Wednesday 29 June 2016

සුදු පිච්ච මල නුඹ නාඩන්





හතර හමාරේ කනිසමට
දින පහක් සතියකට
උදේට එයා ආස පාන් එක්ක හොද්දකට
පාට පාට පාන් පෙති දෝනිට
මහන්සි නොබලා හැදූ මට

කලු කලිසමට ගැලපෙන කමීසෙට
ටයි පටියට සරිලන මේස් යුගලෙට
සුමානෙ දවස් පහකට
මැද්දේ මම ඇදුම ඔබේ අගේට

දෝනිගේ ඉස්කෝලෙට
එයාගේ ඔෆිස් එකට
එයාගේ අම්මගේ ක්ලිනික් දවසට
මට අකැප .කැබ්, ප්‍රිමියෝ තිබ්බට

යුනියෙදි කෝස් වර්ක් වලට
ට්‍රේනින් එකේදි රිපොර්ට්ස් වලට
අලුත් රස්සාවෙ ප්‍රොජෙක්ට්ස් වලට
එයාට අඩු ඉන්ගිරිසි හැදූ මට

ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ
අට අවුරුදු කැපකිරීම් එයාට තේරෙන්නේ නෑ
මම ආදරේ විඳින්න දන්නේ නෑ
ඒ නිසාම අත අරින්නේ නෑ.....

මා ඔබේ හතුරියක් නොව
සහකාරිය ලෙස සැලකුව මැන
ඔබගේ ලෙයින් මා මෙලොවට
බිහිකල ඒ සුදු පිච්ච මල වෙනුවෙන්වත්....!.





Saturday 25 June 2016

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...

මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..

අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය.. 

අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..

අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...

අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...

ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!

ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...


මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..!  සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි. 

එයා කෙකි කාරයෙකි....!

සේන අයියා


කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.

මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...

රංජිත්

අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතර‍යි නේදය කියලා හිතෙන නිසාය.

ලීඩ්පාර්ට්නර්

ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්


පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!

මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..

කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!

සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය. 

උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය. 

කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...

පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කෙක්ක උඩ පොල් පිහිය
පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...!

කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..

හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..

සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!

ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?

ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...

බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!

නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!

කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..

හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!




Wednesday 22 June 2016

වගාව

වගාවන් වර්ග බොහෝය..පාරම්පරික, අපනයන බෝග වගේම ගෙවතු වගාවන් සහ තව තවත් වගාවන් මෙයට අයත් වේ. 



අපේ ආතා, ඒ කිව්වේ සීයා පාරම්පරික වී සහ අතුරු බෝග වගා කල ගොවියෙකි.අතුරු බෝග ගනයට වැඩුනේ කෑමට ගැනිමට ඉන්දවූ බුලත් කොරටුවත් මෑ, නිවිති, මුකුනුවැන්න, වම්බටු සහ අමුමිරිස් (අවුමිරිස්=අම්මිරිස්) යනාදී ආච්චී විසින් රොත්ත බුරුත්තක් වූ අප හට උයා පිහා දුන්න ගොඩ එළවලු වලින් පිරි කොටුවේ තිබු බව බෝගයන්ය. හොන්ඩර බතල කියා ඉතා රසවත් බතල ජාතියකුත් කොටුවෙන් හාරගෙන ඇවිත් ආච්චී උදේට තම්බලා කොච්චි සම්බෝලයක් අඹරා පොල් උලුප්පා කන්න දුන්න නිසා ඒකත් වගාවක්ය.

සබරගමුවෙ කොටුව කියන්නේ ගොඩැල්ලේ නැත්නම් කමතේ වටපිටින් පිහිටි එළවලු වවන ගොවිබිමටයි.

මීටාමතරව වෙලේ නියරේ වැවෙන තද කොළ පැහැ මුකුනුවැන්නත්, සබර වත්තේ ඇති ගොටුකොළත් වැව්වේ නැතත් වගාවන් විය, අප ඒවා නෙලාගෙන කෑ බී නිසා..බී කිව්වේ කැඳ සාදා බිව් නිසාය.අලකොල, කඩාගන්නේ ඇල අයින දිගේ තියෙන මඩ බෑවුමේ හැදෙන හබරල ගාලෙනි. කිරිහැන්ද, කිරිඇඹිලිය, තෝර කොල වගේ ඒවා කඩා ගන්නේද දං කැලේ කුඹුරු ලඟට වෙන්න තිබූ හිස් ඉඩම් වලිනි...ඉතින් ඒවාත් වගා බිම් සේම වගාවන්ය.

