Thursday 23 February 2017

කරනවද ආදරේ මටත්...!






මම උස ගියොත්
මගේ අත දිග උනොත්
කඩා දෙන්නම්
පහල ගහෙන් වෙරළු ගෙඩියක්වත්


මට තේරුනොත්
මම ලියාගත්තොත්
මම කියෙව්වොත්
කියා දෙන්නං පාඩමක්වත්


මම හිටගත්තොත්
ඔබට නැගිටින්න 
ඇහැකි මට කරන්න
උදව්වක්වත්


මම හොයාගත්තොත්
බෙදාගන්න ඇහැකි
අඩුමගානේ
කැමක් බීමක් වත්


මම හිතුවොත්
මට දැනුනොත්
කියාදෙන්න ඇහැකි
ඔවදනක්වත්


ඒත්...!
මම ආදරේ කලොත්
කරනවද ආදරේ
 මටත්...!


Saturday 18 February 2017

හුටා..සුද්දා අදත් වහලා බං....!



මම දකුනට පෙම් බැන්දේ බොහෝම ඉස්සර..ඒක දිග කථාවක් උනත් ටික ටික එහේ මෙහේ ලිව්වා...!

කොහොමෙන් කොහොම හරි දැන් වෙනකොට මම මගේ ජීවිතේ බෙදාගෙන දවස ගෙවන කෙනෙක්, ඒ කියන්නේ මම දෙබිඩ්ඩෙක්, දෙබිඩ්ඩෙක් කිව්වට ඩුවල් සිටිෂන්ශිප් එහෙම ගත්ත අය වගේ දෙබිඩ්ඩෙක් නෙවෙයි, ඩුවැලිටි එකේ ජීවත්වෙන කෙනෙක් සාර්ථක විදියට, ඒ කිව්වේ වටපිටාව, පවුල්, වෘත්තිය අරවා මේවා අවුල් නොකරගෙන , ජීවත්වෙන දෙබිඩ්ඩෙක්....!

සාර්ථක වෙන්න හේතුව මට ඇඩ්ඩ්‍රස් නැති කම, මම ඉපදුනේ අම්පාරේ සෙන්ට්‍රල් කෑම්ප් එකේලු, ඉස්කෝලම ගොඩකට ගියාලු, රටවල් තුන හතරක ජීවත් උනාලු, ඉතින් ඇරියස් අඩුයි...දේවල් බෙදාහදාගෙන ජීවත් වෙන්න ඇති වෙන්න පන්නරය හම්බෙලා තියෙන්නේ මේක කියවන ඔබලා වගේ දේවල් දන්න අයගෙන්...! ඉතින් අවුල් අඩුයි...!

වර්තමානය කියල දෙයක් තියෙනෙවනේ..අන්න ඒකේ මම දෙබිඩ්ඩෙක් වෙන්නේ මගේ කාලය 60%-40% ප්‍රතිශථයට ( ස්පෙලින්ග් වැරදියි මම හිතන්නේ..) නගරයයි ගමයි අතරේ බෙදාහදාගෙන ජීවත් වෙන නිසා..අහන්න එපා ඕන් හැට මොකක්ද, හතලිහ මොකක්ද කියලා අපේ ලොකු අම්මාවත් දන්නේ නෑ ඒක හොඳේ...!

ඒ උනාට මේ වෙලාවෙ නම් මම ඉන්නේ ගමේ..ඒ කියන්නේ දකුනේ..හැබැයි මේ මගේ ඉපදුන ගම නෙවෙයි (විසිරි ඇහුවා එක දවසක් එහෙම..තව නූලෙන් ඉන්ජෙක්ශන් ගහනවා ඒ ඇත්තී මට..මම හරි බයයි ඔය කටු වලට..අපි ඉබ්බොන්ට හරි ලව් හරිය..)

හරි ගමට එමු...මාතරින් කතරගම පැත්තට යනකොට, දෙවුන්දර, ගන්දර, තලල්ල, හුන්නදෙනිය, බතීගම එහෙම පහුකොලාම එනවා ඔය අපි කොළඹ ඉඳන් ගාලු පාර කියන එක දෙකට බෙදෙන නගරයට..ඇත්තටම...පාරම්පරිකව අපේ ඇත්තෝ කතරගං ගියේ ඒ අපි කියන ගාලු පාර , ඒ කියන්නේ මුහුද අද්දරින් කතරගම පැත්තට ඇදෙන පාරේ ඔය කිව්ව නගරෙන් ඒ කියන්නේ දික්වැල්ලෙන් හැරිලා බෙලිඅත්ත හරහා තංගල්ලට ගොහින්.

