Monday 24 September 2018

පිලේ පැදුර...!




ඉරිතලා හඬනා පොළොවට
ඇදවැටෙන්න  මෝරන අර වැහිවලාවට
ඉඩදෙන්නටමදෝ  හැංගෙන්නේ
හිරු අද හැන්දෑවට


පාළොස්වක වඩම්මන්න මෝරන හඳට
ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ
අද අර තරුකැට

හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට
ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට
කලියෙන් පහුවෙන්නට පාළොස්වක
වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට



හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට
බොරු කියන්නේ මොකට
කොහොමත් එකයි දැන්නං මට



ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට
හිතුවනං නැවතිලා පෙර පනින්නට
හංගාගෙන හිටියා නොව මං
මහමෙරක් වන් ආලයක් තිට පුදන්නට



තාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹ
පැල පුරාම මැවෙන්නේ නුඹේ කොමල හිනාව
ගැටපිච්ච පඳුරේ මල් පිරිලා ඉනාව
තුරුල්වෙන්න එනවානේද හෙටානිද්දා නොපමාව


~~~~~~

Thursday 19 July 2018

නාඩගමේ පන්දම් පෙළපාලි නැටූ දෙවොන්දරා සන්...


යූ ටියුබ් මාධ්‍යයෙන් එළිගැන්වෙන නව යොවුන් සංගීතය අමුතු අරුමයන් ගෙන එනවා..!

පහල තියෙන්නේ තාක්ෂණය හරියාකාරව හසුරුවන්න හැකිනොහැකි කම් අපේ තරුණ සංගීතකරුවන් පෙන්නුම් කල අවස්ථා තුනක්...!

කරුණාකර හෙඩ්ෆෝන් පාවිච්චි කරමින් සවන් දෙන්න....!






පන්දම


නාඩගම




දෙවොන්දරා සං



මොනාද හිතෙන්නේ.....?

මම නං නාඩගම් ගීයට හරි ආසයි...ඇයි මන්දා....!

~~~~~!!~~~~~



Wednesday 11 July 2018

ශූන්‍ය



බෙදන්නත් බැරි
එකතු කරන්නත්
අඩු කරන්නත්
ගුනාකාර හොයන්නත්
බැරි

සමීකරණ
නියමයන්
නොදන්නා

සමාන පාද
සමකෝණ
අංශක
වර්ගපල
නොමැති

අවකලන
අනුකලන
අනන්තය
සයින් කොස්
සිග්මා
ෆයි
< >
[ ]
වරහන් නොව
සමාන ලකුනක් වත්
නොදැක්ක

ගණිත පාඩම
ඔබ....!

හා...!

ගණිත පාඩම

ඔබ...!



Wednesday 4 July 2018

අසංතෘප්ත සුරතාන්තය

Woman Sitting in a Red Armchair, Musée national Picasso, Paris



අප හමුවූයේ ඇයිදැයි
මෙලෙස
අප ලංවූයේ ඇයිදැයි
ඇසිය යුතු...

හෙට දින අප කව්දැයි
කුමක් වේදැයි
ඇසිය යුතු...

එනමුදු මේ සොඳුරු වූ මොහොත
එවන් සිතුවිල්ලෙන්
අඳුරු නොකරන්..

සොඳුරිය...

ගිලී කිමිදී මත්වෙන්නට
ඒ රසෝගයේ..

අසංතෘප්ත සුරතාන්තය
වෙත ලඟාවෙන්නට
මේ නිම් නැති රාත්‍රියේ..

මණිමේඛලාව මෑත් කරන්
ඔබැ හද ගැබේ...

හා..

ඔබ හද ගැබේ....!






Sunday 24 June 2018

මාතර මංකොල්ලය






රඹුටන් ගස් දෙක බදු දීල ගත්ත
රුපියල් හත් දාස්ම පන්සීය

ගොඩැල්ලෙන් ගලෝපු
මයියොක්කා කිලෝ තිහ
ගුනේගේ කඩේට දාල ගත්ත
එකදාස් පන්සීය

ඉනේ ගැටගහගෙන ආවේ මාතරට
ගන්නයි මේ පංචායුධේ ලොකු කොලූට

මාල වළලු පෙන්ඩන්‍ට් කබොඩ් පුරොලා තියෙනකොට
අහිංසක මගේ අතේ තියෙන පංචායුධේ මොකට

හත්මාසයයි මහත්තයෝ බඩට
ඒ නිසාවත් තියන්නෙපා
 වෙඩි මට......!







Tuesday 12 June 2018

ගම් බිත්තර





- කහ කුඩු
-  ඇන්කර් කිරිපිටි
- මිරිස්කුඩු
- විනාකිරි
- සීනි කිලෝ එකක්
- කීරිසම්බා කිලෝ එකක්...

