Showing posts with label airports. Show all posts
Showing posts with label airports. Show all posts

Thursday, 17 May 2018

පන්නරය - 03

අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන මේ වහුතු රටට එන එකක් නෑ නෙව..ඉන්දි කියන්නේ කොත්තු ඩොත් ඔර්‍රග් එකේ නිර්මාතෘ සහ යමු ඩොට් කොම් එක හදපු කෙනා සහ මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පුත්‍ර රත්නය....මටත් ඒ ජාතියේම පුත්‍ර රත්නයක් ඉන්න නිසා ඉතිං ඉන්දිකියන් දේ තේරුම් යනවා....මොනා කරන්නද...අපේ නාකි පොලිටීෂියන්ස් ටික මැරෙනකනුයි, ටුක් ටුක් මෙන්ටලිටි එකෙන් එහා ගිය මහජනතවකුයි ( ඒ කිව්වේ ඡන්ද දායකයෝ) සෙට් එක්කුයි බිහි වෙනකන් ඉන්දිලාට ඉවසන්න බැරි කමයි, ඒක කරන්න ඉන්දිලාට වෙලාවක් නැතිකමයි නිසාවෙන් ඉතින් ඔහොමම යන් මචෝ කියලා තමා කියන්න තියෙන්නේ...!

ඕක ලියන්න නෙවෙයි මේ පටන් ගත්තේ..මාර්තු මාසෙ 20 වෙනිදා පබ්ලිෂ් කරන්න ඩ්‍රාෆ්ට් කර්පු පෝස්ට් එකක් අද එඩිට් කරලා පබ්ලිෂ් කරන්න උනේ ඇයි කියන එකට ප්‍රස්තූතයක් වගේ දෙයක් හැටියට...!


මේකයි කථාව........!


මෙය ලියා තැබිය යුතුය. කවුරුන් හෝ කියවනු ඇති. කියවා සතුටු වේවි හෝ නොසතුට පලකරාවි...

මින් පෙර දෙතුන් වතාවක් මගේ ජීවිතයෙන් සෑහෙන කාලයක් උදුරාගත් මේ දේ ගැන ලියා ඇත. එනමුදු මේ ලියන්නේ ඉතාමත් තුටු ( සමගම කැලඹුන ) හිතකින්..

මට මතකයි 2004 සැප්තැම්බර්  මාසය..ඕමාන් රාජ්‍යයේ ඉතා කුඩා (නමුත් සාර්ථක) ගෘහනිර්මාන ආයතනයක හවුල්කරුවන් වූ අප තිදෙනා, හත් දෙනෙකුන්ගෙන් සමන්විත අප කන්ඩායමට මාසයේ අන්තිම, ඒ කියන්නේ 28 වෙනිදාට වේතනයන් පුරුදු පරිදි ගෙවන්නේ කෙසේදැයි දහ අතේ කල්පනා කරමින් සිටිනාතුර තමා මජාන් ලේඩිස් ටෙක්නිකල් කොලේජ් ප්‍රොජෙක්ට් එකට පත්කෙරුනේ..ඉතාම අඩු ගාස්තුවකට අපි ඒ වයාපෘතිය කිරීමට එකඟවුනේ ආයතනය වසා දමා ලංකාවට ඒම හැර වෙන විකල්පයක් නොමැති නිසා.

ඔක්තෝම්බර් හතරවෙනිදා ලැබුන දුරකථන ඇමතුම අප ජීවිත කෙතරම් වෙනස්කලාද...එම දුරකථන ඇමතුම ලැබුනේ ඕමාන් රාජ්‍යයේ ෆිනෑන්ස් ඇන්ඩ් නැශනල් ඉකොනොමි මිනිස්ටර්ගෙන්..නම කියනවනං හිස් එක්සලන්සි අහමඩ් අබ්දුල්මුනිම් මැකී..හැමෝම හිතුවෙ ඔහු අපේ ස්පොන්සර් කියලා..නමුත් ඔහු සැබෑ මිතුරෙක් පමනයි.

දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ, ඕමාන් ගුවන් තොටුපොලවල් දෙක (මස්කට් සහ සලලා ) පවුද්ගලික සමාගමෙන් ( BAA - British Airports Authority - now known as Heathrow Airport Holdings Ltd) නැවතත් රජයට පවරාගත් බවත්  වහාම අලුතෙන් ගුවන් තොටුපොල දෙකක සංවර්ධන කටයුතු සඳහා ගෘහනිර්මාන ශිල්පීන් ලෙස රජය සමග එකතුවෙන ලෙසත්ය.

අප ගුවන්තොටුපළ නිර්මානයේ පරිනතබැව් ලැබූ ගෘහනිර්මාන ශිල්පීන් නොවන බව ඔවුන් දැන සිටියත්, අප එතෙක් ඔවුන් වෙනුවෙන් කල නිර්මාන සහ එම වයාපෘති කලමනාකරණය කල විනිවිදභාවය ඔවුන් අපකෙරේ තැබූ විශ්වාශය විය යුතුය.

වයසෙන් මුහුකුරා නොගිහින් සිටීමත්, ජන්මයෙන්ම ආ නෑ බෑ නොකියන විලාසයත් මිස, එවන් කර්තව්‍යකට අත ගැසීම සිහිකල්පනාව ඇත්තෙක් කරන්නේ නැත..හේතුව, හත් අටදෙනෙක් ගෙන් සමන්විත කණඩායමකට හිතන්නවත් බැරි දෙයක් නිසා මිස වෙන දෙයක් නොවේ...එනමුදු අපි හා කිව්වෙමු...එතැන්සිට සිහිනය දිගඇරුනි...!

හත් දෙනාගෙ කොම්පැනිය 120 දෙනෙක්ගේ කොම්පැනියක් බවට පත්කරවන්න අවුරුදු එකහමාරක් ගිය මට, මගේ රැවුලේ ඇති අන්තිම කලු කෙස්ගහ සුදුවීමත් ඇතුලු තව තව විපිරියාස වලට මුහුන දෙන්නවීම අමතක කිරීමට රෑ දවල් දෙකේ 2012 දෙසැම්බර් වෙනකන් කිරීමට අනෝමයක් වැඩ රාජකාරිත්, මුදල්, බලය, සැපපහසුව, අලුත් මිතුරන් හමුවීම, පරන මිතුරන් නැවත එකතුවීම සහ තවත් බොහෝ දෑත් ලැබුනා නොවේම නොවේ...!

ඉතින් කොටින්ම කියනවනං..මේ ලියන්න හේතුව...ඒ විඳි දුක් නිසා හටගත් හෝ පිළිසිඳගත් දේ අද හැබෑවක් වී ඇති නිසාවෙනි...අට අවුරුද්දක් තිස්සේ දෙපාරක්ම ඩිසයින් කරලා දහ දුක් කන්දරාවක් විඳගෙන අපෙන් පස්සෙ 2012 ඉඳන් 2018 වෙනකන් අපි ඩිසයින් කරපු දේවල් ඒ ආකාරයටම හදපු මස්කට් ගුවන් තොටුපොල කොමර්ෂල් ඔපරේෂන්ස් වලට විවෘත වෙන දවස උනේ 2018 මාර්තු 20 වෙනිදා....අලුතෙන් ඉදිකරපු මස්කට් ගුවන් තොටුපොලෙන් පලමුවෙනි ගුවන් යානය පිටත් වීමත් ගොඩබෑමත් සිදුවූවා... !

පරන මස්කට් ගුවන් තොටුපොලෙන් පිටත් වෙන අන්තිම ගුවන් යානය 2018 මාර්තු 20 වෙනිදා හවස 3.00ට ඉරානය බලා පිටත් වීමෙන් එම ගුවන් තොටුපොල පර්යන්ත ගොඩනැගිල්ල අනාගතයේදී මියුසියම් එකක් විමත්, 2018 මාර්තු 20 වෙනිදා සවස 6.00 පමන අප විසින් නිර්මානය කොට ඉදිකෙරුන නව පර්යන්ථ ගොඩනැගිල්ලෙන් සහ ධාවන පතය ආධාරයෙන් සවුදි අරාබියේ සිට පැමිනෙන ගුවන් යානය ඕමාන් රාජ්‍යයට නවතම අර්ථයක් දුන්නා නිසැකැයි...!

ජීවිතය පන්නරය ලබාදෙන්නේ මහා ව්‍යාකූල අනදමට කියල තේරුනේ මාර්තු 19 වෙනිදා උදේ ආපු තවත් දුරකථන ඇමතුමකින්....එදාට දින හතරකට පෙර, 2018 ජූලි 23 වෙනිදා පැවැත්වෙන සෙරමෝනියල් ඕපනින් එකට යන ආකාරය දුරකථනයෙන් මා සමග සැලසුම් කල, ඉහත විස්තර කල ගුවන් තොටුපොලවල් දෙකේ මූලික නිර්මාතෘ, ප්‍රධාන ගෘහ නිර්මානි ශිල්පී, මා මිතුරු ඕලේ බ්‍රොගාර්ඩ් ලාසන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ වැලපෙමින් දුන් ඒ දුරකථන ඇමතුම කල සලිත වීම තවමත් මගෙන් දුරස් වී නැත...ඕපනින් එකට දවසක් තියලා මේ මනුස්සයා ගියානේ කියන එක නම් පුදුමාකරයි...!



ලිව්වා ඇති..ඉතිරිය කමෙන්ට් ආවොත් එහෙමයි කියලා හිතාගෙන පහල පින්තූරු ටික දාන්නං....! ]

මීට කලින් එලියෙන් පේන විදියේ පින්තුර දාලා තියෙන නිසා මේවා ඇතුලෙන් පර්යන්ත ගොඩනැගිල්ල විස්තර කරන පින්තූර බව කරුනාවෙන සලකන්න...!



transit hub

transit area



transit area



airline lounges



arrival lounge

transit hub



baggage claim area




transit desks




pier interior-arrival




pier from a contact bridge





north pier from apron




business class lounge

 Muscat Airport



Salalah Airport 


Muscat Pier


We will meet again when you least expect it...
One Day some far of place I will recognize your face...
I will not say good bye my friend...we will meet again ! 



REST IN PEACE MR. OLE B LARSEN






Thursday, 6 April 2017

පන්නරය - 2 - Kent Nelson



පන්නරය - 1 ලිව්වේ මීට කලියෙන්...!

පීටර් සැමන්ස් මට දිගටම අංචි ඇද්දාය කිව්වොත් නිවරදියි...ඔහුට මගේ ස්වාධීනත්වය ප්‍රශ්නයක් වෙන්න ඇති..ඒ කිව්වේ, අනිත් සියලුම ගෘහනිර්මාන ශිල්පීන් සහ සැලසුම් ශිල්පීන්, එවකට කොවි (COWI) සමාගම උපදේශණ කාර්‍යයන් වල නියුතු ඕමානයේ මහබැංකු ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වල නියත වූයේ ඔහුගේ අනසක යටතේ වුවද මා හට ලබාදී තිබුන කාර්‍යය වු, පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් ඕමාන් (PDO) සමාගමේ කැසිකැසල පුලුස්සා චක්‍රීයකරණය කිරීමේ ඒකකය සඳහා ගොඩනැගිය යුතු ගොඩනැගිල්ල නිර්මානය කිරීම මා හට තනියමම කිරීමට මාකෝ ගත් තීරණය  (100% ක ස්වාධීනත්වයක් ලබාදීම) ඔහුට ප්‍රශ්නයක් වීම විය යුතුය..!

Award winning design of Oman Central Bank building by Archt. Ole B Larsen


ඇත්තටම COWI ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ Ole B Larsen මහතාය. එනමුදු මා එම සමාගමට එක්වූ කාලයේ ඔහු කෙටි බිස්නස් වීසා උඩ, ඉඳ හිට ගෙන්වාගෙන වැඩ කරගැනීම තමා කම්පැනි පොලිසි එක වෙලා තිබුනේ..එයට හේතුව ඔහුගේ අධික වේතනය..නමුත් එයින් පීටර් ලොකු ගැම්මක් අරගෙන අනිත් අයට ලොක්කා චරිතය රඟපෑ බැව් මම දනිමි.


පීඩීඕ සමාගමේ ගොඩනැගිලි, එම සමාගම විසින් එකලස් කර ඇති නියාමයන් ආස්‍රයෙන් නිර්මාණය කලයුතුය...එම නියාමයන් ගැන හොඳ දැනුමක් සේම, ඒවා අඩංගු ග්‍රන්ථ ඩග්ලස් ලෑන්ග්මේය්ඩ් අත තිබුනද, ඕස්ටේර්ලියානු ජාතික ඩග්ලස්, පීටර්ගේ කීම අසා මුලදී ඒවා මා හට පරිශීලනය කිරිමට ඇති මං ඇසුරුවත්, වෙනත් මාර්ගයකින්, එනම් මා හඳුනන ඉන්දියන් ජාතික ගෘහ නිර්මාන ශිල්පියෙකුගේ මාර්ගයෙන් එම නියාමයන් ගෙන්වාගෙන, මා සෙමින් දැහැමින් වැඩකටයුතු කරගෙන ගියෙමි.

එසේ දැහැමින් සෙමින් වැඩ කිරීමට නිර්භීත කමත් පන්නරයත්  මට ලැබුනේ, ඕමාන් වලට එන්න කලියෙන් සවුදි අරාබියාවෙ ගත කල මාස දහතුනේදී , මා ලැබුවාවු පන්නරයක් ඇත්නම්, එම පන්නරයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වු, කෙන්ට් නෙල්සන් (Kent Nelson ) නම්වු ඒ සොඳුරු ඇමෙරිකානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියාගෙන් යැයි ලියා තබන්නේ ඉමහත් ආදරෙයෙනි.

කෙන්ට් මට හමුවෙන්නේ 1991 ජූනි මාසේ විතර (මට මතක හැටියට ). ඒ වන විට මා සේවය කලේ අල්කෝබාර් වල කන්සල්ටින් ඇන්ඩ් ඩිසයින් ඉංජිනියරින් (CDE) කියන සමාගමේ. එහි ගෘහනිර්මාන ශිල්පීන් ලෙස එවකට සේවය කලේ පිලිපීන ජාතික ජිල්, බ්‍රිතාන්‍ය ජාතික ටෙඩ් සහ මම...!

al-khobar at night

කෙන්ට් මට වඩා අවුරුදු විසිපහක් විතර වයසයි මට හම්බවෙනකොට...කෙන්ට් එතකොට ඩිවෝස් වෙලා හිටියේ..එක දුවක් හිටියා... දුවගේ නම ට්වයිලා උනාට ( Twyla) ට්වයි ට්වයි (TWY TWY) කියලා දුවට කෙන්ට් කියන්නේ,  ..කෙන්ට් ගොඩාක් වෙලාවට වැඩ කරලා තියෙන්නේ එයාගේ ගෙදරින් පිට ප්‍රාන්ත වල හරි පිටරට වල් වල හරි..එයා එක්ස්පැට් කෙනෙක් හැටියටම තමයි ජීවිතේ ගෙවන්න පුරුදු වෙලා තියෙන්නේ...එයා හවායි වල වැඩ කරලා නිවාඩුවකට ගෙදර ආපු වෙලාවක ඇදුම් බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කියලා ඒඩ්ස් ටෙස්ට් එකක් කරන්නය කියලා..ඒ ආර්ගියුමන්ට් එක දුර දිග ගිහින් ඩිවෝස් වෙලා තියෙන්නේ.

හැබැයි කෙන්ට් මට නං කිව්වේ ඒ කාන්තා යට ඇඳුම එයා ගේ නැගනියට ගෙනා තෑග්ගක් බව...හි හි හි....!

කොහොම හරි 1996 ජුලි 17 වෙනිදා ඇමෙරිකාවෙ ඩලාස් එයාපොර්ට් එකෙන් ගුවන්ගත වෙන කොට කඩා වැටුන හෝ මිසයිලයක් මගින් බිම හෙලපු TWA Flight 800 යානයේ හිටපු ට්වයි ට්වයි අම්මත් එක්ක යුරෝපයේ ඩිස්නිලන්තයට නිවාඩු යන ගමන් මගියන් හැටියට මියපරලොව ගියා..කෙන්ට් එතකොටත් සවුදි අරාබියේ වැඩ කලේ..මම හිටියේ ඕමාන් වල...ඒ මොහොතේ මම කෙන්ට්ව දවස් දහයකට ඕමාන් වලට ගෙන්න ගෙන බලා කියාගත්තා හැටි තාම මතකයි..කරුමේ කියන්නේ, ට්වයි ට්වයිගේ අම්මා, TWA ගුවන් සමාගමේ හිටපු ගුවන් සේවිකාවක් වීම...

කෙන්ට් මට ;

  • පැරලල් පාකින් කරනාකාරය, 
  • පාටියකදි ගෑල්ලමෙක්ව අල්ලගන්නාකාරය, 
  • ප්ලාස්ටික් ලෙඩ් පැන්සල්වලින් මයිලර් පේපරේක ඩ්‍රෝවින්ග් අඳිනාකාරය, 
  • පිහියෙන් ගෑරුප්පුවෙන් කෑම කනාකාරය, 
  • පෙප්සි ටින් එකක ගැට්ට තලලා හෂීශ් උරනාකාරය 
ආදී ජීවිතයේ සෑම පැතිකඩක්ම ගුරුමුශ්ටි නැතුව කියල දුන්න හැටි මතක් වෙනකොට හරිම සොඳුරුයි මගේ හිත...!

කෙන්ට්ට හරි ප්‍රශ්නයක් තිබුනා එයාගේ හැඩරුව ගැන...එයාර්ලයින් වල එයාහොස්ටර්ස්ලාගෙන් හරි උදව් තිබුනා මෑන්ස්ට ඒ නිසා.. හේතුව කෙන්ට් හරියටම ප්‍රසිද්ධ හොලිවුඩ් නළු ග්‍රෙගරි හයින්ස්ගේ කපාපු පලුව..කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නෑලු එයානෙවෙයි කියලා..ඉතින් ෆල්යිට් එකේ මැනිපෙස්ටො එක බලන්න කියලලු බේරෙන්නේ..ඒ කරන්නෙත් බඩ පිරෙනකන් බියර් එහෙම සප්පායම් උනාට පස්සෙලු...!

කෙන්ට් මට ඒ දවස්වල ඉඳලාම කියන දෙයක් තමයි.... R2LA (අටූලා) යෝ මෑන්..යූ හෑව් ටු ලුක් ආෆ්ටෙර් යූ මෑන්...කම් ටු ජිම් විත් මී..කියලා...කොහෙද තාමත් බැරි උනා නෙව ඒක නම් අහන්න...!

Gregory Hines - Kent Nelson Look aLike

කෙන්ට් මට කිව්වේ R2LA...කියලා.. ඇමරිකන් ඇක්සන්ට් එකෙන් මගේ නම කියවෙන්නේ එහෙම..මට පස්සේ කාලේ ඊමේල් එව්වෙත් R2LA කියලා...ඊමේල් වල මාව ඇමතුවේ R2LA the Great කියලා...!



අපි කවුරුත් දන්නවා සවුදිඅරාබිය මත්පැන් තහනම්, කාන්තාවන්ට මූන ආවරනය කලයුතු වගේ මිනිස් අයිතිවාසිකම් නැති රටක්ය කියලා..රටක් නෙවෙයි ඇත්තටම අපායක්..මේ අපායේ තිබුනා ක්ෂේම භූමියකුත්..එකට කියන්නේ ඇරම්කෝ සීනියර් කෑම්ප් කියලා දහරාන්වල තිබුන...මත්පැන්හල් නැති නිසාත්, නොදන්න දේවල් කරලා ජීවිත හානි කරගන්න නිසාත්, ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකේ ඉන්න ඈයින්ට රටට එනකොටම මත්පැන් ගෙදරදිම පෙරාගන්න අවශ්‍ය උපකරණ මෙවලම් ටිකක් දෙනවා ඇරැම්කෝ එකෙන්ම...සීනියර් කෑම්ප් එකේ ගේට්ටුවෙන් ඇතුලේ තිබුනේ ඇමරිකාව..ගේට්ටුවෙන් මෙහා ලෝකයේ / අපායේ කරන්න බැරි වැඩ ඒ කිව්වේ කාන්තාවන්ට කොටගවුමක් කලිසමක් ඇඳගෙන එහේ මෙහේ යෑම, වාහනයක් එලවීම වගේම ගෑනු පිරිමි දෙන්නෙකුට කැෂුවල් සෙක්ස් කිරීම දක්වා නිදහසක් ගේට්ටුවෙන් එහා ලෝකයේ තිබුනා..!

ඉතිං හැම සුමානෙම මට කෙන්ට් 200 පෲෆ් ඉස්පිරිට් ගෙනල්ලා දුන්නා..වතුර වගේ නිසා ෆ්‍රිජ් එකේ දාගෙන පෙප්සි යහමින් දැම්මාම රම් පරාදයි...කෙන්ට් හම්බවෙනකන් පියුජොට් (එහෙමයි පර්ජෝ එකට එහේ ලංකාවෙ බුවාලා කිව්වේ) නිහාල්ගේ තනූෆ් බෝතල්වල පුරෝපු කසිප්පු බීපු මට කෙන්ට් දෙයියෙක් උනා...අර අපිලට අඹ පොවපු ඉයන් වගේ..!
aerial view of aramco camp 

කෙන්ට් එක සති අන්තෙක කථා කලා මටත් අපායෙන් එහා ලෝකය බලලා, වයින් වීදුරුවක්, බියර් එකක්, විස්කි වඩියක් ගහලා පිලිපීන ගෑල්ලමෙක් එහෙම ආස්‍රය කරලා එන්න...මමත් ඉතින් කෙන්ට්ගේ වාහනේ නැගලා ගියා ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකට....!

එ ගමනේ විස්තරය බලධරයා විසින් කපාහරින ලදි...! සොරි වෙන්න ඕනෑ...!

හැබැයි ඒ ගමනෙන් මම හොඳ පාඩමක් ඉගෙනගත්තා ජීවිතයට...ඒක තමයි තමන්ට යම්කිසිදෙයක් අවශ්‍යනම්, පැකිලෙන්නෙ නැතුව ඒ දෙය ලබාගැනීමට දහිරියෙන් ක්‍රියාකළ යුතුබව...මගේ කුලෑටි කම, ඒ කියන්නේ ගමේ ගතිය..අර කොහේ හරි ගෙදරකට ගියාම අපි කියන්නේ නිකන් ඇවිල්ලා යන්න ආවාය කියල එහෙම වගේ ගතිය...අන්න ඒ ග්‍රාම්‍ය ගතිය මග ඇරගන්න අත්පොත් තැබුවේ එහෙම නැත්තං පන්නරය එහෙම ලැබුවේ එදා වෙන්න ඕනි...තේරෙන්න ඇති නේ මොකක්ද ඉතිං වෙන්න ඇත්තේ කියලා....!

කොහොම හරි ආපහු එනගමන් බඩපිරෙන්න ඉංගිරිසියෙන් බැනුම්නං ඇහුවා කෙන්ට්ගෙන් මං.....!


ආපහු PDO Waste Recycling ව්‍යාපෘතියට හැරෙමුකෝ...මට සාමාන්‍යයෙන් කාලය කළමනාකරනය නිසි අයුරින් කරගන්න පුලුවන්, නමුත් ආකිටෙක්ට්ස්ලා හුඟදෙනෙකුට අඩුවෙන්ම පවතින ගුනයක් එය. තවත් දෙයක් තමයි මට තනියෙන්ම මුලු ප්‍රොජෙක්ට් එකකම ඩ්‍රෝවින්ග්ස් උනත් කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ආකිටෙක්ට්ස්ලා සම්ප්‍රදායිකව ඩ්‍රාප්ට්ස්මන්ලට කියල තමයි ඩ්‍රෝවින්ග්ස් කරගන්නේ..මට ඔය Co-pilot වැඩේ අල්ලන්නෙම නෑ..එක්කෝ මම ඇන්දා නැත්තං නිකා හිටිය..හැබැයි ඒ චන්ඩිකං පොඩි ප්‍රොජෙක්ට්ස් වලට විතරයි.

මාස තුන ඉවරවෙනකොට මම තනියම මුලු ප්‍රොජෙක්ට් එකේම ඩ්‍රෝවින්ග්ස් ටිකත් අනෙකුත් ලියවිලිත් ඉවර කලාට, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියා වූ ඩග්ලස් මට ලොකු උදව්වක් කලා වැහි වතුර බැසයෑමේ කානු පද්ධතිය (Surface and Storm Water Drainage System) නිර්මාණය කිරීමට, හේතුව ඒ වෙනකොට මට ඒ ගැන කිසිම දැනීමක් නොතිබීම...!

