Wednesday 29 December 2021

 ආදරණීය මහවැව...!








ගිමන් හරිමි....

පෑරුන තැන් ඇත්නම් හිතේ
සෙමින් පිරිමදිමි...


ගිය දුරම දුර ගමන
යන්නට නුඹ දුන් පන්නර
දයාදරයෙන් සිහි කරමි...

ගියද නුඹ තනිකර
සත් සයුරින් එතෙරව
ජයගත්තෙන් ලොව
නුඹ රහසින් මිමුණූ ලෙසම

හති නොවැටුනත්,
තව දුර යන්නට ඇතත් ශක්තිය...

හිත කියන්නේම
හිමිදිරියෙන්ම එන්නැයි නුඹ ලඟට...

මීදුම හැඩ කරනා නුඹ වත
කියාදෙයි අදත් මට පාඩම්
....ආදරණීය....
....මහවැව....

Saturday 18 December 2021

ආලයේ සරදම...!






 බලෙන්ම කරමින් මා අමතක
 මන්දැයි මා හැර යන්නට දරන්නේ  වෙර....
 බලෙන්ම ගත් ඒ හාදු,  නොකර අමතක
 මම නොවෙදෝ සිටින්නේ ඔබ වට...

ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සට

ඒත්

 මා ඉහලා ගෙන නොව

කුඩයක්.......!