Blue nude- Pablo Picasso |
ඉවුරු දෙකක් නැත්තං
කෝ ගඟක් තිබුනට වතුර
ඉර නොතිබුනානං
බැබලේවිද සඳක් පාලොස්වකට
හමාවිද සුළගක්
වහීද මහ වැහි
දැනේද උනුහුමක්
ඔබ නැතිනං මා ලඟ
කෝ ගඟක් තිබුනට වතුර
ඉර නොතිබුනානං
බැබලේවිද සඳක් පාලොස්වකට
හමාවිද සුළගක්
වහීද මහ වැහි
දැනේද උනුහුමක්
ඔබ නැතිනං මා ලඟ
සිහිනෙන්වත් ...!!
හමන හුළඟත් නොපෙනෙතත්
ReplyDeleteදැනෙනවා
උල්පතත් සැඟවී උනත්
ඉවුරු දිග ගඟ ගලනවා
එකම අහසක උනත්
එක ලග නැතත්
හිරු රැසින් සඳ පිපෙනවා
😍
Deleteඒ කිව්වේ?
ReplyDeleteඇයි ඔයා මාව දාලා සිඩ්නි ගියේ..අන්නේකයි...🤣
Deleteරැඳි සිහිනේ
ReplyDeleteනොවැ යහනේ
කෝ උනුහුම
මේ සිසිලේ
ගැලෙමි රැඳෙමි
ඒ සිහිනේ
දිව සුවයක්
ලද ලෙසිනේ .
Sexy....!!
Deleteඉවුරු දෙකනං වතුරට යටින් හා වෙලානෙ තියෙන්නෙ.
ReplyDelete//හමාවිද සුළගක්
වහීද මහ වැහි//
බෙංගාල බොක්ක ගැනද දන්නෑ මේ කියන්නෙ.
ඊසානදිග මෝසමනේ දැන්...බෙංගාල බොක්කෙන් තමා හමන්නෙ...කමක් නෑ නේ...😍
Deleteතනිය මිහිරකි
ReplyDeleteපාලු ග්‍රහයෙකි
එවිට නොතනිය
ක්ෂීර පථයකි!
තනිය කොහෙද මෙයා මිහිරි
Deleteවටේට යාලුවො සෙට් එකක් හිටිය ඉස්සරනං තනියට...
කෝ උන් දේශපාලකයො පස්සෙනේ...
පාළුයි වගේ නේ...
ReplyDeleteපාළුව වැඩියෙන්ම දැනෙන්නේ මේ වහින වෙලාවට...!
Deleteහීනියට මොනා හරි කරගෙන ඉන්නව අපි ඉතින්....🥂
සිල්පරකොටන් විතරක් ඇතෑ
ReplyDeleteකෝ පීලි......?
කෝච්චියකට උනත්
දුවන්න හැල්මෙ
කවදාවත් හමුනොවෙන
ඒ පීලි මත්තෙත්
ඉඳහිට පිපෙන එකනෙ වැඩේ
ඇබිත්තන් මල්....
කෝච්චිය දන්නවායැ මල් සුවඳ
හිත් පිත් නැති යකඩ යකා
දන්නෙම හීන පොඩිපට්ටම් කරගෙන
දුවන්න නොවැ..
හා ඉතින් ඔයැයි කියනවනම්.... ලොකු අය කියන එවා පිලිගන්න එපැයි....🤣
Delete“Absence is to love what wind is to fire; it extinguishes the small, it inflames the great.”
ReplyDelete― Roger de Bussy-Rabutin
රඹුටන් කවි....🤣
Delete😍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete