Friday, 23 December 2016

මිල්ලගස් ආර - 01


දංදෙනිය වැවේ මාලු අල්ලන පියෙක් සහ පුතෙක්?

"සරා බලපං අර මිල්ලගස් ආරට යන පාරේ රිසවේසමේ බැනර් එකක් ගහලා තියෙන්නේ ධර්මායතනයකට යෝජිත ඉඩම කියල මොකක්ද කියලා..එතන මචං පාරටම අල්ලලා අත්තිවාරමක් දාලා තියෙනවා...බුදුහාමුදුරුවන්ගේ ෂෝරූම් එහෙකට වගේ...හොයපං මොකක්ද කරන්න යන්නේ කියලා..."

"මාත් දැක්කා බොස්..හින්නිමහත්තයාගෙන් අහලා බලන්නං.."

ඔය දෙබස අපිදෙන්නා අතර උනේ මීට අවුරුදු පහකට එහාදි මට මතක විදියට. ඒ මම නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක. යුද්ධෙ ඉවර වෙලා මිනිස්සු මහන්සි අරින කාලේ.
ඊට මාසෙකට පස්සේ ආයෙත් මම ලංකාවට ඇවිත් සුපුරුදු විදියට වන වැදුනාම මේ දෙබස අප අතර  සිදු උනාද  කියන එකවත් මතක තිබුනේ නෑ..

මිල්ලගස් ආරට දංදෙනිය වැවට දකුනෙන්, රත්මලේ හංදියට උතුරෙන් රත්මලේ ඉඳන් දංදෙනිය පැත්තට යනකොට වැවට ඉස්සරවෙලා දකුනු පැත්තට තියෙන පොඩි පාරකින් ලඟාවෙන්න පුලුවන්. මිල්ලගස් ආරේ දංදෙනිය වැව තාවුල්ලේ සුන්දර පරිසරයක ලස්සන කඳුගැටයක් හොයාගත්තේ පස්සේ කාලෙකදි සංචාරකයින්ට නිවිහැනහිල්ලේ කාලය ගෙවන්න පොඩි නවාතැන් ටිකක් නිර්මානය කරනවාය කියන හිතිවිල්ලෙන්.. නම දා ගත්තා ලේක් ෆ්‍රන්ට් කියලා..පොඩි ජෙටියක් එහෙම දාලා බෝට්ටුවකුත් ගෙනත් දැම්මා මීගමු පාරේ පමුනුවෙ බෝට්යාර්ඩ් එකකින්.... අපි ඉඳලා හිටලා එතනට යැවෙනවා, එක්කෝ ඒ පොල් කඩාගන්න, නැත්තං ජෙටියේ වාඩිවෙලා මගේ ප්‍රියතම විනෝදාංශයක් වෙන මාලු බෑමේ යෙදෙන්න..( ඉතිං බැනහල්ලා පව් කරායාය කියලා....අටමාගෙන් අහපල්ලා කොච්චර ජොලියක් ගන්නවද කියල ඔය වැඩෙන්...)

මගේ ගොවිපොල තියෙන්නේ මිල්ලගස් ආරට උතුරෙන් දංදෙනිය හංදියත් පහුකරලා කැන්දකොළනිය පාරේ, ඒ නිසා ඉඳලා හිටලා තමයි මිල්ලගස් ආරට යැවෙන්නේ...

ඉතිං මම සුපුරුදු ආකාරයට මගේ ගොවි යුනිෆොර්ම් එකත් ගහගෙන මගේ පුංචි පැල්පතේ වැරෙන්ඩා එකට වෙලා..( මෙහෙමයි..ගොවිපොලවල්වල තියෙන්නේ පැල්පත්....ඒවාට ඒසී අරවා මේවා හයි කොරලත් නෑ..ටයිල් කොරලා කොමොඩ් හයි කරපු ටොයිලට් එහෙමත් නෑ...හැබැයි..ඒත් ඕනි නෑ..අටම්ගෙන් අහලා බලන්න...අඩුම ගානේ රස්නේ වෙලාවට බැහලා ඉන්න ස්විමින්ග් පූල් එකක්වත් නෑ..පව් මම...ගොවියෙක් උනාම මාර දුකක් විඳින්න ඕනි...) රහමෙර සුට්ටක් විතර වෙන්න යහමින් සප්පායම් වෙවී ඉන්නකොට තමයි දැක්කේ කව්දෝ වෑසක ඩෑල් දෙකක් සීනයින්ටියකින් ඇවිත් පැල්පතට එන ඩ්‍රය්ව්වේ එකේ ඈතින් බයිසිමොටෝ එක නවත්තනවා..එක ඩෑල් එකක් කලසම බඩ මැදින් ඇඳපු අත්දිග කමීසයක් එහෙම ඇඳපු මහත්තැන් කෙනෙක්..අනිත් ඩෑල් එක සුදෝ සුදු කපටි සූට් කාරයෙක්...ජෝඩුවටම හැත්තෑව පැනලා වෑස ආකාරයයි පෙනුම එහෙම....අර බඩ මැදින් කලසම ඇඳපු ඩෑල සීනයින්ටියෙ සයිඩ් කන්නාඩියෙන් ඔලුව එහෙම පීරලා කමීසේ අස්සෙන් ගන්නවා දැක්කා ෆයිල් කවරයකුත්..හුටා මොක්කුන්ද බොල මේ...?

