සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය |
ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බුදුමැදුරයි ධර්ම ශාලාවයි පලමුවෙනි අදියර හැටියට හදමුය කියලා මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාව කැමති කරගන්න කරදරයක් උනේම නෑ...ඒකට එක හේතුවක් මගේ ජීවිතේ ඉස් ඉස්සෙල්ලම වාඩිඋන දායක සභාවේ මීටිම.
දායක සභාව රැස් කරනව කිව්වම මම හිතුවෙ වෑසක ඩෑල් ජනරාශියක් කියලා..මොන...! එක එක මාදිලියෙන් විසිපහක් විතර අලුතෙන් සුද්ධ කරල තිබුන යෝජිත වැඩබිමේ රැස්වෙලා හිටියා...කෝකටත් මම සරා එක්ක බොහෝම සොබර් විදියටයි සහභාගී උනේ...වාඩිවෙන්න පුටු අරව මේවා තිබුනාට පොඩි පස්කන්ඩියක් උඩට නැගලා පටන්ගත්තා වැඩේ...කොහොමත් ලොකු මහත්තයා මහත්තයාව ඒ වෙනකොට කස්ටිය දැනගෙන අහවරයි.
මම මුලින්ම තේරුම් කරලා දුන්නා හාමුදුරුගොල්ලෝ සහභාගී නොකරගැනීමට හේතු කාරනා. ඊලඟට බුදුසාදූ ශෝරූම් කන්සෙප්ට් එකෙන් ට්‍රැඩිෂනල් පන්සල් ආරට යන්න හේතු කාරනා. එතනදි මම වැඩිපුරම හුවා දැක්කුවේ, ඒ වෙලාවේ ගමට අවශ්‍යවෙලා තිබුන තරුන අයට පොදුවේ එකතුවෙලා යමක් කරන්න තැනක් නැති කම. මීයට පිම්බා වගේ අහගෙන ඉඳලා කවුරුත් කැමතිද කියලා ඇහුවාම එහෙමයි කිව්වේ කියපු දේවල් තේරිලාද නැත්තං වෙන කාරනයක් නිසාද කියලනං මම හොයලා බැලුවේ නෑ.
කොහොමත් මට තේරුනා ගුනසේනට හාමුදුරුවෝ නැති පාඩුව නං හොඳහැටි දැනෙනවා කියලයි. බහුතරයේ කැමැත්තට ඔහු හිස නමන්න ඇති.
බහිරව පූජාව-පහන් පැල |
කොහොමෙන් කොහොමහරි, නැකත් බලලා, බහිරව පූජා තියලා මම තුමාට කියලා නා පැලයක් එහෙම හිටෝලා ඔන්න මුල්ගල් තිබ්බා බුදුගෙට. මුල්ගල් තිබ්බ දා මට තේරුනා අතගැහුවේ මම හිතුවාටත් වඩා බාරදූර කාරියකට කියලා. හේතුව, මම කිසිම දිනක සමාජසේවය කියන සබ්ජෙක්ට් එකට අත තියලා තිබුනේ නෑ. දායක සභාව මේ කටයුත්ත කිසිම තේරුමක් නැතුව මහා උත්සවයක් විදියට සංවිධානය කරගෙන ලැයිස්කීපර බැඳගෙන, මඩුගහගෙන, ගොක් කොල සැරසිලි, පොල් තොරන් බැඳගෙන ලෑස්තිවෙලා තමයි මට එන්න කියලා තියෙන්නේ මුල්ගල් තියන්න. හතර විලි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මූලාසනේ කතා, මගේ මංවත් නොදන්න ගුනකථන අරවා මේවා ඉවරවෙනකන් අර පෝරුවේ ඉන්න මනමාල ජෝඩුව වගේ මමයි ශෙෆීයී දාඩිය මුගුරු වැක්කෙරුවේ අනේ අපොයි කියලා මුලු ඇඟෙන්ම හිතාන.
