Thursday 17 September 2015

සිහිලැල් උනුසුම....

කෙටි නිවාඩුවකට මේ දවස්වල රටෙන් පිට ස්කැන්ඩිනේවියානු රටක නිවිහැනහිල්ලෙ පාඩුවෙ ඉන්න මට මෙහෙම සටහනක් තියන්න හිතුනා.
ඇය දශක දෙකක් එහාට යන කාලෙ සිට මගේ මිතුරියක්...ඇයගේ නවාතැනේ අද උදේ ආහාර වේලෙන් පසු මා ගෙවත්තේ සැරි සරන වෙලේ මුන ගැසුනු කලා කෘතීන් සමූහය මෙසේ බෙදා හදාගන්නවා..
මුර්ති ශිල්පිනයක්, චිත්‍ර ශිල්පිනියක් සේම මා මේ ජීවිතයේ ලංවූ සුන්දරම යෙහෙලියක්...ඇය නමින් නේටර් ක්ලෑන්....
පහතින් එකතු වෙන්නේ ඇයගේ නිමැවුම්  වලින් අල්පයක්...ඔබත් රස විඳීවී කියා සිතමි...












මට තනි රකින ගැහැණිය....



‍බොහෝමයක් නිර්මාන කලුගලෙන් කල නිමැවුම්......
ඇය විලෝ දඬු වලින් කල නිමැවුම් මන බඳිනා සුලුයි...නැවතත් විරාමයක් ලද විගසින් එකතු කරමි ඒ නිමැවුම් .....


Wednesday 9 September 2015

50 plus එක



ගමයා කියයි මා බීම ගැනම ලියයි කියා
අටමා ලියයි මගේ කවියේ ගැට්ට නැතය කියා
ප්‍රාජේ කීවේ මා පොලිටිකලි බ්ලයින්ඩ් කියා
මාතේ කීවේ කින්ඩියට මට ලොකු සෑර් කියා

පව්ලුසා පව් දුක් විඳිනවා මා නිසා
පත්තරේ අඬයි අක්කයි අයියයි පව් නිසා
හැලපේ කියයි ඕවා නම් හයිකු කියා
ඒ ගැන දන්නේ මං නේද ලිව්ව නිසා

Ciroc Snap Frost Vodකා නැති තැන
Marlboro lights වෙනුවට Switch ඇති තැන
Depressed උනෙමි උපේක්ශා ලමාතැනීගේ
අලුත් වැස්සක ආදීනව කියවූ තැන


අනේ දෙවියනේ
අනේ සාමිනේ
සමන් දෙවි හාංදුරුවනේ
මොකටද මෙවන්නන් නොමැති බඹලොව

බස්සියේ
මල්මී හායි
සමග ලොකු පුතේ
ඔබාපන්
මෙන්ඩා ගේ කුරුවල් හිත් පොඩ්ඩට
මදාවියාගේ පන්නරේ
බැරිනම් නලියාගෙ චක්කරේ

බනින්නෙපා
ගහන්නෙපා
අඬන්නෙපා
අම්මපා

මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....





Thursday 3 September 2015

මහත්මියන්වූ මෙනෙවියන්.......නොහොත් අද කාලේ පිරිමි...



www.imgkid.com



අපේ ඔෆීසිය තියෙන්නේ නගරයෙන් ටිකක් වෙන්න එපිට බස් නොයන පාරකින් හැරිලා ගිය සුන්දර පරිසරයක නිසාත්, බොසා පිස්සෙක් නිසාත්, අපිට නීතිරීති තියෙන්නේ එකයි නැත්තම් දෙකයි.
එකක් තමයි හරියට තමන්ට බාර වෙච්ච රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටුකරන්න ඕනි. දෙවෙනි එකත් මටනම් තේරෙන විදියට පලවෙනි එකම තමයි.