ඉතින් මගේ සූටි මොලේට (එහෙම එකක් නෑ....) පහල වෙච්ච එකම නුවන තමයි කෝ මේ සරා කියන එක...."සරාආආආආ....කවුදෝ එනවා...බලපාං..." ඔච්චර තමයි ඉතින් මගේ ගොවිකම..සරා නොහිටියානං ඉතිං ...හපොයි...
එතකොටත් මේ ඩෑල ඇඹරි ඇඹරි වැරැන්ඩාවට ගොඩ වී හමාරය....!
ලොකු මහත්තයා ඉන්නවා කියලා රත්මලේ හංදියේන් ආරංචි කරන් අපි ආවේ..මම විශ්‍රාමලත් විදුහල්පති ගුනසේන, මේ ඩැනී..(එයාට මායි සරායි දැන් කියන්නේ වලු ඩැනී කියලා ..ඒක පස්සෙ කියන්නං නැත්තන් පඳුරු තලන්න වෙනවා) එහෙම කියන ගමන් කලසම බඩ මැද ගුනසේනගෙ ඇස් තියෙන්නේ මේසෙ උඩ තියෙන රහමෙර අඩුමකුඩුම වලටත් වඩා තුවක්කුව දිහා...සරා හෙන ගිල්ටි මූනක් දාගෙන අස්කොරන්න ගත්තා මේසේ...රහමෙර පලමුව තුවක්කුව දෙවනුව...!

අපි මේ මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාවෙන් ලොකු මහත්තයෝ..මම බැලුව අහක බලන් ඉන්න සරා දිහා....!

"බොස් කිව්ව නිසා මම ගිහින් හොයලා බැලුවා...කිව්වා ආවාම බොස් හම්බවෙන්නෙයි කියලා මෙයාලට..."

රහමෙර සිඳුනි...නැවතත් බීමට හැකියාවකුත් නැත..පොලොව පලාගෙන යන්නයැ..!

"වාඩිවෙන්න..වාඩිවෙන්න..මොකක්ද අර බවුන්ඩේසමක් දලා තියෙන්නේ..ෂෝ රූම් එහෙකටද...?

මූනට මූන බලාගත්ගමන්ම දෙන්නාම එකට දුන් උත්තරය මා බලාපොරොත්තු උන විදියටම ලැබීම ලොකු උදව්වක් විය...

"නෑ සර්...(ලොකු මහත්තයා සර් විය ) පන්සලක් හදන්නේ..ප්‍රාදේශීය ලේකම් තුමා ඉඩම දුන්නේ..බඹරැන්ද උතුර ග්‍රාම සේවක වසමෙ පවුල් 280ක් ඉන්නව සර් පන්සලක් නෑ..ඉතින් අපි මේ ආධාර එකතු කරගෙන පන්සලේ වැඩ පටන් ගන්න ඉන්නේ..අපිට සෑහෙන්න ආධාර හම්බවෙලා තියෙනවා..අපිට වහලෙට ලී උළු ගන්න විතරයි තියෙන්නේ...මේ තියෙන්නේ සර් ප්ලෑන් එක..."