ගමේ නම කොස්පැලවින්න නිසා කොස් වලින් අඩුවක් තිබුනේ නැති තරම්ය. ආච්චී නිතරම කී දෙයක් තමයි කොස් කාලේට හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලෑය කියා..මොකොට ඒක කිව්වා දැයි අසන්න විදියක් නැත්තේ ආච්චි එලොව ගිහින් ආයෙත් මෙලොව ආවෙ නැති නිසාය.දෙල් මෙන්ම (ඒ කිව්වේ රට දෙල් - පරංගි ගෙනාපු වර්ගය ) කැලෑ දෙල්ද වගාවන්ය..හේතුව ආයෙත් අපි බුක්ති විඳපු නිසාය. 

හැබැයි අහේනි කාලේ ඒ කිව්වේ සිරිමාවෝ රට කා (ර )පු කාලේ අපි කැලේ ගිහින් හොයාගත්ත හල් ගෙඩි ගාලා හීන් ඇලේ පොට්ටනි බැඳලා අරන් හල් පිට්ටුත්, ලාවුලු පැහිච්චා ගාලා ලාවුලු පිට්ටුත් කෑවාය..නෑ කැව්වේය..ඒ කාලේ අපි මයියොක්කා, කවුපි, සොයා (සෝගම් කියල මතක )එකී මෙකී පිෂ්ට ධාතුව වඩන කෑම හොයාගත්තෙත් වගා කරලාය. ඒකට හේතුව හාල් පොලු මිරිස් පොලු පාර දිග හරස් කරන්න පටන් ගත්ත නිසාය..ඉතින් සතියේ දින තුනක් බත් නැති නිසා අපි ඒ වගේ ආලපාලු කෑම කෑවේ වවාගෙන නිසා ඒවාත් වගාවන්ය.

කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.

මමත් ඔය අහේනි කාලේ අල්ලපු වැටේ වගාවක් කල නිසාය ඒ වග දන්නේ. ඒ කියන්නේ එතකොට මමත් අපේ ආතා, ඒ කිව්වේ සීයා වගේ ගොවියෙකි.අල්ලපු වැට කිව්වේ ඇල්ලපු වත්තටය.ඒක දං කැලේ නිසා අතෑරලා තිබුන නිසා මම එලිපෙහෙලි කරගෙන බතල මයියොක්කා වලින් පටන් අරන් කව්පි දක්වා වගාව ව්‍යාප්ත කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය මෙන්ය...අපේ ගෙවල් ලඟ ජෙප්පො හිටියේ නැති නිසා මට පංති යන්න බැරි විය. එනිසා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දන්න තරම තමයි ඒ.

වගා කරන්නේ ගොවීන්ය. ඒ කාලේ අධාර ලැබුනේ ගොවීන් නොවොන අයටය. ඒ කියන්නේ වවන අයට දුන්න කෙංගෙඩියක් නැත. හැබැයි හාල් පොතකුත් බී කාඩ් එකකුත් අරන් වවන් නැති අයත් වවන අයත් සම්පකාරේට ගිහින් රතුලූනු පරිප්පු සැමන් ටින් පාන් එහෙම ගෙනාවාය. ඒ කාලේ අපි පාන් කෑවෙ හොරාටය. ළජ්ජාවෙන්ය. හේතුව නොදනිමි. රොටී කෑවෙත් වහං වෙලාය. ඒකට හේතුවත් නොදනිමි. හැබැයි වවන ඇත්තෝ, ඒ කියන්නේ ගොවියෝ පාන් කනවාය කියන එක ළජ්ජා හිතෙන්න ඕන දෙයකි. මොකද පාන් වගාවක් නොවන නිසාය. ඒත් පාන් හදන්නේ ඇමරිකන් පිටි වලින් කියා ඒ දවස් වල කියන නිසා, ඒ පිටි හදන්නේ තිරිඟු වලින් නිසාත්, තිරිඟු වගාවක් නිසාත්, පාන් ද වගාවක් වෙන්න ඕනය. ඉස්සර පාන් වලට වැට් බදු ගැහුවේ නෑය. දැනුත් නෑය..ඒකට බනිස් වලට  වැට් ගහන්න ඔනෑය කියා ටැක්ස් කන්තෝරුවෙ ලොකු  මහත්තයා ඊයෙත් මට කිව්වේය. ඒ නිසා බනිස් වගාවක් වෙන්නේ නැතිය.