අර්වින් කොච්චර සන්තෝස උනාද කිව්වොත් හැමෝටම කියනවා ඇහුනා ඒටීආර් තමයි මමදැක්ක එකම ආකිටෙක්ට් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් ඉවර කරපු කියලා..(මගේ නම ඒටීආර් උනා ඒ අවුරුදු 23 දීම)
ඒකට මගේ උත්තරේ උනේ අර්වින් තාම ලා බාල ඉන්ජිනෙරුවෙක් නිසා වැඩිය ආකිටෙක්ට්ස්ලා එක්ක වැඩ කරලා නෑය කියන එකයි.

කොහෙමෙන් කොහොම හරි, අර්වින් ගෙයි මගෙයි වෘත්තීයමය බැඳීම, ඒ සුබවාදී ආරම්භය නිසා තවත් වසර විස්සක් ඉස්සරහා දක්වාත්, අදත් එලෙසෙම පවතිනවා...ඒකට තමයි අර ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් වෙරි ඉම්පෝර්ටන්ට් කියන්නේ මයේ හිතේ..

මාසතුනෙන් නිවාඩු ඉවර වෙලා එනවා කිව්ව ලොක්ක ආවාම වෙච්ච දෙයින් ඉගෙනගත්ත පාඩම ඊලඟට....!


Monday, 3 April 2017

පන්නරය - 01

ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද...?


සමාව ඉල්ලන්නේ ආදරෙන්..!

හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත්, තේරුම් ගන්න, ඒ කිව්වේ මේ ලියන දෙයින් කාටද වැඩක් වෙන්නේ කියන එක මටත් ප්‍රහේලිකාවක් නිසා...!

මම නැගිටලා තියෙන්නේ, ඒ කිව්වේ ජීවිතේ...කවුරු හරි හිතාමතා මාව වැට්ටුව වෙලාවල් වලය කියන එක දන්නේ මමම විතරක් නිසාත්...මේ ලියන දෙය තේරුම් ගැනීම මාව හොඳට දන්න අයට විතරක් පැහැදිලිවෙන දෙයක් නිසාත්..මේ තවත් කථාවක් විතරක් නොවේවා..නැත්තං ජීවිතේ හරි අසාධාරණයි....!

ඉතිං අවසර....!

1991 මම මෙරටින් පිට උනේ කිසිම අත්දැකීමක්..(ඒ කිව්වේ ජීවිතේ..) නැති කෙනෙක් විදියට යංතං 31ක් උනාම...ඒ උනාට අද 31ක් වෙන අය මීට දශක දෙකකට එහා ජීවත් උන උදවිය වගේ ලාමක නෑ අත්දැකීම් වලින්, හේතුව අද ලෝකේ ගොඩාක් කිට්ටු නිසා අප හැමෝටම.. ඉතින් සාවධානව අසා සිටිවිය කියලයි හිතන්නේ..!

මම විප්‍රවාසයේ පලමුවෙනි අවුරුදු දෙක තුන ගෙව්වේ මදු වැලක් වගේ..ඔහේ ලඟ තියෙන ගහක, අත්තක වෙලිලා යන්න ඇරියා ජීවිතේ, කොහෙද මොනාද කවදාද කියලා නොදැනගෙන හිටි නිසා වෙන්නෝන....!

අවුරුදු තුන ගෙවෙන්නේ 1994 ජුනි මාසේ 12 වෙනිදානන්, 11 වෙනිදා එනවා දුරකථන ඇමතුමක් ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමකින් ඔවුන් හා එක්වෙන්නය කියලා ඕමානයේ ඇති ඔවුන්ගේ ශාඛාවේ ගෘහනිර්මාන ශිල්පියෙක් ලෙස...එම දුරකථන ඇමතුමේ බැක් ස්ටෝරි එක වෙනම ලියන්න ඕනි දෙයක් මොකෝ මෙතනට ඒ පොලිටික්ස් වලින් කිසිම වැඩක් වෙන්නේම නැති නිසා.....එය වෙනම ලියමි...!

එම දුරකථන ඇමතුම එන අවධිය වෙද්දි, හද්දා පිටිසර හැදීවැඩී, ජීවිතේ පළමුවෙනිම වතාවට විශ්ව විද්‍යාල ගමන නිසා කොළඹ පැමිනි මා, විජාතිකයෙකුට මුල්නමින් ඇමතීම දක්වා පරිණාමනය වී තිබුනා....

දුරකථන ඇමතුම දුන්නේ මාර්කො මල්පේඩි (Marco Malpiedi ), ඔහු එවකට COWI Consult (කොවි කන්සල්ට්) නමින් වු ඩෙන්මාර්ක් ඉංජිනේරු සමාගමේ නේවාසික කළමණාකරු ඕමානයේ...ඉතා සුහදශීලීව මා ඇමතු ඔහු, ඔවුන් හා එක්වන්නය කියා ඉල්ලුම් කළා...ඒ අවදිය වනවිට, මා එකතුවී සිටි ඕමානි සමාගම වැනි සමාගම් වල සේවය කරන්නන්ගේ එකම ප්‍රාර්ථනය ජාත්‍යන්තර සමාගමකට බැඳීමයි. එයට හේතු රාශින් විවිධයි..ඉහල වේතන, ඉහල පහසුකම් ආදියත්, සමාජමීය වශයෙන්  ආභරණයක් වූ සුද්දන්ට (ඉන්ටර්නැශනල් කොම්පැනියකට) වැඩකිරීමත් එයින් සමහරක් විය හැක.

ඩෙන්මාර්කයේ ලුන්ග්බි (Lyngby) නගරයේ කොවි (COWI) ප්‍රධාන කාර්‍යාලය

මාර්කෝ මාහට සම්මුඛ පරීක්ෂනයට එන්නට කියූ දා මා ඇත්තටම චකිතයෙන් යුතුවය ඔහු මුනගැසුනේ..එයට හේතුව සමහර විට ඒ මා සුදුජාතියෙකුගේ සම්මුඛ පරීක්ෂනයකට මුහුන්දුන් මුල් වතාව වීමත්, හදපිරුණු බලාපොරොත්තු ගොන්නත් අතර තරඟයක්ම වියයුතුයැයි දශක දෙකකට පසු අතීත ආවර්ජනයේ යෙදෙන මේ මොහොතේ හිතට එන හැඟීමය...!

මාර්කෝ මල්පේයිඩි (Marco Malpiedi)


අපි කථාවට නැවතත් යමු...!

හිතේ දෙගිඩියාවෙන් මෙන්ම හද පිරි අනාගත බලාපොරොත්තු ඉහලින්ම දරාගෙන කුරුම් හයිට්ස් (Qurum Hieghts) නැමැති මස්කට් ආසන්නයේ ඇති උප නගරයේ, ලෙබනන් ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකු නිර්මානය කල වෘතාකාර ජනේලයන්ගෙන් සැදි, තරමක් විවාදයට භාජනයවූ පල්ලියක් අද්දරින් පහලට නෙරා ඇති අතුපාරක තිබූ මහල් දෙකකින් යුත් නිවසක පවත්වාගෙන ගිය එම කාර්යාලය මගේ ජීවිතය අමුතුම මගකට හරවාවීයැයි යන්න මට හීනෙකින් වත් ආ හැඟීමක් නොවීය...!

මාර්කෝ මා සාදරයෙන් පිළිගත්තා පමනක් නොව ඉතාමත් ගරුසරු ඇතිව මාව මෙහෙව්වාය කීවොත් මා නිවරදියි...ආගිය කථාවලින් පසු ඔහු මාගේ පඩිනඩිද වාහනය සම්බන්ධවූ ගැටලුද විසඳා, පසෙක ඇති දුරකථනය ගෙන යමෙකුට ඔහු සහ මා සිටි ඔහුගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස දැන්වූවා අද මෙන් මාහට මතකය....!

දුරකථනයෙන් කථා කල තැනත්තා අමතා මාකෝ කීවේ " පීටර් ප්ලීස් කම් ටු මයි ඔෆිස්, අයි වෝන්ට් ටු ඉන්ට්‍රොඩියුස් යූ ටු අවර් නිව් ආර්කිටෙක්ට් " කියායි.

