Wednesday 22 June 2016

වගාව

වගාවන් වර්ග බොහෝය..පාරම්පරික, අපනයන බෝග වගේම ගෙවතු වගාවන් සහ තව තවත් වගාවන් මෙයට අයත් වේ. 



අපේ ආතා, ඒ කිව්වේ සීයා පාරම්පරික වී සහ අතුරු බෝග වගා කල ගොවියෙකි.අතුරු බෝග ගනයට වැඩුනේ කෑමට ගැනිමට ඉන්දවූ බුලත් කොරටුවත් මෑ, නිවිති, මුකුනුවැන්න, වම්බටු සහ අමුමිරිස් (අවුමිරිස්=අම්මිරිස්) යනාදී ආච්චී විසින් රොත්ත බුරුත්තක් වූ අප හට උයා පිහා දුන්න ගොඩ එළවලු වලින් පිරි කොටුවේ තිබු බව බෝගයන්ය. හොන්ඩර බතල කියා ඉතා රසවත් බතල ජාතියකුත් කොටුවෙන් හාරගෙන ඇවිත් ආච්චී උදේට තම්බලා කොච්චි සම්බෝලයක් අඹරා පොල් උලුප්පා කන්න දුන්න නිසා ඒකත් වගාවක්ය.

සබරගමුවෙ කොටුව කියන්නේ ගොඩැල්ලේ නැත්නම් කමතේ වටපිටින් පිහිටි එළවලු වවන ගොවිබිමටයි.

මීටාමතරව වෙලේ නියරේ වැවෙන තද කොළ පැහැ මුකුනුවැන්නත්, සබර වත්තේ ඇති ගොටුකොළත් වැව්වේ නැතත් වගාවන් විය, අප ඒවා නෙලාගෙන කෑ බී නිසා..බී කිව්වේ කැඳ සාදා බිව් නිසාය.අලකොල, කඩාගන්නේ ඇල අයින දිගේ තියෙන මඩ බෑවුමේ හැදෙන හබරල ගාලෙනි. කිරිහැන්ද, කිරිඇඹිලිය, තෝර කොල වගේ ඒවා කඩා ගන්නේද දං කැලේ කුඹුරු ලඟට වෙන්න තිබූ හිස් ඉඩම් වලිනි...ඉතින් ඒවාත් වගා බිම් සේම වගාවන්ය.

ගමේ නම කොස්පැලවින්න නිසා කොස් වලින් අඩුවක් තිබුනේ නැති තරම්ය. ආච්චී නිතරම කී දෙයක් තමයි කොස් කාලේට හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලෑය කියා..මොකොට ඒක කිව්වා දැයි අසන්න විදියක් නැත්තේ ආච්චි එලොව ගිහින් ආයෙත් මෙලොව ආවෙ නැති නිසාය.දෙල් මෙන්ම (ඒ කිව්වේ රට දෙල් - පරංගි ගෙනාපු වර්ගය ) කැලෑ දෙල්ද වගාවන්ය..හේතුව ආයෙත් අපි බුක්ති විඳපු නිසාය. 

හැබැයි අහේනි කාලේ ඒ කිව්වේ සිරිමාවෝ රට කා (ර )පු කාලේ අපි කැලේ ගිහින් හොයාගත්ත හල් ගෙඩි ගාලා හීන් ඇලේ පොට්ටනි බැඳලා අරන් හල් පිට්ටුත්, ලාවුලු පැහිච්චා ගාලා ලාවුලු පිට්ටුත් කෑවාය..නෑ කැව්වේය..ඒ කාලේ අපි මයියොක්කා, කවුපි, සොයා (සෝගම් කියල මතක )එකී මෙකී පිෂ්ට ධාතුව වඩන කෑම හොයාගත්තෙත් වගා කරලාය. ඒකට හේතුව හාල් පොලු මිරිස් පොලු පාර දිග හරස් කරන්න පටන් ගත්ත නිසාය..ඉතින් සතියේ දින තුනක් බත් නැති නිසා අපි ඒ වගේ ආලපාලු කෑම කෑවේ වවාගෙන නිසා ඒවාත් වගාවන්ය.

කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.

මමත් ඔය අහේනි කාලේ අල්ලපු වැටේ වගාවක් කල නිසාය ඒ වග දන්නේ. ඒ කියන්නේ එතකොට මමත් අපේ ආතා, ඒ කිව්වේ සීයා වගේ ගොවියෙකි.අල්ලපු වැට කිව්වේ ඇල්ලපු වත්තටය.ඒක දං කැලේ නිසා අතෑරලා තිබුන නිසා මම එලිපෙහෙලි කරගෙන බතල මයියොක්කා වලින් පටන් අරන් කව්පි දක්වා වගාව ව්‍යාප්ත කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය මෙන්ය...අපේ ගෙවල් ලඟ ජෙප්පො හිටියේ නැති නිසා මට පංති යන්න බැරි විය. එනිසා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දන්න තරම තමයි ඒ.

වගා කරන්නේ ගොවීන්ය. ඒ කාලේ අධාර ලැබුනේ ගොවීන් නොවොන අයටය. ඒ කියන්නේ වවන අයට දුන්න කෙංගෙඩියක් නැත. හැබැයි හාල් පොතකුත් බී කාඩ් එකකුත් අරන් වවන් නැති අයත් වවන අයත් සම්පකාරේට ගිහින් රතුලූනු පරිප්පු සැමන් ටින් පාන් එහෙම ගෙනාවාය. ඒ කාලේ අපි පාන් කෑවෙ හොරාටය. ළජ්ජාවෙන්ය. හේතුව නොදනිමි. රොටී කෑවෙත් වහං වෙලාය. ඒකට හේතුවත් නොදනිමි. හැබැයි වවන ඇත්තෝ, ඒ කියන්නේ ගොවියෝ පාන් කනවාය කියන එක ළජ්ජා හිතෙන්න ඕන දෙයකි. මොකද පාන් වගාවක් නොවන නිසාය. ඒත් පාන් හදන්නේ ඇමරිකන් පිටි වලින් කියා ඒ දවස් වල කියන නිසා, ඒ පිටි හදන්නේ තිරිඟු වලින් නිසාත්, තිරිඟු වගාවක් නිසාත්, පාන් ද වගාවක් වෙන්න ඕනය. ඉස්සර පාන් වලට වැට් බදු ගැහුවේ නෑය. දැනුත් නෑය..ඒකට බනිස් වලට  වැට් ගහන්න ඔනෑය කියා ටැක්ස් කන්තෝරුවෙ ලොකු  මහත්තයා ඊයෙත් මට කිව්වේය. ඒ නිසා බනිස් වගාවක් වෙන්නේ නැතිය.

වී වවන අයට වී ගොවියා කියා කියති. එළවලු වවන්නන් එළවලු ගොවීන් වන අතර හේන් කොටන ඈයොන්ට හේන් ගොවියන් යයි කියති. මට තාමත් හිතාගන්න බැරි රබර් වවන කෙනාට රබර් වතුකාරයාත්, තේ වවන කෙනාට තේ වතු කාරයාත්, පොල් වවන කෙනාට පොල් වතු කාරයාත් කියා කියන්නේ  ඇයි කියාය. මොකක් හරි හේතුවක් ඇතිය. 

දැන් යහපාලන දැක්ම අනුව රට නැංවීමට සහනාධාර නැවැත්විය යුතුය. එසේ නොකොලොත් ණය දෙන්නේ නෑ නෑමයි කියන නිසා පොහොර සහනාධාරේ නැවැත්තූ නිසා දැන් වී ගොවිතැන් කිරීම අතාරින්න වෙනවාය. මම කන්න දෙකක්ම කුඹුර අතෑරියාය..මට සහනාධාර නොදුන්නාට (මම ගොවි ගනයට නොවැටේ..කරුමෙක මහත ) 350 ට දෙන සහනාධාර පෝර උර ගොවිජන සේවා කාර්යාලයෙන්ම වගා නියාමක 800 ට ලබාදුන්න නිසා වි වගාව කලාය. දැන් හබක්ය. කුරුඳු පෝර හොන්ඩරේ 2650 උනාට ගානක් නැත්තේ දැන් කුරුඳු කිලෝවක් 1534 ට දිය හැකි නිසාය. අනේ ඉතින් කුඹුරේ කුරුඳු වවන්න බැරිය. වී කිලෝව 29කි...ඉතින් බෑය..


මාතලන් මහාචාර්‍ය තුමා කියන්නේ හාල් රටින් ගෙන්නපන්ය, ගොවීන්ට කංසා වවාපන්ය කියාය. දෙයි හාමුදුරුවනේ පිටරට බුවාල රතු හාල් ඒවන්නේ නෑය. බාස්මතී හැමදාම ගිලින්නත් බෑය. ජෙස්මින් රයිස් ස්ටිකී රයිස් වලට හොඳය. පකිස්තාන් සුදු හාලයි, ඉන්දියන් දෝසා රයිසුයි කකා කොහොමෙයි මේ රට කරන්නේ කියා හිටං එයත් අහනවාය. මේ වාගේ අවවාද දෙන නිසාද කොහෙද දෑවුරුද්දක් පිරෙන කාලේට හාල් නැතුව බත් කන්නං කිය කියා අපිලාට ආයෙත් පෝලිමේ යන්නය කියා දේශප්‍රිය මහත්තයා මට ටෙක්ස්ට් මැසේජ් එකක් එව්වේ ඊයේය. ෂුවර්ම නැත්තං ග්‍රාමයා හම්බවෙන්නය කියලා දේශප්‍රිය මහත්තයා ලියලා තිබුනේ හුස්මත් ඉහලට ඇදගෙනය.

හැබැයි අපේ ආතා, ඒ කිව්වේ සීයා නම් කිව්වේ, මනුස්ස හිත කියන වගා බිමේ ආගම ධර්මය ගුරුහරු කම් කියන පොහොර දාලා මනුස්සකම කියන වතුරෙන් පෝෂණය කරලා ගුණ ධර්ම වගා කෙරීම තමයි හොඳම වගාව කියලාය. උන්දෑත් ගියා ගියාමය, ඉන්න තැනක ඉඳන් බලාගෙන වත් ඉන්නවානං කියලාත් හිතෙනවාය.


98 comments:

  1. බතලයි පොල් සම්බෝලෙයි ගැන කියුවම කටට කෙලත් ඉනුවා.... ඉස්සරනම් කුබුරුවල ගොටු කොළ මුකුණුවැන්න තිබුනා.. බෙහෙත් පොහොර නිසා දැන් ඒවත් නෑ....

    ගිය සතියේ මං පොලොන්නරුවේ ගියා... අනේ ඒ මිනිස්සු එක්ක කතා කරනවා නම් ලියන්න දේවල් ගොඩයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් කතා කරලා ලියන්න අනේ...!

      Delete
    2. බෑ අනේ.... එතකොට දේශපාලනේ ලියන්න වෙනවා අනේ... දේශපාලනේ කියන්නේ මඩ ගොඩක් අප්පා...

      Delete
    3. සරලවම කියුවොත් චෙෆ් මේකයි, පොහොර මදි නිසා ‍ඊලඟ කන්නේ කරන්නෙ නෑ කියලා ගොඩක් අය කියුවා... කියන්න කියු නිසා මට සරලව කියන්න පුලුවන් ඒකයි...

      Delete
    4. // පොහොර මදි නිසා ‍ඊලඟ කන්නේ කරන්නෙ නෑ කියලා ගොඩක් අය කියුවා.. //

      අවුලක් නෑ....
      ගොවිපුතා ජනාදිපති වුනා නේ...