වී වවන අයට වී ගොවියා කියා කියති. එළවලු වවන්නන් එළවලු ගොවීන් වන අතර හේන් කොටන ඈයොන්ට හේන් ගොවියන් යයි කියති. මට තාමත් හිතාගන්න බැරි රබර් වවන කෙනාට රබර් වතුකාරයාත්, තේ වවන කෙනාට තේ වතු කාරයාත්, පොල් වවන කෙනාට පොල් වතු කාරයාත් කියා කියන්නේ  ඇයි කියාය. මොකක් හරි හේතුවක් ඇතිය. 

දැන් යහපාලන දැක්ම අනුව රට නැංවීමට සහනාධාර නැවැත්විය යුතුය. එසේ නොකොලොත් ණය දෙන්නේ නෑ නෑමයි කියන නිසා පොහොර සහනාධාරේ නැවැත්තූ නිසා දැන් වී ගොවිතැන් කිරීම අතාරින්න වෙනවාය. මම කන්න දෙකක්ම කුඹුර අතෑරියාය..මට සහනාධාර නොදුන්නාට (මම ගොවි ගනයට නොවැටේ..කරුමෙක මහත ) 350 ට දෙන සහනාධාර පෝර උර ගොවිජන සේවා කාර්යාලයෙන්ම වගා නියාමක 800 ට ලබාදුන්න නිසා වි වගාව කලාය. දැන් හබක්ය. කුරුඳු පෝර හොන්ඩරේ 2650 උනාට ගානක් නැත්තේ දැන් කුරුඳු කිලෝවක් 1534 ට දිය හැකි නිසාය. අනේ ඉතින් කුඹුරේ කුරුඳු වවන්න බැරිය. වී කිලෝව 29කි...ඉතින් බෑය..


මාතලන් මහාචාර්‍ය තුමා කියන්නේ හාල් රටින් ගෙන්නපන්ය, ගොවීන්ට කංසා වවාපන්ය කියාය. දෙයි හාමුදුරුවනේ පිටරට බුවාල රතු හාල් ඒවන්නේ නෑය. බාස්මතී හැමදාම ගිලින්නත් බෑය. ජෙස්මින් රයිස් ස්ටිකී රයිස් වලට හොඳය. පකිස්තාන් සුදු හාලයි, ඉන්දියන් දෝසා රයිසුයි කකා කොහොමෙයි මේ රට කරන්නේ කියා හිටං එයත් අහනවාය. මේ වාගේ අවවාද දෙන නිසාද කොහෙද දෑවුරුද්දක් පිරෙන කාලේට හාල් නැතුව බත් කන්නං කිය කියා අපිලාට ආයෙත් පෝලිමේ යන්නය කියා දේශප්‍රිය මහත්තයා මට ටෙක්ස්ට් මැසේජ් එකක් එව්වේ ඊයේය. ෂුවර්ම නැත්තං ග්‍රාමයා හම්බවෙන්නය කියලා දේශප්‍රිය මහත්තයා ලියලා තිබුනේ හුස්මත් ඉහලට ඇදගෙනය.

හැබැයි අපේ ආතා, ඒ කිව්වේ සීයා නම් කිව්වේ, මනුස්ස හිත කියන වගා බිමේ ආගම ධර්මය ගුරුහරු කම් කියන පොහොර දාලා මනුස්සකම කියන වතුරෙන් පෝෂණය කරලා ගුණ ධර්ම වගා කෙරීම තමයි හොඳම වගාව කියලාය. උන්දෑත් ගියා ගියාමය, ඉන්න තැනක ඉඳන් බලාගෙන වත් ඉන්නවානං කියලාත් හිතෙනවාය.


