පිලක් වගේ එකක්....! |
මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.
ඉස්තෝප්පුව කියන්නේ පෘතුගීසි භාෂාවෙන් අපේ භාෂාවට එකතුවුන ලන්දේසි භාෂාවෙන් වැරෙන්ඩා ඒ කිව්වෙ වැරෙන්දාව උන අපේ පිලට. අපේ මුතුන් මිත්තන්කාලේ ගෙවල් වල තිබුනේ පිලයි ඇතුල් කාමරයයි, ඉතින් පිලේ ගෙදර පිරිමියා නිදාගත්තා රෑට, දවල්ට ඉතින් ගෙදරට එන අමුත්තන් ඈඳි ගත්තේ පිලේ...හැබැයි දැන් කාලේ වැරෙන්ඩාවේ, එහෙමත් නැත්තං ඉස්තෝප්පුවෙ පිරිමියාට නිදාගන්න වෙන්නේ හතර ගාතෙන් ගෙදර ආවම, නැත්තං ඕන නැති වැඩක් කරලා විඳින දඬුවමක් විදියට.
අපේ මහගෙදරත් පිලක්, ම්....නෑ ඉස්තෝප්පුවක් තිබුනා අපි සුට්ටං කාලේ...ඒ උනාට අපේ අම්මගේ නොනවිතන ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒ ඉස්තෝප්පුව ඉස්සරහ සාලේ හැටියට වෙනස් උනා රොමියල් බාසුන්නැහේගෙ පිහිටෙන් ඒ කාලෙදි...!
ඔය ඉස්තෝප්පුවටම අල්ලලා තිබුනා කාමරයක්, ඒකට කිව්වේ ඉස්තෝප්පු කාමරේ කියලා. ඒකේ තිබුන වැදගත්කම තමා රෑට ප්‍රයිවට් එනට්‍රන්ස් එකක් තියෙන එක ගෙදර අයට නොදැනෙන්න එන්න යන්න පුලුවන්වෙන. අනිත් වැදගත්කම තමා ඉතින් පිට කවුරු හරි රෑ නවතිනවනං සම්පූර්ණ ප්‍රිවසි සමග ඒ කාමරේ ඉන්න ඇහැක් කම. ඔය අපේ ඉස්තෝප්පුවෙ හරි මැදට වෙන්න තිබුනා ලස්සන ලංදේසි පන්නේ ලී කනුවකුත්. ඇයි එක කනුවක් කියන එක තාම නොතෙරේ, සමහර විට ගේ හැදුවෙ අපේ ආතා නිසා හිතන්න ඇති ඔච්චර මක්කටැයි වියදං කරන්නේ, රණසිංහට එක කනුවක් මදෑ කියලා...ඒ නිසාම කනුව හිටවන්නැති හරි මැදින්, එතකොට යටලීය සපොර්ට් වෙනවනේ ඉතින් හරි සමානව.
කොහොමෙන් කොහොම හරි අපේ අම්මගෙ ප්‍රොජෙක්ට් එකෙන් පස්සෙ අර ඉස්තෝප්පු කාමරේ නමත් වෙනස් උනා ඉස්සරහා කාමරේ කියලා...ඒ කාමරේ හම්බෙන්නේ පවුලේ ලොකුලමයට. ඒ කියන්නේ ඇල්ලෙ වලේ එහා කොනට එක දිගට පීනන්න පුලුවන් වෙන වයසේ ඉන්න ගෙදර පිරිමි ලමයට. කටුගස් ඇල්ලේ ඇල්ලවලේ පීනන්න ඉස්සරවෙලා රවුම්වලේ, දික්වලේ, කලුවලේ, වැලි වලේ එහෙම පීනලා පන්නරේ ගන්න ඕනි. ඒක වයසත් එක්ක ඉබේම හම්බුන පන්නරයක්. ඇල්ලවලේ පීනන්න පුලුවන් වෙනකොට හොඳ පීනුම් කරුවෙක් වගේම කිමිදෙන්නෙක් සහ ඒලෙවල් කරන කොලු ගැටයෙක්, ඉතින් ඉස්සරහා කාමරේට සංක්‍රමණය වෙන එක තමා ගෙදරින් එලියට පැන්නෙන පළවෙනි සළකුණ.