      Delete
    5. නිර්මාණී..මම කුඹුර ගන්න කොට...අමුනු දෙකක විතර මුකුනුවැන්න දාල තිබ්බේ..මම ඒකත් එකතු කරලා මුලු කුඹුරම හාලා කන්න දොලහක් විතර කරා...අපි දිගටම ඒ හාල් තමයි ඉව්වෙ..වික්කේ නෑ කවදාවත්...
      මුකුණ දාන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසාබ වෙන්නැති...
      පොහොරන සහනාදාරය නැතිවෙනවා කියන එක ලොකු ගොවියන්ටදැනෙනවා වෙන්නැති..මගේ තර්කය වී ගොවිතැන සුලුවෙන් කරන අපි වගේ පොඩි ගොවියන්ට කුඹුර කරන්න බැරි යායේ තනි උනාම කෘමින් කුරුල්ලන්ගෙන්වෙන හානිය නිසා කොරගන්න බැරිවෙනඑක..අනික රටින් කීරිසම්බා, රතු කැකුළු, ගල්හොඬරවාලු තියා සම්බා හාල්වත් ගේන්න බෑ කියන එක..

      Delete
    6. +++++++++++++++++

      ඉස්සර තිබුන ස්වභාවික ක්‍රම- කෙම් ක්‍රම දිගටම පාවිච්චි කළානම් එහෙම නොවෙන්න තිබුන නේද???

      Delete
    7. @ sa rasa අපිත් ගොවි පුත්තු හරිය....පොලොන්නරුවෙ නූනාට...!

      Delete
    8. @නිර්මාණී..මට මතකයි අපි ගැටවර කාලේ කෘමීන් එලවන්න උදේ පාන්දරින් කුඹුරට ගිහින් ලියදි ගානේ දෙපැත්තේ තියෙන නියරවල් දෙකේ ඉඳන් ලනුවකින් ගොයම පීරන හැටි..ඒකට අද..ගහපන්කෝ ග්‍රැමොක්සෝන්...හපොයි..

      Delete
    9. ++++++++++

      චෙෆ්ට පුලුවන් නම් ඒව ගැනත් පොස්ටුවක් ලියන්නකෝ...

      Delete
    10. කන්ඩ පුලුවං වී ඇටයක් ඉස්සද .....රෙද්ද , මේක අරකය අරක මේකය කියල , එව්වයෙන් බත් උයල දුන්නහම බල්ලොත් බුරනවා , තියෙන්නේ වී පෙට්ටිය පුරවලා , ඔහේ මල දවසක පොරි ඉහින්ඩ හොදයි ඔය පාරම්පරික වී

      Delete
    11. // @ sa rasa අපිත් ගොවි පුත්තු හරිය....පොලොන්නරුවෙ නූනාට...! //

      "අටමා ජනාදිපති කරමු, චෙෆා අගමැති කරමු" කියලා චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවැයි?

      Delete
    12. චන්දේ ඉල්ලන්න හිතුවත් රිමාන්ඩ් කරන නිසා හිතේ තියෙන දේවල් කියා ගන්න බෑ මෙයා...පව් අපි..!

      Delete
  2. හොඳටම නොස්ටැල්ජියාව තදවෙලාද කියල හිතුණා. ඒත් කියවන් යද්දී මෙයා ලියල තියෙන්නෙ මගෙ කතාවම නේද කියලත් හිතුණා.මටත් වගාවක් කරගන්න තැනක් හොයාගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා මේ පින්තුරෙ ඔයාගෙ කුඹුරෙ නේද?

      Delete
    2. ඔව්..ඔව්..
      තද වෙලා..
      මගේ කුඹුර..දැන් පාලු වෙලා මෙයා...

      Delete
  3. කිරිහැන්ද, තෝර කොල දන්නවා. දැන් ඒවා නෑ නේද?
    කිරිඇඹිලිය කියන්නේ මොනවද? එහෙම එකක් මතක නෑ නේ.?
    ගම් අවට හින්දා වෙන්න ඇති මේ කියන පැලෑටි වර්ග අපිටත් මේ ක්‍රමයමයි. හොඳ වෙලාවට අපිට කුඹුරු තිබ්බ හින්දා පොඩි කාලේ හැමදාම බත් කෑවා...

    ReplyDelete
    Replies
    1. බත් කන්න හම්බවෙන්නේ නෑ වැඩි කල්...!
      දැන් දන්නවනේ කිරිඇඹිලිය...!

      Delete
    2. තාම දන්නේ නෑ. පින්තූරයක් තිබ්බ නම් මරු.
      ඒත් ඒක රත්නපුරේ එකක් නෙමෙයි කියලා දන්නවා...
      මේකට මියන දළු, පොල්පලා දළු, මඩු දළු, කොක් මොට හා එකී නොකී දේවල් එකතු වෙන්න ඕනේ. ලොකු බතල එක නිකම් සුදු පාට එකක් ද?

      ඇයි දම් අල. කුකුළු අල, කටු අල ඒවත් එන්න ඕනේ.
      ඉස්සර තමයි අපිට කුඹුරු තිබ්බේ දැන් මම හිතන්නේ අපේ කුඹුරු වල ගර්කින්, බඩ ඉරිඟු වගේ දේවල් තමයි.

      Delete
    3. දැන් හරිනේ..ඔය මතක් කරලා තියෙන්නෙ..හැබැයි මියන දළුය කියලා ජිමීට කැකිල්ල දළු කවනව එහෙම නෙවෙයි ඕන්..!

      Delete
    4. රුවැන්වැල්ලේ හත්මාලුවට මීයනදලු හරි අලකොලදලු හරි තියෙන්නම ඕන , ඔය දෙකෙන් මොකක් තිබ්බත් හරි , අනුරාධපුරේ පැත්තටනං වට්ටක්කාදලු

      සපරගමුවෙදි අමු කජු ඔසේට තිබුනට , අනුරාදපුරෙත් හොයල හරි දානවා

      එව්වා ඔහොමයි බූරු

      දැං අපේ කෙල්ලන්ට ඔව්වා දුන්නොත් උසාවි යන්ටයි වෙන්නේ

      හබරල කොල දුන්නා කියල

      Delete
    5. අපොයි දැන් හැදෙන පොඩි එවුන් එහෙම කියන්නෙ නෑ. අර ඉන්ග්‍රිස් කෑම කඩ වල් නොපෙන්වා හිටියා නම් ඕන කොලයක් ගෙඩියක් කවාගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.
      කාලා විතරක් නිකම් ඉන්නේ නෑ... උන් මෙහෙමත් කියනවා ආන්ටි, පුංචි ඔයා ආස එළවළු ඔක්කොම තියෙනවා කවදද එන්නේ කියලා... මොනවද ඇහුවම ඔක්කොම ඔය ගස් ගෙඩි කොල.

      Delete
    6. කොහෙද මචං ඔය පොඩි ඈයෝ සෙට් එක ඉන්නේ..මෙහේ නං වෙන්න බෑ..!

      Delete
    7. මගේ ගෙදරත් ඉන්නවා ඔයින් එක්කෙනෙක් :)
      chef රහයි දුකයි ඔක්කොම පදමට , ලස්සන ලියවිල්ලක් :)

      Delete
  4. රතන හාන්දුරුවෝ හම්බු වෙලා කාබනික වී ගොවිතැන ගැන අනුසාසනාවක් ලබාගෙන පෝර නැතිව වගා කොරන්න පුරුදු වෙන්න පින්වත!

    ReplyDelete
    Replies
    1. හු#ලා තියෙයි...සාදු සාදු...!!!!

      Delete
    2. සාදුලා හු#ලා තියනවද ....්‍ නැ නැ එලියට හලනවා

      Delete
  5. දැන් තමයි කතාව තේරුණේ.. ඉස්සර අපි ලොකු අල ජාතියක් තම්බලා කනවා ඒවාට කියුවේ හොඩර කියල.. ඒවා තමයි මම හිතන්නේ මේ හොන්ඩර බතල කියන්නේ..

    හම්මේ.. මතක් වෙච්චි දේවල්.. කෑම බීම.. ඒ කාලේ.. කිරිකොස් එක්ක කරවල හොදි සුවඳ.. මයියොක්කා කොළ මැල්ලුම.. කෙසේල්මුවයි කොස් ඇටයි බැදුම.. ගස්ලබු පෙතියි පරිප්පුයි එකට දාල උයන තෙම්පරාදුව.. කලවම් පලා මැල්ලුම.. කොච්චර ජාති තිබ්බද කන්න ඒ කාලේ..

    අර අන්තිම ටිකේ මැක්කා වගේ ඕනේ නැති ඒවා නොලියා හිටියනම් කියල හිතුනා හිටං..

    ReplyDelete
    Replies
    1. ඒ ටික ලියන්න ඕනි නිසා නෙවෙයි මුල් ටික ලිව්වේ ඔන්න...අපී කීකරු හොඳ ලමයි....

      Delete
    2. ඇයි යකෝ ජපං බටු කොල මැල්ලුම ... දැං කවුරුවත් හදන්නැ බං ..... පිලිකා හැදෙනවලු ....අපේ සීතා පුංචි කියුවේ එහෙම‍

      Delete
    3. අපිනම් තාම හදනවා...
      පිළිකා හැදෙනවානම් ඒකත් හැදෙන්නැතෑ...

      Delete
    4. ජපං බටු කොල මැල්ලුම පිලිකාවෙන් බේරෙන්න ඔසුවක් කියල පිලිකා රෝහලේම දැන්වීමක තිබුන පින්වතුනි.

      Delete
  6. ආතා වෙලාවට මැරුනෙ .. දැන් උන්නනං ඇඩ්‍රස් නෑ ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මචං මේ අපේ ආතා කෙනෙක් මලා වි වගාකරල

      Delete
  7. හාල් පිටි වලින් පාං බනිස් හදන්න ඇහැකි බව කියමින් කෙනෙක් පරසක්වල ගසනවාය.ඉල්ලන්නේ තිරිඟු පිටි වලට වැට් බද්දක් ගහලා වෙළෙඳපල අවකාශයක් නිර්මාණය කොර දෙන්න කියලා ය.ඒත් සුද්දාගෙන් ගන්න පිටි ඔලට අත තියන්නේ නති හැඩ ය.
    හාල් වැඩි නං බියර්/සකේ හදපල්ලා ය.මෝල්ට් වලට බදු ගහපල්ලාය.හාල් විකිණෙන්නේය.
    මුදලාලිලා දෙන්නා මිළ තීරණය කොරනතාක් හාල් ගොයියාට අබ සරන වේවා..!

    චෙෆාකිත් ඉසා කෝකිලානට සොට් එක දුන්නා සේ දං කැලේ වගා කල නිසා දංකැලේ සිටානෝ යයි නම් පට බැඳෙන්නටද ඉඩ ඇති ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නම් පට බැඳීම නාක වැඩක්‍ ය..නෝටි අය කරන දෙයක් ය...ඒත් ජය වේවාය..!

      Delete
    2. වෙන නං දෙකක් තියේය ( ඔය ලගිං යන ) වෙඩි කන්ඩ බැරි නිසා ඒ දෙසක නොකියමි , එකක් සිටානෝ එකකි , අනික කලවං එකකි

      Delete
    3. තනිකර හාල්පිටිවලින් මෙලෝ ලබ්බක් හදන්න බෑ බන්.පාන් පිටි ගන්නේ ඒවායේ තියන නොකැඩී ඇදෙන සුළු ගතිය නිසා.ඒක පාන් පිටිවලට ලැබෙන්නේ පාන්පිටි වල තියන ග්ලූටන් නිසා.හාල් පිටිවල ග්ලූටන් හරි අඩුයි.ඒ නිසා ඊස්ට් වලින් පිටවෙන co2 නිසා පිම්බිලා වායුව රදවගන්න බැරුව කැඩිලා යනවා.පාන්පිටි එහෙම නෑ.ලබ්බට හුලං ගැහුවා වගේ ඒවා පිම්බිලා එන්නේ ඒකයි. ඒ නිසා කවදාවත් හාල්පිටි වලින් විතරක් බේකරි කෑමජාති හදන්න බෑ.සම්පූර්ණයෙන්ම පාන්පිටි යොදාගන්නවා වෙනුවට 20-30•/° පාන්පිටි ප්‍රමානය අඩුකරලා ඒ වෙනුවට හාල්පිටි යොදාගන්න පුලුවන්. ඒත් අරතරම් ලස්සනට ෆිනිශින් කරන්න හරි අමාරුයි.