Friday 17 June 2016

The Sweet Smell of Sex

The Sweet Smell of Sex
The way you left it on me

Would it be there till
We make love again

අසයි සිත
සොයයි මා හැඟුම්
ඔබ දෙතොලෙන් විඳි
ඒ සිහිලැල් උනුසුම 

ඔබ කෙහෙරැළි
පැටලුන මා දෙතොලින්
තැබූ ඒ සිතුවම
රැගෙන ඔබ
මත්වූ සෙයින් හෙලූ බැල්මෙන්
ලතාවකට අප
එතුනේ දෙතුන් වතාවක්
කාලය ඇයි හරස් උනේ
නිමාවක් ඇයි
ආලිංගනයට ඒ සොඳුරු

The Sweet smell of Sex

The way you left it on me
Stays forever....

Wednesday 8 June 2016

හැලිබොරේන්ජ්, නේරංජනා සහ අසෝක වීදුරු



හප්පා...ස්ට්‍රෝබරි ජෑම් එක පැත්තක ගාලා අනික් පැත්තේ බටර් ගාලා තැටි පාන්....හැලිබොරේන්ජ් බෝතලේටම දාලා හැලිබොරෙන්ජ්...දොඩම් සුවඳ ඉහවහා යනවා...මම ඉස්කෝලෙ ගියේ ඔන්න ඔය උත්ප්‍රෙරක් දෙක නිසා, හැබැයි අවුරුදු තුනේදි ධර්මසේන බාප්පාගේ කර උඩ නැගලා, සෙන්ට්‍රල් කෑම්ප් එකේ ක්වාර්ටර්ස් වල ඉඳන් අම්පාරේ විජිතෙට..ඒ කරුමෙම තමා පල දුන්නේ..ඇයි යකෝ අවුරුදු තුනෙන් ඉස්කෝලෙ ගිහින් විභාග ඔක්කොම එක සැරේ පාස් උනාම දා හතේදි පලකෝ විස්ස විද්‍යාලේ...ඒ මදිවට තාත්තා පොලෝසියේ මහත්තැන් වෙච්ච නිසා (අපේ ආතා විතරයි එහෙම කිව්වේ..අනිත් හැමෝටම එයා කනේ මයිල් සාලහාමි..) ගියානේ ඉස්කෝල හතකට...මෙහෙමයි..
අම්පාරේ විජිතේ..
කොස්පැලවින්නේ ඉස්කෝලේ (අපෙ සාලහාමිව ඉන්ටර්ඩ්ක්ට් කරාම වෙච්ච ඇබැද්දියක්..)
අම්බලන්ගොඩ දේවානන්දේ (නාට්ටියකත් රඟපෑවා ඒකේදි නං..)
අක්මීමන ඉස්කෝලෙ
ගාල්ලේ මහින්දේ...
සත්නපුරේ ඇලෝසියස් (සබරගමුවෙන් දෙවෙනියා වෙලා ශිෂ්‍යත්වේ පාස් උනා එතෙන්දි..)
ඒ පාස් විල්ල නිසා යන්න උනා සත්නපුරේ සීවලී මධ්‍ය මහා විද්‍යාලේ ඒ කියන්නේ සීවලි සෙන්ට්‍රල් එකට...
ඉතින් හතයි ...ඉස්කෝලම...
කරුමේ කියන්නේ ...වෑසට වඩා වැඩි ඇත්තෝනේ ඉතින් හැම ඉස්කෝලෙදිම හම්බ වෙන්නේ..අර අවුරුදු තුනේ කේස් එක නිසා...ඉතින් ඕල්මොස්ට් හැම අවුරුදු දෙකකට සැරයක් ඉස්කෝල මාරු වෙලා ඒ ලෙවල් ඉවර වෙනකොට..
මොකාවත් දන්නවද දන්නෙ නෑ එහෙම ඉස්කෝල මාරු වෙනකොට පොඩි ඈයෝ..(ඒ කිව්වේ දැන් වගේ නෙවී මම පොඩි කාලේ කිරෙන් බාල වෙච්ච එකා වගේ කෙට්ටුයි....)කොච්චරක් නං මානසිකව තෙරෙපෙනෙවද කියලා..ඉතින් මාව හෝල්සේල් බයිට් වෙනවා අලුත් ඉස්කෝලෙ අලුත් පන්තියේදී..කොල්ලෝ මට තරවටු කොරනකොටම ජංගියේ චූ යන සයිස් ඕන් හයේ පංතියට විතර එනකොට..ඒ ගැන ..ඒ කිව්වේ කොච්චරක් නම් මානසිකව ආතති තත්ව්යකට පත් වෙලා ඉන්න ඇද්ද කියල..මේ මම...!