හත්දෙයියනේ දවසෙම
පිටේ එල්ලන් පුටුපුටු මැසිම
කරපු දස සුරක්කම
නොදනීද මේ සක්කර වට්ටම

වැස්සිගේ කිරි බිව්වොත් සෙම
ඒ හින්දයි ලැයිස්තුවේ එහෙම
රතු කිකිලිගේ මස් මෙලකයි විනාකිරි දැම්මම
කීරී සම්බා ඔහේ ආසම කෑම


යෝදියේ පොලේ රතුහාල් හැටපහයි කිලෝවම
එනගමන් අඩුක්කුවෙ දාගත්තා පොල් ගෙඩියක් හොරෙන්ම
ගාගෙන ඕක හදහන් පොල්සම්බල මං ආසම
බෙරි නොකර උයලා බෙදහන් පිරෙන්න පිගානම


පොඩි එකී පස්සෙන් රතු කිකිළි නිතරම
ඔන්න ඔහේ ඉඩදීහන් රකින්න දිගටම
සති පහකින් ඕකි දාවි ආයෙත් රතු බිජුම
පැටව් ලොකු වෙලා දේවි නේ බිජු අපි ඔක්කොටම




Saturday 2 June 2018

වැරදුනා පෝය...!




වැරදුනා නේන්නං පෝය
මාසෙට දෙක ගානේ මක්කටෙයි පෝය
සිල් රෙද්ද වේලගන්නත් බැරි වැස්ස
අපෙ හාමුදුරුවනේ අදමද පෝය...?

වැරදුනා නේන්නං පෝය
උපාසක දානේ වැරදුනොත් බඩසාය
පන්සලත් යටවෙලා යනතරමට වැස්ස
අපෙ හාමුදුරුවනේ යයිද උඩහ කන්ද නාය..?

වැරදුනා නේන්නං පෝය
ගිලන්පස පූජාවටවත් තියන්නං අත
මඩකලපු සරමටත් උඩින් පිටාර
අපෙ හාමුදුරුවනේ මකර තොරණටත් ගහාවිය හෙන..?

ඉස්සරනං හීන්මැනිකේ වරද්දවන්නේ නෑ පෝය
දැන් එහෙම බෑ නොව ඒකිත් කමතේ අඩි හයක් යට
තනි මට හාංකවිසියක් නැති උනානෙව
අපෙ හාමුදුරුවනේ වැරදුනා පෝය....!




Thursday 17 May 2018

පන්නරය - 03

අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන මේ වහුතු රටට එන එකක් නෑ නෙව..ඉන්දි කියන්නේ කොත්තු ඩොත් ඔර්‍රග් එකේ නිර්මාතෘ සහ යමු ඩොට් කොම් එක හදපු කෙනා සහ මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පුත්‍ර රත්නය....මටත් ඒ ජාතියේම පුත්‍ර රත්නයක් ඉන්න නිසා ඉතිං ඉන්දිකියන් දේ තේරුම් යනවා....මොනා කරන්නද...අපේ නාකි පොලිටීෂියන්ස් ටික මැරෙනකනුයි, ටුක් ටුක් මෙන්ටලිටි එකෙන් එහා ගිය මහජනතවකුයි ( ඒ කිව්වේ ඡන්ද දායකයෝ) සෙට් එක්කුයි බිහි වෙනකන් ඉන්දිලාට ඉවසන්න බැරි කමයි, ඒක කරන්න ඉන්දිලාට වෙලාවක් නැතිකමයි නිසාවෙන් ඉතින් ඔහොමම යන් මචෝ කියලා තමා කියන්න තියෙන්නේ...!

ඕක ලියන්න නෙවෙයි මේ පටන් ගත්තේ..මාර්තු මාසෙ 20 වෙනිදා පබ්ලිෂ් කරන්න ඩ්‍රාෆ්ට් කර්පු පෝස්ට් එකක් අද එඩිට් කරලා පබ්ලිෂ් කරන්න උනේ ඇයි කියන එකට ප්‍රස්තූතයක් වගේ දෙයක් හැටියට...!


මේකයි කථාව........!


මෙය ලියා තැබිය යුතුය. කවුරුන් හෝ කියවනු ඇති. කියවා සතුටු වේවි හෝ නොසතුට පලකරාවි...

මින් පෙර දෙතුන් වතාවක් මගේ ජීවිතයෙන් සෑහෙන කාලයක් උදුරාගත් මේ දේ ගැන ලියා ඇත. එනමුදු මේ ලියන්නේ ඉතාමත් තුටු ( සමගම කැලඹුන ) හිතකින්..

මට මතකයි 2004 සැප්තැම්බර්  මාසය..ඕමාන් රාජ්‍යයේ ඉතා කුඩා (නමුත් සාර්ථක) ගෘහනිර්මාන ආයතනයක හවුල්කරුවන් වූ අප තිදෙනා, හත් දෙනෙකුන්ගෙන් සමන්විත අප කන්ඩායමට මාසයේ අන්තිම, කියන්නේ 28 වෙනිදාට වේතනයන් පුරුදු පරිදි ගෙවන්නේ කෙසේදැයි දහ අතේ කල්පනා කරමින් සිටිනාතුර තමා මජාන් ලේඩිස් ටෙක්නිකල් කොලේජ් ප්රොජෙක්ට් එකට පත්කෙරුනේ..ඉතාම අඩු ගාස්තුවකට අපි යාපෘතිය කිරීමට එකඟවුනේ ආයතනය වසා දමා ලංකාවට ඒම හැර වෙන විකල්පයක් නොමැති නිසා.