මා වාඩි වී සිටියේ මාකෝට මුහුන දෙමින් ඔහුගේ කන්තෝරු කාමරේ දොරට පිටුපා නිසා දුරකථනයෙන් අමතා කථා කෙරූ තැනත්තා දොර ලඟටම එනතුරු ම මා දැක්කේ නැහැ...හයි පීටර් ( හායි නෙවෙයි හොඳේ...ඩේනිෂ් අය හායි කියන්නේ හයි..කියලා...දෙපාරක් හයි හයි කියන්නේ ගුඩ්බායි කියන එකට ) කියා මාකෝගේ කටින් පිටවෙනකොටයි මා පිටුපස හැරී බැලුවේ...!

ගෝටියක් (ඒ කිව්වේ එළු  රැවුලක් ) තිබ්බ උස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි සිතිය හැකි මට වඩා වයස කෙනෙක් තමදෑත් දොර උලුවහු දෙකේ තියාන මා දිහා බලා..."සෝ යූ ආර් ලුකින්ග් ෆොර් වර්ක්.." යැයි කියනවාත් සමගම මා හැරී බැලුවේ මාකෝ ගේ නෙත් දිහා...ගිනියම් වු ඇස්දෙකින් පීටර් දිහා බැලූ මාකෝ ඉතාමත් බැගෑපත් මුහුනක් මට පෙන්නා නැවතත් පීටර් දිහා බලාගෙන.."නෝ පීටර්..හී ඊස් නොට් ලුකින් ෆොර් වර්ක්..වී ආර් ආස්කින්ග් හිම් ටු ජොයින් අස්..ජස්ට් ටේක් අ සීට් විල් යූ..."ය‍යි පවසා හිස දෙපැත්තට වනා මා දෙස සිනහ පිරි මුහුනකින් බලා තම අසුනේ හරි බැරි ගැහුනේ සුසුමකුත් හෙලමින්....!

මම කව්ද, දැනැට වැඩකරන ආයතනය කුමක්ද, දැනට මම එම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පියාය ආදිය මාකෝ විසින් පීටර්ට තේරුම් කරද්දී මම කිව්වේ, මා දැනැට වැඩ කරනායතනයේ ගෘහ නිර්මාන ශිල්පීන් සිටින්නේ මම පමනක් නිසා මම ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා බවයි. එය අප අතර තිබූ දෘඩ බව නැතිකරන්නට උදව්වක් උනා තිදෙනාම සිනහවෙන් එය පිළිගත් නිසා...එයින් පසු සෙන්නාගෙන් ගොන් ප්‍රශ්න අහන සංඛ සේ, පීටර් කිසිසේත් අදාල නැති ගොන් ප්‍රශ්න වැලක් අහන්නත්, මම ඒවාට කිසිම පැකිලීමක් නැතුව උත්තර දෙන්නටත් උනේ, ඒ වෙනකොටත් මාර්කෝ මා එම සමාගමට බඳවා ගැනීමේ මුල් කාර්යයන් හමාර කොට තිබූ නිසාවෙනි.


ඉන් සුමාන දෙක තුනකට පසු මම අලුත් ඔෆීසියේ වැඩට ගියේ අලුතෙන් ගත් මෝටර් රථයේ නැගී සෑහෙන සතුටකිනි. මා පිලිගත් අමරනාත් (ඔහු ගැන වෙනම ලියමි ) මාකෝ වෙත මා ගෙනගියේ සෑහෙන සතුටකිනි. එයට හේතුව අමරනාත් ගැන ලියනාවිට ලියවේවි.

මාකෝ මා රැගෙන ගොස් උඩ තට්ටුවේ වාඩි වී සිටි ඩෙන්මාක ජාතික ඉංජිනේරුවන්ටත්, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකුවූ ඩග්ලස් ලෑන්ග්ද්මේඩ්, කේරළ ජාතිකයෙකු වූ ජේම්ස් ජෝන්ස් සහ ඉන්දියන් ජාතික ගෘහනිර්මාන ශිල්පිනියක් වු ස්වතී හල්දන්කර් සහ ශ්‍රී ලාංකික ගෘහනිර්මාන ශිල්පී මා මිත්‍ර සරත් බන්ඩාරයන් සහ අනෙකුත් සැලසුම් ශිල්පීන් හටත් හදුන්වා දුනි.

ඉහත කියූ සහෝදර කාර්‍යාල සඟයන් වාඩී වී සිටි අයුරු, ඔවුන්ගේ පුටු මේස තබා තියූ අයුරු මා කැළඹුවේ, මා කළින් වැඩ කල ස්ථානයේ මා හට වෙනම ඉඩක් ද කොම්පුයටරයක්, ඩ්‍රෝවින්ග් බෝර්ඩ් එකක්, ටෙලිෆෝනයක් යනාදිය ද තිබූ බැවිනි. ශ්‍රීලාංකික ගෘහනිර්මාන ශිල්පියා ඩ්‍රෝවින් බෝර්ඩ් එකකද, ඉංදියන් ගෘහ නිර්මාන ශිල්පිනිය කොම්පියුටර මේසයකද වාඩිවී සිටීමත්, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනා කුඩා කියුබිකල් දෙකක වාඩිවී සිටීමද මෙයට හේතුවයි.

හඳුන්වා දීම්වලින් පසු නැවතත් ස්පයිරල් ස්ටෙයාකේස් එකෙන් පහල ඇති මාකෝගේ කාමරයට පැමිනීමෙන් පසු, මෙම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පී ඕලේ බී ලාසන් (Ole B Larsen) මහතා මාස තුනක නිවාඩුවකට ඩෙන්මාකයට ගොස් ඇති වගත්, මා ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා ලෙස කලින් ආයතනයේ වැඩකරමින් සිටි නිසාත් ඕලේ ලාසන් මහතාගේ පහල ඇති කාමරයේ මට මුල් මාස තුන වැඩ කිරීමට අවසර ඇති බවත් මාකෝ පැවසුවේ මාගේ හිත තුල තිබූ අවිනිශ්චිත බව තේරුම් ගිය කෙනෙකු ලෙසයි.

ලාසන් මහතාගේ මේසය උඩ ඇති පෑන් පැන්සල් යනාදිය...!


ලාසන් මහත්තයගේ කාමරයට, (කාමරයක් කිව්වට ඒක අඩි හයක් පලල අඩි දොලහක් විතර දිග තීරුවක්, ස්පයිරල් ස්ටෙයාර් එක යටින් ඇතුල් වෙන්න තියෙන..කාමරේ මුලු දිගෙන් බාගයක් විතර වැහිලා තිබුනේ පැරලල් රූලකින් සමන්විත ඩ්‍රොවින් බෝර්ඩ් එකෙන්..ඒකට පැත්තකින් තිබිච්ච මේසේ පාට පාට පැන්සල් පෑන් වලින් පිරිච්ච ටින්, අනිකුත් ඇඳීමේ උපකරන වලින් ගහන හැබැයි සෑහෙන පිලිවෙලකට තියෙන තැනක් කියන එක මගේ ක්ෂනික අවධානයට යොමු උනා...) ම රැගෙන ගිය මාකෝ..ඔබට මේ කාමරය තාවකාලිකව මාස තුනක් පාවිච්චි කරන්න පුලුවන් ඔහු එනතුරු, නමුත් මෙම කාමරය අතහැර යාමේදී, කාමරයේ ඇති දෑ මේ තියෙනාකාරයටම නැවත තැබීම ඉතාම වැදගත් බවත්, ලාසන් මහතා වෙන කිසිම අයෙකුට ඔහුගේ ආම්පන්න පාවිච්චියට නොදෙන බවත් පැවසුවා....!