ඉස්සරහා කාමරේ, නැත්තං ඉස්තෝප්පු කාමරෙන් අපේ ගෙදර අයනං, කාලයාගේ ඇවෑමෙන්, විශ්වවිද්‍යාලෙ බෝඩිං කාමරේට සහ වෙනත් කාමර වලට සංක්‍රමණය උනා. ඒකට දොරක් තිබුනාට ඒක වහනව නං මං දැකලා නෑ. දෙපැත්තේ පිත්තල හුක්ස් තියෙන කේබල් එකකින් එල්ලපු දොර රෙද්දක් තමා ප්‍රිවසි වලට තිබුනේ...ඒ නිසා වෙන්නැති ඒ කාමරෙන් ඊලඟට විශ්වවිද්‍යාලේ බෝඩිං කාමර වලට එහෙම අපිව විසි වෙන්නැත්තේ..අම්ම හිතලම දොර වහන්නෙ නැතුව ඇති අපිව ගෙදරින් එලෝගන්න.
ඔය ඉස්තෝප්පුව තිබුන කාලේ අපේ ගෙදර තාප්ප්යක් තිබුනේ නෑනේ. අඩි දෙකක් විතර උස අන්දර වැටක් තිබුනේ..ඉතින් පාරේ යන එන වත්තේ වැඩ කරන තංගච්චිලයි රෙංගාලයි, හරක් අරන් යන හරක් පොඩි මහත්තයයි වත්තේ ලියන මහත්තයයි ටී මේකර් මහත්තයයි, හුසේන් ඩ්‍රෙෆරි ස්ටොර්ස් එකේ වැඩ කරන අහමඩ් එක්කයි ගෙදර ඉන්නවනං අපේ තාත්තා ඉතින් වාසදේස කථා කරනවා. මුරුගාට, ඒ කිව්වේ ඇවිදින බාබර්ට කියලා අඹ ගහ යට බංකුවක් තියාගෙන කොණ්ඩේ රැවුල බා ගැනිල්ලත් උනේ ඔය තාප්ප එන්න කලියෙන්.
අපේ අම්මගේ නොනවතින ප්‍රොජෙක්ට්ස් පටන් ගත්තේ 77 ජේ ආර් ගේ විවෘත ආර්ථිකේ එක්ක. ගෙදරට බ්ලොක් ගල් අච්චුවක් අරගත්තා. ඒකෙන් හදපු බ්ලොක් ගල් වලින් ඉස්තෝප්පුව, ඉස්සරහ කෑල්ල කලා, ඉස්තෝප්පු කාමරේ, ඉස්සරහා කාමරේ කරල නැවුතුන නැති මේ ප්‍රොජෙක්ට්ස්, අන්දර වැට, මැද උස කොටු තියෙන ලස්සන බ්ලොග් ගල් තාප්පයක් කරලා, කඩුල්ලේ තිබ්බ උණ ලී තුන අරන් දාලා කොටු කොටු දැල් තියෙන නිල් පාට යකඩ ගේට්ටුවකුත් දැම්මා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා බෝම අමාරුවෙන් අර ගේට්ටුවෙ එල්ලිලා තමා රෙංගලා අහමඩ්ලා එක්ක චැට් කලේ ගෙදර ඉන්නදාට. පව්.....!
එහෙම උනා කියලා තාත්තගේ සහජීවනේ, (එයා ඔව්ව දන්නේ නෑ, ඒ කාලේ ඕම වචනයක්වත් තියෙන්න නැතුව ඇති ඇත්තටම), නවැත්තුවේ නෑ, රෙංගලා අහමඩ්ලා තාත්තා එක්කත්, තාත්තා ඒගොල්ලෝ එක්කත් ඉතින් කථාබහ කොලා, කෑවා බිව්වා, මගුල්තුලාවලට ආවාගියා.
