හතර හමාරේ කනිසමට
දින පහක් සතියකට
උදේට එයා ආස පාන් එක්ක හොද්දකට
පාට පාට පාන් පෙති දෝනිට
මහන්සි නොබලා හැදූ මට
කලු කලිසමට ගැලපෙන කමීසෙට
ටයි පටියට සරිලන මේස් යුගලෙට
සුමානෙ දවස් පහකට
මැද්දේ මම ඇදුම ඔබේ අගේට
දෝනිගේ ඉස්කෝලෙට
එයාගේ ඔෆිස් එකට
එයාගේ අම්මගේ ක්ලිනික් දවසට
මට අකැප .කැබ්, ප්‍රිමියෝ තිබ්බට
යුනියෙදි කෝස් වර්ක් වලට
ට්‍රේනින් එකේදි රිපොර්ට්ස් වලට
අලුත් රස්සාවෙ ප්‍රොජෙක්ට්ස් වලට
එයාට අඩු ඉන්ගිරිසි හැදූ මට
ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ
අට අවුරුදු කැපකිරීම් එයාට තේරෙන්නේ නෑ
මම ආදරේ විඳින්න දන්නේ නෑ
ඒ නිසාම අත අරින්නේ නෑ.....
මා ඔබේ හතුරියක් නොව
සහකාරිය ලෙස සැලකුව මැන
ඔබගේ ලෙයින් මා මෙලොවට
බිහිකල ඒ සුදු පිච්ච මල වෙනුවෙන්වත්....!.
කොහෙන්ද මේක ඉස්සුවේ , මල් පත්තරේකින්ද
ReplyDeleteකොපිරයිට්ස් රිසර්ව්ඩ්ස්...!
Deleteඅටම් +++++++
Deleteකිසිත් නොකියමි....දහක් සිතනෙමි....
ReplyDeleteසිතුන හැඟුන දේ ලීවෙමි...!
Deleteලස්සන කවියක්, එහෙම බිරිඳක්
ReplyDeleteඔයත් දන්න දේවල්...!
DeleteTaken for advantage...එහෙම උනාම මෙහෙම වෙනවා...නිර්මාණය බොහොමත්ම වින්දා...දරුවෙක් ඉන්නකොට ඕනෙම බිරිඳක් මේ වගේ අසරණ වෙනවා...හැබැයි ඉතින් තමන්ගේ අම්මට ආදරේ නොකරන, හරියට රැකවරණයක් නොදෙන තාත්තෙක්, දරුවෙකට වැඩක් නැහැ...ඒකෙන් වෙන්නේ ඒ දරුවා මානසිකව තැලෙන එක විතරයි...
ReplyDeleteආසියතික ස්ත්‍රිය දරුවන් වෙනුවෙන් තම අයිතීන් තමන් විහින්ම පාගාගෙන ඉඳීම ඉවසන්න බැරි තැන ලියවුනේ පොකුරු....අපි සමහර වෙලාවල් වලට ඕනවටත් වඩා සංවේදී වෙනවා....ඒත් වැඩක් වෙන්නේ නැති එක ගැන හරි වේදනයි...!
Deleteඅට අවුරුදු ? දැන් බැඳල අවුරුදු 60 විතර නේද? ලස්සන සංවේදී නිර්මාණයක් චෙෆා
ReplyDeleteබැඳලා 60ක් විතර වෙන්නේ මටනේ මචෝ....මේ වෙන කේස් එකක් වෙන්නම බැරිද..?
Deleteතැන්කූ වේවා ඉයන්...! ඉඳලා හිටලා අපිලටත් සංවේදී හැඟීම් එනවා අනේ...!
ඉඳල හිටල?
Delete@ Pra Jay.....ඔව් අනේ දවසට 60 පාරක් විතර...!
Deleteදවසට 60 පාරක්??? වැඩිපුර ටැබ්ලට් පාවිච්චි කරල ජෝන් ගොයියා වගේ ඉස්පිරිතාලෙ යන්න වෙයිද?