අර්වින් හක්‍රොව් (Ervin Haukrogh)

ඔහු නික්ම ගිය පසු වට පිට හොඳින් පිරික්සා බලා මා පුටුවේ හරිබරි ගැසී වාඩිවෙනවාත් සමගම, ඉතාම ප්‍රියංකර සිනහවකින් නිතරම මුහුන පුරවාගෙන සිටින හීන්දෑරී ඩෙන්මාර්ක් ජාතික ඉංජිනේරුවකු වූ අර්වින් හක්‍රොව් (Ervin Haukrogh) කාමරයට ඇතුල්වුනේ ලිපිගොනුවකුත් ඩ්‍රෝවින් රෝලකුත් සමගින්...කොවි කන්සල්ට් සමාගමේ මගේ පළමුවෙනි ව්‍යාපෘතිය ආරම්භකිරීමට කාලය පැමිනි ඇතිබවත්, මා හට එදා සිට මාස තුනක කාලයක් ඒ සඳහා වෙන්කොට ඇති බවත්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ඔහු බවත් ඉතාමත් කුළුපගුව පවසා, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියාගෙන් එම ව්‍යාපෘතිය මා හට බාරගන්නා ලෙසත් පවසා, ලිපි ගොනුව මා වෙත තබා ඕනෑම අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගන්නයැයි ටෙලිෆෝනය වෙත ඇඟිල්ල යොමු කොට අර්වින් පිටව ගියා...!

ඉදිරි මාස තුන, ස්ථාන මාරුව සහ ස්වතී හල්දන්කර් ගැන ඊලඟට ලියන්නයි ඉන්නේ...!

ප.ලි. :
මෙය ලියා තැබීමට හේතුපාද වූයේ, ඉහත මා සඳහන් කල, කොවි සමාගමේදී මුලින්ම මුනගැසුනු, මා මිත්‍ර බ්‍රිතාන්‍ය ජාතික පීටර් සැමන්ස් රුදුරු හෘදයාබාදයකට ගොදුරුවී අප සැමගෙන් සමුගත්තායැයි ලැබුන ඊමේලය කියවීමෙන් මා සිත දශක දෙකකටත් එහා අතීතයට දිව යෑමය...! 
මේ දිග කථාව ලිවීමට මට හයිය හත්තිය ලැබේවා යයි පතන්න ඕනි ඉතින්...!

ඔය වෙනම ලියමි, පන්නරය-2 වගේ ඒවා ගැන නම් මගේ කිසිම විශ්වාසයක් ඇත්තේම නැත...!







Thursday, 28 January 2016

සතුටු කඳුලු...!




2004 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රාමාදාන් පටන් ගත්ත දිනේ අද වගේ මතක ෆාස්ටින් පටන් ගත්ත නිසා නෙවී...ඕමාන් වල ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොමියුනිකේෂන් මිනිස්ටර් අපේ ඔෆිස් එකටම ඇවිත්, මස්කට් සහ සලාලා එයාර්පෝර්ට් දෙකේ අපි පිලියෙල කරපු ටෙක්නිකල් ඇන්ඩ් ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එක අරන් ගිය දවස නිසා...

එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...එදා ඉඳන් මම මාර කට්ටක් කෑවා 420 දෙනෙක්ගෙන් සමන්විත ඔෆීසියක් ගොඩනගන්න...

2012 දෙසැම්බර් වෙනකොට ඔක්කෝම ඩිසයින් වැඩ ටික ඉවර කලත් අපි ස‍යිට් එකේ වැඩ පටන් අරන් එතකොටත් අවුරුදු හයක් වෙලා...

අද මට ආපු අප්ඩේට් ඩොකුයුමන්ට්ස් වලින් ඔය පල්ලෙහායින් තියෙන පිංතූර ටික හැමෝටම බලාගන්න මගේ බ්ලොග් එකේ දාන්න හිතුනේ, මීට ටික වෙලාවකට කලින් තට්ටු තිහක හතලිස් හතකටත් උඩ කනුවක් හයි කරන ගමන්උඩ ඉඳන් ලොකු පුතා බල කර නිසා...

Zaina & Brian with HH Sayyid Fahd Bin Mahmoud Al Said
මේ සතියේ මුල ඕමාන් උප අගමැති (ඒ කියන්නේ සුල්තාන් ගාවට ඉන්න කෙනා රජ පවුලේ)Zaid Fahd Bin Mahmoud Al Said  තුමා සහ කැබිනට් මන්ඩල සාමාජිකයන් රැසක් VVIP විසිට් එකක් දැම්මා තවමත් වැඩ නිමවෙමින් පවතින මස්කට් ටර්මිනල් බිල්ඩින් එක ගැන සෝදිසි කරන්න. ඔය උඩ පින්තූරේ වම් පැත්තෙන් ඉන්නේ එච් එච් ( ඒකියන්නේ හිස් හයිනස්) සයිඩ් ෆහඩ්..ඔමාන් වල ඩෙපියුටි ප්‍රයිමිනිස්ටර්..දකුනු පැත්තේ ඉන්නෙ සයිනා (Zaina Al Harthy), ටයි කෝට් දාගෙන ඉන්නේ බ්‍රයන් (Brian Paton)...සයිනා විශ්ව විද්‍යාලයෙන් ආර්කිටෙක්චර්  කෝස් එක ඉවර කරන්නත් කලියෙන් අපි ලඟට ආවා ට්‍රේනී කෙනෙක් හැටියට..අද සයීනා එක්ස්පීරියන්ස් තියෙන එයාපොර්ට් ආර්කිටෙක්ට් කෙනෙක්...(සතුටු කඳුලු...)
බ්‍රයන්ව මම හොයාගත්තේ ක්ව්ලාලම්පූර් එයාර්පොර්ට් එක කරපු කන්ට්‍රැක්ටර් ගාව ඉඳලා...බ්‍රයනුයි, චමින්දයි, සන්හාරුයි විතරයි ප්‍රොජෙක්ට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවර කරනකන් ඕමාන් වල නවතින්න කැමති උනේ....

chaminda & Zaina
උඩින් තියෙන පින්තුරේ වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ චමින්ද, තරුන ආකිටෙක්ට් කෙනක් උනාට එයාර්පොර්ට් එක්ස්පර්ට් කෙනෙක්...සම්පූර්ණ නම සහ වෘතික නාමය නම් වරලත් වාස්තු විද්‍යාඥ චමින්ද මුනසිංහ. දකුනු පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ සයීනා...

වැඩ නිමවෙමින් පවතින මස්කට් එයාර්පෝර්ට් ටර්මිනල් බ්ල්ඩින්ග් එකේ පින්තූර තමයි පල්ලෙහායින් තියෙන්නේ...( සතුටු කඳුලු...)


Pier-arrival Level
Grade Level Concourse 

Arrival Lounge
Baggage Claim Area
Jet Bridge Interior
Pier Departure Level
Walkalator - Arrival Level
Satellite Lounge-ceiling 
Lower Level Access
Hard & Soft Landscaping-Car Park Area

බොහොම ලඟ දවසක අපේ හැලපෙට මේ එයාර්පොර්ට් එකෙන් ලංකාවට එන්න ලැබේවි....

තෙල් බැරල් එක ඩොලර් 26ට බැහැලා නිසා ඕමාන්වලත් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මේ දවස්වල ඇනහිටලා..ඒත් VVIP විසිට් එකෙන් පස්සේ මේ වැඩේ කෙරිලා තියෙන ලස්සන දැකලා ඉක්මනටම මේ එයාර්පෝර්ට් එක නිමා කරන්නය කියලා තීරණ දීලා සුලතාන්වරයා... (සතුටු කඳුලු...)



සයීනා, චමින්ද සහ බ්‍රයන් ඇතුලු ලාසන් ආර්කිටෙක්ට් ටීම් එකට මගේ සුභපැතුම්......(සතුටු කඳුලු...)



Tuesday, 15 July 2014

පෙට්ටගම් සහ අරාබි මල් කැටයම් - 100 year Storm






අනුන්ගේ දේකට වැරදිලා ඇඟිල්ලක් වැදිලා මම හරිම අපහසුතාවයකට පත් උනා පහුගිය සුමානේ. ඒත් එක්කම වැඩ ගොඩ ගැහිලා නිසා කමෙන්ට් වලට විතරයි යොමු උනේ.
ඒත් අඩුගානේ හිතලා බලලා කොමෙන්ටුවක්වත් දාගන්න බැරි උනා මාතේ ගේ "පිවිතුරු හෙට"...මොනා කරන්නත් හිත එකලාසයක් වෙන්නත් එපැයි.