ඊට පස්සේ ඕන් 13ක් මැරුනය කියල කෝලහලේ පටන් ගත්තා. ඒ එක්කම යුද්ධෙ ආවා. තාත්තා ඊට පස්සේ රෙංගලා තංගච්චිලා ගේ ඉස්සරහින් යනකොට කථාබහ කලාට හරි හෝදිසියෙන් හිටියා එයාලගේ ගමන් බිමන් වැඩකටයුතු ගැන. විශ්වාස කලේ නෑ ඉතින් ඒ අයව. සම්බන්ධෙ කථාබහට විතරක් සීමා උනා. ටීවී එකේ නිතරම කිව්වට ඔක්කොම රෙංගලා ත්‍රස්තයො නෙවීය කියලා, ඒවා වැල් බයිල නේදැයි කියල වගේ තමා ඉතින් වැඩ කටයුතු කලේ.
ඊට පස්සේ ඕන් සැටලයිට් ආවා (අපේ තාත්තාට සැටලයිට් නෝනවනං ඇල්ලුවේම නෑ, එයා පරක්කු වෙනව මදියට ගල් පැලෙන ගොන් බොරුත් කිව්වය කියල තමා ඒ..) එයා ඉතින් සාමය කිව්වට මොනාවත් ගෙනාවෙම නෑ කියල එයාව යැව්ව කියමුකෝ...!
එයා ගිහින් තව කාලයක් යනකන් අපේ තාත්තා ටීවී බැලිල්ල නැවැත්තුවා, ටීවී එකේ එක දිගටම උඩු රැවුල්කාර මහින්ද පෙන්නනවය කියලා....තුක් විතරක් කියලා පඩික්කමට කෙළගහනව ටීවී එකේ මහින්දව පේනකොට ඉතින්.
කොහොමහරි ඕන් යුද්ධ නැවතිලා, මහින්ද ආයෙත් ආවාම අපිත් ආවනේ ඉතින් තාත්තලා එක්ක මෙහෙ ඉන්න..හිටිය තමා....ආප්ප කේස් එකක් ගිහින් අම්බානකට දෝරෙගලන්න හම්බුනා ප්‍රජාතන්ත්‍රවාදේ..ඇත්තටම ඒරොප්පෙත් නැති නිදහසක් නෙව වින්දේ 21 වෙනිදා වෙනකන්.....!
මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.
තාප්ප නැත..එව්වා ගලවලාය...ඒ නිසා ගේට්ටුත් නැත....මහගෙදර වගේ නෙවෙයි මගේ ගෙදර ඉස්තෝප්පුව තියෙන්නේ ගඟක් දිහා බලාගෙන...ඈත දුමාරයක් නැගෙන්නේ දෙමටගොඩ සමන්තා හෝල් එක පැත්තෙන්...ගඟට එහායින් තියෙන්නේ දෙමටගොඩ, කොලොන්නාව....අද ජසීමා ආවෙත් නෑ ගේ අතුගාගන්න...ආයෙ ඒවිද දන්නේත් නෑ...එ මනුස්සයා ඉන්නෙත් දෙමටගොඩ...!
විහාරමහා දේවී පාර්ක් එක වටේ තිබුන අසාද් සාලි ගහපු යකඩ වැට ගලෝලා කොහේද දන්නේ නෑ යූඩීඒ එකේ ඈයෝ ගෙනිච්චේ...ඔව්ව දැන් ආයෙත් ඕනිවේවි...අපිට වැටවල් තාප්ප ගේට්ටු නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න බෑ..!
පාලුහිතෙනව.....!
මේක කියවද්දි මොකක්ද නොස්ටැල්ජික් හැඟීමක් ආවා. මම දික්වැල්ලේදිත් කතා වුනා යාළුවෝ එක්ක ගමේ පරණ ගෙදර ගැන.