එහෙම කියල අර කමීසේ අස්සෙන් ගත්ත ෆයිල් එක දුන්නේ නැද්ද මට...A2 සයිස් එකට කරපු ප්ලෑන් එකක්..අඩි අඟල් ස්කේල් එකට කරලා තට්ටු දෙකක බිල්ඩින් තඩියක්...බිල්ඩිමේ මූණ පාරේ ගෑවි ගෑවි..ඒ මදිවට ඒ මූණ හරහා යනවා තඩි පඩි පෙලක් උඩට..ඒකෙන් ගියාම මේ ඉන්නේ බුදු සාධු උඩ තට්ටුවේ....බුදුසාධුගේ යට තට්ටුවෙ කාමර දෙකක් ... එලියෙන් ඇතුල්වෙන්න දොරක් දාපු ටොයිලට් එකකුත් එක්ක..මේ බුධු ෂෝරූම් එකට අල්ලලා ඉඩමේ ඇතුල් පැත්තට තියෙන්නේ ලොකු හෝල් එකක්...අනේ ...!

"දැන් කාටද මේ පන්සල හදන්නේ..? ඔහේලා දෙන්නා මේකට වඳින්න යන්න අදහසක් නැද්ද..?"

නැවතත් මූණට මූණ බලන ගමන්..

"ඇයි සර්..අපිත් ඒ ගමේම තමයි..අර වැව ගාව තියෙන බිස්කට් බේකරිය මගේ...‍යටියන හක්මන ඔය හැම අහටම බිස්කට් බෙදනවා....."

"නෑ මම කිව්වේ මේ මටත් දැන් පනහ පැනලා..උඩ තට්ටු වලට නගින එක හරි අමාරුයි..ඉතින් මේ බුදු සාධු උඩ තට්ටුවෙන් තිබ්බාම වයසක අයට මේ දාර පඩි පෙල නැගලා බුදු ගෙට යන්න බෑනේ....ඉතින් මම හිතුවෙ ඔහෙලා යන්නේ නැතුව ඇති කියලා..කවුද මේ ප්ලෑන් එක ඇඳලා දුන්නේ...?"

"හෙට්ටිආරච්චි මහත්තයා..එයා අපේ දායක සභාවේ ලේකම්...ටැක්නිකල් ඔෆිසර් කෙනෙක්.... සර් එයා හවුසින් එකේ වැඩ කරන්නේ.."

"අනේ මන්දා..මොකක්ද නම කිව්වේ...."

"ගුනසේන සර්...විශ්‍රාමලත් විදුහල්පති..බඹරෑන්දෙන් මම රිටායර් උනේ සර්......."

"ආ..ගුනසේන !... මෙහෙමයි..කියවල හදාරලා ඇතිනේ බුඩිස්ට් ආකිටෙක්චර් ඒ කිව්වේ බෞද්ධ ගෘහනිර්මානය ගැන..පන්සලක තියෙනව නේද රටාවක්..ඔය පුරාන විහාර වල සැලස්මවල් ගැන උගන්නලා එහෙමත් ඇතිනේ..බිල්ඩින් ගහලා වැඩක් නෑ කාර් ෂෝ රූම්ස් වගේ..ප්‍රධාන කරුනු තුනක් තියෙනව නේද අපි බුදුන් වඳින්න ගියාම දැනෙන..ඒ කිව්වෙ පයට වැලි පෑගෙන එකයි, බෝධියේ සිලි සිලි සද්දෙයි, හඳුන් කූරු වලින් මල් වලින් එන සුවඳයි..ඒ වගේ දේවල් වලින් අපේ හිත් නිවලා නේද අපිව බුදු මැදුරට අතුල් කරන්නේ පන්සලක..? මේකේ ඔය මොනාවත් නෑනේ..මෙතන අක්කර භාගයක් තියෙනවනේ...ඇයි මේ ඔක්කොම තට්ටු බිල්ඩිමකට කොටු කරලා හිරකරගෙන ඉන්නේ...."

නැවතත් මූනට මූන බලමින්....

"සරත් මහත්තයා කිව්වා සර් ප්ලෑන් ගැන දන්නවාය කියලා...ඉතින් ගුරුහරු කමක් දෙන්න සර්..."