අදත් මට පොත් සාප්පුවකට ගියාම හුස්ම හිර වෙනවා..අලුත් පොත් සුවඳට..පොත් කොච්චර කියෙව්වත්, අරගත්තත්..අලුත් පොත් සුවඳ ගේන්නේම භයංකාර මතකයන්..ඇත්තමයි මේ කියවෙන්නේ හොඳේ..!

ඒක පැත්තකින් තියමුකො..ඔය ඉස්කෝල හතෙන් හිතේ ඇඳිලා තියෙන්නේ අටේ පන්තියේ ඉඳන් ගිය සීවලී සෙන්ට්‍රල් එක..මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව ඒක මිශ්‍ර පාසැලක් වීමම වෙන්න ඕනි..

ගැටවර වයසේ...මට...කොන්ඩ කරල් දෙක ගොතාපු අක්කලා (මගේ අවුරුදු තුනෙන් ඉස්කෝලේ යෑමේ ආදීනව ) සුදු සපත්තු දාලා ඉරි ඉරි ටයි දාලා පොත් ගොන්න අර පපු පෙදෙසට තුරුල් කරන් එනකොට නිකන් අනේ මටත් පොත් මිටියක් වෙන්න හිතිච්ච වාර අනන්තයි..

කොහොම හරි මගේ ජීවිතේ ආදරෙන්ම ගත කරපු කාලේ ඒ වෙන්න ඕනි...ගැල්ලලමයි යාලුවෝම හතර දෙනක් හිටියා..එයින් තුන් දෙනෙක් හවුල් සමාගමක් කලා මාත් එක්ක...එතනින් තුන්දෙනෙක්ම අක්කලා..එක්කෙනෙක් නංගියෙක් ..එයා මාව දැක්කාම සරපයෙක් දැක්කා වගේ දුවනවා ඉන්ටර්වල් එකේදී..( වෙලාවට එහෙම දිව්වෙ කියල දැන්නං හිතෙන්නේ....)

ඔය මොන මනස්ගාත කලත්, අපේ ගෙදර තිබ්බ දුප්පත් කම මාව තල්ලු කලේම නේරංජනාවෙන් පනින්න..අස්සය තමා ඉතින් ඒ ලෙවල්..පැන්නා කිව්වට පැන්නෙමත් නැහැ කියල තමා හැමෝම හිතුවේ මොකෝ ඉන්ජිනෙරු විභාගෙට ලියන්න විස්ස විද්‍යාලේ යන්න නොතේරුන නිසා..ඒ එක්කම මුලු සන්හතියම..ඒ කිව්වේ ගුරු දෙගුරු මව්පිය නැදෑ හිතවත් සැවොම, එක හෙලා කිව්වේ පිස්සුද ඕයි තමුසෙට විස්ස විද්‍යාලේ යන්න බෑ වෑස අඩුය කියලා..

අර විමලසූරිය කියනව වගේ හුකා ඇත්ත නේන්නං...දහ අටක්ද කොහෙද වෙන්න එපැයි ඒකටත්..මට යන්තං දාහතයි නොව විස්ස විද්‍යාලෙට යන්න මග පෑදෙන කොට..

කොහොමෙන් කොහොම හරි ඉන්ගිරිසි මල පොතේ අකුරක් බැරි මම, ඒ මදිවට සංසාරෙදි සිදාදියට, ඒ කිව්වේ කොළඹට ඇවිත් නොතිබිච්ච ගිනි කූරක් වගේ කෙට්ටු උස මට එන්න කිව්වනේ කටුබැද්දෙන් වාස්තු විද්‍යා (වරහන් ඇතුලේ නිර්මිත පරිසරය)කියන හුපාධිය කරන්න සුදුසුකම් තියේදැයි කියල බලන විභාගෙකට..
හෝව් හෝව් ඒ දවස්වල ජෝන් හිටියේ නෑ ඇත්තටම (බලේ හොඳේ..)..

ඒ විභාගෙට සිංහලෙන් කිව්වේ ඇප්ටිටියුඩ් ටෙස්ට් ය කියලා...