ඔය වෙන ඔෆීසි වල වගේ ඩ්‍රෙස් කෝඩ්, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර්ස් එහෙමටම නෑ, ඒත් තියෙනවා
අපිම හදාගත්ත නීති රීති වලින් අපිම දුවන්නේ. නීති නැති උනාට පිස්සන් කොටුව වගෙත් නැහැ, මොකෝ ඔක්කොම ප්‍රොෆෙෂනල් බුවාලා ඉන්න නිසා වෙන්නැති. අපි හදා ගත්ත එක නීතියක් තමයි අපි උදේ 9 ඇවිත් හැන්දෑවේ පහමාරට යමු සහ දවල් දොලැහේ විතර ඉඳන් දෙක හමාරවත් වෙනකන් දවල්ට කමුය කියන එකයි, බොසා ඔෆීසියෙ ඇතුලේ සිගරැට් බිව්වට නහය අකුලනොගෙන ඉමුය කියන එකයි.

අපි ඔන්න ඔහොම අපේ ඔෆීසිය දැහැමෙන් සෙමින් පාලනයකරගෙන යනකොට......, තව එක කාරනයක් තමයි, අපේ ඔෆීසියේ ඉන්නේ වැඩියෙන්ම ගෑල්ලමයි, පිරිමියෙකුට කියල ඉන්නේ අපි දෙන්නයිද කොහෙද. පිරිමි ඉන්න ගාන දන්නේ නැත්තේ අපිට වෙලාවක් නැහැ අයව ආශ්‍රය කරන්න, තරමට ගෑල්ලමයි වැඩියි. ඒකට හේතුව බොසා තමයි දන්නව ඇත්තේ කියලයි අපි හිතාගෙන ඉන්නේ.

අපි ඔන්න ඔහොම අපේ ඔෆීසිය දැහැමෙන් සෙමින් පාලනයකරගෙන යනකොට , අපේ ඔෆීසියේ වැඩ කරන මෙනවියන් දෙදෙනෙක් මෑතකදී මහත්මියන් උනා....එක්කෙනෙක්ගේ මගුලට අපිත් සහබාගි උනා. මේ මහත්මියන් දෙන්නාම ප්‍රොෆෙෂනල්ස්ලා. එක්කෙනෙක් බැන්දේ එයාට වඩා වෘත්තියෙන් පහල මට්ටමක රැකියාවක් කරන ඇත්තෙක්, ඒත් සටනක් දෙනවා වෘත්තිමය පැත්තෙන් ඉහලට එන්න විභාග අරවා මෙවා කරලා..
අනෙක් මහත්මියනම් තමාට වෘත්තිමය වශයෙන් ගැලපෙන කෙනෙක් බැන්දාය කියලයි අපට හිතුනේ..
මේ මහත්මියන්, ගෑල්ලමයි වශයෙන් අපේ ඔෆිස් එකට බැදෙන කොටත්, ඉන් පසුව කසාද බදිනතුරුත් බෝඩිං ජීවිත ඉතා සතුටින් ගත කරා කියන එක අප දන්නා කරුනක්. එක ගෑල්ලමෙක්ගේ කොල්ලා, කියන්නේ බඳින්න ඉස්සරවෙලා බෝයිෆ්රෙන්ඩ් වෙලා ඉන්න කාලේ වැඩ කරේ ගාල්ලේ. කොල්ලගේ ගම කඩවත කියමුකෝ, උනාට ගෑල්ලමයගේ ගම දකුනේ, හා වැලිගම කියමුකො.එතකොට කොල්ලා ගාල්ලේ බොඩිමේ, කෙල්ල කොළඹ බෝඩිමේ. කිසි අවුලක් නැහැනේ.

අනිත් ගෑල්ලමයගේ කොල්ලා මීගමුවේ රස්සාව කරපු නිසා එහේ බෝඩිමකත්, ගෑල්ලමයා කොළඹ බෝඩිමකත් සතුටින් ජීවත් උනා.

මේ ගෑල්ලමයි දෙන්නාම හරිම ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොෆෙෂනල් ජීවිත ගත කලේ. කියන්නේ, ඔෆීසියේ වැඩ වලට කිසිම චකිතයක් නැතිව, දුර පලාත් වලට ඔෆීෂල් වෙහිකල් එකේ ඩ්රයිවර් මල්ලිත් එක්ක ගමන් තනියම යන එක, තනියම වැඩපොලකට ගිහින් රාජකාරි කටයුතු කරගන්න එක වගේ නෝමල් දේවල්. වගේම අර ඉස්සෙල්ලා කියපු අපිම දාගත්ත නීතිරීති අස්සේ අපි වගේම වැඩකරන එක වගේ දේවල්.