මට හිනාම ගියේ ගුනසේන විසින් කල ආරාධනාවෙන් ගුනකථනය කරපු පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාගේ එක කථාවකට. පලිහක්කාර මහත්තයා කියපි මම ඒ ගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ගමටත් රත්නපුරෙන් පහලවෙච්ච නිල් මැනිකක්ය කියලා. කොහොමහරි නා පැලේ රෝපනය කරලා, බොහෝම ආරුවෙන් දණකිඩ ගහලා මුල්ගලත් තියාගත්තා සාධුකාර මැද්දේ. ඊට පස්සේ පලිහක්කාර මහත්තයා මගේ දෑතම අල්ලගෙන අනේ පුතේ වත්තට යනඑනකොට මාවත් බලලා යන්න අමතක කරන්න එපාය කියලා කිව්වේ බොහෝම භක්තියකින්, ඒ ඇස්වල සෙනෙහස පිරිලා තිබුන හැටි තාමත් මට මතක් වෙනවා..ඒකට හේතුව, ඊට මාසෙකට පස්සේ මම ආපහු මගේ ගොවිපොලට යනකොට, රත්මලේ හංදිය පහුකරලා දෙවෙනි වංගුව පහුකරනකොට පාර හරහා ඇදලා තිබුන බැනරයක තිබුනේ සත්ගුනවත් විශ්‍රාමලත් පලිහක්කාර විදුහල්පතිතුමාට නිවන් සැප ලැබේවා යන්නයි. අදටත් මම ඒ ගේ පහුකරගෙන යනකොට හිතෙන් පලිහක්කාර මහත්තයව මුන ගැහෙනවා.
ආපහු මිල්ලගස් ආරට....වසන්ත බාසුන්නැහේව හොයලා දුන්නේ සරා. තරුණ උනාට වසන්තට හොඳ දැනීමක් තිබුනා පුරාන විහාරවල ගෘහනිර්මාණය ගැන. අපිට ඒ දක්ෂකම සෑහෙන තල්ලුවක් උනා. හිතුවටත් වඩා ඉක්මනට වැඩ කෙරීගෙන ගියේ වසන්තගේ දක්ෂකමත් උනන්දුවත් නිසා.
මගේ හිතමිත්‍ර ටිකිරි බන්ඩා තිලකරත්න මහත්තයා එයාගේ මවට පිංපිණිසය කියලා ධර්මශාලාවේ බැරපැනට කරගැහුවා.
රත්නසිරි ජයසිංහ මහත්තයා සැදැහැවතුන්ට පාවිච්චිය සඳහා වැසිකිලි පද්ධතියකට බැරපැන දැරුවා. ඒ කිසිම දෙයක් ඉල්ලපුවා නෙවෙයි, මම මෙහෙම දෙයක් කරනවාය කීවාම ඒ ඇත්තන්ටම හිත්දීලා වෙච්ච දේවල්.
ශෙෆීගේ මම්මා නැතිඋනේ අපේ ගෙදර ලංකාවෙන් පිට. ඒ ඇත්ති තාමත් මගේ දිහා කොහේදෝ ඉඳන් බලා ඉන්න බව මම දන්නවා..ඒ ඇත්ති නිසා නොවෙන්න මම දකුනුපලාතේ තැග් ගැහෙන්නෙත් නෑ..ඒක ටිකාක් වෙන්න දිග කතාවක් නිසා පස්සෙ කියන්නං. ඒ ඇත්තිට පින් අනුමෝදන් වෙන්න මේ ආරාමය හදමු කියල තමා ශෙෆී හිත් හදාගත්තේ මොකෝ අපි පින් අතේ වැඩ කරන ජෝඩුවක් නොවෙන නිසා....
කොහෙමෙන් කොහොමහරි, ශෙෆීගේ මම්මාගේ මරණ සංවත්සරය තිබුන මාසේ පාලොස්වක දා මිල්ලගස් ආර ධර්මායතනය විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවයට සහභාගී වීමට එනු මැනය කියා එවූ ආරාධනා පත්‍රයේ, ගිහි අනුශාසක මණ්ඩලයේ මගේ නම උඩින්ම ප්‍රින්ට් කරලා තියෙනව දැක්කම හිනාගියාට ඇඬෙන සයිස් එකට බය උනේ, මගේ නමට පල්ලෙහායින් ඩලස් අලහප්පෙරුමගෙයි, යාපා අබේවර්ධන දෙබෑයොන්ගෙයි නම් ප්‍රින්ට් වෙලා තියෙනව දැක්කමයි. ඒ වැටිච්ච රතු සිග්නල් එක හරියටම තේරුම් ගියේ උත්සවයට යන්න කොළඹ ඉඳන් ඊට ඉස්සර දවසේ යනකොට රත්මලේ හංදිය පහුකරනකොට....
දැන් මේක දිග වැඩියි. ලියල තියන්නම ඕනි නිසා ලිව්වේ...
උත්සවය දවසේ අනාගත් හැටි තව එක කොටසකින් කියල මිල්ලගස් ආරට තිත තියන්නං....!
ප.ලි.: අදම මේ ටික ලිව්වේ, ඔබ පියාණන්ගේ අවසන් කටයුතු අද සිදුවෙන බැව් දැනගෙන මගේ තියෙන කාලකන්නිකම නිසාම අවසන් බුහුමන් දක්වන්න බැරිවීමේ පාපකර්මයෙන් මිදෙත්වා යන සිතුවිල්ලෙනි...ඔහුට නිවන්සුව.