      හැබැයි එකක්....ඔය ග්ලූටන් දැන් ලෝකයෙන් ප්‍රතික්ශේප කරගන යන දෙයක්.health food සංකල්පයට අනූව gluten free කෑම දැන් විලාසිතාවක් වීගන එනවා බටහිර රටවල්වල.හොදමවැඩේ තමයි පුළුවන්නම් තුන්වේලටම බත් සුට්ටක් කාපන්.

      Delete
    4. //ලබ්බට හුලං ගැහුවා වගේ// ගස් ලබ්බ ට??

      Delete
  8. Chef. Varen Wariyapola yanna. Pay okkoma dennam

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා අන්නෝන්..අන්නෝන් කියන්නෙත් මාර ප්‍රොෆ්‍යිල් නමක් නේ..වාරියපොල යන්නෙ මොන එහෙකටද ආයිබොවන්..අම්මපා තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ ඔය පොල..දික්වැල්ලෙ පොලට නං ඕන් හෙනහුරාදාට එතෑකි...

      Delete
    2. හුටා..කියන්නෙපැයි..වාරියපොල කිව්වම යකෝ හාංදුරු කෙනෙක්නේ මතක් වෙන්නේ..
      බුදු අම්මේ උඹත් මේ පල් හෑල්ල කියවනවැයි..
      එඤ්ඤං එඤ්ඤං තාම දන්දෙනියෙ මචෝ..ඊලඟ සැරේ අනේ මාව දාගෙන පලයන් වාරියපොල...

      Delete
  9. කිරිහැන්ද කොළ රස තාම මතකයි. ඔය කැලෑ දෙල් සුද්ද කරන්න අමාරු වුනාට හරිම රහයි. ඒවගේ ඇට බැදලා කන්න පුළුවන්. කොස් දෙල් වල අමුතු හයිය ගතියක් තියනවා.

    ReplyDelete
    Replies
    1. කොස් දෙල් වල හයිය අද කොහෙද ආයිබොවං..සුපියල් පනහක ලාම්පුතෙල් සුවඳ කොස් පැකැට් එකක් ගෙනල්ලා කනෝ වගේද, අතින් පල්ලෙහා තියෙන ගෙඩියක් නෙලාගෙන, පොල්තෙල් ටිකක් අතේ ගාගෙන ඉරි මදුලු සුද්ද බුද්ද කරලා කිරි කොස් මාලුවක් කොස්සැට යහමින් දාලා කිරි කොස් එකක් හදාගෙන අනුභව කරන කොට ඈ...

      Delete
    2. //කනෝ වගේද//

      සිංහල නොකනු මැනවි

      කනවා වාගෙද ලෙස නිවැරදි කරනු

      Delete
    3. වියතුන් මැදට පැනීම නොහොබිනා බැවින් සමාවන්න රත්නපුර සහ මාතර ප්‍රදේශ දෙකේම "කනවා" යන අර්ථයෙන් "කනෝ" වචනය යොදනවා අසා ඇත්තෙමි :)
      ලිව්වා හරිද මන්දා

      Delete
    4. බුද්දිකා, මම ලියන්නේ මම දන්න භාෂාවෙන්..අටම්ලා වගේ හිංගල ලියන්න අපිට බෑනේ...ඒකමයි මම කිව්වේ ..බැහැ..කියලා...මම රත්නපුරේ ඉඳන් මාතර ආ කෙනා නිසා බය නැතුව ලියන්න ඇහැකි දැන්...."

      Delete
  10. දැං එතකොට ඔය කාබනික වගාක්‍රම හරියන්නෙ නැද්ද ලංකාවට ..??

    ReplyDelete
  11. හරියනවද නෙවෙයි එහෙම මල ඉලව්වක් අවශ්‍යද කියලයි අහන්න ඕනි..මාලු කරෝල හරක් මස් දඩ මස් කාපු අපි ඒරොප්පෙන් එන මතවාද නිසා වෙජිටේරියන් වෙලා කැරට් කකා නහය දිග් කරගන්නවා වගේ වැඩක්නේ ආයිබොවං ඔය කාබනික කේස් එකත්..ක්‍රේස් එකක් යූස් කරලා ගාන කපාගන්න හොඳම කන්සෙප්ට් එකක්...යන්නකෝ කීල්ස් හරි ෆුඩ් සිටි හරි..ඔක්කොම කාබනික එලෝලු හාල් අරව මේවා පැක් කොරල තියෙන්නේ කෙහෙල් කොල වලද..නෑනේ ප්ලාස්ටික් බෑග්ස් වල..හරි සස්ටේනබල් නේ...

    ReplyDelete
    Replies
    1. අපිට හරියන වගා ක්‍රම තිබේ... සුද්දෝ ඒවා ඉගෙන ගත්තේ අපේ හේන් ගොයියන් ගෙනි....
      පර්මාකල්චර් එකේ පස වත් කොටන්නේ පෙරලන්නේ නැත... පෝර හෝ කෘමි නාසක යොදනු නොලැබේ.... කම්මැලි අපට ම හැදූ ක්‍රමයකි...

      https://deepgreenpermaculture.com/diy-instructions/no-dig-gardening/

      අර්බන් ෆූඩ් ෆොරස්ට් කියන්නේ ද හැම හු**ම එකට හිටුවා වැවෙන ගසක පලදාවක් කන ක්‍රොමයකි...


      http://permaculturenews.org/2011/10/21/why-food-forests/

      Delete
    2. මෙව්වා ගැන විස්තර නොලියන සාරසතුමාට මඩු වලිගෙන් පහරදෙන ලෙසට ඉල්ලා සිටිමි.

      Delete
  12. රස ඉතිරෙන පෝස්ටුවක්...පුංචි කාලේ ගමේ තිබුන එළවලු, පලා, බතල, මයියොක්කා, කොස්, දෙල් සේරම මතක් උනා...