"ගුනසේන දන්නවනේ මම රත්නපුරෙ කියලා..සමන් දේවාලේ තියෙනවා ලංකාවෙ තියෙන ලස්සනම කියල කියන්න පුලුවන් බුදුගෙයක්...ඒකේ අනුරුවක් හදන්න පුලුවන් ඕනි නම්..හැබැයි මුලින්ම මාස්ටර් ප්ලෑන් එකක් කරන්න ඕනි...පන්සලට ඇතුල්වෙන විදිය, බුදු ගේ කොතනද තියෙන්න ඕනි, බෝධිය කොහෙන්ද හිටවන්නේ, චේතිය කොතන්ද හදන්නේ වගේ ඒවා..අනික මේකට හාමුදුරු ගොල්ලොනං ගාව ගන්න එපා...,කැමතිනං මට පුලුවන් මාස්ටර් ප්ලෑන් එකකුත් කරල ඊට පස්සේ ඒකේ විදියට පන්සල හදන්න උදව් කරන්න..හැබැයි දැන් මේ අඩිතාලං දාලා තියෙන නිසා, මේ පාර අද්දරට වෙන්න බුදුගෙවල් අරව මේවා හදන්නේ නැතුව මේක වෙනස් කරන්නං ධර්ම ශාලාව හැටියට..එහෙම කරන්න කැමතිද..?"

" ඒ කියන්නේ සර් පන්සල හදලා දෙනව කියලද..?"

" හෝව් හෝව් ගුනසේන එහෙම නෙවෙයි මම කිව්වෙ...මම උදව් කරන්නං අර මම කියපු ආකාරයට වැඩ කරන්න කැමති නම්...මගේ යාලු මහත්තුරුන්ටත් කියල උදව් ඉල්ලගතෑකිනේ...කැමතිද...?"

" සර් එතකොට හාමුදුරුවො නැතුව සිරිමා බෝධියේ අංකුර පේරාදෙනියෙන් දෙන්නේ නෑනේ...හාමුදුරු නමක් හොයාගන්නද අපි..? "

" එපා..ඒක හරි යන්නේ නෑ..ඔහේලා මෙච්චර දුර ආවේ සාදු කෙනෙක් නැතුවනේ...ඒ අය ආවාම ඒ අය කියන විදියට ඔක්කොම කරන්න වෙනවා, කාමර පහක ආවාසෙකුයි, බාත් රූම් අරව මේවා ඉල්ලාවි, ඒක හරි යන්නේ නෑ..වැඩේ මෙහෙම කරමු...ඕනි උනාම අපි සාදු කෙනෙක් බඹරැන්දේ පන්සලෙන් හරි හුන්නදෙනියෙන් හරි ලෝන් එකට ගමු..."

" ඒ කිව්වෙ සර්...?"

" මේ කටයුත්තට මම සහභාගි වෙන්නේ පින් තකා නෙවී..ඔහේලා අපි කරලා තියෙන පව් වලට පන්සල් නෙවෙයි තව සාසනයක් හැදුවත් නිවන් නං යන්න හම්බු වෙන්නෙ නෑ...මේකෙන් ගමේ ඔය බෝක්කු උඩ අරහේ මෙහේ කැලෑ පැන පැන ඉන්න කොල්ලො කෙල්ලො ටිකට හවසට එකතුවෙලා පොතක් පත්තරයක් බලන්න...  ඔහේලාගෙන් ගුරුහරු කමක් ගන්න වගේ සිල්ලර නිවනක් තමා ලැබෙන්න ඕනි...හරිය...? ඉතින් ඔය පිංකමක් එහෙම තියෙන වෙලාවට සාදු කෙනෙක් ලෝන් කරගමු ලඟ පංසලකින්....!"

" සර්....කියන කතාවත් ඇත්තනේන්නං...එහෙනං එහෙම කරමු....!"

" මම හෙට කොළඹ යනවා ගුනසේන..ලබන සුමානේ එනකොට මාස්ටර් ප්ලෑන් එකයි, බුදුගෙයි ඩිසයිග්න් එකයි අරගෙන එන්නං...ලේස්‍තිකරන්න ඔය ගමේ අයගේ පොඩි පහේ මීටිමක් මට පොඩ්ඩක් කතා කරලා කරන්න යනදේ දැනුවත් කොරන්න ඕනී..නැත්තං ඔය බුදුගේ මගේ ඔලුවෙ කඩා වැටේවී..."

" සර්ට කියන්න අපේ තිබුන ලොකු බරක් අඩු උනා...අපි හෙටම දායක සභාවේ රැස්වීමක් තියලා ඒ අයව දැනුවත් කරලා සර් ආවාම මීටිම තියන්න ලේස්ති කරන්නං මිල්ලගස් ආරෙම...!"

