Thursday 6 January 2022

Dreamer....!

 


අහස කළු කලාට
සුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොව

හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු
මට පෙන්නුවේ සුළඟද අහසද

තරු සහ මා අතර මැදින්
ආ කළු වලාවන්
ඈතට ගෙන ගොස්
හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල්
මට පෙන්නන්න හිතුනේ
හුලඟට මොනා හිතලාද

නොපෙනුත් ඈතක සිටියත්
මා තරු අතර බැව්
හුළගට හොරෙන් හොරෙන්
කියන්නත් හිතෙනව මට