    ReplyDelete
    Replies
    1. අල කොල වල අගය අර ටවුමේ කඩේ කෙල්ලගෙන් ඇහුවා නම් කියා දෙනු ඇත. අල කොල නැවතීම ගැන ඇය මට හැමදාම පින් දුන්නාය.

      කරුමය කියන්නේ ළිං මැඩියන් නොව ළෝකය පුරා කරක් ගහපු චෙෆාකිලා වගේ යමක් කමක් දන්නා උනුත් මඩටම රිංගනා එකය. ගංජා වවා මුදල් යහමින් අතට ආ විට. ඔය කුණු රතු හාල් කන්න ඕනා නැතිය. බත් නොකා ඉන්නම බැරි නම්, මොන්ටිකාලෝවල උන් වාගේ ටර්කිෂ් රයිස් හෝ බ්ලෑක් රයිස් කන්න පුළුවන්ය. ටර්කිෂ් රයිස් උයනා විට අහල ගම් හතකටම සුවඳ එනවාය. සුවඳැල් කැලේය. අනික බත් ටික නිකන්ම කන්න පුළුවන්ය.

      Delete
    2. කරුමේ කියන්නේ මාතේ ජාන වල කේස් එකක්ද කොහෙද මොන මගුල කෑවත් රතුහාල් බත් ටිකක් පොල් සම්බලක් එක්ක අදිනව වගේ පත්තියන් වෙන් නැති හැටි...
      සමහරක් විට අලුත් පරපුර, ඒ කිව්වේ අපේ දුවා පුතාලා, උන් බත් නම් කන්නේ නැති තරම්, මේ රට බාරගන්න කාලේ වෙනකොට ඔය කොන්සෙප්ට් එක වැඩ කරාවි..
      අනික මාතේ ලෝකේ වටේ ගියාය, අරක කෑවාය මේක කෑවාය, කියලා අපි වගේ ළිං මැඩියෝ මඩෙන් ගොඩ ගන්න ඇහැක් එකක්‍ යෑ..
      ඔහේ ගංජා වවලා යුදෙව්වෝ වගේ බිස්නොස් කරලා ටර්කිශ් රයිස් කාලා ඉන්නකෝ..අපි අපේ කුඹුරේ හරි රතු හාල් වවාගෙන කන්නං ආංඩුවෙන් හිඟන්නේ නැතුව..අපේ ආතාත් කර එකේ මටත් ඇහැක් වේවි...

      Delete
    3. අලකොල උදේ හවස කන කෑමක් නොවේය..ස්‍රීපාදේ යන්න බත් මුල් බඳින්නත්, උෂ්ණ වැඩි දෙල් වගේ කෑම අඩු කාලෙට කන්නත් හැදූ මාලුවකි..දැන් ඉන්න සෙප්පඩ විජ්ජා ශෙෆා ලා හැමදාම අලකොල ඉව්වාම කඩේ ගෑල්ලමයා අඬපු නිසා නවත්තපු එක මම හොඳින් දනිමි...

      Delete
    4. මාතෙ දොස්තර කෙනෙක් එක්ක වලිය අල්ලල දැන් චෙෆෙක් එක්කත් අල්ලන්නද යන්නෙ. හැක්..

      Delete
    5. ගොඩකවෙල ඇවිත් ගහන්නේ හරිය...එනව මෙතන...

      Delete
    6. ආවට කමක්නෑ අර අටම එහෙම එක්ක එන්න එපා.

      Delete
    7. අද නං වෙලාවට ආවා. කෝ වලිය තාම නෑනෙ :D

      Delete
    8. කවුද ප්‍රසා අටම කියන්නේ...වෙනද එන අය එක්කමයි එන්නේ...මතක ඇති නේ...?

      Delete
    9. මතකයි මතකයි. හැක්..
      අටම කියන්නෙ අර අටම්පහුර කියන එක ලියන එකා. :D

      Delete
    10. පත්තරේ, වැඩක් නෑ බං. අතන වගේ මෙතන වලිය අවුලෝල ගන්න කට්ටිය නෑ. :D

      Delete
  13. මාතෘකාවට අදාල නැත. නමුත් මේ ගැන ඔබතුමා ගුවන් තොටුපල වැනි සංකීර්ණ ව්‍යාපෘති ගැන කතා කල පෝස්ටුවකදී සඳහන් කලා.

    http://www.ft.lk/article/550322/Cabinet-removes-consultancy-firm-for-Rs--40-b-Defence-HQ

    මේ ඉවත් කලාය කියන්නේ ඔබ වැඩ කල ආයතනයද?

    CECB ගැන මට ඉතා හොඳ වැටහීමක් නැතත් ඔවුන් ගැන මට අහන්න ලබුනු සමහර කතා (මීට වඩා බොහෝ පොඩි ව්‍යාපෘති ගැන) හොඳ මදි.

    ReplyDelete
    Replies
    1. කැබිනට් ප්‍රකාශකට අනුව, උපදේශක සමාගමේ ගෙවීම් සහ වැඩ නවත්වා ඇත. සත්‍ය නම්, උපදේශක සමාගමට ගෙවීම් නවත්වන ලද්දේ 2014 ඔක්තෝබර් මාසයේය..උපදේශක සමාගම් සමූහයක් සම්බන්ද ව්‍යපෘතියකි.CECB ආයතනය ඉංජිනේරු, QS සහ construction management කාර්‍ය්‍යන්ගේ නියුතු ව්‍යාපෘතියකි.
      ගෘහ නිර්මාණ උපදේශණ වගකීම් පැවරූ ආයතනය පෞද්ගලික ආයතනයකි. කුමන සමාගමේ වැඩ නැවැත්තුවාද කියා කැබිනට් ප්‍රකාශක නොකීවත්, මිල ගනන් කිව් නිසා එම පෞද්ගලික ආයතනයේ වැඩ නැවැත්තූ බව උපකල්පනය කල හැක..
      අප සම්බන්ද වී ඇත්තේ specialist foriegn consultant සමාගමක් ලෙසය..අප විසින් කරන ලද්දේ project restructuring and architectural design management වශයෙන් නම් කල හැකි කර්තවයන් බව පමනක් කිව හැක..
      අරුමය නම් අවුරුදු දෙකක විමර්ශනයකින් පසුවත්, කැබිනට් ප්‍රකාශක කියන්නේ කුමක් හෝ හොර ගනුදෙනුවක් වී ඇතැයි සැක පහල වෙන බවයි...
      ගේ හදන්න සල්ලි නැති උනාම අපිත් අපල කාලයේ වැඩ කරන්න හොඳ නැත ආදී විකාර කියනවා නේද?