ඔක්තෝම්බර් හතරවෙනිදා ලැබුන දුරකථන ඇමතුම අප ජීවිත කෙතරම් වෙනස්කලාද...එම දුරකථන ඇමතුම ලැබුනේ ඕමාන් රාජ්‍යයේ ෆිනෑන්ස් ඇන්ඩ් නැශනල් ඉකොනොමි මිනිස්ටර්ගෙන්..නම කියනවනං හිස් එක්සලන්සි අහමඩ් අබ්දුල්මුනිම් මැකී..හැමෝම හිතුවෙ ඔහු අපේ ස්පොන්සර් කියලා..නමුත් ඔහු සැබෑ මිතුරෙක් පමනයි.

දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ, ඕමාන් ගුවන් තොටුපොලවල් දෙක (මස්කට් සහ සලලා ) පවුද්ගලික සමාගමෙන් ( BAA - British Airports Authority - now known as Heathrow Airport Holdings Ltd) නැවතත් රජයට පවරාගත් බවත්  වහාම අලුතෙන් ගුවන් තොටුපොල දෙකක සංවර්ධන කටයුතු සඳහා ගෘහනිර්මාන ශිල්පීන් ලෙස රජය සමග එකතුවෙන ලෙසත්ය.

අප ගුවන්තොටුපළ නිර්මානයේ පරිනතබැව් ලැබූ ගෘහනිර්මාන ශිල්පීන් නොවන බව ඔවුන් දැන සිටියත්, අප එතෙක් ඔවුන් වෙනුවෙන් කල නිර්මාන සහ එම යාපෘති කලමනාකරණය කල විනිවිදභාවය ඔවුන් අපකෙරේ තැබූ විශ්වාශය විය යුතුය.

වයසෙන් මුහුකුරා නොගිහින් සිටීමත්, ජන්මයෙන්ම ආ නෑ බෑ නොකියන විලාසයත් මිස, එවන් කර්තව්‍යකට අත ගැසීම සිහිකල්පනාව ඇත්තෙක් කරන්නේ නැත..හේතුව, හත් අටදෙනෙක් ගෙන් සමන්විත කණඩායමකට හිතන්නවත් බැරි දෙයක් නිසා මිස වෙන දෙයක් නොවේ...එනමුදු අපි හා කිව්වෙමු...එතැන්සිට සිහිනය දිගඇරුනි...!

හත් දෙනාගෙ කොම්පැනිය 120 දෙනෙක්ගේ කොම්පැනියක් බවට පත්කරවන්න අවුරුදු එකහමාරක් ගිය මට, මගේ රැවුලේ ඇති අන්තිම කලු කෙස්ගහ සුදුවීමත් ඇතුලු තව තව විපිරියාස වලට මුහුන දෙන්නවීම අමතක කිරීමට රෑ දවල් දෙකේ 2012 දෙසැම්බර් වෙනකන් කිරීමට අනෝමයක් වැඩ රාජකාරිත්, මුදල්, බලය, සැපපහසුව, අලුත් මිතුරන් හමුවීම, පරන මිතුරන් නැවත එකතුවීම සහ තවත් බොහෝ දෑත් ලැබුනා නොවේම නොවේ...!

ඉතින් කොටින්ම කියනවනං..මේ ලියන්න හේතුව...ඒ විඳි දුක් නිසා හටගත් හෝ පිළිසිඳගත් දේ අද හැබෑවක් වී ඇති නිසාවෙනි...අට අවුරුද්දක් තිස්සේ දෙපාරක්ම ඩිසයින් කරලා දහ දුක් කන්දරාවක් විඳගෙන අපෙන් පස්සෙ 2012 ඉඳන් 2018 වෙනකන් අපි ඩිසයින් කරපු දේවල් ඒ ආකාරයටම හදපු මස්කට් ගුවන් තොටුපොල කොමර්ෂල් ඔපරේෂන්ස් වලට විවෘත වෙන දවස උනේ 2018 මාර්තු 20 වෙනිදා....අලුතෙන් ඉදිකරපු මස්කට් ගුවන් තොටුපොලෙන් පලමුවෙනි ගුවන් යානය පිටත් වීමත් ගොඩබෑමත් සිදුවූවා... !

පරන මස්කට් ගුවන් තොටුපොලෙන් පිටත් වෙන අන්තිම ගුවන් යානය 2018 මාර්තු 20 වෙනිදා හවස 3.00ට ඉරානය බලා පිටත් වීමෙන් එම ගුවන් තොටුපොල පර්යන්ත ගොඩනැගිල්ල අනාගතයේදී මියුසියම් එකක් විමත්, 2018 මාර්තු 20 වෙනිදා සවස 6.00 පමන අප විසින් නිර්මානය කොට ඉදිකෙරුන නව පර්යන්ථ ගොඩනැගිල්ලෙන් සහ ධාවන පතය ආධාරයෙන් සවුදි අරාබියේ සිට පැමිනෙන ගුවන් යානය ඕමාන් රාජ්‍යයට නවතම අර්ථයක් දුන්නා නිසැකැයි...!

