Saturday 16 March 2019

මා බඹරිඳු ....!



මා බඹරිඳු හරින ගිමන්
නටුවට වී ඔබ මල
රඟනා රිසිසේ පිනවන දෙනුවන්

පියඹන අත්තටු ලද සමනළ රෑන
මල හා කරනා ඉඟි බිඟි
ඇස් කොනකින් බලා
සුසුම් හෙලනා
මා බඹරිඳු හරින ගිමන්

මල ඉරටත් හොරෙන්
අඩවන් දෑසින් කරනා ඉඟි බිඟි
ඉවසන
මා බඹරිඳු හරින ගිමන්....!