අමරා ප්‍රේමා ශාන්ති
සමග
වීරකැටියේ අක්කා
දනේශ් සමග පියංගිකා
ඉනිමං තිය තිය
පෝර උර එල්ලාන
කඩමු අපි ගම්මිරිස්
වීදියේ කඩෙන් ගෙනා
දොලහේ පාලහේ ටෙන්ට් රෙද්දට
බිච්චිය අල්ලන්
විලුඹ පැලුනු කෙසඟ කකුල්
එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්
ඇටේ ඇටේ ගොඩ ගහන්
වැහි ඇඳුරට ඔච්චං කරනා
ඉලංදාරී හැඟුමෙන්
වේලමු ගම්මිරිස්
කිරින්දේ තොග මුදලාලිට
කිලෝව එක්දාස් එකසීයට
මහත්තයා දුන්නට
අමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාට
දනේශ් පියංගිකාට
දවසටම කුලිය
හයසියයි උනකොට
හංදියේ දොස්තර මහත්තයා
සයිටම්ද නැත්තං මහත්තයාගේ
ලොකු බේබී වගේ ඒරොප්පෙන්ද
දොස්තර විභාගේ කොලේ කියනෙක
කොන්දේ අමාරුවට
මොනා හරි පෙත්තක් බාම් එකක්
දෙනවනං
මොකටෙයි බං අපිට....!!!



