Monday 5 October 2020

නොස්ටැල්ජියාව

 



මද්දු අක්කේ අපි බාලේ

අම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩු

අද උඹේ අතින් පිසුන

තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.

ලොකේට ලොකුකම් කරාට 

රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.

මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,

තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමත

යන්නට නෑගම් නැතුව අඩුපාඩු


කිරිරොටි



11 comments:

  1. ++++++++++++++
    (Pra Jay ගෙන් කොපි කරන ලදී)

    ReplyDelete
  2. තිබ්බොටු තැල් කොළ කාල තිබුණට කිරි රොටී නම් තාම කන්න ලැබිල නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට කුලියාපිටියේ යන්න වෙනව හැලපේ....මේ දවස්වල ගමන් තහනම් නේ ඉතින්....!!

      Delete
  3. චෙෆ් මහත්තයෝ, හැලපෙ උන්නනැහෙගෙයි ඔහෙගෙයි ප්‍රශ්නෝත්තර දැක්කම කෙල ගිළුණා. කිරි රොටි තියෙන්නෙ කුලියාපිටිය පැත්තේ තියෙන්නෙ තැල් කොළ ඇඹුල නේද? කිරි රොටි දුම්බර පැත්තටද අයිති. ඔය ජාති දෙකම ගැන හීනි දොළදුකක් තියාගෙනයි ඉන්නේ. ඉස්සරෝම ගිය ටී.වී. වැඩ සටහනක දැක්කා කිරි රොටි හදන්න වෙනම මැටි බඳුන් ඕනෙ බවත්. දන්නා හරිය කියන්නකො!

    ReplyDelete
  4. හප්පා සුජීවගෙ රෙසපි මොනාද මේවනේ රෙසපි..වැඩේ කියන් නේ තැල් කොල කාලත් නෑ ලූල් මාලු කාලත් නෑ කිරි රොටි කාලත් නෑ.

    ReplyDelete
  5. කී රොටි!. එහෙම එන්ඩ
    ලොකු සර් දැන් නං ඉතිං රත්නපුරා යන්ඩම වෙනවා.

    ජයවේවා!

    ReplyDelete
  6. රසයි............කවිය..............
    එල ද බ්‍රා

    ReplyDelete
  7. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....