැන උඩ පල්ලෙහා කතා කොලා, විශ්ලේෂණය කොලා..මගේ එකම ඉල්ලීම උනේ අනේ සුදෝ උඹ මටනං ඉනවයිට් නොකරහංය කියල...සින්ඩා හරි කුලෑටියි ටිමිඩ්...එහෙම කුලෑටියට ඉඳල ටිකෙන් ටික හරි හරියට
හීලෑ උනා ඔය අල්ල පනස්සෙ...ඌ මං හදපු එකෙක් නොවුනාට මං නිල්වැල්ලේ ගේට්ටුවෙන් ඇතුල්වෙලා දොර ජනෙල් ඇරලා එහෙට මෙහෙට වෙලා සෙට් වෙන්න පලවෙනි වඩිය නවනකොටම මතුවෙනව ඉස්සරහා දොරෙන්...පෙනුමට ශෙපර්ඩ් උනාට මොනා හරි මික්ස් එකක් තියෙනව සින්ඩගේ...අර මගුල් ගෙවල්වල බුෆේ එක තියෙන කෑම ජාති වගේ...ලංකාවෙ අපිට කන්නය කියල ඉව්වට, ලංකාවෙ හැදෙන වැවෙන මස් මාලු කිරි බිත්තර එලෝලු ජාති දාල හැදුවට, මොනා හරි තුප්පහි සෝස් එකක් හරි පේස්ට් එකක් හරි එකතු කොරාම කන එකෙකුටවත් නොතේරෙන නමකුයි රහකුයි එනෝ ඔය හැම කෑම එකකම....ඔව්ව නැතුව වෙඩින්ග් බුෆේ දුන්නාම සංහතියට බුදු පෙනුම තියෙන ටෝක්ස් දෙන්න බෑ නිසා මැජෝරිටි එක අර වෙඩින්ග් මෙනු එකට කිසිම රිවිසමක් නැතිව හාය කියලා මිලියනකට එහා ගෙවනෝ..ඒ වංසේ කබල් ගාන්න ඕනී නිසා මිස එන ඈයොන්ට කටට රසට කන්න දෙන්න තීන ඕනකම නිසා වෙන්න බෑ...


සින්ඩා හරි කුලෑටි ගතියට හිටියේ..ටික ටික මට කිට්ටු උනා...දැන් ආවම කූං කූං ගගා ඇඟේ එතෙනව...
දන්න අඳුනන කාත් කවුරුත් නැති, ඒ උනාට ජෝඩුවෙන් එක පාර්සවයක අම්ම තාත්ත විතරක් හොඳින් දන්න මගුල් වලට යන්න වෙනෝ රට රාජ්ජ වල වැඩ කොලාම..ඉතින් කුලෑටි කමට ඉඳලා, වැටිච්ච ටේබල් එකේ එහා ඉන්නෙක්කෙනාගෙ විස්තරේ අහගෙන ඉන්නකොට කුලෑටිකම හීන් වෙනෝ...කියන දේවල් වලින් සීයට පහක් ඇහුනම හින්දි පිච්චැර් බලනෝ වගේ ශේප්...ඉතිරි 95% බෑන්ඩ් එක හරි ඩී ජේ මල්ලි හරි උස්සනව...පහුවෙනිද උදේට උගුර අර අරගලේ කාලේ වගේ කෑගහලම බැරැන්ඩි වෙනෝ...




චිකන් ගෙනාවම කපනකොට ඉතිරි වෙන කෑලි බෑලි අතුනු බහන් ටික දාලා  ලුනු ගම්මිරිස් දාල තැම්බුවම සින්ඩා ආසයි බත් එකට අනල දුන්නම කන්න...ගුඩුස් බුඩුස් ගාල ගිලින්නේ...ටිකක් ගැඹුරු භාජනේකට දුන්නම ඕන් ටික වෙලාවක් යනෝ කන්න...චිකන් ඩෙවල් හදනකොට, කුකුලගේ කොන්දේ මස් කෑලි කටු කපල අරන් මූදු කුකුලා මාලු ඒ තරමටම කපල එක තෙලේ බැදල හදන්න ඕනී වගේම කජු කරියට ග්‍රීන්පීස් එකට එක අනුපාතයට දාන්න ඕනී වෙඩින්ග් බුෆේ එකේ...ඇයි ඒම ...කන අය පව්..ගෙවන අයත් පව්...
පහුගිය සති තුනේ වෙඩින්ග් හතරකට සහභාගි උනා...බුෆේ සිස්ටම් එකේ දැක්ක ලොකු වෙනසක් තමයි කෑම අඩුවෙන් නාස්ති වීම...

