Tuesday 21 November 2017

මොනෝක්‍රෝම්



Photo credit SSDS













වර්ණයෙන් අන්ධ
මොනෝක්‍රෝම් ජීවියෙකුට
නොපෙනනා ඒ මිරිඟුව තෙක්
දේවදාර රුක් අතරේ
රතුකුඩයට මුවාවී
යන්න...
යන්න...

Saturday 11 November 2017

ලතා - ඈ ලියූ කව - 4







ලතාවක්ව එතෙමි
වෙලෙමි
සියුම් සිප ගැනුමක්
කෙලවර
ඉසියුම් ප්‍රහර්ශයට
ඉඩදෙමි
එකී හිරිවැටුමෙන්ම
නැවතත් එතෙමි 
වෙලෙමි !





Thursday 2 November 2017

වැල් - ගැට



එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම

ගලවමි
ලිහමි
විසඳමි
අවුලක් නොවෙන්නම

යලිත්

එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම
:)