දික්වැල්ල ටවුම මැදින්  වමට හැරුනාම යෝනකපුර මැදින් වැවුරුකන්නල හරහා වලස්ගලින් දකුනට ගියාම බෙලිඅත්ත, එතනින් වමට හැරුනාම රදම්පොල...ඒත් දැන් මහවෙල පාර හදලා දික්වැල්ල පහුකොරාන ප්‍රයිවට් බස්නං යන්නේ ගොඩාක් වෙලාවට මහවෙල පාරේ තංගල්ල පැත්තට, ඒ උනාට තාමත් සීටීබී බස් නං යෝනකපුර අස්සෙන් බෙලිඅත්ත හරහා තමා ඉතින් තංගලු යන්නේ..!

ඉතින් මේ දික්වැල්ලට මම පෙම් බැන්දා 2001දී......!

ඒ සෙනෙහස ආත්ම ගානක් පතාගෙන ආ බැඳීමක්..ඒත් ඒ ඇත්ති දැන් දිව්‍යලෝකේ ඉඳන් මම කරන කියන ඔක්කොම බලාගෙන ඉන්නවා..ඒ ඇත්ති එලොව ගියේ මට ජීවිතයක් දීලා..ඒවා යුතුකං කියලයි මට කියල දුන්නේ එතුමිය ඉතින්...අහනව එහෙම නෙවි ඕන් ඒ කවුද බොලේ කියාලා...ඒවා බොහෝම ප්‍රයිවට් ඉන්ෆොර්...! ( පස්සේ කියන්නං අනේ..ඒක වෙනම පෝස්ට් එකක් ඉතින්..)

ඔය දික්වැල්ලේ තියෙනව හරිම ලස්සන පැත්තක් ඌරුගමුව කියල (මටම හරියන පැත්ත )..මම මගේ හැටේ හතලිහේ දෙබිඩි ජීවිතේ ගෙවන්නේ ඔන්න ඔය කියන ඌරුගමුව වසමේ..දන්දෙනියේ..හැබැයි ලුණු ගන්න හරි සිදාදියට, ඒ කියන්නේ දික්වැල්ලට එන්න එපැයි..ලුණු නෙවෙයි අනේ අර ෆුඩ්සිටි එකේ අයිනක තියෙන චූටි කවුන්ටරේ...රසම රස ලස්සනම ලස්සන බෝතලවල දාලා කෑන් වල දාලා (අයියූ අපිනම් ඔය කෑන් එක්ක නෑ හොඳේ..) තියෙන එව්වා ගන්න හැමදාම පුරුද්දට, අර මොණරු මගේ පැපොල් වගාවට උදේම ලෑන්ඩ් කරනවා වගේ, මමයි අටම් අයියයි සරායි (ආ අටම් අයියත් දැන් දෙබිඩ්ඩෙක්..හෙට අනිද්දා තවත් එක්කෙනෙක් එනවා... එයාට අපි එයාමකන්ඩිෂන් කරපු කාමර කෑල්ලක් ගහනවා මේ දවස්වල..) යනවා ඉතින්...!

අපි හරි පිළිවෙලට ජීවත්වෙන දෙබිඩ්ඩෝ..ඒ කියන්නේ හැම දේම ප්ලෑන් කරනවා..එහෙම නැතුව දෙබිඩ්ඩෝ නෑ නෑ ගොවියෝ වෙන්න බෑ මෙයා...ඉතින් අපි හැම හවසම, ඒ කියන්නේ උදේ ඉඳන් පොලොව ගහකොළ එක්ක හැප්පිලා, ගහකොළ කියන්නේ, පොල්, ගම්මිරිස්, කුරුඳු, අඹ, පැපොල්, දොඩම්, බුලත් යනාදී ගහකොළ හොඳේ...සෑට මොනාද කරන්නේ කියන එක එහෙම මාස්ටර් ප්ලෑන් ගහලා එහෙම තමයි ලේස්ති වෙන්නේ...ෆුඩ් සිටිය නම් හැමදාම (පෝය ඇරෙන්න ) අපි වෙනුවෙන් අපි වගේ එකට ඉන්නවා..ඒ උනාට මේ සුද්දා...හුහ්....!

මෙහෙමයි..දික්වැල්ලේ වැඩියෙන්ම ඉන්නේ ෆුඩ්සිටි සුද්දෝ.ඒත් මේ... ඒ සුද්දොන්ගෙන් එකෙක් නෙවී...අපේ සුදු මල්ලි...දික්වැල්ල හංදියේ ඉන්න අතිසාර්ථක ව්‍යාපාරිකයා...සුදු මල්ලියා..ඔය පහල පින්තූරේ ඉන්නේ..අන්න එයා..! 

බලන්නකෝ ඉතින්...!