වැලිගම ගෑල්ලමයගේ කතාව මෙහෙමයි. බඳින්න කිට්ටු වෙනකොට එයාගේ වෙන්න මහත්තයා කොළඹට මාරුවක් හදාගෙන, කඩවත අම්මලාගේ ගෙදර ජීවත්වෙමුය අපි අපේම තැනැක් හදාගන්නකන් කියල ග්‍රිවෙලා බැන්දාය කියමු. කොහොම හරි මගුලට අපි ගියෙත් නැහැද කොහෙද, හේතුව මතකත් නෑ. බැන්දට පස්සේ ආයෙත් නොර්මල් විදියටම මේ මහත්මිය රාජකාරි කටයුතු කරමින් ඉන්නව.

..තව එකක් කියන්න ඕනි..අපේ බොසාගේ ඩ්රෙස් කොර්ඩ් දෙක තුනක් තියෙනව..එකක් අපි වැඩිය දැකලා නෑ මොකෝ ඒක තියෙන්නේ උදේ 9 වෙනකන් විතරයිලු. අනිත් එක එයාගේ සිග්නෙචර් ලිනන් කලිසම් ෂර්ට් සෙට් එක, වැඩියෙන්ම සුදුපාට. අනිත් එක, කියන්නේ තුන්වෙනි එක, කොටකලිසම් ටී ෂර්ට් සහ හම්පටි සපත්තු. ඉඳලා හිටලා අර උදේ එක දකිනවා, සරමකුයි බැනියමකුයි ගහගෙන එයාගේ වම්බටු රාබු මෑකරල් පාත්ති අස්සේ පිස්සු කෙලිනකොට.

ඉතින්, බොසා ඔය උදේ කිට් එකත් ගහගෙන හිටපු ගමන් එනවලු එයාගේ ෆිෂ්පොන්ඩ් එකට මාලු එක්ක සෙල්ලම් කරන්න අපි එන්න ඉස්සරවෙලා. එක දවසක් එනකොට........

මලා....., අර වැලිගම ගෑල්ලමය වැඩලු. බොසා ඉතින් ගුඩ්මොර්නින්ය, අරකය මේකය කියලා ගියාලු මාලුන්ට කතාකර කර කෑමත් දාලා.

මෙතන ඉඳන් බොසාගේ වාහනේ අපි දකුනු පලාතේ වැඩබිමකට අර ගෑල්ලමයි දෙන්නයි, අපි දෙන්නෙකුයි යන ගමන් බොසාගේ සහ ගෑල්ලමයි දෙන්නාගේ දෙබස්...:

තේරුම් ගැනීමේ පහසුවටවැලිගම ගෑල්ලමයට නීලාත්, අනික් ගෑල්ලමයාට නයනාත් කියා කියමු...

බොසා: නීලා මොකෝ දැන් උදේ පාන්දරම වැඩට එන්නේ....

නීලා: (...ඇඹරෙමින්....) සර් මම දැන් ගාල්ලේ ඉඳන් වැඩට එන්නේ....

බොසා: මොකක්..ගාල්ලේ..පිස්සුද..කොහොමද එච්චර දුරක් එන්නේ...කීයටද ගෙදරින් එන්නේ..?????(අපේ බොසාගේ නට් හොඳටෝම ලූස්ය..ඕනෑ නැති දේවල් නිතරම අපෙන් අසයි..)

නීලා: සර්..එයාව ආයෙත් ගාල්ලට ට්රාන්ස්ෆර් කලා..ඉතින් අපි ගාල්ලෙන් ගෙයක් කුලියට ගත්තා, මොකෝ එයාගේ සයිට් එකට ලඟ නිසා...මම හයිවේ ට්රාන්ස්පෝර්ට් එකක් හොයාගත්තා..මාසෙටම 9000 යි ගන්නේ..උදේ පහට ගෙදරින් එන්න ඕනා....!

මේ අවස්ථාව වෙන විට බොසාගේ මල හොඳ එකෙන්ම පැන ඇති බව දැනුන අපි හයිවේ එකේ සේෆ්ටි ෆෙන්ස් එකේ කනු ගනන් කරමින් සිටිමු...

බොසා: (නයනා දෙසට හැරෙමින්..) නයනා ඔය දරුවත් හෙට අනිද්දා කසාද බඳිනවා කිව්වා නේද?

