Saturday 23 September 2017

දැන නොදැන





රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්
රාත්‍රිය මෙතරම්ම රුදුරු බැව්
රාත්‍රිය මෙතරම්ම ගැඹුරු බැව්


ඒ මදිවට


රාත්‍රිය මෙතරම්ම සොඳුරු බැව්


කියා දුන්
සොඳුරියේ


කිම නිහඬ මේ රාත්‍රියේ

අදත් එදා මෙන් 
බලා සිටිමි.....!


ඔබ නො එනා බැව්
දැන නොදැන..!


Monday 18 September 2017

නල දත






photo courtesy ~- SSDS 

දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන්    (ද )
කාන්‍තියෙන් දිදුලන තුරුණු දෙනෙතින්  (ද )
මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)
පාට පාට කුඩයෙන් (ද)
හැංගු (න)
|
|
|
|
|
|
|

නල දත










~~~~~~

Friday 1 September 2017

තනිකම...!




තැටියේ ලා ගච්චාමි 
රවුමට හයක්
 රොටී

කෑමට එන්නේම නෑ 
මගෙ පැලට 
ඩොටී

කට්ට කරෝල බැදලා ඇත 
කන්න 
රොටී

ඩොටී නැතුව කුමකට 
මම කම්ද 
රොටී

~~~~~~