ජීවිතය පන්නරය ලබාදෙන්නේ මහා ව්‍යාකූල අනදමට කියල තේරුනේ මාර්තු 19 වෙනිදා උදේ ආපු තවත් දුරකථන ඇමතුමකින්....එදාට දින හතරකට පෙර, 2018 ජූලි 23 වෙනිදා පැවැත්වෙන සෙරමෝනියල් ඕපනින් එකට යන ආකාරය දුරකථනයෙන් මා සමග සැලසුම් කල, ඉහත විස්තර කල ගුවන් තොටුපොලවල් දෙකේ මූලික නිර්මාතෘ, ප්‍රධාන ගෘහ නිර්මානි ශිල්පී, මා මිතුරු ඕලේ බ්‍රොගාර්ඩ් ලාසන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ වැලපෙමින් දුන් ඒ දුරකථන ඇමතුම කල සලිත වීම තවමත් මගෙන් දුරස් වී නැත...ඕපනින් එකට දවසක් තියලා මේ මනුස්සයා ගියානේ කියන එක නම් පුදුමාකරයි...!



ලිව්වා ඇති..ඉතිරිය කමෙන්ට් ආවොත් එහෙමයි කියලා හිතාගෙන පහල පින්තූරු ටික දාන්නං....! ]

මීට කලින් එලියෙන් පේන විදියේ පින්තුර දාලා තියෙන නිසා මේවා ඇතුලෙන් පර්යන්ත ගොඩනැගිල්ල විස්තර කරන පින්තූර බව කරුනාවෙන සලකන්න...!



transit hub

transit area



transit area



airline lounges



arrival lounge

transit hub



baggage claim area




transit desks




pier interior-arrival




pier from a contact bridge





north pier from apron




business class lounge

 Muscat Airport



Salalah Airport 


Muscat Pier


We will meet again when you least expect it...
One Day some far of place I will recognize your face...
I will not say good bye my friend...we will meet again ! 



REST IN PEACE MR. OLE B LARSEN






Tuesday 15 May 2018

Beach Boy





සිතමි
සිතුවෙමි

බලමි
බැලුවෙමි

දකිමි
දැක්කෙමි

පතමි
පැතුවෙමි

සිතමි
සිතුවෙමි

බලමි 
බැලුවෙමි

කරමි
කෙරුවෙමි

විඳමි
වින්දෙමි

හෙටක් නැති මට
අදක් කුමකට...?






Saturday 12 May 2018

ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!




අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!

අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට හොඳ මස් හොද්දක් එක්ක බත් ගිලින්න පුලුවන් වෙන නිසා..තාත්තාගේ වම් අතේ ඇඟට තද කරගෙන තඩි බ්‍රවුන් පේපර් බෑග් එකක් පුරෝලා එලොලු එක්ක හැංගිලා හබරල කොලේ ඔතලා තියෙන මස්කුට්ටිය ඩෝප් මරගාතේම එයාම කපලා අම්ම දාලා දෙන තුන පහ බස බස ගාල අතගාලා දුන්නම අම්මා උයන මස් හොද්ද දිව්‍ය රහයි...ඔය මස් කුට්ටිය කිව්වට ඒකේ බ්‍රේස් කටු (තාත්තා එහෙම කිව්වට ඒවා රිබ්ස්) පීකුදු පොඩ්ඩක් එහෙමත් තියෙනවා ඉතිං...! ඒ කාලේ ඉව්වෙ දර ලිපේ..මැටි හට්ටියේ...!

ඔහොම කාල බීලා හැදිච්ච අපිට කෙලෙව්වානේ මේ තලේබාන් බුධු පැටව්..ඔය අනූව දශකයේ ටියුශන් මාස්ටර්ලා ටිකක් පෙව්වා ලමයින්ගෙ ඔලුවලට ඊෂ්වර විංශතියද මොකක්ද අට මගුලක්, ඉතින් කොල්ලො කෙල්ලො මස් නොකා ඉන්න පටන් ගත්තනේ...සිංහලෙන් මස් කියන්නේ හරක් මස් වලට..චිකන් කියන්නේ වෙජිටබල් වගේ එකක්, හාල් මැස්සො ඉස්සො එහෙම නිකන් මුකුනුවැන්න වගේ උන්ට...අනූව දශකයේ ටියුෂන් ගිය අය නොව අද ඉතිං රජ කරන්නේ..නැද්ද..?

මටනං ලෝකේ කොහේ රවුං ගහලා ආවත් මොන ජාතියේ නානාප්‍රකාර කෑම ජාති අනුභව කලත්, හරක් මස් ටිකක් උයාගෙන කනකන් ඉස්පාසුවක් නෑ..ඒ හැටි සහ පුරුද්ද....! තම්බි එක්ක තියෙන ආරෝවට පෝක් කන සිංහලයෙක් නං නෙවෙයි ඕන් මං නං....! ඒ උනාට පෝක් කනව ඉඳලා හිටලා..!

කොහොමෙන් කොහොමහරි මම හරක් මස් හදන්නේ නං අපේ අම්ම හදපු විදියටමයි...ඒ උනාට හරිහමන් මස් කිලෝ එකක් හොයාගන්න එකත් එකතරා විදියක ශාස්ත්‍රයක් වෙලා දැන්...රාජගිරියේ නං ඔබේසේකරපුර පාරේ මැද හරිය තියෙන මස් කඩේ, හැබැයි අර පොල්ගස්මුල්ල හංදියේ තියෙන මස් කඩේ නං නෝ ගුඩ්....තලවතුගොඩ ඉසුරුපාය ගාව තිබ්බ මස් කඩේ ගිය සුමානේ ඉඳන් කොහේ ගියාද නෑ..පන්නිපිටියේ මාකුඹර හංදියට කලියෙන් මහරගම පැත්තට වෙන්න තියෙන මස් කඩෙ ෂෝයි...!