කොළඹ තරු පහේ හෝටල්වල තියෙන බැන්ක්වේට් හෝල් වල තියෙන ග්‍රැන්ඩ්ජර් එකටත් වඩා ඉහල ඇට්මොස්පියර් එකක් තියෙනව කොළඹින් පිට තියෙන එව්වයේ...හැබැයි ඒවට කියන්නේ වෙඩින්ග් හෝල් නැත්තං රෙසිෆ්ශන් හෝල් කියල...ඒත් වෙන්නේ බැන්ක්වෙටින්ම තමා....!


ඕං කොළඹ


මේ කළගෙඩිහේන

අපි හරිම පව් කියල හිතෙනව මේව්වට සහභාගි උනාම ඉතින්...අයිලන්ඩ් නේශන් එකක් හින්දද මන්දා අපි අපේ දේවල් ගැන ආලවට්ටමෙන් හිතන්නේ නැත්තේ..මූදෙන් එහා වෙන කටන්ස් මොනාවත් දැකල විඳල නැති හින්දාමද මන්දා අපි හෝල්සේල් අපිට පාත් වෙන ඒව්වා කේස් නැතුවම කරගහනව..ඔය ටයි කෝට්, දිලිසෙන ඉන්දියන් ස්ටයිල් සාරි, හුටං පටං අඩුක කුඩුක ඩාන්ස් කෑලී...චොක්ලට් ෆවුන්ටන්...සැල්ඩ් බාර්ස්...ඇක්ශන් ස්ටේශන්ස්....ඒ මදිවට බුෆේ....හුහ්...
කමකුත් නෑ ඉතින්...ඒත් හරිම කරදර...ඒ වගේම ඒලියන් කන්සෙප්ට් හෝල්සේල් කරගහන්න ගියාම කචල් මට නං...ඒත් ඉවසන්න වෙනව එක ගානකට..ඉවසුව එහෙම කාලයක්..දැන් නං බෑ ඉතින්...
කළගෙඩිහේන වෙඩිමෙ ඒ පිම්ම පන්නල තිබ්බා බයක් සැකක් නැතුවම..ඌට නං පින් ඒම හිතපු එක ගැන...
කෝම හරි මං කෝකටත් සූදානං සරීරෙ කියල මට ඉනවයිට් කොලාම (එපාම්ස් කියල තිබ්බත්) ඇහුව මගේ අතිජාත මිත්‍රයාගෙන් මං දන්න වෙන කවුද ඉතින් එන්නේය කියල...අටමයි, නලිනයයි, නදීශ ඒ කිව්වෙ කොච්චීයයි එනව කිව්ව..කොහෙද උන් ආවෙ නෑනේ ඉතින්...
හැබැයි....උන් නාවත්...අපි සෑහෙන්න සැප ගත්තා ඒ වෙඩිමෙදි...!
මෙතනින් එහාට ලියන්න කම්මැලියි...කියවන්නත් කම්මැලි ඇතිනේ.....කිසිම තේරුමක් නැති ලියමනක් නිසා ඔන්න ඔහේ මෙතනින් නවත්තනව...


අනික හැලපේ අහනව කෝ බං අපේ කොල්ලගෙ වෙඩිම ගැන උඹ ලියනවයි කිව බොලග කියල...
ඕං කියවපං ඉතින් හැලපේ....🍻



Saturday, 19 November 2022

Odiyal Koozh






 ජාපනේ කකුලු කරිය

කූල් සූපය (හරිද මන්දා)

මට්න් මසාල නාන් එක්ක

රියෝ එකෙන් අයිස් ක්‍රීම් 


ඕතෙන්ටික් ජැෆ්නා කුසීන්

ස්ටාර් ක්ලාස් හෝටෙල් සැප

කර කව කව වාඩිවෙන්න

බුක්ඩ් ඒසී ට්‍රේන් සීට් 


දෙදාස් නවේ ඉඳන් දහම තුනයි ජාපනේට (අවුරුදුම)

ඒ දහ තුනේ කොළොම්පුරය 

වලේ මෝටසයිකල් වගේ කානිවල් එකේ

ජාපනේ ඒ උනාට හෙන ඩිසිප්ලින් 


කොලොම්පුරේ ශ්‍රියා මේම මේම

කමු බොමු කඳුළු ගෑස්

නාමු අපි සැවොම සල්ෆර් ඩයොක්සයිඩ් සූඳ බේරේ වැවේ හැම නම වෙනිදම

මොකට කරමු ඉන්වෙස්ට්

දැම්මොත් එෆ්ඩී විසිම හතරක් නේ ඉන්ටරස්ට් 


මොකටද මුරුංගා ජාපනෙන්

දැන් හම්බන්තොටත් සප්ලයි කරනව මුරුංගා 

පන්සීය සීයමයි පොලේ අද 


කහ සිවුරම දාහක් උපන් දිනේ

තුන්දාහකටම කෑම තංගල්ලේ

ඒ උනාට මොරිස් ඔක්ස්පර්ඩ් ජාපනේ

කිව් ආර් කෝඩ් නැතුව දුවන්නේ හැල්මේ

ජාපනේ හරි ඩිසිප්ලින්

ජාපනේ හරිම ඩිසිප්ලින්.....!