සිනාමුසු මුහුනින් සීනයින්ටියට මොනවාද තෙපුලමින් ගොඩවෙන ගුනසේන සහ මෙලෝ දෙයක් කතා නොකර මූනු බල බල සිටි ඩැනී දෙස බලාගෙන සිටි මම ආපහු හැරුනේ සරා ගෙනත් දුන් මගේ රහමෙර වීදුරුවේ තිබුන ඉතිරිය කටේ හලා ගනිම්නි....!



සෙස්ස..ඒ කීව්වේ....මීටිම..පන්සල හැදීම සහ එහි ආනුභාවය ...පස්සට....!

ඔබ සැමට සුබ නත්තලක් පතන්නෙමි...!

DO NOT DRINK AND DRIVE.
YOUR DOG WILL NOT UNDERSTAND WHY YOU LEFT THEM
 AND
NEVER CAME HOME...!





60 comments:

  1. දැන් ලංකාව පුරාම ඔය වගේ තට්ටු දෙකේ පන්සල් තියෙනවා.. ලොකු දෙයක් කරන්න බාර අරන් තියෙන්නේ..ඕක කරපු විදිය බලමුකෝ ඊගාව කතාවෙන්..
    චෙෆාකි .. ඔහේගෙ කතාවක් කියවන්න ආසාවෙන් මම උන්නෙ..ඔහේ පහුගිය දොහේ කවි කිව්වා විතරනේ..

    සුබම සුබ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. ඊලඟ කථාව කවදා ලියවේවිද කියන එක තමයි මලේ කේස් එක...!

      සුබම සුබ නත්තලක් වේවා

      Delete
    2. චෙෆාකි, ඔහේගේ කතාවක් කියවන්න ආසාවෙන් මම උන්නේ..ඔහේ පහුගිය දොහේ කවි කියුවා විතරනේ..

      Delete
  2. ඇත්ත ඇත්ත චෙෆ්... පංසල් හදන එකත් ඉල්ලමක් කරගෙන ඉන්නේ ඔය හාමුදුරුවොයි, ධායක සභාවයි...... අපේ ගමේ පංසල හදනවා දැන් අවුරුදු 10 කටත් කිට්ටුයි... ඒකට ගිහින් තියන වියදමින් මං හිතන්නෙ පංසල් කීපයක්ම හදන්න පුලුවන්වේවි....

    චෙෆ්ගෙ පිළිවෙලට වැඩේ කරන්න පුලුවන් නම් හොඳයි...

    සුභ නත්තලක් වේවා....

    ReplyDelete
    Replies
    1. පන්සල නම් හැදුවා නිර්මාණී...ඊලඟ කොටස් කියෙව්වම හිතාගන්න ඇහැක්වෙයි අපේ මිනිස්සුන්ගේ හැටි....!

      සුබම සුබ නත්තලක් වේවා

      Delete
  3. චෙෆ් මේක ගැන කලින් කිව්වා නේද...
    එහෙම මතකයක් ඔළුවට ආවා...
    එහෙම නැත්තන් මට මතක කටින් කියපු සීන් එකක්ද...

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ බං ලිව්වද කියලා...හැබැයි දෙකක් නවාගත්ත වෙලාවක අපි අර වැව ගාවදි ඔය කථාව බයිට් එකට ගත්තද දන්නේනෑ.....!

      Delete
    2. එදා වැව ගාව බයිට් උනාට පස්සේ අර මාළු අල්ලන කෝටුවයි, නුල් පන්දුවයි දෙකම තාම වාහනේ ඇතුළේ...
      ආපහු එළියට ගන්න උනෙත් නැහැ...

      අපි එතනින් යන ගමන් මට හිතෙන්නේ අපි එදා ඔය පන්සල් සීන් එක ගැන කතා උනාද කොහෙද...
      ඒක තමයි අක්මාවට ඒ ගැන පොඩි මතකයක් ඇත්තේ...

      Delete
  4. ඇයි යංතං අදනං කයිපද බැදලා නැ

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහෙට මම කිව්වේ මාව ආයෙත් වැටිලා ඔලුව වැදුනා කියලා...කොහෙද මතක තියෙන එකක්යැ....ඔලුව වැදුනපාර හරි ගියානේ...දැන් ඉතිං ලියතෑකි...!

      මේ බලන්න ආවට නං කාරි නෑ..අර ගිය පාර වැටුනාම ආවා වගේ ජෝඩුදාලා එහෙම එනව නෙවී..ඕන් අපිට කයිපද ගහන්න බෑ ආයෙත්...!