තව කේස් එකක් තියෙනව, ඔය කොළඹ තියෙන මම ඔය උඩින් කිව්ව මස් කඩ බොහෝමයක් මුස්ලිම් එව්වා, ඉතිං හලාල් සීන් එකට තමා අපිට මස් හම්බෙන්නේ..ඒ උනාට වත්තලින් එහා, රාගම, කඳාන, ජාඇල, සීදූව, ලියනගෙමුල්ල, මීගමුව, කොච්චිකඩේ වගේ පැති වල තියෙන්නේ ක්‍රිස්තියානි මස් කඩ..එව්වගේ මස් වල රහ වෙනස් ඉතින් ෂෝක් විදියට...!

ඊයේ මාතර බතූතා පාරේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ගිහින් ගංජා ගන්නව වගේ බෝම අමාරුවෙන් මස් කිලෝ එකක් හොයාගත්ත...! නැත්තං ඉතින් තංගල්ලේ බස්ටෑන්ඩ් එක ගාව මස් කඩේට යන්න ඕනී..දික්වැල්ලේ වීදියේ යෝනකපුරේ මොහොමඩ්ගේ චිකන් කඩෙනුත් මම ගියාම පොඩ්ඩක් ඉන්නය කියලා මස් කිලෝ එකක් ගෙනත් දෙනව ඉතිං...!

රත්නපුරේ නං මාර්කට් එකේ කෙරෝලේ මාලු කඩේට අල්ලපු මස් කඩේ හොඳයි..අනික් කෙලවරේ මස් කඩේට ගියාම..ආ අප්පෝ ..කියලා එහෙන් මෙහෙන් වහලා අමුනපු මස් ටිකක් ඔතලා දෙනව..!

ඇති දැං අරහේ මෙහෙ ගියා...මේ ලියන්න හිතුවෙ අපේ අම්මගේ මස් හොද්ද මම හදන විදිය..අම්මා හැදුවෙත් මෙහෙමමයි, අම්මා අද ගියත් (ගියොත්) හදල දෙන්නෙත් මෙහෙමයි....!

එකක් මතක තියාගන්න, හැමෝටම මස් කඩේකින් නියමාකාරයට මස් ලබා ගන්න බැරි බව..හරිහමන් මස් ටිකක් ගන්න සෑහෙන කාලයක් මස් කඩ මුදලාලි සමග සම්බන්ධකං පවත්තන්න ඕනි..මම කෙටි ක්‍රමයක් හොයාගත්තා, හැබැයි ඒ ක්‍රමේ ටිකාක් වෙන්න එක්ස්පෙන්සිව්..කන බොන වෙලාවට කව්ද ඔව්වා බලන්නේ...!

මෙහෙමයි...!

මට මස් කිලෝ එකක් නම් ඕනි මම කියන්නේ මට මස් කිලෝ දෙකක් දෙන්න කියලා..ඉතිං නාන්නාදුනන මස් මුදලාලි දන්න ජාති දාලා අරහෙන් මෙහෙන් කපලා මස් කිලෝ දෙකක් දෙනවා...කපන කොට මම නෙවෙයි කියන්නෙ ඔය කෑල්ල එපා අර කෑල්ලෙන් දාන්න, තෙල් කෑලි දාන්න එපා වගේ ඕනේ නැති කථා...මුදලාලි අහනවා කටු ඕනිද කියලා..අන්න එතකොට කියන්න ඕනි මට රිබ්ස් වලින් රුපියල් දෙසීයක විතර දෙන්න කියලා..එතකොට මුදලාලි පොඩි හිනාවක් දානවා...සමහර විට ටික දවසක් යාවි ඒ හිනාව දැකගන්න.. ඒ හිනාව ආව දවසෙ ඉඳන් ඔබට හොඳ මස් ලැබේවි...කිලෝ දෙක ගෙදර ගෙනත් අනවශ්‍ය දේවල් අයින් කලාම මස් කිලෝ එකක් හරි ඊට ටිකාක් වැඩියෙන් හරි උයන්න ගන්න පුලුවන්...!

උයන්න ඉස්සරවෙලා පොඩි වැඩ ටිකක් තියෙනව කරන්න.!

මස් අරන් ගෙදර ආව ගමන් රතුලූනු ගෙඩි හයක් හතක්, සුදුලූණු බික් හතරක්, අමු මිරිස් කරල් හයක්, සේර ගහක්, රම්පා ඉත්තක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක්, කරපිංචා ඉති දෙකක්, දෙහි ගෙඩි තුනක්, ලොකු අර්තාපල් අලයක්, වතුර තියෙන භාජනයකට දාන්න...ඒ පෙඟෙන්න,දෙහි පෙඟෙන්න ඕනි නෑ, ඒ උනාට දාන්නකෝ....!