Wednesday, 30 March 2022

කෑ බනික

 


නිවාඩුවෙ පාඩුවෙ ඉන්නේ නේද දැන්...?


හ්ම්ම්....ඒ වගේ...!

ඉතින් මොනාද ඇත්තටම කරන්නේ මේ දවස්වල...?

නෙට්ෆ්ලික්ස් එකේ පීරියඩ් සීරිස් බින්ජි බලනව...!


හෑ...ඒ කෝමෙයි...? ඕෆ් ග්‍රිඩ්ද ඔයාලා..?

නෑ...ඕෆ් ඉන් අ වේ...බිකෝස් වෝටඩ් ෆො ද ඉඩියට්නේ...😜
ඉහින් කනින් දාඩිය හලාගෙන  බලපු පරන සීරිස් හිතෙන් බලනව නාකි බ්ලන්ච්ගේ අම්ම මතක් කර කර...!!!

Thursday, 6 January 2022

Dreamer....!

 


අහස කළු කලාට
සුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොව

හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු
මට පෙන්නුවේ සුළඟද අහසද

තරු සහ මා අතර මැදින්
ආ කළු වලාවන්
ඈතට ගෙන ගොස්
හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල්
මට පෙන්නන්න හිතුනේ
හුලඟට මොනා හිතලාද

නොපෙනුත් ඈතක සිටියත්
මා තරු අතර බැව්
හුළගට හොරෙන් හොරෙන්
කියන්නත් හිතෙනව මට

Wednesday, 29 December 2021

 ආදරණීය මහවැව...!








ගිමන් හරිමි....

පෑරුන තැන් ඇත්නම් හිතේ
සෙමින් පිරිමදිමි...


ගිය දුරම දුර ගමන
යන්නට නුඹ දුන් පන්නර
දයාදරයෙන් සිහි කරමි...

ගියද නුඹ තනිකර
සත් සයුරින් එතෙරව
ජයගත්තෙන් ලොව
නුඹ රහසින් මිමුණූ ලෙසම

හති නොවැටුනත්,
තව දුර යන්නට ඇතත් ශක්තිය...

හිත කියන්නේම
හිමිදිරියෙන්ම එන්නැයි නුඹ ලඟට...

මීදුම හැඩ කරනා නුඹ වත
කියාදෙයි අදත් මට පාඩම්
....ආදරණීය....
....මහවැව....

Saturday, 18 December 2021

ආලයේ සරදම...!






 බලෙන්ම කරමින් මා අමතක
 මන්දැයි මා හැර යන්නට දරන්නේ  වෙර....
 බලෙන්ම ගත් ඒ හාදු,  නොකර අමතක
 මම නොවෙදෝ සිටින්නේ ඔබ වට...

ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සට

ඒත්

 මා ඉහලා ගෙන නොව

කුඩයක්.......!











 



Monday, 5 October 2020

නොස්ටැල්ජියාව

 



මද්දු අක්කේ අපි බාලේ

අම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩු

අද උඹේ අතින් පිසුන

තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.

ලොකේට ලොකුකම් කරාට 

රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.

මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,

තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමත

යන්නට නෑගම් නැතුව අඩුපාඩු


කිරිරොටි



Friday, 25 September 2020

ආදරුංගල්..!





නිවි නිවී ඇවිලෙන
තැවි තැවී වැලපුන
කප්පරක් දුක් ඉහිලූ
සංයමයක් නොමැති සිත


අකීකරුකමින්
දඟකාරකමින්
පිහිතුඩු සේ තියුනු වදනින්
සිදුරු කොට
වැව්බැම්මේ
සරුංගල් අරින අපිදෙන්නා....!

කඩාගෙන ගියත්
කූරියා ගැහුවත්
අතඇරියත්
වතුරේ....!


Thursday, 2 July 2020

අන්ධ වර්ණ...!








Vincent van Gogh’s The Starry Night (left) filtered to
 simulate color blindness (right). Phot9o: Kazunori Asada

කහ රතු දම් කොළ
කහ රතු දම් කොළ
රඹුටන් ගහ වට

කහ කළු කොළ
කහ කළු කොළ
මැන්ගුස් ගහ වට

කහ කොළ ගුරු
කහ කොළ ගුරු
අඹ ගහ වට

නා දල්ලේ රත
නිල් මානෙල් පෙති
නුඹ වට කර

පෙනෙනා සේ මට
නොපෙනෙන 
නුඹ පෙම....!