      Delete
    2. ජෝඩුදාලා. ...මොකටද ඉතින් මගෙ කට

      Delete
  5. උඹ හිතන පතන විදිහ මරු. ආපු දවසක මටත් වනගත වෙන්න චාන්ස් එකක් දෙනවද..

    ReplyDelete
    Replies
    1. දවසක් දෙකක් ඉඳලා බලපං මාත් එක්ක .....එතකොට උඹට දැනේවි කෙතරම් මරුද කෙතරම්ම මරුද කියලා...! :)

      උඹ හිතන පතන විදියටම වගේ තමා මචෝ මාත් හිතන්නේ පතන්නේ....!

      Delete
    2. මචෝ...උඹ මෙහේ ආවොත් අපි උඹව වනගත කරන්නම්. ඒ අපෙ දුවගේ ගෙදර. මාර නිදහසක් බං. පුදුම කූල් වටපිටාවක්. සැඳෑ සමයට මසුරං. මම වනගත වෙන්න හරිම ආසයි මචෝ.

      Delete
    3. අරූ, උඹ මූ එක්ක දවසක් දෙකක් හිටහන්. ආ කාරනාවයි, ආපහු යන්නයි අමතක උනොත් ටක් ගාල අටං හැර මුගෙ වෙන යාලුවෙක් දෙන්නෙක්ට එන්න කියල ෂොට් එකක් දාහන්. පට ගාල පියවි ලෝකෙට එනව.

      Delete
    4. මම උඹලා එක්ක සෙට් වුනොත්, මට පිස්සු හැදෙයිද, නැත්නම් උඹලට පිස්සු හැදෙයිද දන්නෑ. මට කොහොමත් පිස්සු නිසා ගානක් නැහැ.

      Delete
    5. @ඉන්දික....හහ් හහ් හා.....!

      @අරූ....ඇවිත්ම බලපං මචෝ....!

      Delete
    6. ඉන්දික අත්දැකීමෙන් කියන්නේ

      Delete
  6. චෙෆා මේ දවස්වල කියන කතා වලින් අනිත්‍යය මෙනෙහි කරන ස්වභාවයක් පේනවා. මොකුත් වෙනසක්වත්ද? නෑ මම කිව්වෙ පන්සල් හැදිල්ල නෙවෙයි නිතර කියන කතා වලින් එහෙම පේනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ලිස්සලා වැටුනානේ හැලපේ..ගියසැරේ වගේ වම් කකුල නෙවෙයි වැදුනානේ ඔලුවම දඩෝං ගාලා බිම.....හිතාගතෑකිනේ ඉතිං ඇයි මේ කියලා...! :)

      අපි පන්සල් හදපු විදිය තමයි මේ කියාගෙන යන්නේ...යන්න අලුතෙන් අපායක් මට හොයන්න වෙනවා....කියවහංකෝ ඉතිරි ටික...ලිව්වොත් මම කියන්නේ.....! :)

      Delete
    2. /////චෙෆා මේ දවස්වල කියන කතා වලින් අනිත්‍යය මෙනෙහි කරන ස්වභාවයක් ///////////

      හැලපේ මම ලියන එවුවාගෙන් උඹට මොන වගේ ස්වභාවයක්ද පෙනෙන්නේ.

      Delete
    3. උඹ මචං තාම ලියන්නෙ අතීත මතක සටහන් නොවැ මේ මම වගේ.

      Delete
    4. අඩෝ මම හිතං ඉන්නේ අනිත්‍ය මෙනෙහි කරනවා කියලා.

      Delete
    5. අනිත්‍ය කෙසේ වෙතත් මෙනෙහි කරන බව නං දැනේ....! :)

      Delete
  7. මාලු බෑමට සරස තුමා ත් ඉතාම කැමතිය...
    කනගාටුව නම් දැන් එයට අවස්තාවක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින් හිටන්!

    ReplyDelete
    Replies
    1. කනගාටු නොවන්න අයියන්ඩි මාලු බාන චෑන්ස් එක මම අරන්දෙමි.....ලඟදීම....!

      Delete
  8. අපූරුයි චෙෆාකි. ලංකාවේ බොහෝ තැන්වල සිදුවෙන දෙයක් ගැන මෙහෙම ලියනවට ස්තූතියි. දෙවෙනි කොටසත් එනකන් ඉන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලයක් යාවි දුමී දෙවෙනි එකට...මාර අන්ප්‍රෙඩික්‍ටබල් කෙනෙක්මි මේ මා....!