      Delete
    2. // ගේ හදන්න සල්ලි නැති උනාම අපිත් අපල කාලයේ වැඩ කරන්න හොඳ නැත ආදී විකාර කියනවා නේද?//


      යහපාලන ආන්ඩුව සහ දත් ගලවා නැවු ගත් හාදයන් අපහසුතාවයට පත් වන සත්ය හෙලිදරවු කිරීමෙන් වලකින ලෙස කරුනාවෙන් දැනුම්දෙමි! හිකිz

      Delete
    3. පෙරේත පාදෙ අහුවුනාද මංද.
      කතිරයක් ගහල මැද කණුවක් හදල වාලම්පූරියක් තියල බලන්න

      Delete
    4. ///ගේ හදන්න සල්ලි නැති උනාම අපිත් අපල කාලයේ වැඩ කරන්න හොඳ නැත ආදී විකාර කියනවා නේද?///
      මෙතන අපලේ ගේ හදන්න සල්ලි නැති කම නෙමෙයිනේ, ගේ හදන්න එකතු කරපු සල්ලි ටික අරගෙන කසිප්පු ගහලා, ඉතුරු ටිකෙන් බුරු ගහපු එකනේ...

      අපේ ගේත් හදන්න සල්ලි නැහැ, තිබ්බ සල්ලි මල්ල ඔහේලගේ ගේ හදන්න තිබ්බ සල්ලි ගත්තු එවුන්ම අරගෙන, උන් ඒවයෙන් ගැහුවේ මොනවද කියලවත් අපි දන්නේ නැහැ...

      Delete
  14. රාජිත නම් වඳුරාට දැලිපිහිය දුන්නම, ඒවා රිලා නැටුම් වලට මනාප උදවියට සතුටක් ගෙනදෙනවා. අදාළ නැතිනම් ඒ වගේ කොමෙන්ටු දාන්නේ ඇයි ? අදාළ තැනක දාන්න. ඕක තමයි අඩුම තරමේ කුනුබාල්දී වෙන වෙනම තිබ්බත් එකම බාල්දියට දිරන ඒවත් නොදිරන ඒවත් දාන ලාංකික ගතිය

    ReplyDelete
    Replies
    1. This was written by me. Not the 'Unknown' at the top.

      Delete
    2. මට කොයිල් ය...ඔව්වා ගනන් ගන්න කාරි නැතිය..
      ඔය සම්බන්දයෙන් පෝස්ට් දමන්න විදියක් නැති එක දන්නෝ දනිති...

      Delete
    3. අපිට කුනුබාල්දියක් කී බිනූට අපගේ බලවත් මෙව්වා එක...
      කඩදහිකොලයක් රෝල් කර පහරදෙන්න හිතෙනවාය.."

      Delete
    4. "මේ අදාල නැත " කතාව කියා ඇත්තේ මම දැමූ කමෙන්ටුවට නම් ඒ ගැන කිව යුත්තේ ඒ කමන්ටුව අදාල නැත්තේ මේ පෝස්ටුවට මිස බ්ලොග් රචකයාට නොවන නොවන බවයි.

      මම ඇසූ ප්‍රශ්නය ගැන දන්නා වෙන කෙනෙක් සිටියේනම් චෙෆාකිගේ වගාව ගැන පෝස්ටුව මැද ඒ ගැන මම නොඅසමි. ලංකාවේ පත්තර වලින් ඇත්ත දැන ගැනීම අසීරු නිසා මේ ගැන වැඩි දුර අදහසක් ගැනීමට ඇසූ ප්‍රශ්නයකි. එසේ නැතිව මේ ව්‍යාපෘතියට හෝ චෙෆාකිට "කෙල" වෙනවා දැකීම මගේ බලාපොරොත්තුව නොවේ.

      අදාල නැති කමෙන්ටුවක් යලිත් දමන්නට සිදුවීම ගැන මම චෙෆාකිතුමාගෙන් යලිත් සමාව ඉල්ලමි.

      Delete
    5. Also nown as..ඕව ඔච්චර ගනන් ගන්න එපා මෙයා.. අදාලත් නහී උනාට මම උත්තරයක් දුන්නානේ..ඕනිමනං එවන්නකෝ ඊයක්..කැබිනට් ප්‍රකාශකට පෙන්නන්ත් එක්ක තව ඇත්ත විස්තර දෙන්නංකෝ..ඒත් වැඩක් නෑ මෙයා..මට පලවෙනියා වෙන්න උනත් පුලුවන් කියන එක කියපු නිසා නේ මේ..කෝ ඉතින් එයත් දැන් කියන එක අහන්නේ නැති ගානට ෆෝර්ම් වෙලානේ..ඒකනේ කියන්නේ අයියා විතරයි ෂෝයි මල්ලිලා හොරුය කියලා...ආයෙත් කියන්නේ බුදු සාදු වගේ ඇත්ත හොයන්න යන්න එපා...නිවන් යවයි බටලන්දෙන්...

      Delete
    6. බිනූ..මම දන්න දේවල් ලියන්න හොඳ නැහැ...ඒත් කවදා හරි අපහසුතාවයකින් තොරව ලියන්න දවසක් උදාවේවි..එදාට බලමු...
      ඇයි බිනූ නොලියන්නේ...?

      Delete
  15. ඔය කෑම වැඩි හරියක් අද ඉන්න පොස් ගෑණු කට්ටිය හදන්න දන්නැතිය. හැදුවත් මෙළෝ රහක් ඇතිව කන්න නොහැකිය.
    දැන් කුඹුරු වලට බෙහෙත් ගහන හැටියට ඒවයෙ වැවෙන ගොටුකොළ, මුකුණවැන්න කෑවොත් එම්බාම් එකක් නැතුවම පෙට්ටියක යන්න පුලුවං.

