මා බඹරිඳු හරින ගිමන්
නටුවට වී ඔබ මල
නටුවට වී ඔබ මල
රඟනා රිසිසේ පිනවන දෙනුවන්
පියඹන අත්තටු ලද සමනළ රෑන
මල හා කරනා ඉඟි බිඟි
ඇස් කොනකින් බලා
සුසුම් හෙලනා
මා බඹරිඳු හරින ගිමන්
මල ඉරටත් හොරෙන්
අඩවන් දෑසින් කරනා ඉඟි බිඟි
ඉවසන
මා බඹරිඳු හරින ගිමන්....!
පියඹන අත්තටු ලද සමනළ රෑන
මල හා කරනා ඉඟි බිඟි
ඇස් කොනකින් බලා
සුසුම් හෙලනා
මා බඹරිඳු හරින ගිමන්
මල ඉරටත් හොරෙන්
අඩවන් දෑසින් කරනා ඉඟි බිඟි
ඉවසන
මා බඹරිඳු හරින ගිමන්....!
ගිමන් හැර හැර ඉඳියොත් සොරි වෙයි
ReplyDeleteසමනලයින් කරයි
කරන්න ඕන දේ.
සමනලුන්ට ගිය රටනේ P....!
Delete🤣
වෙනින් කුසුම්වලින් අරං
ReplyDeleteහොරෙන්ම රොන් - කුස පුරවන්
ඇවිදින් මෙහි හරින ගිමන්
ඔබට මොටද තව-තව රොන්?
රොන් ගන්නට නොව
Deleteඔබැ රුව දැක නැවතුන
බඹරිඳු මා හරින ගිමන්...!
පැසසුම් වාගේම අවමන්
Deleteලැබුණත් නොකරමි තැකුමන්
දිනකදී නැතිනම් දෙකකින්
මිලිනව යයි මගෙ රුව නම්!
අනාතයි....!
Delete😍
දෙබරිඳු?
ReplyDeleteනෑ..දෙබරා....!
Deleteමට කවි බෑ
ReplyDeleteඒ හින්දා
කියවලා යනවා
(කොහොමද ඒක?)
ඔය තියෙන්නේ නියම කවි....!
Delete(අපිටත් බැරි නිසා තමා මෙව්වා ලියන්නේ..කෝමද ඒක..?)🤣
මා බඹරිදු..
ReplyDeleteගිමන් හරින
ගමන් අරින..
මා බඹරිඳු.. :))))
ගමන් අරින සරුංගල්...ලෙස එඩිට් වියයුතුයි.....!
Delete🤣🤣🤣🤣🤣
මලට මෙහෙම හිතෙන්නත් බැරි නෑනේ..
ReplyDeleteදුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන
මඟහරිමි මඟහරිමි
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමා වී
නුඹට මුඳු සුව ගේන
සඳවතීට ඇස් කේස් එකක් තියෙන බව ලියන කවි වලින් මට තේරුම් ගිහින් තිබුනේ...ඇත්තටම මොකද ඇස් දෙකකට විතරක් ආදරේ, හරි නම් ෆුල් පැකේජ් එකටම නේද ආදරේ වෙන්න ඕනි ඈ....😀
Deleteඒ ඇස් තමා කේස්.... හි හී... මට නෑ කන්නාඩි කේස්වත්
Delete