Friday 5 June 2020

සැමරුම....!





සැමරුම

කේක් ගෙඩිය උඩ
දඟකාරකම් කරනා
පාට පාට ඉටිපන්දම්
නිව්වා නුඹ මුවින්

බුබුලු දම දමා රඟනා
මීවිත පිරූ පළිඟු බඳුන්
උස් කරමින්
පැතුවා සැම නුඹට සතුට

හිත දුව ගියා මගේ ඈතට
දැනුනා මට ලේකිරි සුවඳින් පිරුන
නුඹගේ සුරතල් මුව
පෙනුනා මට නුඹ මව්ගේ
ආදර විඩාවෙන් පිරි වත
අපි මේ සමරන්නේ ඇයගේ ඒ
ආදර විඩාවම නොවෙද
ඈ විඳි ...
නුඹ නිසාවෙන් ඇය මවක් වූදා...!



16 comments:

  1. බැතිබර හැගුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැගේ ලගින් හිඳ මගෙ හිස සිමින සඳ
    විචාරක දියණිය

    ReplyDelete
  2. Welcome back blogger.

    And, HBD to her/him.

    ReplyDelete
  3. ජයවේවා! මෙනි හැපි රිට'න්ස් වේවා!
    ලොකු සෑර්ටත් එසේම වේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ජයවේවා හැට්ටර්...චියර්ස්...!!

      Delete
  4. welcome back and Happy birthday!!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක්!

    ReplyDelete
  6. "නුඹ උපන් නිසා මාද යලි උපන්නෙමි.. 'අම්මා' නමින්"

    සුභ උපන් දිනයක් ඈට හෝ ඔහුට!

    මම හිතුවේ පාස්වර්ඩ් එහෙම අමතක වෙලා ඇති කියල ;))

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් නම් මතක නැත....ඒත් තාමත් ලොග් වියහැක...ඩිවයිස් එක මාරු කලොත් කේස් ඉතින්...!

      Delete
  7. welcome back .Why don't you start writing again ?

    ReplyDelete
    Replies
    1. Thanks thusitha..the question actully is why did i start writing again?...😍😍😍

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....