      Delete
    2. හොඳයි. ඒ කියන්නේ ඒ කාලේ අතර තුර අපට කවියක් කියවන්න ලැබෙයි නේ ?

      Delete
  9. ලංකාවට ආ වෙලාවක ඔය පැත්තෙ එන්න ඕනා

    ReplyDelete
    Replies
    1. එහෙමයි..හැලපතෙමේ සමගින්ම පාත්වෙන්න අනේ මේ පැත්තට හැකි ඉක්මනින්...!

      Delete
  10. හප්පොච්චියෙ මම හිතාගෙන හිටියේ ගද්‍ය අතෑරලා පද්‍ය විතරක් කරන්න යනවා කියලයි. ඔන්න කාලෙකට පස්සේ හොඳ ගද්‍ය රචනාවක්.

    හැබෑටම දැන් කොහොමට හොඳ බිලීපිති කට්ටලයක සහ ඇමවල් කට්ටලයක මිල ගණන් එහෙම. මම අන්තිමට 1989 දී පුත්තලම පැත්තේ බිලීබෑවා, මගේ මිත්‍රයකුට අයත්, ආනයනය කල, මිල අධික බිලීපිත්තකින්.

    ReplyDelete
    Replies
    1. විචා...මොනා හරි ඕන උනාම ගනන් මිනුම් බලපාන්නේ නෑනේ..මම යන එන තැන්වල අවශ්‍ය අඩුම කුඩුම ගොඩගහලා තියේ...!
      එන්නකෝ වෙලාවක...!

      Delete
    2. මේ විහිළුවට කිව්වේ...කිතුල් පිත්තෙන් අයියේ අපි මාලු බාන්නේ..මොන ආනයනික බිලී පිතිද අපිට..දනේශ්ට කියල පනුවො ටිකක් හාරාගන්නවා ඇමට, අටමයි මායී ඊයා කිය කිය කටුවෙ අමුනනවා..ඊට පස්සේ ඉතින් බානවා මාලු...එන්නකෝ වෙලාවක බලන්න...!

      Delete
  11. කතාව නම් අසා ඇත. එහෙත් ලිවිල්ල ඊට වඩා බොහෝ රසවත්යෑ...

    ReplyDelete
    Replies
    1. සොරිය....!
      තැන්කූ ය....!
      :)

      Delete
  12. හැක්... ඔය තියෙන්නෙ මරු කතාවක්.
    ඔය පන්සල් වැඩ ඔක්කොම කචල් යන්නෙ සාදු කෙනෙක් ගාවගත්තොත් තමයි.

    දැං මේ කතාවෙ ඉතුරු ටික අපි අටමගෙන් ද අහගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. චෙෆාටත් සුබ නත්තලක් වේවා !

      Delete
    2. ගොඩාක් වෙලාවට එහෙම වෙයි මලේ....!

      Delete
  13. හරිම අපූරුයි... දෙවෙනි කොටස ඉක්මනටම කියවන්න බලන් ඉන්නවා... සුබ නත්තලක් ඔබටත්.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවෙ ලියන්නං සොඳුරු....!

      Delete
  14. /සර් එතකොට හාමුදුරුවො නැතුව සිරිමා බෝධියේ අංකුර පේරාදෙනියෙන් දෙන්නේ නෑනේ.../

    ඔය සිරිමා බෝදියෙ අංකුර තවාන බාරව ඉන්නෙ මගෙ හොඳ යාලුවෙක්ගෙ හොඳ යාලුවෙක්. බොට ඕනනම් කියපං පැළ සීයක් උනත් අරගෙන දෙන්නං...තවාං බාරකාරය හොඳම ඉස්පිරිට් එකේ බවුද්දයා. ඩබල් ඩිස්ටිල් දෙකක් තුනක් දුන්නං ඇති.අතට අහුවෙන තරං පැළ ගලව ගත්තෑකි.

    හැබැයි ඉතිං පෙරහැරක් සෙට්කරන්ඩ වෙයි උඹේ ගානෙ පේරාදෙණියෙ ඉඳල මිල්ලගස් ආරට බෝ අංකුර උත්සවශ්‍රීයෙන් වඩම්මන්ට...:)

    ReplyDelete
    Replies
    1. පෙරහරේ ගියානේ රවී...ඉන්නකෝ ටිකක් ඉතිරි කොටසෙදි කියෝතෑකි පෙරහරේ වරුන...!

