Tuesday 30 June 2020

ඇත්තටම ...!




ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම

සුවඳද
ඉස්සර වගේම

කම්මුල් වල ගැහෙනවද
ඉස්සර වගේම

ඔලුව ඇල කරන්
හිනහෙනවද
ඉස්සර වගේම

වැස්සෙ පිස්සියෙක් වගේ
මිදුලේ නටනවද
ඉස්සර වගේම

නුඹ මගේ නෙවෙයිද
ඇත්තටම....!!!

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම
ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම..!!

Friday 5 June 2020

සැමරුම....!





සැමරුම

කේක් ගෙඩිය උඩ
දඟකාරකම් කරනා
පාට පාට ඉටිපන්දම්
නිව්වා නුඹ මුවින්

බුබුලු දම දමා රඟනා
මීවිත පිරූ පළිඟු බඳුන්
උස් කරමින්
පැතුවා සැම නුඹට සතුට

හිත දුව ගියා මගේ ඈතට
දැනුනා මට ලේකිරි සුවඳින් පිරුන
නුඹගේ සුරතල් මුව
පෙනුනා මට නුඹ මව්ගේ
ආදර විඩාවෙන් පිරි වත
අපි මේ සමරන්නේ ඇයගේ ඒ
ආදර විඩාවම නොවෙද
ඈ විඳි ...
නුඹ නිසාවෙන් ඇය මවක් වූදා...!