ඊලඟට මස් ටික කටු වෙනමයි මස්වෙනමයි අරන් ලොකු කෑල්ල පිටින් හෝදන්න..කටු වෙනම හොඳට හෝදලා උයන භාජනයට දාන්න..ඊටපස්සෙ මස් ටික කපන්න...කපනකොට එකම හැඩේට නොහිටින්න එක එක හැඩ වලට හැබැයි හතරැස් කියුබ්ස් වගේ නොහිටින්න, පිරමිඩ් වගේ හැඩේ හිටින්න කපන්න බලන්න...එහෙම තමයි... කරන ඕන මගුලක් ආදරෙන් ආසවෙන් කරන්න ඕනි හරිය...කපලා ඉවර උන මස් ටික තව එක පාරක් හොඳට හෝදලා අර කටු ටික දාපු මස් උයන භාජනේටම දාන්න..මම නම් පාවිච්චි කරන්නේ මැටි හට්ටි..පුරුද්ද...!!

දැන් අර වතුරට දාපු රතුලූනු, සුදුලූනු, අලගෙඩිය එහෙම සුද්ද කරල අරගෙන අලගෙඩිය අටකට කපලා, ලූනු ලියලා, සුදු ලූනූ, ඉඟුරු, සේර, කරපින්චා රම්පේ ඔක්කොම කපලා මස් වලට එකතු කරන්න...ඒකටම අඟලක විතර කුරුඳු කෑල්ලක් අතින් පොඩි කරලා දාන්න, උලුහාල් තේ හැන්දකින් භාගයක්, එනසල් ඇට තුනක්, කරාබු නැට්ටක්, අබ කුඩු තේ හැඳි බාගයක්, කහ කුඩු තේහැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ ලුනු තේ හැඳි දෙකක් එකතු කරන්න...ඊට පස්සේ අර දෙහි ගෙඩි තුන කපලා, මස් එක උඩට මිරිකලා හොඳින් අනාගන්න...!

අනපු මස් භාජනේ පැත්තකින් තියලා, පොඩි සාස්පානක් ලිපේ තියලා කොත්තමල්ලි මේස හැන්දක් දාලා පුච්චගන්නේ නැතුව බැදගන්න..!

ඊට පස්සේ සූදුරු තේ හැන්දකුයි මාදුරු ඇට දහයක් විතරයි ,ගම්මිරිස් ඇට දහයක්, කරපිංචා කොල දෙකතුනක් හීනියට කඩලා ඒ වගේම බැදගන්න...ඒ බැදගත්ත දේවල් ගර්යින්ඩර් එකට දාන්න, මිරිස් කුඩු මේස හැඳි හතරක් අර සාස්පානෙම පුච්චගන්නේ නැතුව බැදගෙන ඒවත් ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් අඹරගෙන මස් වලට එකතු කරගන්න, ඊට පස්සෙ බැදපු නැති මිරිස් තේ හැන්දකුත් මස් එකට එකතු කරලා,  අපේ තාත්තා අනනවා වගේ හොඳට අනලා පැත්තකින් අරන් තියන්න..!

දැන් හොඳ ලොකු පොල් ගෙඩියක් අරන් කාට හරි කියලා ගා ගන්න....:)..මොනා කලත් මට පොල් නං ගාන්න බැරිය...දැන් ගාපු පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන, මිටි කිරියි දිය කිරියි හදාගෙන කිරි ජාති දෙකම එක පාරට මස් භාජනේට එකතු කරලා හොඳට හැඳිගාලා ලිපේ තියන්න....!

ඉස්සරවෙලා විනාඩි දහයක් විතර වැඩි ගින්නේ ඉදෙන්න ඇරලා, බොස බොස ගාලා හොද්ද පැහීගෙන එනකොට මද ගින්නට අඩු කරලා තව විනාඩි වීස්සක් විතර ඉදෙන්න අරින්න..ඊට පස්සේ හොඳටම ගින්දර අඩු කරලා තෙල් පෑදිලා හොද්ද බොර වෙනකන් තියලා බාගන්න...!

ඔය මස් හොද්ද බත් එක්කත්, රොටී එක්කත්, පාන් එක්කත් කන්න ඇහැකි..අද රෑ උයපු මස් හොද්ද හෙට දවල්ට තමා ඉතින් රහම....!

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඔය කියපු විදියට මස් හොද්ද හදලා කැමට දුන්නම අපේ බ්ලොග් මස්තාන්, අටම් අයියා කියපි,  ටල් අම්මගේ මස් හොද්ද කෑවාට පස්සෙ මස් හොද්දක් කෑවෙ අද අයියේ කියලා...!

ඉතින් කව්ද මේ ටල් අම්මා.....!

අටමා කියන්නේ මෙන්න මෙහෙම....!

ඕක  මතක  නැද්ද හත් දෙයියනේ  , ටල්  අම්මා ගුනරත්න ගොයියගේ  අඹුව  , සීකුදුමරික්කාර්ගේ   ගෝලයගේ  ගෑණී  ,   සීකුදු මරික්කාර්  ජේ ආර්ගේ    බාප්පගේ පුතා  ,  ඌගේ  හොදම  ගෝලයගේ   ලොකු  කෙල්ල  අපේ  අම්මාඅපේ  අම්මගේ  .........  තාත්ත  ගූණරත්න බාසුන්නැහේ  ,..  එයාගේ  පවුල  පියසීලි   හාමිනේ  ........ එ් ඇවිල්ලා  කේ  , වී  රත්නපාලගේ  ගෑණිගේ  අම්මා  , කේවී රත්න පාලගේ ගෑණි  තමයි  චන්දාවති  ...... අන්න  එයාගේ  අම්මා ගේ  බාල මල්ලි  .......  ටල්ලා  ........  ටල්ලගේ  අම්මා ......... තමයි .............  අපිට  ......... ටල්අම්මා උනේ.....!