Deleteසංවේදි වෙන්න ඉයන් බොන්නේ පෙතිද....අපිලනම් මුද්දරයක් සූප්පු කරනව නැත්තං අයිස් බොංගා මලක් අදිනවා....ඕවා බොන්න හොඳ නෑ ඉයන් ඔය වයසට...!
Deleteසුදු පිච්ච මල ගැනත් මල් ගහ ගැනත් මගේ කනගාටුව...
ReplyDeleteනේවි එකේ හිටිය අය හරි නාකයි ....!
Deleteහී... හී...
ReplyDeleteමව් නැති දා තේරේවී... මව් නැති සෝකේ...
නලවා දොයි බබොයි කියා..
බැලුවා නෙත නොපියා..
මෙළොව දෙයියෝ.. මගේ මැනීයෝ..
- වොලී බැස්ටියන් -
මේකේ අර "මව් නැතිදා තේරේවී.... මව් නැති සෝකේ.." කියන කොටස හයිලයිට් කරලා පෙන්නන්න...
කාටද මෙයා පෙන්නන්න කියන්නේ...!
Deleteගිය සුමානේ අපිත් සමන් පිච්ච පැළයක් හිටෙවුවා හිටන්.. මේක ඇත්ත පැලයක්!
ReplyDeleteපැල හිටෙව්වාට කමක් නෑ..මල් කඩන්න එපා...ප්‍රතිපල භයානකයි...!
Deleteකාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න හිතුනෙ මොකද හදිස්සියෙම.
ReplyDeleteඅපි කථා කලාම මොකෝ මචෝ..මතකද අර සාදුකෙනෙක් හෙද සංගමය රන් කලේ...:)
DeleteToo personal to comment honestly.
ReplyDeleteOops....:(
Deleteඅපිටත් ඉතිං පිච්ච මල් පුසුබ එනවා.. හැක්
ReplyDeleteහැක්...!
Deleteඉඹිනව එහෙම නෙවෙයි..වීzz එක හැදෙයි...!
වෙරළු මල් නෙමෙයි වෙන්ටැ.
Deletehttp://maathalan.blogspot.com/2013/12/2-galle-road-mother-in-law-2.html?showComment=1386212344500#c4730395696829702624
අන්න සරහේ වැට් පුරස්නයක් ඇවිත්.. හැක්
Deletehttp://mallepol.blogspot.com/2016/06/blog-post_27.html?showComment=1467271616925#c3258574388015021122
මට පේන්නේ මේක ගැට පිච්ච වැලක් වගේ... ගැට පිච්ච.. හැක්.. පරිකල්පන ශක්තිය යොදාගෙන කරන නිර්මාණ වෙනුවෙන් අත්දැකීම් "තමන්ගේම" වෙන්න ඕන නෑ...
ReplyDeleteඩබල්පෙටල් ගැට පිච්ච...!
Deleteඑහෙමයි....!
පිච්ච මල් ළඟ කවි සිත් පහළවෙනවා නේද මචෝ.
ReplyDeleteසුවඳයිනේ පිච්ච..ඒකයි මයේ හිතේ...!
Deleteහෘදයාංගමව ලියවුනු කතා කලයුතු, කතා කරන්න හිතෙන මාතෘකාවක් මේක.
ReplyDeleteඅඩු වැඩි වශයෙන් කථා කලත් නොකලත් අද බොහොමයක් දෙනා අත්විදින ජීවිතය තමයි මේ කියවෙන්නේ.
විවිද සමාජ තලවලින් පැමිණෙන ගැහැණියක් හා පිරිමියකු කුටුම්බ ගත වීමෙන් ඇරඹෙන්නාවූ සමාජීය කුඩාම ඒකකය පව්ල ලෙස හදුන් වනවා. කුඩාම සමාජීය ඒකකය පවුල ලෙස විග්‍රහ කලත් එකත් හරියට atom bomb එකක් වගේ වෙලාවකට.