Tuesday, 30 June 2020

ඇත්තටම ...!




ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම

සුවඳද
ඉස්සර වගේම

කම්මුල් වල ගැහෙනවද
ඉස්සර වගේම

ඔලුව ඇල කරන්
හිනහෙනවද
ඉස්සර වගේම

වැස්සෙ පිස්සියෙක් වගේ
මිදුලේ නටනවද
ඉස්සර වගේම

නුඹ මගේ නෙවෙයිද
ඇත්තටම....!!!

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම
ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම..!!

Friday, 5 June 2020

සැමරුම....!





සැමරුම

කේක් ගෙඩිය උඩ
දඟකාරකම් කරනා
පාට පාට ඉටිපන්දම්
නිව්වා නුඹ මුවින්

බුබුලු දම දමා රඟනා
මීවිත පිරූ පළිඟු බඳුන්
උස් කරමින්
පැතුවා සැම නුඹට සතුට

හිත දුව ගියා මගේ ඈතට
දැනුනා මට ලේකිරි සුවඳින් පිරුන
නුඹගේ සුරතල් මුව
පෙනුනා මට නුඹ මව්ගේ
ආදර විඩාවෙන් පිරි වත
අපි මේ සමරන්නේ ඇයගේ ඒ
ආදර විඩාවම නොවෙද
ඈ විඳි ...
නුඹ නිසාවෙන් ඇය මවක් වූදා...!



Friday, 6 December 2019

අපි

Blue nude- Pablo Picasso

ඉවුරු දෙකක් නැත්තං
කෝ ගඟක් තිබුනට වතුර
ඉර නොතිබුනානං
බැබලේවිද සඳක් පාලොස්වකට
හමාවිද සුළගක්
වහීද මහ වැහි
දැනේද උනුහුමක්
ඔබ නැතිනං මා ලඟ 
සිහිනෙන්වත් ...!!



Monday, 20 May 2019

සරල තුමා



සරල ලේසිද...?

රේඛාවක් දෙපැත්තකට විහිදුනොත් අනන්තය දක්වා දිවෙනව වගේම එක තැනකින් පටන් අරන් එක පැත්තකට විතරක් විහිදුනොත් ඒකට රේඛාව කියන නමත් අහිමි වෙලා කිරණයක් වෙනව.

එතකොට සරල රේඛාවක් වෙන්නෙ ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට වෙන්න ඕනි. නිකන්ම නිකන් රේඛාවකට ඔහොම නං අපි සරල කියල හිතන් ඉන්න මේ හරිම සිම්පල් කියන අර්ථය හරිද අප්පා?

දෙයක් හරි සිම්පල් කියන එකයි කෙනෙක් හරි සරල විදියට ජීවත් වෙනව කියන එකයි සරලද..?
එයා හරි සිම්පල් විදියට අඳින්නේ කියල මාර්ක් සකර්බර්ග්ට අපි කියනව නේද..ඒත් පොර සිම්පල්ද නෑ මයෙහිතේ..මහ කොම්ප්ලෙක්ස් කේස් එකක් මෑන්ස්...!

මම වැඩිය හදාරල නැති ගෘහනිර්මාණ ශිල්පයේ සරල ඩිසයින් තමා කප් ගහන්නේ(ලු). ඒ උනාට සරල ඩිසයින් සරල විදියට කරන්න බෑ(ලු).. නිකන් උදාහරනෙකට අපි අපේ නිදහස් චතුරශ්‍රය ගන්නකෝ..ඒක හරි සිම්පල් බිල්ඩිමක් නේ..ඒ උනාට ඒක මහ කම්ප්ලෙක්ස් ඩිසයින් එකක් නේද..එහෙම කිව්වෙ ඒකෙන් අපේ රටේ ජාතීන්ගේ උරුමයන් වගේම සංස්කෘතික දායාදයන් අරව මේව වැගිරෙන්න ඩිසයින් කරන්නෙපැයි...අනික අර සිංහ මූණූ ලෝකල් සිංහද සියමෙ සිංහද චීනේ සිංහද අරව මේව කේස් එන්නැති නේද ඕක කරපු අයට...ඉතින් සිම්පල් නෑ...ඒක..!

හිතන්න, තාත්ත කෙනෙකුට සරල වෙන්න පුලුවන්ද..? ඒ කිව්වෙ මේ සරලව හිතන එක, අඳින එක, වැඩ කරන එක වගේ දේවලුයි ළමයි බමයි හදාගෙන උන්ව ලොකු මහත් කරල, රටට මොන හෙනේ ගහල තිබුනත් වෙලාවට කසාද බන්දල මගුල් තුලා හරි අගේට කරල ඉන්න කියන්න පුලුවන්ද සරලව හිටං...? එව්වා හරි කම්ප්ලෙක්ස් දේවල් නේ..ඒත් සරල තාත්තාල ඉන්නව කියල තමා දූල කියවනකොට ලියන්නේ...!

