Wednesday 7 December 2016

The Measure of LOVE....!




කිරි හොද්දක
ලුණු බලන්න වගේ
අල්ලට අරන් ලෙවකාලා
ආදරේ දිග පළල ගැඹුර
ගැන කියන්න
ඉගෙනගන්න
ආයෙත් ඉස්කෝලෙ යන්න
හිතෙන්නේ ඇයි ඇත්තට...?

48 comments:

  1. ඉස්කෝලෙ ඔය වගේ දේවල් කියල දෙන්නෙ නෑ කියල මතක නැති නිසා

    ReplyDelete
    Replies
    1. නැනේ.... ඒක ටීචර් උගන්නන්න පටන් ගන්න කොටම මම අත උස්සලා අවසර ඉල්ලාන ගියානේ වොෂ් රූම්...හෙක්.....!

      විභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...!

      Delete
    2. ටීචර්ල දිහා බලල _තේ ගහපු කෙනෙක්ද ?

      Delete
    3. ඔබතුමා මලක් ගහල වගේ

      Delete
    4. කමක් නැද්ද...?

      Delete
    5. එකෙන්ම මමත් ටිචර් දිහා බලලා තේ හදපු එකෙක් ..ඒ කලේ අපේ පංතිය බාරව හිටියේ විද්‍යා පීට ටීචර්ලා

      Delete
  2. ලොකු උනාට පස්සෙ දිග පලල ගැඹුර බලන්නෙ වෙන වෙන විදි වලට හින්ද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔයා දැන් ලොකු ලමයෙක්ද?

      Delete
  3. ආයෙනම් කීය දුන්නත් ඉස්කෝලේ යන්නේ නැහැ...
    විභාග නොතිබ්බත් වැරදිලා හරි ඉගැන්නුවොත් එහෙම කෙළිය නේද තාප්පෙටම...

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ආයේ බ්ලොගක් වත් ලියන එකක් නෑ මොලේ පෑදුනොත් ඉගෙනගෙන නැද්ද ලොකූ....?

      Delete
  4. Replies
    1. දැන් සනීපයි බොස්....පහුගිය ටිකේ උත්සන්න වෙලා තිබිලා ගත්තා නේ බේත්....!

      Delete
  5. දිවගට තරුණ කල වතුරත් රහ වෙනවා
    හොද්දට ලුණු නැතත් බත් සමගින් කනවා
    දවසට දෙකට මහළුව ගොස් පිරිහෙනවා
    වයසට යද්දි ඔය වගෙ ලෙඩ ඇතිවෙනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දිව ලෙඩ වෙන්නේ නෑ දුමී වෑසට....;)

      Delete
  6. හෆොයි!

    ලෙවින්ස්කි වෙන්නයි සූජානම එහෙනම්?

    ReplyDelete
    Replies
    1. අර එදා කියපු කැන්ඩි ලෙවෙන්ස්කි නේ....ඇයි ලතා බ්‍රැක්ස්ටන්....:)

      Delete
  7. මට හිතෙන්නේ හැම තිස්සෙම හොදම දේවල් උනේ ඉස්කෝලේ...තරහකාරයොත් නෑ..ලව් කේසුත් නෑ...කාලයක් ගිහින් හම්බ උනාම බදාගන්න හිතෙන දෙපාර්ශවයම ඉන්නේ ඉස්කෝලේ..

    ReplyDelete
    Replies
    1. වෙරළු මල් සුවඳ කවමදාකවත් අමතකවෙන්නැත්තේ ඒකනේ මචෝ....! :)

      Delete
  8. කිරි හොද්දේ ලුණු බැලුවට කමක් නැහැ, ගොරක කෑල්ල එහෙම හපනවා නෙමෙයි තේරුනද...

    ReplyDelete
    Replies
    1. ගොරක කෑල්ල නූලක් බැඳලා දුමේ එල්ලලා තියෙන්නේ..රහ ගානට ආවාම උස්සලා අහකට ගන්නවනේ..ඉතින් නොහැපේ...!

      Delete
  9. ලෙවකාල රහ බල බල අන්තිමට අපිට කන්ඩ වෙන්නේ ඔව්වනෙ

    ReplyDelete
    Replies
    1. උයන්නෝ දිනන්නෝ කියල අහල නැද්ද මේ ළමයා...ආයෙත් ඉස්කෝලේ අරින්න වෙන්නේ ඔහේවත්...අපේ පංතියටම හොඳේ...!

      Delete
  10. ඒ කාලෙ ඉස්කෝල වල ආදරෙ කොරන්නත් ඉගැන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඇයි දැන්කාලේ උගන්නන්නැද්ද ඒක...ඉගැන්නුවා නැතුවා ඒ කාලේ කලේ ඒක විතරයි...:)

      Delete
  11. සුවඳින්ම රස ගුණ කියන්න අවධානෙ දෙන්න කම්මැලි උනාම වෙන වැඩ නෙව.. මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.

      Delete
  12. විභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...
    එකෙන්ම

    ReplyDelete
  13. ඉස්කෝලෙ නොගිය එකේ වැරැද්ද තේරෙන්නෙ මෙන්න මේ වගේ කවි දකිද්දියි බං.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ නෙවෙයි, මාත් එක්ක වනගත වෙන්න ඉක්මනට වරෙන්...!

      Delete
  14. අනේ මන්දා, අල්ලට අරන් ලෙවකන්නම ඕනෙද ලුණු බලන්න?

    ReplyDelete
    Replies
    1. අපි නම් ලුනු බලන්නේ නහයෙන්...නහයෙන් බලාගන්න බැරි තරම් ඈත් මූදු හත්ගව්වකින් එහා තියෙන ආදරයක් ගැනලුනේ මේ කියන්නේ...!

      Delete
  15. :) මේ මොකෝ මේ chef-Archi?

    ReplyDelete
    Replies
    1. හම්බෙච්ච වෙලාවක කියල දෙන්නං...!

      Delete
  16. මට දැන් ලුණු මොනරහද කියලා අමතකවීගන යනවා ....

    ReplyDelete
    Replies
    1. දුවපන් ලඟම තියෙන සුපර් මාර්කට් එකට...:) :)

      Delete
  17. ආදරේ දිග පළල ගැඹුර නොදැනෙන එක හරි ආතල්... ඔය ඔක්කොම දැනෙන්න ගත්ත ගමන් ආතල් කුඩු වෙලා හැමදේම සංකීර්ණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහේ හරි අඩුවක් තියෙන්න ඕනි කියලනේ ඔය කියන්නේ..ඇත්ත නේන්නං ආතල් කැඩෙන වැඩ ඔව්වා.

      Delete
  18. // ආයෙත් ඉස්කෝලෙ යන්න
    හිතෙන්නේ ඇයි ඇත්තට...?//

    රස මතක නැති හන්දා :P

    ReplyDelete
  19. ඉස්කෝලෙන් කවද්ද චෙෆාකි ආදරේ ගැන කියා දුන්නේ...

    ReplyDelete
    Replies
    1. මධ්‍ය මහා විද්‍යාලයකට යෑමේ අතුරුවාසි තමා නොමිලේ ආදර ප්‍රැක්ටිකල් ක්ලාසස් ලැබීම....:) :)

      Delete
    2. ඉතින් ඒ ආදරය ප්‍රැක්ටිකල් උනාද ඇත්තටම...

      Delete
    3. නෑනේ...තියරි විතරයි...ඒ උනාට හොඳ පාඩමක්නං ඉගෙනගත්තා...දැන් ඒවට අහුවෙන්නේ නෑ ඒ නිසා....

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....