    බිත්තර වී ටිකයි, පෝර ටිකයි සහනාධාරෙට දීල වී වලට සහතික මිලක් ඉල්ලන එක ටිකක් අවුල් වගේය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අවුල්‍ ය..එබැවින් අපි අපේ කුඹුරක් අපිට ඇති හැකි විදියට කරගෙන ඉන්නවාය..ඉල්ලුවත් හාල් ටිකක් නං දෙන්න වෙන්නේ නැතිය..මොකෝ ඉස්සරහට හාල් කංසා වලට වඩා ගනන් නගින නිසාය...

      Delete
  16. රට දෙල් ගෙනාවයි කියල සැලකෙන්නේ / අනුමාන කරන්නේ පරංගි නෙමෙයි ලන්දේසි - from Java.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ අදර්වයිස්...මොකා උනත් ගෙනාපු එකා හොඳ එකෙක්..තම්බලා, මලවලා, කිරට උයලා, පෙති බැදලා, සීනී දාලා, මිරිස් දාලා එහෙම කන්න ඇහැකි කෑමක් නේ..හාල් වගේද දෙල්..හුහ්...!

      Delete
    2. තව පුලුවන්
      http://www.seychellesnewsagency.com/articles/390/Breadfruit+beer+Samoans+develop+distinctive+island+refreshment

      Delete
  17. Ithin ithin dan kele gihin wena monawada kale

    ReplyDelete
  18. අපි කුඹුරු කරන එක නතර කරලා කඩෙන් හාල් අරගෙන කනවා...
    හැබැයි කඩේ හාල් වල එන පරණ වහතු රහ එනකොට මතක් වෙන්නේ අපේ කුඹුරේ හදපු අලුත් රෝස කැකුළු බතේ කිරි රහ...

    අපිට තියෙන අනිත් අවුල කියන්නේ ලොකු අයියේ වල් ඌරු ඩයල් ටිකක් බැහැල කුඹුරට ගේම දෙන එක...
    අර හුච්චි හුළං බටේ තියාගෙන උන් එක්ක හැප්පෙන්න පුළුවනෑ...

    කොයිකටත් කියල ඊළඟ වතාවේ ට්‍රයි එකක් දෙන්න ඕනේ තෙල් බෙහෙත් සහ රසායන පෝර නැතුව කුඹුර කරන්න...
    අඩු ගානේ අවම කරගෙන හරි කරන්න බලන්න ඕනේ...

    ReplyDelete
  19. ලොකුපුතා තුමෝ,
    පහත යූ ටියුබ් කතාව නරඹන්න.. ඒ විදියට කුඹුර කොරන්න උත්සාහ කොරන්න...

    https://www.youtube.com/watch?v=8atbgaiekZI

    ReplyDelete
    Replies
    1. හාල් කන්නම ඕනිම නං රට පලයන්...පොඩි එකා හරි ගොඩ යාවි එතකොට...!

      Delete
    2. සා රස තුමෝ,
      මම ඒක බාගත කරගෙන බලන්නම්...

      චෙෆ්,
      අපි දැන් කන්නේ පුලතිසි දෙයියන්ගේ හාල්...
      ඔය ජරා රට හාල් නම් කන්න බැහැ...

      Delete
  20. දැනටත් මෙහෙමනම් තව අවුරුදු 10කින් විතර ඉස්සරහට තත්වය කොයි වගේ වෙයිද කියලා හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එතකොට අපි වගේ..සොරි මම වගේ ළිං මැඩියෝ සෙත්තපෝච්චි නිසා මේ රට බැබලේවි කංසා බිස්නොස් එකෙන්...වැඩිය හිතන්න එපා ඕවා..වැට් එක ගෙවලා නිදාගන්න දිනේශ්...!

      Delete
  21. කුඹුරු අදාළ නෑ..

    ReplyDelete
    Replies
    1. කන්නේ මොනවද එතකොට...?

      Delete
    2. අනවස්ස අයයි කුඹුරු කරන්නේ

      මීට ජෝන් බාස්

      Delete
    3. අපි පෙත්ත මාත්‍රාවට අරන් කුඹුරු කරන්නේ හරිය..!

      Delete
  22. lokaya mehemai.
    http://minimalistbaker.com/the-best-gluten-free-pizza-crust-sauce/
    api bath kanne gonnu kiyanwa.

    ReplyDelete
  23. ලස්සන ලියවිල්ලක් .. කාමියා සහ සුරංග කියන තුරු මට මේක අහුවුනේ නෑ... //කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.// මට මතක් වෙනවා අපේ තාත්තලා ඔෆිස් එකේ ( මොනරාගල ,සිරිගල චමරියේ ) ඉස්කෝලේ නිවාඩු කාලෙට ගිහින් හිටියම මැලතියන් අරන් යන ජීප් එකේ මාමලත් එක්ක කුඩා මම (මගේ වයස අවුරුදු 10ක් 12ක් ඇති එතකොට) ත් යනවා. ඒ ගියහම ඒ වතුපිටිවල තියෙන පැපොල් කෙසෙල් අන්නාසි ආදී පලතුරුත් එක යායට තිබුණු මුන් ඇට සහ කව්පි වගාවනුත්.. අපිට සමහරක් ගොවි ගෙවල් වලින් කව්පි තම්බලා ළුණු මිරිසකුත් එක්ක කන්න දෙනවා .. අප්පා අමෘතේ වගේ.. දැන් අපි මේ රටවල ඉඳගෙන කව්පි , මුන් අට තම්බලා කනවා සති අන්තෙට කෝ අර වගේ නැවුම් රහක් නෑ....

    ReplyDelete
  24. අපි වගාව ගැන ලියපු දේවල් මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න //http://helmalu.blogspot.com.au/2015/04/blog-post_28.html//
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මම කවිඳුව කියවනව මුල ඉඳලම...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....