ඇයි එහෙම වෙන්නේ , අපේ ආසියාතික මානසිකත්වය නැත්තම් කොදෙව් මානසිකත්වය නිසාද...? මට දැනෙන විදිහට කලවම් මානසිකත්වය නිසා. :)
මහ ගිණි අව්වේ ටයි පටියක් බෙල්ලටම හිර කරගත්තු පිරිමිත්, veet කරලා මිනි skirt අදින ගැහැණුත් ඉන්න රටක අම්මා තාත්තා මළාම parlor එකක body එක තියන අපි කදුළු එන්නත් කලින් touch කරන්නේ wet tissue වලින්. වැලි කාලා බිම පෙරලිලා ඇන්ඩන්නේ නැති අපි දැන් කතාකරන්නේ give-up, tension, depression, psycho ගැන.
සමාජය යන්නේ ඒ අතටනම් , මේ අහන කතාත් එක අතකට පුදුමයක් නෙවෙයි. ඇයි මෙහෙම වෙන්නේ කියන්න විග්‍රහ කරන්න comment නෙවෙයි අඩු තරමින් පොතක් වත් ලියන්න වෙනවා.
ඕනෑම දරුවන් රකින මවකගේ (විශේෂයෙන් රැකියාවක නියුතු) ජිවිතේ මේ තරම් දුෂ්කරයි. ගැහැණියකට රන් මිණි මුතු මැණික් නැතත් විශ්වය තරම් දැනෙන ආදරයක් රැකවරණයක් උවමනායි. ඒ ලංකාවේ වගේම මුහුදු හතකින් එහා රටක ජනාධිපතිනියකටත් එය සත්‍යයක්. නමුත් ඒ සියල්ල එලෙසින්ම ලැබෙන්නේ කියෙන් කි දෙනාටද...? මමත් ගැහැනියක් නමුත් හැම කාසියකම දෙපැත්තක් ඇති බව අත් දකින්නියක්.
කෝපය , තරහව,ඉච්චා භංගත්වයට පත්වෙන්නේ සරලවම කිව්වොත් සාපේක්ෂව අප්‍රමාණ අපේක්ෂාවන් ඇති කරගන්න මිනිස්සු.
පැටළුණු නුල් බෝලයක් සිතුවිළි ලිහාගන්න මේ වගේ වෙලාවකට තුන්වන පාර්ශවයකගේ professional මැදිහත් වීමක් ඕනේ කරනවා.
ඔබේ නිර්මාණය ගැන නෙවෙයි මේ එහි අන්තර්ගතය ගැන මගේ අදහස Chef-Architect
Assume she will read your reaction..thanks budhdhika for your analysis...!
Deleteඔය විදිහට බලන්න ඉගෙන ගන්න ඔයාගේ වයසටම එන්න වේවි වගේ...
ReplyDeleteහිතට දැනුන ලියවිල්ලක්...
තව චුට්ටක් සංවේදි වෙයන්..වයසට යන්නම ඕනි නෑ ඔහොම දැක්මක් තියෙන්න..
Deleteචේෆ්, මේකට සාර්ථකම විසඳුම දෙන්න පුලුවන් දෙමාපියන්ට.. දුවෙක් හදනකොට සාමාන්‍ය ආසියාතික යටත් යැපුම් මානසිකත්වය වෙනුවට ආත්මගෞරවය රැකගත් ස්වාධීන මනසක් එක්ක යුගදිවියක් ගතකරන්න ඇයව කුඩා කල සිටම සුදානම් කිරිම තුලින්.. ඒත් එක්කම සමාජ ආකල්පත් වෙනස් විය යුතුයි මම හිතන්නේ බිරිඳක් ගැන තියන...
ReplyDeleteඉබේ කෙඳිරිගෑවෙන
ReplyDeleteමහන්සියි පායනකොට හඳ
යන්නම ඕනෑද
ජොගින් ට්‍රැක් හවසට?
අනේ මට සමාවෙන්න
අතෙන් සුදුළුෑණු සුවඳ ආවාට
ජයවේවා..!!