හරි..මේක තේරුම් ගන්න අපි ගමු හාමුදුරු කෙනෙක් උදාහරණෙට. උන්නාසේලා හෙන සිම්පල් විදියටනේ ඉන්නෝනයි කියල අපි හිතා ඉන්නේ...නිකන් හිතන්න කෑම ගැන...සිම්පල් මනුස්සයෙකුට කරන්නැහැකි දෙයක්ද උදේ 7.30ට විතර ඉස්තරම්ම ආකාරයේ බ්‍රෙක්ෆස්ට් එකක් අරන් ආයෙත් දවල් එකොලහමාර හතලිස්පහ විතර වෙනකොට පත ලන්ච් එකක් බස්සන්න..බෑනේ...කියන්නෙපා රෑට කන්නේනෑය කියලා...රෑට නොකෑවත් එක ලඟ අරම කන්න බෑ..ඉතින් කොහොමෙයි උන්නාසේලා සිම්පල් වෙන්නේ..බලන්නකෝ අර සිවුරෙම කොටු කොටු මැහුම් කීයක් තියෙනෝද කියල..ඒ සිවුරු පවා හෙන කම්ප්ලෙක්ස් මීනින්ග්ස් තියෙන දේවල්...ඉතින් සරල වෙන්නේ කොහොමද..?

සරල කියල දෙයක් නෑ..තිබුනත් දැන් ඒක රේප් කරලා කරලා නැති බංගස්තාන කරල තියෙන්නේ.. !

මෙහෙම හිතමු...ජනාධිපති කෙනෙකුට සරල වෙන්න පුලුවන්ද...ඒ කියන්නේ රටක් ජාතියක් සරල විදියට පාලනය කරන්න පුලුවන්ද ..මෙච්චර අලකලංචි වෙච්ච රටක්, පොඩි දූපතක් උනත් හෙන කම්ප්ලෙක්ස් ඉශූස් තිබ්බ තියෙන රටක්, ඒ මදිවට ස්ට්‍රැර්ටිජිකලි ලොකේට් වෙච්ච රටක්, පුලුවනිද සරලව පාලනය කරන්න..හරි රට පැත්තකින් තියමුකෝ..රටක් හැදෙන්නේ ගොඩාරියක් ග්‍රාමසේවක වසම් වල එකතුවකින්නේ, ඒ කියන්නේ පාලනය වෙන්න පුලුවන් යාන්ත්‍රනයක් එහෙම තියෙනවනේ..ඒත් ඔය ග්‍රාමසේවකට එන ඉශූස් පවා කම්ප්ලෙක්ස් මිසක් සිම්පල් ඒ කිව්වේ සරල නැහැ නේද...හරි අපි හිතමු ග්‍රාමසේවක තීන්දු තීරණ ගන්නව කියල හංදියේ කඩේදි මෙහෙම ඇහුනය, සුගුනා නාන තොටේදී අරහෙම කිව්වය, දෙවටේ ගහලා තිබ්බ කැලෑ පත්තරයක මෙහෙම තිබුනය කියල හිටං...සරලද ඒ ග්‍රාමසේවක නැහ්නං අඤ්ඤකොරොස්ද...?
අනේ මන්දා අඳබාල කමට සරල කියල හිතාගෙනද දන්නෙත් නෑ ඒ ග්‍රාමසේවක...නැද්ද....?

ජනාධිපති කෙනෙකුට සරල නොවී චාම් වෙන්න පුලුවන්...තමන්ගේ පදවියට සරිලන අයුරින් මොලෙන් තීරණ අරගෙන පොඩිකාලේ වෙලේ කුඹුරේ එහෙමනන් හැදුනේ වැඩුනේ හිටං, චාමෙට ජීවත්වෙන්න ඇහැකි ජනාධිපති කෙනෙකුට....එහෙමයි.....!


Tuesday, 7 May 2019

පාලුහිතෙනව.....!




පිලක් වගේ එකක්....!


මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.

ඉස්තෝප්පුව කියන්නේ පෘතුගීසි භාෂාවෙන් අපේ භාෂාවට එකතුවුන ලන්දේසි භාෂාවෙන් වැරෙන්ඩා ඒ කිව්වෙ  වැරෙන්දාව උන අපේ පිලට. අපේ මුතුන් මිත්තන්කාලේ ගෙවල් වල තිබුනේ පිලයි ඇතුල් කාමරයයි, ඉතින් පිලේ ගෙදර පිරිමියා නිදාගත්තා රෑට, දවල්ට ඉතින් ගෙදරට එන අමුත්තන් ඈඳි ගත්තේ පිලේ...හැබැයි දැන් කාලේ වැරෙන්ඩාවේ, එහෙමත් නැත්තං ඉස්තෝප්පුවෙ පිරිමියාට නිදාගන්න වෙන්නේ හතර ගාතෙන් ගෙදර ආවම, නැත්තං ඕන නැති වැඩක් කරලා විඳින දඬුවමක් විදියට.