ReplyDeleteඉන් එහාට මට තියෙන්නේ ටිකක් වෙනස් හැඟීමක්. අපි මල්ටිකල්චරල් එන්වයමන්ට් වල ඉන්නවා කිසි අවුලක් නැතිව. ඇත්ත අපිට නොපෙනෙන ආරක්ශාවන් හැමතැනම. අපි වගේ පොඩි රටක එහෙම නොවෙන්නේ පොලිටිකල් ඇජෙන්ඩාස් හින්දමයි කියලා මට හිතෙන්නේ.
මොනව වුනත් රනසිංහ රාළහාමි මරු පොරක් වගේ!
පොලිටිකල් ඇජෙන්ඩාවලින් මොල හෝදපු නිසා නෙවෙන්නං මේ ඔක්කොම අලකලංචි...මාත් මේ සැරේ හුලං ඉස්කෝතු පැකට් එකකුයි උනු උනු කිඹුලා බනිසුයි ගෙනාව....එතන පානුත් හරි රසයි අප්පා...!
Deleteඕන් අඹ ආයේ ඉදිලා....!
කියාගන්න බැරි හීනි දුකකින් හිත තෝන්තු වුණා.
ReplyDeleteඒ අස්සෙම අවුරුදු 60කට විතර ඈත කාලෙක බදුල්ලේ මයිලගස්තැන්නටත් එහා කන්දක තිබුණු හේනේ බාප්පාගේ ගෙදරට ගියා. එහෙත් පිලක් තිබ්බා. එහාට යන ඕනෙම කෙනෙකුට වාඩි වෙන්න වුණෙත් කොහෙද දන්නවද? පිලේ කොටහක් පස් පුරවලා වේදිකාවක් වගේ හදලා ගොම මැටි ගාලා තිබ්බේ. එක උඩ. හේනේ බාප්පා නිදාගත්තේත් ඒක උඩ.
මොනාකරන්නද...? අපිම කරගත්ත දේවල් නෙව මේවා...හෙව්වෙ එක දෙයක්..ලැබුනේ තිබුනටත් වඩා මජර ක්‍රමයක්...රෙද්ද පල්ලේ දෝරගලනව නෙව දැන්....!
Deleteමට දුක අනාගත පරම්පරාව ගැන...උනුත් දෙකයි පනහේ කේස් පස්සේ දුවනව මිසක් හෙට ගැන හිතලා මොනාවත් කරන්නේ නෑනේ...70 පැනපු මහල්ලොන්ගෙන් සමන්විත පාංඩුවකින් කෝමෙයි රටක් ගොඩගන්නේ...හපොයි...!
පිලේ තමා ඉතින්....!
Now a days no Pila no mada midula, what we have is a box called a house. My grandmother had a nice house with a mada midula and the house around the midula. Even cows lived in part of the house. Good old days.
ReplyDeleteStill you can find nice modern houses with courtyards and verandhas in Colombo. But with new apartment development future dwelers will never experience such tranqulity in living.
Deleteබොස් මං හිතන්නෙ ඉස්තෝප්පුව (Stoep) ලන්දේසි. https://en.wiktionary.org/wiki/stoep
ReplyDeleteවැරෙන්ඩා ඉන්ග්‍රීසි. හැබැයි ඒක ඉන්ග්‍රීසියට ආවෙ හින්දියෙන් සහ සමහරවිට හින්දියට ආවෙ ස්පාඤ්ඤ /පෘතුගීසි (බරාඳය, Baranda) වලින් කියල කියන්නෙ https://www.britannica.com/technology/veranda
කොහොමත් ලංකාවෙ ඩච් ආකිටෙක්චර් බලපෑම පෘතුගීසි එකටවඩා වැඩි නේද?
ප්‍රාජේ තුමා හරි...බරාන්දය කියන වචනෙන් වෙන්නෝන වැරෙන්ඩා හැදෙන්න ඇත්තේ..ඩච්, බ්‍රිටිශ් ආකිටෙක්චර් ඉන්ෆ්ලුවන්ස් එක හරි හරියට තියෙනව නේද අපේ...
