Thursday 24 August 2017

ඇඟිලි මාලේ

   Ca m'étonnerait que Picasso ?

අංගුලිමාල
මා
එනමුදු ඔබ
පටාචාරා

ජයම්පතී නොවුන
මා
කුස වූ දා
ඔබ
පබාවතී

නපුරු උණ කටුව
රුදුරු වූදා
මා
රජසිහ

එනමුදු ඔබ
පෑ සෙනෙහේ
නිසල අහස සේ
මා සනහාලයි

ඉතිං මම
ආදරෙයි
හැමදාමත්....!


Thursday 3 August 2017

පේළි වැහි





එන පසළොස්වක පෝදා
රෑ අහසේ
මක්කටෙයි
දේවතා එළි

දෙවිනුවරට පේළි වැහි වහිනදා
නොතෙමී ඉන්නෙ
කොහොමෙයි
යහළු යෙහෙළි




මොණර පිහාටු මිටි බැඳන්
එල්ලල තෙල් කිරි ගේ වටේ
පච්ච සරම ඉන බැඳගෙන
නාගසලමේ තාලෙට 
එන්න නටන්න
මිහිඳු පෙරහරේ