අපේ මහගෙදරත් පිලක්, ම්....නෑ ඉස්තෝප්පුවක් තිබුනා අපි සුට්ටං කාලේ...ඒ උනාට අපේ අම්මගේ නොනවිතන ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒ ඉස්තෝප්පුව ඉස්සරහ සාලේ හැටියට වෙනස් උනා රොමියල් බාසුන්නැහේගෙ පිහිටෙන් ඒ කාලෙදි...!

ඔය ඉස්තෝප්පුවටම අල්ලලා තිබුනා කාමරයක්, ඒකට කිව්වේ ඉස්තෝප්පු කාමරේ කියලා. ඒකේ තිබුන වැදගත්කම තමා රෑට ප්‍රයිවට් එනට්‍රන්ස් එකක් තියෙන එක ගෙදර අයට නොදැනෙන්න එන්න යන්න පුලුවන්වෙන. අනිත් වැදගත්කම තමා ඉතින් පිට කවුරු හරි රෑ නවතිනවනං සම්පූර්ණ ප්‍රිවසි සමග ඒ කාමරේ ඉන්න ඇහැක් කම. ඔය අපේ ඉස්තෝප්පුවෙ හරි මැදට වෙන්න තිබුනා ලස්සන ලංදේසි පන්නේ ලී කනුවකුත්. ඇයි එක කනුවක් කියන එක තාම නොතෙරේ, සමහර විට ගේ හැදුවෙ අපේ ආතා නිසා හිතන්න ඇති  ඔච්චර මක්කටැයි වියදං කරන්නේ, රණසිංහට එක කනුවක් මදෑ කියලා...ඒ නිසාම කනුව හිටවන්නැති හරි මැදින්, එතකොට යටලීය සපොර්ට් වෙනවනේ ඉතින් හරි සමානව.

කොහොමෙන් කොහොම හරි අපේ අම්මගෙ ප්‍රොජෙක්ට් එකෙන් පස්සෙ අර ඉස්තෝප්පු කාමරේ නමත් වෙනස් උනා ඉස්සරහා කාමරේ කියලා...ඒ කාමරේ හම්බෙන්නේ පවුලේ ලොකුලමයට. ඒ කියන්නේ ඇල්ලෙ වලේ එහා කොනට එක දිගට පීනන්න පුලුවන් වෙන වයසේ ඉන්න ගෙදර පිරිමි ලම‍යට. කටුගස් ඇල්ලේ ඇල්ලවලේ පීනන්න ඉස්සරවෙලා රවුම්වලේ, දික්වලේ, කලුවලේ, වැලි වලේ එහෙම පීනලා පන්නරේ ගන්න ඕනි. ඒක වයසත් එක්ක ඉබේම හම්බුන පන්නරයක්. ඇල්ලවලේ පීනන්න පුලුවන් වෙනකොට හොඳ පීනුම් කරුවෙක් වගේම කිමිදෙන්නෙක් සහ ඒලෙවල් කරන කොලු ගැටයෙක්, ඉතින් ඉස්සරහා කාමරේට සංක්‍රමණය වෙන එක තමා ගෙදරින් එලියට පැන්නෙන පළවෙනි සළකුණ.

ඉස්සරහා කාමරේ, නැත්තං ඉස්තෝප්පු කාමරෙන් අපේ ගෙදර අයනං, කාලයාගේ ඇවෑමෙන්,  විශ්වවිද්‍යාලෙ බෝඩිං කාමරේට සහ වෙනත් කාමර වලට සංක්‍රමණය උනා. ඒකට දොරක් තිබුනාට ඒක වහනව නං මං දැකලා නෑ. දෙපැත්තේ පිත්තල හුක්ස් තියෙන කේබල් එකකින් එල්ලපු දොර රෙද්දක් තමා ප්‍රිවසි වලට තිබුනේ...ඒ නිසා වෙන්නැති ඒ කාමරෙන් ඊලඟට විශ්වවිද්‍යාලේ බෝඩිං කාමර වලට එහෙම අපිව විසි වෙන්නැත්තේ..අම්ම හිතලම දොර වහන්නෙ නැතුව ඇති අපිව ගෙදරින් එලෝගන්න.