චාමි ( මස්කට් එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් එකේ මේ දවස්වල මගෙන් ඉතිරි වෙච්ච සීනියර් ආකියෙක් ) ඊයක් විදලා තිබුනා අපේ මස්කට් එයාර් පෝර්ට් එකේ අද වෙනකොට ප්‍රොග්‍රෙස් එක ගැන කියලා.
හුඟ කාලෙකින් ඒ ගැන ලියන්න බැරි උනනිසා හිතුවා, මේ පින්තූර ටික එක්ක පොඩි විස්තරයක් ලියනවා කියලා.


කියවන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක මම හිතුවා, ඩිසයින් ඉමේජස් එක්ක අද තියෙන තත්වය පෙන්නුවොත් හොඳයි කියලා. පල්ලෙහා තියෙන තිරස් පින්තූරය ත්‍රිමාන රූපයක් (3D Image). ඒක පිලිවෙල කලේ ඩිසයින් එක එක්තරා තත්වයකට ඩිවෙලොප් කරාට පස්සේ. අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රිලිමිනරි ඩිසයින් ස්ටේජ් එකේදි. ඒකට හේතුව ඔවැනි ත්‍රිමාන රූපයක් බිහි කරන්න විශාල තොරතුරු සම්භාරයක් ගොනු කරගන්න ඕනි. ඒ තොරතුරු විශාල ප්‍රමානයක් තියෙන්නෙ ගෘහනිර්මාන ශිල්පියාගේ මනසේ. ඒ විතරක් මදි, අනිකුත් විශේෂඥයන්ගේ තොරතුරුත් අවශ්‍යයි ඔය රූපය පිලියෙල කරන්න.
ඔටෝකැඩ්, පොටෝෂොප් සහ ත්‍රීඩීමැක්ස් (AutoCad, Photoshop & 3D Max ) කියන මෘතුකාංග පාවිච්චිකරලා තමයි ඔවැනි රූප නිමවෙන්නේ.

full view of the muscat terminal from the apron
ගෘහ නිර්මාන ශිල්පීන් හැටියට මෙයට දායක උනේ ඕබීඑල් (ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පී-Chief Architect), මම (ප්‍රධාන නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී සහ ගෘහ නිර්මාන අධ්‍යක්ෂක-Chief Design Architect & Architectural Director ) ජමුර (නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී-Design Architect). අපි තුන්දෙනාට සහායට මේ පින්තුරු එව්ව චාමි, බ්‍රයන්, එච්බී, රෙහාන්, පියල්, ක්‍රිශාන්ත, මුනී වගේ මටත් වඩා සීනියර් ආකියො ගොඩාක් හිටියා.
arrival hall-current progress

මේ පින්තූරය අරගෙන තියෙන්නේ, අරයිවල් හෝල් (Arival Hall) එක පෙනෙන විදියට ඊට උඩින් තියෙන ඩිපාර්චර් හෝල් එකේ ඉඳන්, අද තියෙන තත්වය පෙනෙන විදියට. පින්තූරය ගත්තේ ගිය සතියේ,චාමි .

අපි මුලදි,  ඒ කියන්නේ 2004 ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්ත කාලේ, 2014 තමයි මේ එයාර් පොර්ට් එක විවෘත කරන අවුරුද්ද කියලා සනිටුහන් කරලා තිබ්බේ. හැබැයි 2007 ජූනි 06 වෙනිදා "ගෝනු"http://en.wikipedia.org/wiki/Cyclone_Gonu කියන සයික්ලෝන් එක ඕමාන් රාජ්‍යයට කරපු හානිය නිසා, අනාගතය ගැන හිතලා අපිට ආයෙමත් මුල ඉඳලා ඩිසයින් කරන්න උනා. ඒකට හේතුව උනේ, අපේ ඔරිජිනල් ඩිසයින් එකේ, පොලොව යටට ලෙවල් පහක බිම්මහලවල්, සිංහලෙන් කියනවානම් බේස්මන්ට් පහක ගොනු කරලා තිබුනා, ඔටෝමේටඩ් බැගේජ් හැන්ඩ්ලින් සිස්ටම් එකත් ගොඩනැගිල්ලට අවශ්‍ය කරන යටිතල පහසු කම් සියල්ලත්.
ඒකෙම ඩිස්යින් ඉමේජ් එකක් තමයි මේ පහලින් තියෙන ඊලඟ පින්තූරය.



 සාමාන්‍යයෙන් මෙවැනි  යෝජනා ක්‍රමයක් නිර්මානය කරනකොට වසර 100ක තරම් පැරණි කාලගුන වාර්ථා (100 Year Storm) සලකා බලලයි කරන්නේ. ඕමාන් රාජ්‍ය වැනි මැද පෙරදිග ස්ථානවල සුලි සුලං ගංවතුර වගේ ස්වභාවික කරදර නැති නිසා වුනත්, අපි 100 year storm එකට තමයි ඩිස්යින් කලේ..අපි කිව්වේ අපේ ඉංජිනේරු මහත්වරු..( ඩෙන්මාර්ක් රටේ නමගිය ඉංජිනේරු සමාගමක් වෙන කොවි ( COWI A/S ). නමුත්, රටකරවන අය පපුවට අත තියාගෙන කිව්වා අනේ මහත්වරුනේ, කරුණාකරලා ආයෙමත් 500 ඉයර් ස්ටොර්ම් එක බේස් කරගෙන ඩිසයින් කරන්නය, එකම බේස්මන්ට් එකක්වත් එපාය, ආකිටෙකචරල් ඩිසයින් එක වෙනස් නොවෙන්නත් ඕනය කියලා. ආයෙමත් කරනවාට අපිට ගෙවන බවත් කිව්වා කියන එකත් කියන්න ඕනි.......!


අපි තවත් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඉතිරි වෙලා තිබිච්ච කෙස් ටිකත් හැලෙනකන්, මූනේ තිබිච්ච රැවුල සෝල්ට් ඇන්ඩ් පෙපර් වෙනකනුත්, ඔක්කෝම ෆුල් ඔෆ්ෂන් ගානට ප්‍රෙෂර්ද, සීනිද වැඩි වෙනකනුත් කලා නේද ඩිසයින්.

අර තට්ටු පහක් යටට තිබුන සර්විසස් සහ බැගේජ් හැන්ඩ්ලින් පහසුකම්, මුල් පෙනුමත්, ගොඩනැගිල්ල සැලසුම් කරලා තිබුන ආකාරයත් ( ඒ කියන්නේ පැසෙන්ජර් ෆ්ලෝ එක ), එහෙමම තියාගෙන කොහොමද උඩට ගේන්නේ කියන එක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කරන්න පුලුවන් වෙච්ච ප්‍රැක්ටිකල්ම දේ තමයි මහා ලොකු පෙට්ටගම් දෙකක් වගේ ටර්මිනල් එකේ දෙපැත්තට ඔය කියපුවා අමුනන එක. ඇමුනුවයි කියමුකෝ, ඕමානියන්ට මාර ආකිටෙක්චරල් ටේස්ට් එකක් තියෙනවා, ඉතින් ඕක ඇපෘ කරගන්න නම් නිකම්ම නිකම් පෙට්ටගම් දාලා බෑ...

පහල පින්තුරේ තියෙන්නේ පෙට්ටගම් අමුනපු ටර්මිනල් එක. ඔය කෝච්චි පෙට්ටි වගේ දේවල් ගිහින් එකතුවෙන, කර්ව්ඩ් රූෆ් එකක් තියෙන්නේ ටර්මිනල් එකේ අරය්වල් කොන්කෝර්ස් (arival Concourse) එක කියන එකට, ඒකේ දෙපැත්තෙන් පේන පෙට්ටි ටික ගැන තමයි කිව්වේ.

Terminal with පෙට්ටගම්
මම ඔය පෙට්ටගම් දෙක ඇන්දෙව්වා, අරාබි මල් කැටයම් වලින්. හැබැයි මේ පෙට්ටගමක් තට්ටු දහයක් උසයි. ඉතින් එහෙම බිත්තියකට සරිලන අරාබි කැටයමක් තමයි මම හොයාගත්තේ. ඔය පල්ලෙහා තියෙන පින්තූරෙන් අද ඒ අරාබි කැටයම දාපු පෙට්ටගම් බිත්තිය ඇත්තටම පේන හැටි චාමි පොටෝ ගහලා එවලා තිබුනාම මට හරිම ආඩම්බරයක් ආවා.
stone detailing of පෙට්ටගම්

මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට ඉවරකරන්න ඕනෑලු. ඒකට පිංතූර දැක්කාමනම් තව ලබන අවුරුද්ද වෙනකන් චාමිට ඕමාන් ඉන්න වෙයි කියලා තමයි මටනම් හිතුනේ.





