Tuesday 19 February 2019

A Life Style....!


A Life Style....! 


 අක්කි ගාපු පොල් 
දික්වැල්ලේ පොලෙන් ගත්ත අගුණකොළපැලැස්සේ හාල්
 එක්ක අඹරලා වැලේ තිබුන ලොකු පුහුලෙන් 
පලුවක් ඉව්ව 


 ඇඹුල් කෙසෙල් මුවක් කඩලා
 කොස් ඇට තුන හතරක් තලලා
 තෙලෙන් ලිප තියල  
මිටි කිරෙන් ඉව්ව 


 කිලෝව අනූවයි වැලිමඩ අල 
තම්බලා හොඳට උම්බලකඩ දාලා
 කිලෝ එක හැත්තෑවේ ලොකු ලූනු දාපු
 අල බැදුම ඉව්ව 


 ඔයා කන්න ආසා කප් පරිප්පු 
දැන් කොටා ගත්ත 
අලුත් තුනපහ 
යහමින් දාලා ඉව්ව


 ලපටි දඹල කඩනකොට 
මට කට කොනකින් හිනාගියේ
 අදත් දඹල සම්බෝලද කියල
 අහනව නේද කියල හිතිලා
 ඒ උනාට රතුලූනු පොල් යහමින් දාලා
 දඹල සම්බෝලේත් හැදුව 


 රතුහාල්ද සුදුහාල්ද ලිපේ තියන්නේ....!   

Monday 11 February 2019

මරණීය දණ්ඩනය






කුලගෙයෙහි

කැණිමඩලට

ඔබම තැබූ ගිණි 

නිවන්නට තැත් දැරූ මාහට 

ඔබෙන් ලැබුන තුටුපඬුර නම් 

ප්‍රේමයේ උල මත සිඳුවා

වියපත් මගේ ආත්මය

මරණීය දණ්ඩනයට ලක් කිරීම‍යි!