Tuesday 28 October 2014

මව් බිසවුනි....! Queen Bee



www.reddit.com

               
ඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ?


පල වැල නෙලා, උහා පිහා බඩ ගින්දර නැසූ වරදටද
සලු පිළි ආභරණ යාන වාහන හිසට සෙවනක් දුන් වරදටද

ඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ?

මා සක්විති රජ කරවා
ඔබ මව් බිසව් තනතුරද පැතුවේ

අග මෙහෙසියක් කිරුළට හිමි කුමරෙක් එක්ටැම් ගෙයි කුමරියක්
ඉවසන්න බැරිවද, සැබෑ නොවෙන්නේද සිහිනේ

ඔහුගේ ලෙයින් කලලය
දස මස කුස දරා
ඔබගේ ලෙයින් ඉනූ
කුස පිරූ සෙනෙහස

සල්ලිය බාගයටම
තීන්දු කලේ
හෑල්ලු කලේ
ඔබමයි
                


















මව් බිසවුනි

නිමිත්ත:
මගේ නිර්මාන ශක්තියේ තියෙන දුර්වලතාවය කොපමනද යත්, මටවත් තේරෙන්නේ නැහැ ආයිබොවං මේකේ තේරුම...
අම්මලා ගැන ගුන ගායනා විතරද කරන්න පුලුවන් කියලයි මේ බැලුවේ...
සමාවෙන්න ඕන හිත් රිදුනානම්...


Friday 24 October 2014




අද 24

අද අයවැය

හෙට 25

හෙට වැය විතරයි

වෙනදා වගේම..




Thursday 16 October 2014

නොඉඳුල්






ලඟදි පත්වීම ලද
බඳින වයසත් පහුවුන
දිග කලිසම් ඇඳි
තාමත් කවුරුවත් නොහඳුනන
කෑම පැයේ අඳුරු මුල්ලට වී
තනිවම බත් පත බුදින
කල්‍යානි...

කෑම පැයේ කුනු බඳුනේ
එකතුවෙනා ඉඳුල්
ඔබ අතින්ම අනා
මැද මිදුලේ පෙරලි පෙරලි
පෙරලි කරන බලු රෑනට
එය කවනා ඔබ
කල්‍යානි...

Tuesday 7 October 2014

මොන්ටිසෝරි-හයිලයිට්ස් © උපේක්ෂා (නුවරකුමාරි)




photo from www.callmefluffy.com

මොන්ටිසෝරියේ ඇන්ටි:

හා...සිනිඳු දූ, මොකද පැත්තකට වෙලා අද..

ඔයාගේ අම්මි

 ඇයි අර ආපු හැටියේ ගියේ මයේ පුතේ...



කෙල්ල පැටියා:

???? ...අපේ අම්මිව මරල හංගන තැන ඔයා දන්නවද ඇන්ටි...????


මොන්ටිසෝරියේ ඇන්ටි: ???????????????????


කෙල්ල පැටියා: ????????????????


එතනින් එහා වෙච්ච ටිකත් එතනට එනකන් වෙච්ච ටිකත් (මේ සත්‍ය සිද්ධියක්) හිතා ගන්න
පුලුවන්ද අපිට...?..