ඔය ඉස්තෝප්පුව තිබුන කාලේ අපේ ගෙදර තාප්ප්යක් තිබුනේ නෑනේ. අඩි දෙකක් විතර උස අන්දර වැටක් තිබුනේ..ඉතින් පාරේ යන එන වත්තේ වැඩ කරන තංගච්චිලයි රෙංගාලයි, හරක් අරන් යන හරක් පොඩි මහත්තයයි වත්තේ ලියන මහත්තයයි ටී මේකර් මහත්තයයි, හුසේන් ඩ්‍රෙෆරි ස්ටොර්ස් එකේ වැඩ කරන අහමඩ් එක්කයි ගෙදර ඉන්නවනං අපේ තාත්තා ඉතින් වාසදේස කථා කරනවා. මුරුගාට, ඒ කිව්වේ ඇවිදින බාබර්ට  කියලා අඹ ගහ යට බංකුවක් තියාගෙන කොණ්ඩේ රැවුල බා ගැනිල්ලත් උනේ ඔය තාප්ප එන්න කලියෙන්.

අපේ අම්මගේ නොනවතින ප්‍රොජෙක්ට්ස් පටන් ගත්තේ 77 ජේ ආර් ගේ විවෘත ආර්ථිකේ එක්ක. ගෙදරට බ්ලොක් ගල් අච්චුවක් අරගත්තා. ඒකෙන් හදපු බ්ලොක් ගල් වලින් ඉස්තෝප්පුව, ඉස්සරහ කෑල්ල කලා, ඉස්තෝප්පු කාමරේ, ඉස්සරහා කාමරේ කරල නැවුතුන නැති මේ ප්‍රොජෙක්ට්ස්, අන්දර වැට, මැද උස කොටු තියෙන ලස්සන බ්ලොග් ගල් තාප්පයක් කරලා, කඩුල්ලේ තිබ්බ උණ ලී තුන අරන් දාලා කොටු කොටු දැල් තියෙන නිල් පාට යකඩ ගේට්ටුවකුත් දැම්මා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා බෝම අමාරුවෙන් අර ගේට්ටුවෙ එල්ලිලා තමා රෙංගලා අහමඩ්ලා එක්ක චැට් කලේ ගෙදර ඉන්නදාට. පව්.....!

එහෙම උනා කියලා තාත්තගේ සහජීවනේ, (එයා ඔව්ව දන්නේ නෑ, ඒ කාලේ ඕම වචනයක්වත් තියෙන්න නැතුව ඇති ඇත්තටම), නවැත්තුවේ නෑ, රෙංගලා අහමඩ්ලා තාත්තා එක්කත්, තාත්තා ඒගොල්ලෝ එක්කත් ඉතින් කථාබහ කොලා, කෑවා බිව්වා, මගුල්තුලාවලට ආවාගියා.

ඊට පස්සේ ඕන් 13ක් මැරුනය කියල කෝලහලේ පටන් ගත්තා. ඒ එක්කම යුද්ධෙ ආවා. තාත්තා ඊට පස්සේ රෙංගලා තංගච්චිලා ගේ ඉස්සරහින් යනකොට කථාබහ කලාට හරි හෝදිසියෙන් හිටියා එයාලගේ ගමන් බිමන් වැඩකටයුතු ගැන. විශ්වාස කලේ නෑ ඉතින් ඒ අයව. සම්බන්ධෙ කථාබහට විතරක් සීමා උනා. ටීවී එකේ නිතරම කිව්වට ඔක්කොම රෙංගලා ත්‍රස්තයො නෙවීය කියලා, ඒවා වැල් බයිල නේදැයි කියල වගේ තමා ඉතින් වැඩ කටයුතු කලේ. 

ඊට පස්සේ ඕන් සැටලයිට් ආවා (අපේ තාත්තාට සැටලයිට් නෝනවනං ඇල්ලුවේම නෑ, එයා පරක්කු වෙනව මදියට ගල් පැලෙන ගොන් බොරුත් කිව්වය කියල තමා ඒ..) එයා ඉතින් සාමය කිව්වට මොනාවත් ගෙනාවෙම නෑ කියල එයාව යැව්ව කියමුකෝ...!

එයා ගිහින් තව කාලයක් යනකන් අපේ තාත්තා ටීවී බැලිල්ල නැවැත්තුවා, ටීවී එකේ එක දිගටම උඩු රැවුල්කාර මහින්ද පෙන්නනවය කියලා....තුක් විතරක් කියලා පඩික්කමට කෙළගහනව ටීවී එකේ මහින්දව පේනකොට ඉතින්. 

කොහොමහරි ඕන් යුද්ධ නැවතිලා, මහින්ද ආයෙත් ආවාම අපිත් ආවනේ ඉතින් තාත්තලා එක්ක මෙහෙ ඉන්න..හිටිය තමා....ආප්ප කේස් එකක් ගිහින් අම්බානකට දෝරෙගලන්න හම්බුනා ප්‍රජාතන්ත්‍රවාදේ..ඇත්තටම ඒරොප්පෙත් නැති නිදහසක් නෙව වින්දේ 21 වෙනිදා වෙනකන්.....!


මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.

තාප්ප නැත..එව්වා ගලවලාය...ඒ නිසා ගේට්ටුත් නැත....මහගෙදර වගේ නෙවෙයි මගේ ගෙදර ඉස්තෝප්පුව තියෙන්නේ ගඟක් දිහා බලාගෙන...ඈත දුමාරයක් නැගෙන්නේ දෙමටගොඩ සමන්තා හෝල් එක පැත්තෙන්...ගඟට එහායින් තියෙන්නේ දෙමටගොඩ, කොලොන්නාව....අද ජසීමා ආවෙත් නෑ ගේ අතුගාගන්න...ආයෙ ඒවිද දන්නේත් නෑ...එ මනුස්සයා ඉන්නෙත් දෙමටගොඩ...!

විහාරමහා දේවී පාර්ක් එක වටේ තිබුන අසාද් සාලි ගහපු යකඩ වැට ගලෝලා කොහේද දන්නේ නෑ යූඩීඒ එකේ ඈයෝ ගෙනිච්චේ...ඔව්ව දැන් ආයෙත් ඕනිවේවි...අපිට වැටවල් තාප්ප ගේට්ටු නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න බෑ..!

පාලුහිතෙනව.....!





Saturday, 16 March 2019

මා බඹරිඳු ....!



මා බඹරිඳු හරින ගිමන්
නටුවට වී ඔබ මල
රඟනා රිසිසේ පිනවන දෙනුවන්

පියඹන අත්තටු ලද සමනළ රෑන
මල හා කරනා ඉඟි බිඟි
ඇස් කොනකින් බලා
සුසුම් හෙලනා
මා බඹරිඳු හරින ගිමන්

මල ඉරටත් හොරෙන්
අඩවන් දෑසින් කරනා ඉඟි බිඟි
ඉවසන
මා බඹරිඳු හරින ගිමන්....!





Tuesday, 19 February 2019

A Life Style....!


A Life Style....! 


 අක්කි ගාපු පොල් 
දික්වැල්ලේ පොලෙන් ගත්ත අගුණකොළපැලැස්සේ හාල්
 එක්ක අඹරලා වැලේ තිබුන ලොකු පුහුලෙන් 
පලුවක් ඉව්ව 


 ඇඹුල් කෙසෙල් මුවක් කඩලා
 කොස් ඇට තුන හතරක් තලලා
 තෙලෙන් ලිප තියල  
මිටි කිරෙන් ඉව්ව 


 කිලෝව අනූවයි වැලිමඩ අල 
තම්බලා හොඳට උම්බලකඩ දාලා
 කිලෝ එක හැත්තෑවේ ලොකු ලූනු දාපු
 අල බැදුම ඉව්ව 


 ඔයා කන්න ආසා කප් පරිප්පු 
දැන් කොටා ගත්ත 
අලුත් තුනපහ 
යහමින් දාලා ඉව්ව


 ලපටි දඹල කඩනකොට 
මට කට කොනකින් හිනාගියේ
 අදත් දඹල සම්බෝලද කියල
 අහනව නේද කියල හිතිලා
 ඒ උනාට රතුලූනු පොල් යහමින් දාලා
 දඹල සම්බෝලේත් හැදුව 


 රතුහාල්ද සුදුහාල්ද ලිපේ තියන්නේ....!   

Monday, 11 February 2019

මරණීය දණ්ඩනය






කුලගෙයෙහි

කැණිමඩලට

ඔබම තැබූ ගිණි 

නිවන්නට තැත් දැරූ මාහට 

ඔබෙන් ලැබුන තුටුපඬුර නම් 

ප්‍රේමයේ උල මත සිඳුවා

වියපත් මගේ ආත්මය

මරණීය දණ්ඩනයට ලක් කිරීම‍යි!    







Friday, 18 January 2019

දුම් රස හාදු













දුම් රස හාදු

අවුරුදුම තිස්පහක්
මා හද බැඳි ඔබ
හීනෙකින්වත් නොහිතූ වෙලාවක
මුවාවී   කැස්සක
සැඟවී හෙම්බිරිස්සාවක 
අතුරුඳන් උනේ ගිය උඳුවප් මහේ

අන්තිම කාටුනය ලාච්චුවේ
අන්තිම පැකැට්ටුව මේසය උඩ
ලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන් 
අහක බලන්

හදිසියේම නින්දෙන් පිබිදෙන 
හීනයකින් පියවි සිහිය ලබන
කකුල පැටලී බිම වැටුන
සේ දැනෙනා විට
ඔබ කොහේද ගිහින් 
දුමාරයේ සුවඳවත් නොතියා මා මුව....
දුම් රස හාදුවලට 
පෙම්බැඳි
කුමරිය සේ...!