Deleteමම පහුගිය කාලේ පෘතුග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒ නිසා මටත් මේක චෙක් කරලා බලන්න හිතුණා. ප්‍රදීප්ට වගේම. පොඩි පටලැවිල්ලක් වෙලා කියළා හිත හදා ගත්තා. මොකද ලිපියේ හරයට ඒවා වැඩක් නැති නිසා. ලිපිය බොහොම ගැඹුරුයි. හැබැයි ඔබතුමාගේ බ්ලොග් රෝලේ ඇවිද්ද පය නෑ. ඒක දා ගන්න ඊ මේල් එකක් එවන්නද ?
Deleteරොලේ නැති උනාට මම මාතගේ සින්ඩියෙන් ඔයාව කියවනව...ඔන්න ඇඩ් කලා රෝලටත්..හුඟ කාලෙකින් මම බ්ලොග් එක අප්ඩේට් කලේ....!
Deleteබරාන්දය කියන්නේ නිවසේ පිටුපසින් තියන ඔවැනිම කුස්සිය සහ ප්‍රධාන ගෙය සම්බන්දකරන කොටසට නේද .......... මං පොඩි කාලේ අපේ මහගෙදර ඉස්සරහා තිබුනා ඔය කියන විදිහේ ඉස්තෝප්පුවක් සහ ඉස්තෝප්පු කාමරයක් ... ඒකේ තිබුනේ ලීකනු නෙමෙයි ... කබොක්සහ වැලි මැටි කනු.... දෙකක්... පිටි පස්සෙත් තිබුනා එහෙම කොටසක් ... ඒක හරහා තමයි කුස්සිය සම්බන්ද උනේ ... අන්න ඒ කොටසට කියුවේ බරාදය කියලා ........ තව ගෙවල් දෙකක් මට මතකයි ........ඒ ගෙවල් වලත් ඉස්සරහ තිබුනේ ඉස්තෝප්පුව ...පිටිපස්සේ බරාදය
Deleteඔය කියන විදියට, බරාන්දයයි ඉස්තෝප්පුවයි තැන් දෙකක් නේද...ඉන්ගිරිසියෙන් රියර් වැරෙන්ඩා ෆ්‍රන්ට් වැරෙන්ඩා කියන්න පුලුවන් නේද...ඉස්තෝප්පු සාල වගේ වචන ලංදේසි වචන නේ...ප්‍රාජේ කිව්වනේ වැරෙන්ඩා කියන්නේ ඉංග්‍රීසි වචනයක් කියලා..ඉතින් ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් වැරෙන්ඩා කියන එක හරි...ඉස්තෝප්පු කැල්ලත් ඉස්සරහයි ගෙයි පිටිපැත්තෙයි තියෙන්නත් ඇහැකි නේ අටං අයියේ...?
Deleteඅපිට වැටවල්, තාප්ප නැතිව ඉන්නම බැරිද... :/
ReplyDeleteබෑනේ..පාලු හිතෙනවනේ....වැඩිම උනොත් ටෙන් ඉයර්ස්..ඊට පස්සේ ඩිශුම් ඩ්ශුම් ඩෝං පටාං....🤣
Deleteලබ්බෙ බෝම්බෙන් නැති උනේ අපේ නිදහස.
ReplyDeleteහිතවද ආයෙ කාලාන්තරයකට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇදුම් කැඩුම් ටික කිලෝ 85හේ බෑග් එක්ක ඔබාගෙන ලංකාව වටේ රවුමක් යන්න හිත නිදහස් වෙයි කියල.
සෑහෙන කලක් යාවි ආයෙත් එතෙන්ට එන්න අපිට....!
Deleteඅපි විහින්ම කරගත් දෙයක් මේ...නිදහස හොයාගන්න කරපු දෙයින් තිබුන නිදහසත් නැති කරගත්තා හිටං...!
