අහස කළු කලාට
සුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොව
හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු
මට පෙන්නුවේ සුළඟද අහසද
තරු සහ මා අතර මැදින්
ආ කළු වලාවන්
ඈතට ගෙන ගොස්
හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල්
මට පෙන්නන්න හිතුනේ
හුලඟට මොනා හිතලාද
නොපෙනුත් ඈතක සිටියත්
මා තරු අතර බැව්
හුළගට හොරෙන් හොරෙන්
කියන්නත් හිතෙනව මට
හා හහා නොකියන්න
ReplyDeleteකාටවත් ඔය රහස
කාට හරි කීවාම
අගේ නැති වේවි නොව?
කියන්නමයි හිතෙන්නේ...සුළඟට....!!
Deleteහිත දෙනවා නං කියන්න
Deleteහුළඟට කියලා බලන්න
හැබැයි පරෙස්සමින් ඔන්න
බට ගස් නැති තැනක් ගන්න
😊
Deleteඉස්සර නම් මේ වගේ එව්වාට රිප්ලයි කයිත් ලියන්න පුලාන්...සැක්....ඒකට දැන්..මට කයි ලියන්න බෑනේ
ReplyDeleteකපපු කැරට්
Deleteලියපු ලීක්ස්
බඩ පුරවයි
උයපු රයිස්...
🤣
ලියන්නකෝ ඒවා...!
නැත්තං...
යෙලෝ රයිස්
ෆ්‍රයිඩ් රයිස්
ඊට රසයි
පෝර්ක් රයිස්...!
🤣🤣🤣🤣
දිලිසෙන තරු වැල්
ReplyDeleteහිනැහෙන කවිමල්
වළා මැදින් විත්
පුබුදයි මනකල්
ලස්සනයි....!
DeleteStar-struck
ReplyDelete😋
Deleteඋබගේ කවි කියවලා රසවින්දට කවි වලින් පිලිතුරු දෙන්න කවි දැනුමක් නැත
ReplyDelete