නයනා: ඔව් සර්..ලබන මාසේ 10 වෙනිදා...

බොසා: බැඳලා කොහේද ඉන්න හදන්නේ...නීලා වගේ හයිවේ ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ..?

නයනා: හපෝ නෑ සර්...නිහාල් අයියා කිව්වා අපි මීගමුවට කිට්ටුවෙන් ගෙයක් ගන්නවා කුලියට එතකොට එයාට කිට්ටුය කියලා වැඩට යන්න...බයික් එකට පෙට්රලුත් එයාගේ කම්පැනි එකෙන් දෙනවා සර්...

බොසා: (..නලලේ අත ගසා ගනිමින්..) දැන් නයනා ඉන්නේ පැලවත්තේ නේ...ඉතින් වැඩට එන්නේ නැද්ද බැන්දට පස්සේ මීගමු යන්නේ...?

නයනා: අනේ නෑ සර්..මම දිගටම වැඩ කරනවා...අපි ගාල්ලේ ගෙයක් හදන්න ඉන්නේ..එතකන් තමයි මීගමුවට යන්නේ..ඒත් තව ගොඩාක් කල් යයි ගෙවල් හදන්නත්.....

බොසා: ඉතින් මනුස්සයො..ඔය බත්තරමුල්ල පැත්තෙන් ගෙයක් කුලියට ගත්තනම්, බය්සිකලෙන් ඔයාවත් ඔෆිස් එකට දාගෙන උදේට නිමල් අය්යට බැරිද මීගමුවෙ යන්න. පුදුම දෙයක් නේ මේක...දැන් මේ නීලා එයාගේ මහත්තයාට ලේසියට ගාල්ලේ ඉඳන් කොළඹ වැඩට එනවා, ඔයා මීගමුවේ ඉඳන් එන්න ඕනි කියනවා. ඔයගොල්ලේ ඕක ඩිස්කස් කලේ නැද්ද ඔයාලට පහසු විදිය බලලා තීරනයක් ගන්න ඕනිය කියල..
ඇයි ඔයාල ඔච්චරම ගිවප් කරන්නේ. අපි තරුණ කාලේ කෙ අනිත් පැත්තනේ කලේ. මොනා වෙලාද මන්දා දැන් හැදෙන පිරිමි ලමයින්ට...අනික ගෙදර තියෙන ඔක්කොම වැඩත් කරල උයලා පිහලා කෑම බැඳගෙන එහෙම නේද එන්න ඕනි..ඔහොම මහන්සි උනාම ඔයාලගෙ අවුට්පුට් එකටත් බලපානවනේ...මීට වඩා හොඳට හිතල බලලා කථාකරලා නේද ඔය වගේ තීරණ ගන්න ඕනි....(යනාදී වශයෙන් දිග ලෙක්චර් එකකට අපි සැමටම සේෆ්ටි වැටේ කනු ගනන් කරන අතර කිලොමීටර සීයයක් පමන ඇහුන්කන්දෙන්න සිදුවිය..)

මාස දෙකකට. පමන පසුව, බොසාගේ උදේ කිට් එකෙන් මාලු සමග කතා කර කර සිටින විට නයනාද නීලාද උදේ හතහමාරට පමන වැඩට පැමින ලොකු බත් ගෙඩි දෙකක් ගිල දමමින් සිටිනවා පෙනුන බැව් බොසා කී විට, අප සොයා ගත්තේ, නයනාගේ නිමල් අයියා වෙඩින් එකෙන් පසු, මීගමු ගෙදර කුලියට ගැනීම අතහැර, නයනාව බෝඩිමෙන් අස්කොට ගාල්ලේ ඇති නිමල් අය්යියාගේ අම්මා සහ තාත්තා ලඟ නැවතී වැඩට ඒමට සලස්වා ඇති බවයි.

නිමිත්ත..:
උපේක්ෂා දිගට හරහට ලියාගෙන යන ...කවදාද මේ වැහි වහින්නේ නොදනිම් වෘතාන්තය කියවීම නිසා අප අවට සිදුවෙමින් පවතින තවත් ඇත්ත සිදුවීම් හරහා ලියවුන බැව් කියා තැබිය යුතුය...