නෝ කමෙන්ට්ස් ............
ReplyDeleteNo worries....!
DeleteDidn't expect any comments though....!
මේක දිගයි. මේ වෙලාවෙ කියවන්න සුදුසු නෑ. හෙට උදේ කියෝල කොමෙන්ට් එකක් දාන්නං.
ReplyDeleteහරි මට තේරුණා මගේ බ්ලොග් එක පැත්තේ දෙමළ නයන්න්නා එන්නත්තේ ඇයි කියළා. පාලුයි
Deleteකියවලාම කමෙන්ට් කරන එක ඇඟට ගුනයි නැද්ද....!
Delete@සුදීක, මම අන්තිමට දාපු පෝස්ට් එක දවස් තුන හතරකට උඩදි කියෙවුව. ඒ උනාට ඒ වෙලාවෙ ඒ මැසිමෙන් කොමෙන්ට් කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.
Deleteහ්ම්,හිතාන උන්නේ අවුරුදු විස්සකට සැරයක් කියලා.දැන් දහයකට බැහැලද.අපි බෝම දියුණුයි ආයිබෝන්.
ReplyDeleteනෑනේ...71 න් පස්සෙ ආයෙත් 89දී ආවා...2009න් පස්සෙ ආයෙත් 2019දී ආවා...ඉතින් කොහොමද අප්පා 20ක් ඉන්නේ....!
Deleteඅර දෙරණේ යන තුර්කි කතාව මුතු අහුර මම බලනවා. මේ වගේ කතාවල් වලට මම ආස වෙන්න එක හේතුවක් තමයි, ඒ රටවල සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් දකින්න ලැබෙන එක. මම මේ මොහොටකට කළින් මගේ මිත්‍රයා එක්ක කිය-කියා හිටියේ තුර්කියේ තාප්ප අඩි තුනක් විතරයි උස, ඉතිරි ටික ලී වැටවල් තියෙන්නේ කියළා. ඒකෙන් තවත් අතකින් ඒ රටේ සාමාන්‍ය ජන ජීවිතයට තියෙන ආරක්ෂාව ගැන දර්ශකයක් වශයෙන් පෙන්වනවා. අපිට මේකෙන් දර්ශකයක් හදා ගන්න පුළුවන්. ඒ රටක තාප්ප වල ඇවරේජ්(සාමාන්‍ය) උස, ඒ රටේ ආරක්ෂාව පිලිබඳ දර්ශකයක් කියළා. ඒ කියන්නේ ත්‍රස්ත වගේම හොර හතුරු කරදරත් අඩු, ඒකෙන් කියන්නේ තාප්පයේ උස හොරකම් වලට අනුලෝමව සමානුපාතිකයි කියළා.
ReplyDelete2009න් පස්සේ කොළඹ තාප්ප සහ යකඩ වැටවල් අයින් කරන්න එක හේතුවක් තමා සාමාන්‍ය ජනතාවට නිදහස සහ ආරක්ෂාව ගැන ඉබේම පණිවිඩයක් දීම...චෙක් පොයින්ට්ස් අරන් දාලා පාරවල් ඇරියට වඩා ලොකු නිදහසක් ෆීල් උනා ඒ තාප්ප අරන් දැමිල්ලෙන්...!