මේ තියෙන්නේ පියර් (pier) එකේ පිටතින් පෙනුම. එක පියර් එකක් මීටර් 400ක් දිගයි. ඒ නිසා පියර් එකේ අන්තිම ගේට් එකකින් ගොඩ බහින ගුවන් මගියෙක් මීටර් 400ක් ඇවිදින්න ඕනි කොන්කොර්ස් එකට එන්න. එතන ඉඳන් තවත් මීටර් 400ක් විතර යන්න ඕනි එලියට එන්න. වෝර්කලේටර්ස් (walkerlators) තියෙනවා ඇවිදීම පහසුවෙන්න.


නින්ද යනවා නේ මේවා කියවනකොට. තව එකම එක දෙයක් කියන්නම් යන්න කලියෙන්.මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?
තව ගොඩාක් විස්තර තියෙනවා පස්සේ වෙලාවක කියන්නම්.
පෝස්ට් එක බ්ලොග් රොලේ අප්ඩෙට් උනේ නෑ...ආපහු පබ්ලිෂ් කලා, රංගිගේ ඇඩ්වයිස් එක අහලා...

Friday, 16 May 2014

රට ගිහින් කරපුවා-3




ප්‍රීති වෙසක් --පින්තූරය ගත්තේ chef-architect


















රට ගිහින් කරපුවා ලියන්න ගොස් මා මාර අමාරුවක වැටී ඇති බව පෙනුනේ, මෙය කෙසේ පටන් ගත යුතුද යැයි කියා සිතන විටදියි. 

අරූ ඕමාන් ගැන විස්තර ලියයි කියා බලාසිටියේ, එවිට මට ටිකක් ලියා බේරිය හැකියයි සිතාය.

අරූ තාම බම්බලපිටියේය (සමාව දෙන්න අරූ බොස්). එනිසා ඕමාන් ගැන දැන්ම ලියන එක එච්චරම හොඳ මදි යැයි සිතේ.

රට ගිහින් කරපුවා ගැන ඩ්‍රාෆ්ට් එක කරනකොට තේරුනා, රටයන්න වුන හේතුවලින් පටන්ගන්නේ නැතුව ඉතිරියට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි බව.

ඉතින් අපි එතනින්ම පටන් ගමු....

නමසිය හැත්තෑව දශකයේ ආරම්බය දැකිය හැකි, මැදපෙරදිග ශ්‍රමික පෙරහර එක්දහස් අනූව දශකය වන විට ශ්‍රීලංකාවට ප්‍රධානම විදේශ විනිමය ගෙනදෙන අපනයනික මූලයන් වු පොල් තේ රබර් ඉක්මවා ගොස් තිබුනි.

මෙය වසර දෙදහස වන විට, රටේ උත්සන්වූ සිවිල්යුද්ධය හා බැඳි රළු ආර්ථිකය, ගෘහසේවිකාවන්ගෙන් ඔබ්බට, උසස් අධ්‍යපනයක් ලද ඉන්ජිනේරුමය කාර්‍ය්යන් සම්බන්ධ වෘතිකයන් පවා ආකර්ෂනයකර ගැන්මට හැකි තත්වයකට පත්විය.
ඒ රටේ පැවැතුන තත්වයයි...මා ඒ තත්වය සමග ඈඳුනේ කෙසේද යත්...

1986/87 කටුබැද්දෙන් වාස්තුවිද්‍යා පස්තාච්චි උපාධිය (වචනයේ අයිතිය කකා මහතා) ලැබ කරන්නට හැකි රැකියා පත්වීම හොඳම තැනකට ලැබුනත්, මගේ ඒ දවස්වල තිබුන දාන්ගලේට එතන මට ඉහලින් සිටි මගේ ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙකුට සයිස් දැම්මායයි කියන චෝදනාව මත මා රැකියාවන් එලවා දමන ලදි.

ඉන්පසු, ඒ වන විටත් තමන්ගේම කියා වාස්තුවිද්‍යා කඩසාප්පුවක් දමාගෙන සිටි, මාගේ රූමා වෙත ගොස් ඔහු යටතේ යසට වැඩ කටයුතු කරගෙන දූ පුතුන් දෙදෙනෙකුගෙ සෙනෙහබර පියානන්ලෙස ඇනෙක්ස් කෑලිවල ජීවිතය සෙමෙන් ගෙවෙමින් තිබින..

ආයෙත් හෙනයක් වැදුනේය. ඒ මාගේ දාන්ගලය නිසා නොවේ, රූමා එකක් මදිමයයි කියා තවත් පස්තාච්චි උපාධියක් ඉස්සීමට සීතල හිමෙන් අවුරුද්දේ මාස නමයක්ම වැසී පවතින ෆින්ලන්තය බලා පියඹා ගියේ, වාස්තු කඩසාප්පුව පමනක් නොවේ, එවකට අප දෙදෙනා සහ තවත් සගයින් සමග පිස්සුවෙන් මෙන් කල ඇඩ්වර්ට්යිසින් ඒජන්සිය සහ ප්‍රින්ටින් අරවා මෙවා කල තිඹිරිගස්යාය හන්දියෙ තිබු අනෙක් සාප්පුවේ රෙස්පොන්සිබිලිටිද මා අත පත් කර අහවරකරය.

ඒවකට මා අවුරුදු 30කට මෙහා, යාන්තම් පැහීගෙන එන ඔලුව කුරොලු නොවූ තරුණෙයෙක්මි. රූමාගෙ දෙමව්පියන් නොදන්නා වාස්තුවිද්යා සාප්පු වැඩ කටයුතු වලට ගසන ඇඟිලිගැසීම් නිසා කළකිරීමට පත් මා මාස හයක්වත් යන්න කලියෙන් රූමාට ලියා ඇරියේ මට මේ වෙඩිම කරන්නට බැරි බවය. රූමා මා ගැන හොඳින්ම දන්නා නිසාත් ඊටත් වඩා ඌ උගේ දෙමව්පියන් කවුරුන්යැයි හොඳාකාරවම දන්නා නිසාත්, වැඩේ අනන්නේ නැතුව කඩේ වහපන් හැබැයි ඌ ආපහු ආව දවසක ආයෙත් අරින්න පුලුවන් වෙන විදියට….. කියා මට ෆින්ලන්තයේ සිට දන්වා එව්වාය.

ඒ ලද සැහැල්ලුවෙන්, මගේම කියා පොඩි පහේ වාස්තුකඩයක් පටන් ගත්තේ තවත් හවුල් කරුවන් තුන්දෙනෙක් සමග නාවල සිට නරාහෙන්පිට පැත්තට යන පාරේ ආසිරි උයන පටුමගේය. එයද වැඩිකල් කොරගෙන යන්න නොලැබුනේ මගේ තිබුන මෝල් කමටය. බිරින්දෑ පස්තාච්චි උපාධිය කරන කල අරන් දුන් චූටි මිනිමයිනර් කට්ටත් විකුනා මා අය්යා වගේ, ඒ දවස්වල ඉස්ටයිල් එකවූ ටවුන් ඒස් වෑන් එකක් සහ තව තව අන්වශ්‍ය වියහියඳම් රාශියකට යටවී යන්න වැල් නැතුව (ඒකට ටාසන්) සිටිනා විට පත්තරයේ දුටු ඇඩ් එකක් හරහා මරදානේ හමඩ් ඒජන්සියට ගියෙත් දාන්ගලයටමය.

හමඩ් කාරයා මගෙන් රුපියල් 15,000/-ක් ගත්තේ සවුදිඅරාබියාවේ එම්බසියක් ලංකාවේ නැති නිසා, පලමුව බහරේන් ගොස් හෝටලයක හිඳවා සවුදියට යවන බවත්, හෝටල් ගාස්තු වශයෙන් එය ගෙවිය යුතු බවත් කියා මා රවටාය.

මෙය දිගවැඩිය..
මට රසවත්ව මාගල් ලියන්නද බැරිය..
එනිසා රටයන දවසේ සහ බහරේන්වලදී සිදුවූ දේ පස්සේ ලියන්නෙමි.