      Delete
    2. අලියෙකුත් ඕනෙ

      Delete
  15. කතාව තාම කිය්වී නෑ, කමෙන්ට් විතරයි. කතාව හෙට බලල ඒකට කමෙන්ට් එකක් දාන්නන්. වැටීමත් සැපතක කියන්නෙ මේවට තමා

    ReplyDelete
    Replies
    1. //////වැටීමත් සැපතක කියන්නෙ මේවට තමා///////
      මේක හොඳ කතාවක් ඉන්දික. මිනිස්සු විටින් විට පොඩ්ඩක් වැටෙන්න ඕන. එතකොට මතක් වෙනවා වැටිලා හිටපු කාලේ. ඒක සැපතක් තමයි. සහතිකයි. මම ඒ කතාවට කැමතියි.

      Delete
    2. එක පාරක්නං මොකෝ...දෙපාරක්ම වැටුනා නෙව...අනික අපි ආයෙත් කොහාට වැටෙන්නද මචං...!

      Delete
  16. ඔය තැන බලන්නේ නැතුව ,,,උබ කියලා තියන විදිහට අඩියක් ගහන්නේ නැතුව මේ ගැන මුකුත් කියන්න බැරිය ...
    මාවත් එක්කරගෙන යනකන් මම උබ එක්ක තරහයි

    ReplyDelete
  17. බුදු සරණයි දෙවි පිහිටයි කියල මිල්ලගස් ආරේ වැව ලඟ අඩියක් ගහන ගමන්ම මේ කතාව අහන්න තිබ්බනං මල් හතයි..

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයාගේ කටේ 38 DD බ්‍රා එකක් ඔබන්න ඕනේ ඒ මසුරන් කෙමෙන්ට් එකට

      Delete
    2. ඊලඟ වතාවේ ඉඩමේ වැඩ කරන්න ගියාම යමු...මෙන්ඩා ඒවිනේ...!

      Delete
  18. මේව්වා සාසනේට අරක් ගත්ත අපේ හාමුදුරුවරුන්ට කරන අපහාසා.. හාමුදුරුවෝ ලෝන් එකට ගන්න.. හිටපියකෝ.. දංදෙනිය අව්ස්නවා අපේ යාලුවෙක්ට කියලා. හැක්.. මාත් එන්න ඕන වෙලාවක..

    ReplyDelete
    Replies
    1. එහෙමට අපහාසයක් නෑ. ඩිපොසිට් එකක් තියලයි ගන්නෙ

      Delete
    2. අන්තිමට දංදෙනිය වැවේ බැන්ක් ඩිපොසිට් එකක් කරන්න වෙයිද?

      Delete
  19. උන්නදෙණිය පන්සලෙන්? හෙහ් ඒකෙ ඉන්න පොඩි ලොකු හාමුදුරුවන්ගෙ දානෙ වේලෙ තිබුන මාළු කෑලි ඔක්කොම ගිලලා කිරි පැණි ටිකත් කාල ගිහින් දවසක් ඔතන රේල් පාරෙ වැඩ කරපු අසමජ්ජාතියො වගයක්.. එදායින් මෙදායින්,මහත්තයා දානෙ ටිකක් කමු කියන්නෑ ලු නෙ.හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  20. //.පන්සලක තියෙනව නේද රටාවක්..ඔය පුරාන විහාර වල සැලස්මවල් ගැන උගන්නලා එහෙමත් ඇතිනේ..බිල්ඩින් ගහලා වැඩක් නෑ කාර් ෂෝ රූම්ස් වගේ..ප්‍රධාන කරුනු තුනක් තියෙනව නේද අපි බුදුන් වඳින්න ගියාම දැනෙන..ඒ කිව්වෙ පයට වැලි පෑගෙන එකයි, බෝධියේ සිලි සිලි සද්දෙයි, හඳුන් කූරු වලින් මල් වලින් එන සුවඳයි..ඒ වගේ දේවල් වලින් අපේ හිත් නිවලා නේද අපිව බුදු මැදුරට අතුල් කරන්නේ පන්සලක..// බොහොම ලස්සනට කියල තියනවා. සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
  21. මම අම්බලංගොඩ මාළු කාරය...මටත් ඕනෙ මාළු අල්ලන්න...දානෙට පන්සලටත් දෙන්න පුළුවන් !

    ReplyDelete
  22. මේකයි එහෙනං මගේ ප්ලෑන පරක්කු. හා හා :)

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....