ජයවේවා....!

ප.ලි. 
අත්ගුනේ කියල දේකුත් තියෙනවනෙ..ඒක පුරුද්දෙන් එන දෙයක්..ඉතිං ඔය තේ හැඳි  මේස හැඳි වගේ ප්‍රමාන දාන එක මැනැලා කිරලා කරනකොට එන රහයි, අතේ පුරුද්දට වැටෙන ප්‍රමානයි අනුව ටල් අම්මගේ සහ අපේ අම්මගේ මස් හොද්දේ රහට කිට්ටුවෙන එක හරි ඈත්වෙන එක හරි වේවී...!
ආ...තව දෙයක් අර බ්ලොග් පත්තරයක් කරන මාතලන් එහෙම කෑමට එනව නං ලුණු වැඩියෙන් දාන්න...එයා හම්බන්තොට ලේවාය ගාව ගොඩාක් කල් ඉඳලා තියෙන්නේ..!

Friday 11 May 2018

හ-බාර්-ල





බාර් කවුන්ටරයේ හිතවත
නවන්න තව පනහක්
එපා...සෝඩා එපා...
හා..දෙකක් දාන්න අයිස් කැට


අල්ලපු ස්ටූල් එකේ හිතවතිය
නොදෙන්නේ ඇයි තව බැල්මක්
එපා...යන්න එපා..
හා...ගිහින් එන්න එහෙනං හෙටත්




Wednesday 2 May 2018

සාමණේර





අදිනකඩේ ගැටගහගෙන
පහලවෙලේ ඇල අද්දර
බටකූඩෙත් කරේ තියන්
චූටි සාධු කොහියන්නෙද
ඉරබහිනා මේ හැන්දෑවේ...!

කියන්නේම නෑ මංනං
දන්ඩි පැටව් බුලත්හපයෝ
ආවාසේ කොනක චූටි බෝතලේ
ලොකුසාධුට හොරෙන් හොරෙන්
දඟකල බැව් ඊයේ හවහා..!

Saturday 21 April 2018

තනිකමේ හංසගීතය


Pierre Bonnard




සදාකාලිකයැයි සිතූ
මා වටකොට හැමූ
තනිකම් කුනාටුවේ
හංස ගීතය
ලියැවුන
ඔබැ'තින්
වස්කවියක් ලියැවුන
අපූරුව....!

ඔබ බෝ පැලයක්...
ඔබ පත්තිනි...!




Tuesday 10 April 2018

සකුන්තලා






හෙට
නෑ
අනිද්දාවත්....

මං හිටියත්
නැතත්
එන්න..

මං නැතත්
මේ රෝස ඉත්ත
පර නොවේවි
ඔබ වෙනුවෙන්...

Sunday 18 March 2018

පෙළ - කූඹියෝ










පායනා කාලෙදී
එකමුතුව
කඹුරමු ....එකාසේ පෙළ ගැසී
බිත්තියෙන් වෙන්වී
අප පෙළගස්සවනා උන්වෙනුවෙන්ම...


වස්සානයේදී
ඒ අප පෙළගැස්සවූ උන් විඳින්නාවූ
සැප කන්දරාව දැක
එකමුතුව එකාසේ පෙළගැසී
කරමු විප්ලව උන් හා කිපී
එනතුරා නැවතත්
පායනා කාලය....!


Friday 16 March 2018

යශෝධරා වැලපේ නම්....!




ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලී
මේ තනි හිතට සීතල දැන් බෝම වැඩී
වෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදී
ඇවිලෙන්නට නුඹ  උන්නානම් බෝම වටී

කාලය එක්ක පොරබැඳ හති වැටෙනකොට
පාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොට
රාවය නැගෙන පෙම් ගී ළය නිවනකොට
හීතල මතක  ඇවිදින් හිත ඉඹිනකොට

හීන් සිරුවට වෙලි වෙලි  දැවටීලා
පපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලා
බුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලා
ඉන්නට එනවාද රහසෙම සැඟවීලා

ගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්ව
වැද වැද සිහිල් සුළඟට අළු අහුරක්ව
අවරට ගියත් රෑ සැන්දෑ අහසක්ව
ප්‍රේමය පරනොවන අසෙනිය කුසුමක්ය



මසිත කියවූ ඇය එසැන්නි ලියූ කවක්.......

Thursday 8 February 2018

ගිලිහුන මලක - සුවඳ



artwork by D B Clemons









පසූවුන හෝරා හතලිහ මුලුල්ලේ මා
ඔබ කම්මුල්....වල ගැසුන ඒ කම්මුල්..
රෝසපාටදැයි නොදැනෙනා දඟකාර ඔබැ දෙතොල්..
සිය දහස් වාරයක් සිපගත්තා සේමැ...
තවමත් සිපගන්නෙමි...