එයා තමයි අපිට උපරිම සහයෝගය (ඒ කිව්වේ හැන්දෑව සොඳුරුම ආකාරයකට ගෙවීමට ) දෙන කෙනා..ඒ උනාට එයාට ඕනි දවසට විතරමයිනේ එයා බිස්නස් ඒක කොරන්නේ...!

අපේ මාස්ටර් ප්ලෑන් ඔක්කොම සුනුවිසුනු කරනවා මේකා...හැබැයි දෙයියනේ කියලා මෑන්ස් හිටිය දවසට අපි දිව්‍යලෝක සැප ලබන්නේ..(හැලපයියට ඉරිසියා වෙන්න ඕනි ඕන් දැන්..) ....!


මෙතනින් එහා ලියනවා වෙනුවට, ඔය පහල තියෙන පින්තූර ටික බලන්නකෝ..එතකොට තේරුම් ගනීවි හැමෝම මොකෝ මම (මම විතරක්ම නෙවෙයි අටම් අය්යා, සරා..ලඟදීම තවත් අතිසාර්ථක ජීවියෙක්) ඇයි මේ අහිංසක දකුනේ හැංගිච්ච ගමකට මෙච්චර සෙනෙහේ බැන්දේ කියලා...!

ඒකක් රුපියල් 20 යි මේ පැටිස්...!


රුපියල් හයේ වඩේ...ඊට එහායින් තියෙන ඒවා මාරයි...!
සුදුමල්ලියාගේ නෝනා වගේ චිකන් බදින්න අපිට නම් බෑය..!

බයිට් සෙට් එක හදනකං කෑමට සුදුමල්ලියාගේ නෝනාගේ පාන් ටෝස්ට් සහ කට්ලට්ස්...!

බොස් මොනාද බයිට් එකට දාන්නේ...?

ආ..සුදු මල්ලි..මට චිකන් කෑලි හතරක් කපලා, පැටිස් හයක් කපලා හදලා දෙන්න..ආ කඩල ටිකකුත්..පනහක වගේ හොඳේ...

බොස් දැල්ලෝ දාන්නද දෙකක් තුනක්....

හා...!



බොස්..කෑමට...?

ඉඳිආප්ප දාන්න සුදුමල්ලි...!

බොස්ටත් එක්ක නේද....?

ඔව්....!

කී දෙනෙකුටද බොස්...

මාත් එක්ක දෙන්නයි මල්ලි..!




බොස් හැත්තෑවක් දාන්නං...(ඒ සුදු මල්ලිගේ නෝනා...)



බොස් පරිප්පු හොදි වලට චිකන් හොදි ටිකක් දාන්නං හොඳේ,,,...!

හා.....!

බොස්...බයිට් එක උනුයි..වත්තට ගිය ගමන් පාර්සලේ අරින්න හොඳේ.....!

අපේ ලොකු අම්මාවත් මේච්චර ලවෙන් කෑමක් දිලා නෑ ඕයි...!

ඉතින් කොහොමෙයි දන්දෙනිය දාලා යන්නේ.....!


නැද්ද හැලපේ...!




නැද්ද ...?


ප.ලි..: ලොකු අම්මා කෙනෙක් ගැන මම තාමත් හීන මවමි...ඇය මට හමුවී ඇත..රසම රස කැම වේල් උයාගෙන මා එනකන් ඈ කොවිල් යන්නත් එක්ක කොච්චරනං ඇවිත් ඇද්ද අප්පා...හීනයක්ම උනා නොව මගේ ලොකු අම්මා...!







Friday 17 February 2017

හැලප එක්ක කොච්චි



1020 Way 2118


හැලප එක්ක 
කන්න ඇහැක්ද 
කොච්චි....!

හ්ම්......!

කොච්චි එක්කවත් 
කන්න ඇහැක්ද
හැලප...!

ඒත්..!

කාපු කෙනක් 
කිව්වොත්
හැලප එක්ක 
කැවා කියාලා
කොච්චි..!
කීයෙන් කී දෙනාද අප්පා
කොරන්නේ 
විශ්වාස...!!

රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි
හේතුව...!

කිව්වත් විශ්වාස කොරයිද
කවුරුවත්..
ඒත් ...!
ඇත්තම
ඇත්තයි..!
සැටිෆිකේට්ම
ඇත්තයි..!
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!
පහුගිය සතියෙම
වින්දෙමි
විඳෙව්වෙමි..
ඒත්..!
ඇත්තම
ඇත්තයි
සැටිෆිකේට්ම
ඇත්තයි..
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!

