Monday 5 October 2020

නොස්ටැල්ජියාව

 



මද්දු අක්කේ අපි බාලේ

අම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩු

අද උඹේ අතින් පිසුන

තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.

ලොකේට ලොකුකම් කරාට 

රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.

මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,

තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමත

යන්නට නෑගම් නැතුව අඩුපාඩු


කිරිරොටි



Friday 25 September 2020

ආදරුංගල්..!





නිවි නිවී ඇවිලෙන
තැවි තැවී වැලපුන
කප්පරක් දුක් ඉහිලූ
සංයමයක් නොමැති සිත


අකීකරුකමින්
දඟකාරකමින්
පිහිතුඩු සේ තියුනු වදනින්
සිදුරු කොට
වැව්බැම්මේ
සරුංගල් අරින අපිදෙන්නා....!

කඩාගෙන ගියත්
කූරියා ගැහුවත්
අතඇරියත්
වතුරේ....!


Thursday 2 July 2020

අන්ධ වර්ණ...!








Vincent van Gogh’s The Starry Night (left) filtered to
 simulate color blindness (right). Phot9o: Kazunori Asada

කහ රතු දම් කොළ
කහ රතු දම් කොළ
රඹුටන් ගහ වට

කහ කළු කොළ
කහ කළු කොළ
මැන්ගුස් ගහ වට

කහ කොළ ගුරු
කහ කොළ ගුරු
අඹ ගහ වට

නා දල්ලේ රත
නිල් මානෙල් පෙති
නුඹ වට කර

පෙනෙනා සේ මට
නොපෙනෙන 
නුඹ පෙම....!

Tuesday 30 June 2020

ඇත්තටම ...!




ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම

සුවඳද
ඉස්සර වගේම

කම්මුල් වල ගැහෙනවද
ඉස්සර වගේම

ඔලුව ඇල කරන්
හිනහෙනවද
ඉස්සර වගේම

වැස්සෙ පිස්සියෙක් වගේ
මිදුලේ නටනවද
ඉස්සර වගේම

නුඹ මගේ නෙවෙයිද
ඇත්තටම....!!!

දුරයි
ඇත්තටම
දුරයි
ඉස්සර වගේම
ආදරෙයි
ඇත්තටම
ආදරෙයි
ඉස්සර වගේම..!!

Friday 5 June 2020

සැමරුම....!





සැමරුම

කේක් ගෙඩිය උඩ
දඟකාරකම් කරනා
පාට පාට ඉටිපන්දම්
නිව්වා නුඹ මුවින්

බුබුලු දම දමා රඟනා
මීවිත පිරූ පළිඟු බඳුන්
උස් කරමින්
පැතුවා සැම නුඹට සතුට

හිත දුව ගියා මගේ ඈතට
දැනුනා මට ලේකිරි සුවඳින් පිරුන
නුඹගේ සුරතල් මුව
පෙනුනා මට නුඹ මව්ගේ
ආදර විඩාවෙන් පිරි වත
අපි මේ සමරන්නේ ඇයගේ ඒ
ආදර විඩාවම නොවෙද
ඈ විඳි ...
නුඹ නිසාවෙන් ඇය මවක් වූදා...!