සංතර්පනය නොවූ විහඟකු සේ..
සංවේදී මා නාස් පුඩු සොයනුයේ...
ඔබැ සුවඳමැය...

පිපිදෙමින් සිටි..
එහෙත්...
විහින් ගිලිහුන මලකින් කෙසේ පතම්ද...
සුවඳ...
එමල සේපාලිකා මලක් නොවන්නේම නම්.....!

Friday 26 January 2018

අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!




නෙලුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?
මාතලන්ගෙ ජෙප්පොට ගමකෑමට අරාධනා කොරන කැම්පෙන් එකේ අලුත්ම සටන්පාඨය ඒ...!

ඉලංගකෝන් විවාදයකට අවස්තාවක් අරන් දෙනවා ඒ අස්සේ මෙහෙම..ඇත්තෙන්ම නෙලුම් කුලුනෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රථිලාභ මොනවාද...?

මාතලන් කියන්නේ ජෙප්පොන්ගෙ ටිල්වින් එහෙම කියන නිසාම අපි උන්ට ගම දෙමු කියලා කන්ට..හා කියමුකෝ...!

ඇයි උන් අපෙන් මෙහෙම අහන්නේ...අපේ තියෙන චුට්ටං මිලේච්චකම එලියට ගන්නවද්ද...?
ඉලංගකෝන්ලා මාතලන්ලා ටිල්වින්ලා එකතු වෙලා අපිව අන්දනව වද්ද..?

හිතල බලමු..අපි කරන කියන හැමදෙයින්ම ලාභ ප්‍රයෝජන තියෙන්න ඕනිමද...ඇත්තටම තියෙනවද...?
ඇති සමහරවිට....!

ලංකාව රටක් හැටියට මේ මුතුඇටෙන් එහා තියෙන රටවල්වල අය කොහොමද දන්නේ ඇත්තටම..සිලෝන් ටී, බ්ලූ සැපයර්, ටී කන්ට්‍රි, ලස්සන වෙරල, ඇඩම්ස්පීක්, සීගිරියේ බිතුසිතුවම්, නුවර අසිරිය, ගාලු කොටුව ඇයි එතකොට හවුස්මේඩ්ස්, යුද්ධේ, හියුමන් රයිට් වයලේෂන්ස්, විදුලි පුටුව.....!

එව්ව මදි උනා රාජපස්සලාට....දහ අතේ ණය වෙලා අපි මිඩ්ල් ඉන්කම් කන්ට්‍රි එකක් හැටියට  ලෝකෙට පෙන්නුවා...අර අපි වෙඩින්ස් ගන්න සිස්ටම් එක කොපි කරලා එහෙම කරන්න ඇත්තේ... !

ලපයා කිව්ව වගේ හැදුවා හයිවේ මීකිරි ගේන්න හම්බන්තොටින් (තාමත් හදනවා මිස්ටර් බීන්..ඒ උනාට ගිරාමේ දන්නේ උන් ගිහින් බාගෙට හදපුවා විවෘත කරනකොට හිටං..මේ ලඟදි දොහක රාජගිරියේ කොලා වගේ...)..ඒත් මදි උනා රාජපස්සලාට...අයිකොනික් ටවර් එකක් අපි හදමුද බොස් කියලා අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකක් අරන් ආවා කොමිස් කාක්කෙක්...උගුර බැරෑන්ඩි ඇරලා පොර හා අපේ හාමුදුරුවනේ කියලා කිව්වා......!

අටවෙනිදා ගෙදර යනකොට ගෙනියන්න අමතක වෙච්ච තවත් කුළුණක් උනා ඉතිං ඒ අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකෙන් පටන් ගත්ත ඔය මඩෙ හිටෝපු ඉන්න...!

කෙලපු කෙප්ප අපිට අමතකවෙනකන් මිස්ටර් බීන් අවුරුදු දෙකක් නිවාඩු දුන්නා අට වෙනිදා ගෙදර යනකොට අරන් යන්න අමතක වෙච්ච කුලුනු, හයිවේ, රේල්පාර්වල්, එල් ආර් ටී, පෝර්ට් සිටි අරවා මෙව්වා ඔක්කොටම...හෙමින් හෙමින් පෝර්ට් සිටියේ වැලි පුරෝගෙන එනකොට එව්වයේ නිවාඩු කැන්සොල් කලා..කමක් නෑ ලු...! 

අලුත් ආර්ථිකේලු.....සෙද්ද...!

ලෝකේ මිඩ්ල් ඉන්කම් වලින් උඩට ගිය නගර ටිකක තියෙන අයිකොනික් අයිටොම් ටිකක් ඕන් පල්ලෙහා තියෙනවා....ගෙටී ඉමේජස් වලින් බාගත්තේ....අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...පැනලා මැරෙන්න හරි..මොකෝ ආයෙත් මංගලගේ මාතර මහානාම බොරු කේබල් බ්‍රිජ් එකෙන් පනින්නයැ....!

The Gate Way Arch- St Louis, Missouri, USA

Space Needle-Seattle, USA

The Lotus Temple-New Delhi, India

One World Centre-New York City, USA

Eiffel Tower-Paris, France


Taj Mahal-India

Musée du Louvre - Paris, France



A Father Starts a Protest at Matara Mahanama Bridge
අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!