හැලප හැදන්නේ කුරක්කන් පිටිවලින්නේද...?
ඒ උනාට යොදියේ...
හප්පේ කොච්චි වල තියෙන රාජකීය උශ්නේ....!
ඉස්කෝලෙ ගැන නෙවෙයි උනත්..!
සෙන්ට්‍රිග්‍රෙඩ් විස්සකදි උනත්..
දැනෙනවා නෙව රාජකීය උශ්නේ..!
කොහොමද දන්නවැයි..!
කොච්චියා සිංදු කියනකොට
අර රාජකීය මාතලන් වගේමයි නොව...!

බ්ලොග් ලියන අපේ කරුමේ කියන්නේ
අඩුම ගානේ හාමිනාගේ කොන්ද හරි සෙට් වෙනාවනේ
ඔය ඩොමෙස්ටික් සෙන්සර්ශිප් එකට..
නැද්ද කොච්චි..
හා..
නැද්ද 
හෑලපේ...!


ආයෙත් දොහක
හැලප සමග
කන්න
කොච්චි
පෙරන පෙරුම්
අනේ මේ අහිංසක ටිං ටිං...!
බොක්කෙන්ම
තැන්කූ වේවා බොලාට...!

SQU Cultural Centre





Friday 3 February 2017

ආ...බාන්න......!




යටියන
හක්මන
කිරින්ද
කඹුරුපිටිය

මුරුතෙන් ගිහින්
පුහුල්වැල්ල පහු කොලාම
වම් පැත්තට යටියන
දකුනු පැත්තට කිරින්ද

යටියන පහුකොරාන ගිහින්
වෙලේ බේකරිය පහු වෙනවත් එක්කම
හැරුනාම දකුනට
සං ගාලා ගියෑකි
කඹුරුපිටියට

ඔය කොහේ ගියත්
එකම තොග මුදලාලි හැම තැනම
එයාගේ බෝර්ඩ් එක දාලා
එකතු කරනව නෙව
ගම්මිරිස්, කුරුඳු, කරුංකා, ගොරකා
සමග
පොල් කටු ඇඟුරු...!
ඒ මදිවට
ඩයමන්ඩ් රෝලෙන් තලලා
දුන් ගහපු සබර ශීට්...!


මතක ඇති කාලෙකින් 
වීදුරු පාත් කොරන්
ඒ සී ඕෆ් කරන්
වම් පැත්තේ ගස් 
දකුනු පැත්තේ ගස් එක්ක 
එකතු වෙලා හදන හෙවනේ
යන්න තරං
පින් කලේ කොහොමෙයි මම

ඒත් වැඩක් නෑ අර දූෂිත පාලකයා
මේ ලස්සන පරිසරය හරහා
පාරක් රේල්
ඒ මදිවට හයි වේ එකක්
හදනව නෙව තාමත්
එලෙව්වයි කිව්වට
පැන්ෂන් ඇරියයි කිව්වට
'බොරු වෙන්ටෑ
නැත්තං කොහෙමෙයි
මේ ලස්සන පරිසරේ
චීන්නු ඇවිදින්නේ උන්ගේ
අම්මගේ බූදලේ වගේ
ඒ මදිවට ඉංදියන් කාරයොන්ගෙ ටාටා
පාර පුරා
අයින් කොලොත් හෙලේ..!

මොනාද මහත්තයෝ...!

ඒ තොග කඩේ මුදලාලි...!

ගම්මිරිස්....!

ආ...බාන්න......!



Wednesday 1 February 2017

කඩමු අපි ගම්මිරිස්







අමරා ප්‍රේමා ශාන්ති
 සමග
වීරකැටියේ අක්කා
දනේශ් සමග පියංගිකා
ඉනිමං තිය තිය
පෝර උර එල්ලාන
කඩමු අපි ගම්මිරිස්




වීදියේ කඩෙන් ගෙනා
දොලහේ පාලහේ ටෙන්ට් රෙද්දට
බිච්චිය අල්ලන්
විලුඹ පැලුනු කෙසඟ කකුල්
එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්
ඇටේ ඇටේ ගොඩ ගහන්
වැහි ඇඳුරට ඔච්චං කරනා
ඉලංදාරී හැඟුමෙන්
වේලමු ගම්මිරිස්




කිරින්දේ තොග මුදලාලිට
කිලෝව එක්දාස් එකසීයට
මහත්තයා දුන්නට
අමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාට
දනේශ් පියංගිකාට
දවසටම කුලිය 
හයසියයි උනකොට

හංදියේ දොස්තර මහත්තයා
සයිටම්ද නැත්තං මහත්තයාගේ
ලොකු බේබී වගේ ඒරොප්පෙන්ද
දොස්තර විභාගේ කොලේ කියනෙක 
කොන්දේ අමාරුවට 
මොනා හරි පෙත්තක් බාම් එකක්
දෙනවනං




මොකටෙයි  බං අපිට....!!!