Deleteමම ලංකාවෙ සමහර පැති වල දැකලා තියෙන පොඩි කඩවල් යකඩ ග්‍රිල් වලින් වහගෙන තමා බිස්නස් එක කරන්නේ..ඒකෙන් පෙන්නුම් කරනව ඒ පැති වල තියෙන ආරක්ෂාවේ පදම..සුදීක කියන කථාව, ඒ කිව්වෙ තාප්පේ උස සහ ඊට උඩින් ඇති ග්‍රිල් වැට වගේ දේවල් ඇත්තටම නියම දර්ෂකයක් තමා ඒ පරිසරය ගැන නිවැසියන්ගේ තියෙන විශ්වාසය....මම නිවාස ආශ්‍රයෙන් සමීක්ශණයක් කරා ඒ දවස්වල මොරටු විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ, නිවැසියන්ගේ පර්සනැලීටීස් සහ ඇටිටියුඩ්ස් සහ ගෘහනිර්මාණය අතර තියෙන කනෙක්ෂන් එක හොයන්න..මරු මරු දේවල් එලියට ආවා ඒකෙන්...වැඩේ සාර්ථක කරගන්න ඕනි නිසා පාවිචිචි කලේ ආකිටෙක්ට්ලා තමන්ටම නිර්මානය කරපු ගෙවල්....ඉයර් මාස්ටර්ගේ ගේත් පාවිච්චි කලා සමීක්ශණයට...බෝම අමාරුවෙන් ඩෙසර්ටේෂන් එක පාස් කරගත්තේ එයා ගැන හොයාගත්ත දේවල් ලියලා.....:)
වැටවල්, තාප්ප, ගේට්ටු හදන අයටත් අවුරුදු දහයකට සැරයක්වත් වැඩක් තියෙන්න එපැයි බොස්.
ReplyDeleteමම නං ආසා වැට කොටු බැමි නැති නිවහල් පරිසරයක ඉන්න ඉතින්...!
DeleteHmm hmm....!
ReplyDeleteඅපහු පස්සට ගිය එක ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ.
ReplyDeleteඅල්ලපු ගෙදර එකා මායිම් වලට මරා ගන්න එක නම් අඩු වෙලා ගියා තාප්ප බැඳිල්ල නිසා.
මායිම් කිව්වම මතක් උනේ...ඇත්තටම අපි දූපතක් නොවී මායිම් තියෙන රටක් උනානං දේවල් මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා..එතකොට එක්ස්පෝසර් එක වැඩියි, බෙදා හදාගන්න පුරුදු වෙනව, තවත් අයත් ලෝකේ ඉන්නවය කියන එක දැනෙනව. ....!
Deleteතාප්පත් ඕනි ඉතින් අල්ලපු වැටේ මෑන්ස් කචල් නං...🤣
අපේ ගමේනං තාප්ප දාන්නෙ ළමයි කාපට් පාරෙ යන වාහනවලින් බේරගන්න. ඒත් කවුරුහරි ගෙදරට එනකොට, අපි කාගෙ හරි ගෙදරකට යනකොට, ඉස්සර තිබුණු නිදහස දැන් නෑ. හෙණ පැකිළීමක් දැනෙනව.
ReplyDeleteබයිද වේ, අපේ ගමේ මුස්ලිම් අය නෑ. ළඟම මුස්ලිම් ප්‍රදේශය තිහාරිය. එහෙ ගියොත් අපට ඇපත් නෑ වගේ හැඟීමක් දැනෙනව... අනේ මන්දන්නෑ අපි වගේ අවාසනාවන්ත රටක්...
නාගරීකරණයේ එක පැත්තක් තමා තාප්ප...ඒකෙම දියුනුම පැත්තක් තාප්ප අරන් දැමීම..හැබැයි සාමකාමී රටක මිසක් කොයිවෙලේ ඩෝං පටෝං රටක තාප්ප නෙවී බංකර් ඕනී වෙන්නේ...!
Deleteආපහු මුලටම කරකෝගත්තානේ අපි අපේ රටේ කරුමේ ඉතින්...!
වැට නැතුව පාළු හිතිච්ච උදවිය වැටවල් ගහන්න හිතාන කරන වැඩනේ ඔය...
ReplyDeleteහැබැයි ඉතින් වැට ගහන්නෙ අර වඳුරෝ ගෙවල් හදනවා වගේ...
අන්තිමට වැටත් නැහැ, ගෙටත් හොරු පැනල මංකොල්ල කාල ගේ බිමටම සමතලා කරලා දායිද මන්දා...
අඳ බාලයොන්ට රටකරන්න දුන්නම වෙන වැඩ මෙව්වා...!
Delete