ඒ කාලේ අපේ අයියා කාරයා (ඌ මාව දැන් මල්ලි කමෙන් අස් කොරලා ඉඩම් පලහිලව්වකට ....කපුගේ සිංදුවකුත් කියල තිබ්බා ඒ සිද්ධිය ගැන..) ඇන් ඩී ටී කරනවා කටුබැද්දේ..ඌ තමා කිව්වේ පල ඕකට ..ඔය කෝස් එක කරන්නේ මොන්ගල් පොරවල්ය කියලා..හිතාගත්තා මටම හරියන කෝස් ( කේස් ) එකක් තමයිය කියලා එකසිය විසිදෙකක නැගලා කොට්ටාවට ඇවිත් දෙසිය පනස් පහක කටුබැද්දට ගියා (ඌත් එක්ක මොකෝ සංසාරෙදි කොළඹ ඇවිත් නැති නිසා..) ඔය අංක තියෙන්නේ බස් වල..දැන් එවා නැතුව ඇති..දෙසිය පනස් පහ මරු ඕයි..පස්සේ කාලෙක අපි ගල්කිස්සෙන් රෑ දහයට නගිනවා දෙසිය පනස් පහේ පොඩි පොඩි දේවල් ඉස්ට සිද්ද කරගන්න  (අහන්නකෝ කටුබැද්දේ, ඒ කියන්නේ දැන් මොරටුවෙ හිටිය කස්ටියගෙන් අපි ජාතික ආදායම වෙච්ච ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට කොච්චර සපෝර්ට් කරල තියෙනවද කියල ඒ ආකාරයෙන්..)

බෑ අනේ හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි එහෙ මෙහෙ දිව යනවා අයියෝ..ලියන්න ඕනි එකට තාම එන්න බැරි උනා...හරි..ආවා... ඔය සුදුසුකම් පිරික්සන විභාගෙට...හප්පා ඒ විභාගේ ලිව්ව හැටි කියන්න ගියොත් හෙඩින් එක වෙනස් කරන්න වෙනවා....ඒක වෙනම පෝස්ට් එකක් කරමු...මොකා හරි රසවිඳිවි....

තේරුනා කියමුකො ඉතින් ඔය කෝස් (කේස් ) එකට...ඔක්කොම බාධක (ඒ කියන්නේ වයස් සීමා බාධකය...තව එකක් තියෙනවා මගෙ ඇස් යුගල හා සම්බන්ධ..ඒකත් තවත් පෝස්ට් එකක්ම විය යුතුයි..ඇස් දෙක පව් නිසා..) බිඳගෙන ආවා විස්ස් විද්‍යාලේ..

අම්මෝ එහෙම ලිව්වම මතක් උනේ සෙබාගේ බෝඩිම..අම්මගේ අතේම එල්ලීගෙන හිටපු  (ඒකම තමා තාමත් උයන්නේ හොඳේ අනා ගත්තාම..), සංසාරෙදි කොළඹ නොආපු (ඒ තියා ගෙදරින් එක රෑයක් පිට නිදාගෙනවත් නොතිබිච්ච මාව) ගෙනල්ල දැම්මේ නැද්ද අපේ අයියා කාරයා ඌ හිටපු සෙබාගේ බෝඩිමට....

එගොඩ උයනේ ලොකු අයියා දුන්න නිල් පාට (මම හිතන්නේ..කවදා හරි තේරෙයි ඇයි කියලා ) සූට් කේස් එකේ මොනාද අඩුම කුඩුම දාගෙන, හොස්ටල් හම්බවෙනකන් මෙතන හිටපිය කියල අයියා කාරයා තබුත්තේගම (මහවැලි නේ වැඩ කලේ..) ගියපි..

යකෝ පලවෙනි දවසෙ දවල්ට මට කෑම මේසේ ඇරලා අලි තඩි බත් එකක් දුන්නේ නැද්ද හරක් මස් එක්ක (සෙබා ක්‍රිස්තියානි )..බත් එකේ සුවඳ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ..ඒක දැක්කේ හැටියෙ මට මතක් උනේ අම්මයි මල්ලියි නංගියි මොනා කනවද දන්නේ නැහැය කියලා..මොකෝ ඒ දවස් වල වේලක් ඇර වේලක් තමා අපි කැවේ..ඒකත් එක්කො ගස්ලබු මාලුවයි ලුනු මිරිසුයි නැත්තං කොස් මාලුවයි ලුනු මිරිසුයි...දෙකම ඉතින් වත්ත පල්ලේහාන් කඩා ගත්ත ඒවා...මට මතක් උනේ ටල් අම්මා හැමදාම කැව්වය කියලා අටමා මම ඉව්වාම වට්ටක්කා කෑවෙ නැතිඋනාම මට හිතිච්ච දේ..ඒක ඌට වෙනම කියන්න ඕන දෙයක් වෙච්චි...අනේ හුකේ...

කොහොම හරි අපි විස්ස විද්‍යාලේ ගිය කාලේ අර ගෝටා කලා වගේ නායකත්ව පුහුනුව දෙනව වෙනුවට , අර සරසා විරුද්ධ වෙන රැග හොඳහැටි අනුබව කරන්න පුලුවන් ආකාරයට මාස තුනක, ( මාසෙකද දන්නෙත් නෑ මේ වෙලාවෙ මතකත් නෑ දෙයියනේ ) ඔරියන්ටෙෂන් කෝස් එකක් තිව්නා..ඕකෙදි කටුබැද්දේ තිබ්බ හැම ලැබ් එකකම, හැම පුස්තකාලෙම, හැම වර්ක්ෂොප් එකකම හඳුන්වාදීමක් කලා ඉරෙස්පෙක්ටිව් ඔෆ් කෝස් යු ෆලෝ කියලා...ඒ අස්සේ ඉන්ගිරිසිත් ගෘප් දහසයකට කඩලා ඉගෙන්නුවා. රැගත් යහමින් දුන්නා...

ඔය අතරේ තමයි හොස්ටල් දෙන්නෙත්..ඕන් ඉතින් අපි ආකියො හය දෙනකුටත් හොස්ටල් හම්බ උනා..මමත් එයින් එකෙක් වෙච්චි..ඒ උනාට මෙලෝ සංසාරයක් නොතේරෙන ( දැන් වගේමයි ) කෙනෙක් වෙච්ච මට එක දවසක් තට්ටු හතරේ බිල්ඩිමට නගින අර බ්‍රිජ් එක ගාව  තියෙන ලොබියේ තරප්පු පේලිය ගාවදි..( හප්පා තරප්පු පේලි කිව්වම තව තව ඒවා මතක් වෙනවා..ඒවා තහනම්..) එක උස කෙට්ටු බුවෙක් මගේ අතින් අල්ලලා කියපි..උඹ ආකි නේද කරන්නේ..උඹට හොස්ටල් හම්බ උනා නේද..අද ඉඳන් උඹ මගේ රූමා ය කියලා..මමත් ඉතින් හා ය කියපි..ඒ අතින් අල්ල ගත්ත විදියටම මාව ඇදගෙන ගියේ නැද්ද මූ වෝර්ඩන් ගාවට  (දෙය්යනේ ඒ වොර්ඩන් කාරයගෙ නම මතක් නැහැනේ.. )
ගත්තා යතුරු..ගියා බී දහ හතට...ඇඳන් දෙකේම මෙට්ට නැත...බැලුවා අල්ලපු කාමර...ගත්තා හොඳ මෙට්ට දෙකක්..අල්ලපන් කිව්වා මේ දෙක ගෙනියන්න අපේ කාමරේට..ගෙනාවා දැම්මා ඇඳන් දෙක උඩට..කියපි..මේක තමයි මචං අද ඉඳන් අපි දෙන්නගේ කාමරෙ...හා..හා..වෙන මොනා කියන්නද..හැබැයි මට මතක් උනා මේ ඇඳේ නිදා ගන්න ආවාම සෙබාගෙ ක්‍රිස්තියානි හරක්මස් බත් එක නං නොලැබේ කියලා..කටුබැද්දේ හොස්ටල් හිටිය ඇත්තෝ ඒ බැව් දනී...

යමන් කටුබැද්දේ හංදියට සබන් අරවා මෙවා ගන්න ඕනි...සබන්...හෑ..අනේ දෙයියනේ ඒවා දෙන්නේ සල්ලි වලට නේද..මගේ අතේ කොහෙන්ද සල්ලි....ඒවා කොහෙද..කාන්දම වගේ මම මේ කෙට්ටු සරීරය පසු පස ඇවිදගෙන ගියා මිසක්..

මගදි නම කිව්වා..මම මගේ නමත් කිව්වා..

ගම කිව්වා..මමත් ගම කිව්වා..

ඉස්කෝලේ කිව්වා..මමත් ඉස්කෝලේ කිව්වා...

නැවතුනා මූ..මොකක්..සීවලී..තොට බත් නං නැති වෙන්නේ නෑ...

ආවා කටුබැද්දේ හංදිය කියන තැනට...මගේ පපුව ඩිග් ඩිග් ගානවා..අල්ලා ගත්තා මම උගේ අතින්..ඒයි තොට පිස්සුද ..අත ඇරපන්...

එහෙම කියනගමන්ම ඌට තේරුනා මාව වෙව්ලනවා කියලා...ඇයි මචං...ඌ අහපි..මගේ කකුල් මට වාරු නැහැ..මගේ සිතිවිලි මට වාරු නැහැ...කඳුලු පිරිච්ච දෑසින් මම සුචියාට (ඌ මට නම කියල තිබ්බෙ එතකොට ) කිව්වා..මට බෑ..මොකක්ද..ඌ අහපි...මෙතනින් එහාට යන්න නං බෑ... ඌ බලනවා මගේ දිහා නිකන් මොකක් කියන්න වගේ..

ඌ හොඳ එකා..අදටත් හොඳ එකා...මූ නැවතුනා...හා පොඩ්ඩක් හිටහන්...අපි මෙතන ඉඳලා ඊට පස්සේ යමු..
මම හා වගෙ මූනක් දාල හිතනවා දැන්..

සමන් දෙයි හාමුදුරුවනේ පාරවල් දෙකක් (ගෝල් රෝඩ් එක දිහා බලන් හොඳේ..) කොහොමද එක පාරට පනින්නේ..ඒ මදිවට එක පාරක් අපේ ඇලවේල්ල වගේ තුන් ගුනයක් ඉතර පලලයි...

සුචිය කියනව..මචං..මෙහෙමයි..පාරවල් දෙකේ වාහන යන්නේ එක පැත්තකට විතරයි..අපි ඉස්සෙල්ල දකුනු පැත්ත බලලා අර මැද තියෙන කන්ඩිය උඩට දුවනවා..එතන නවතින්න ඕන ඊට පස්සේ වම් පැත්ත බලලා ඉතුරු ටික දුවලා එහා පැත්තට දුවනවා හරිය (ඌ මාතර , ඌරුගමුවෙ..)අල්ලගනින් මගේ අත..හා දැන් මා එක්ක දුවපන්..හැබැයි පුතෝ අර මැද තියෙන කන්ඩියේ නැවතින්න ඕනි හරිය..හා..........හම්මේ....
ඕක ආපහු අනිත් පැත්තටත් කරන්න උනා නේ ඉතින්...

එහා පැත්තැට ගියා (දිව්වා ) මෙහා පැත්තැට ආවා (එව්නා ) මෙන්න මෙයා රිංගනවා කඩ දෙකක් අතරේ තියෙන අඩි දෙකක විතර ගැප් එකකින් ...ඇයි..වරෙන්කෝ..හා..

දැම්මා සාක්කුවට අත..ගත්තා දෙකේ කොල වලින්ම දෙකක්..මම නෙවෙයි ..සුචියා..

ආපිට ලැබුනේ පොඩි අසෝක වීදුරු දෙකක් සමග රතු ලූනු ගෙඩි දෙකක්..අසෝක වීදුරු වල වතුර වගේ දියරයක්..බීහන්...හා..

කාහන් මේක දැන්..(රතුලූනු එක ගෙඩියක්..)

යමන්..

අද වෙනතුරු මතක නැත මා කොහොමද ආපහු බී දාහතට පැමිනියේ කියා..රුපියල් දෙකක කසිප්පු බී..

නමුදු මා මගේ ජීවිතයේ ඇද වැටුනු හැම ආගාදයකින්ම මා ගොඩ ගැනීමට ඔහු අදත් සෙවනැල්ලක්මෙන් සිටී....

කටුබැද්ද හංදිය කිව්වම මතක් වෙන්නේ මල්ලිකා බේකරියේ බිත්තර බන් එක..කොච්චර පස්සෙන් ගිහින් ඇද්ද මට බිත්තර පාන් එකක් අරන් දෙන්නය කියලා...ඒක ඊලඟට ලියන්න ඕනි...