උදේ ආහාර වේලක්...මිනිත්තු හතරේ බාගෙට තැම්බූ බිත්තර දෙකක් සහ පාන් ටෝස්ට් පෙති දෙකක පින්තූරයක් |
කටු අනෝදා වගේද
මුරුසි අන්නාසි වගේද
වැලි ආතා වගේද
පැණි වරකා
තම්බපු මුං ඇට
තම්බපු කව්පි
තම්බපු බතල
වගේද බාගෙට තම්බපු බිත්තර හැන්දෙන් කනකොට...උදේට..
පොල් සම්බල්
සුදුබත්
කිරිහොදි එතුනු
හාල් පිටි ඉඳි ආප්ප
වගේද ටෝස්ට් පාන් එක්ක මාමයිට්
ඔය ඔක්කෝටම වඩා
නරක නැද්ද හැබෑට
කිඹුලා බනිස් එක්ක
ආනමාලු....
අලිපේර ක්‍රීම තැවරී
ReplyDeleteමී පැණි ටිකක් ඉහිරුණු
පරළු පාන් පෙති තුන
ටිප් ටොප් පාතරාසය
උඹ කියයි..උදේට ඔෆිස් එකට යනකොට කොළඹ ඉටිකිරිස් කෑලි අලි බත් ගෙඩියක් ලිහාගෙන කනකොට මුලු පලාතම හරි සුවඳයි...සැක්...!
Deleteයකෝ මට කියුවේ ඔපිස් එකම ගන්දස්කාරයි කියලනේ
Deleteගඳත් එක්තරා සුවඳක්මය....නැද්ද හා...?
Deleteබත්මුල් ලෙහෙනකොට මුලින්ම එන සුවඳ නම් අප්පිරියයි
Deleteපිටරටින් තිරිඟු පිටි ගෙනල්ලා හදන දේශීය ඉදිආප්ප, ආප්ප, රොටි වලට තමයි අපි නම් කැමති. ඔය ලංකාවේ කිකිළියො දාන බිත්තර, ලංකාවේ හදන බටර් එහෙම තියෙන විදේශීය කෑම ජාති වලට අපි විරුද්ධයි.
ReplyDeleteමම නං උදේම ගියා කුකුල් කොටුවට...එකතු කරන බිත්තර වලින් දෙකක් විනාඩි හතරක් තැම්බුවා...වත්සිගේ උදේම දෝපු උනු කිරි කෝප්පයක් බිබී ..පතබෑවා බිත්තර දෙක...වෙන මොන සැපක්ද අනේ ඔයිට එහා..කොහෙද ඉයන්තුමා කිලෝමීටර විස්සෙන් එහා යන්නේ නෑනේ..නැත්තං දෙන්න ඇහැකි හොඳ සැපක්...!
Deleteමල ජරා එලකිරි , ඊට හොදයි උඹ හදන කහට නැති , සීනී නැති ටී එක
Deleteඕක තමයි අපේ රටේ කරුමේ..නෙස්ටමෝල්ට්, ඇන්කර්, රත්තී අරක මේක ඇදලා අරිනවා සුරුස් සුරුස් ගගා..මගේ ආදරණීය වත්සිගේ කිරි අරහං...අරව හදන්නේ මොකීගෙන් දොවලද බොල...!
Deleteඅපේ රටේ කියුවෙි ඕමාන් වලද ඩෙන්මාර්ක් වලද
DeleteS D R of Sri Lanka
Deleteඑලදෙනගේ නම වත්සලා?
Delete@ප්‍රා ජේ නෑ වත්සි...ඇයි...?
Deleteඒ පෙට් නේම් එකනෙ වත්සලාට
Deleteඉතින් වත්සි මගේ පෙට්නේ..!!!
Deleteඅඩෝ ශෙෆාකි.....හුරතලේට මාව හදාගනින්කෝ.
DeleteThis is getting disgusting. You all are filthy.
DeleteI'm going to talk to some dead people for a change.
Bye.
උදේම තම්බපු බිත්තර
ReplyDeleteදෙකක් හොදටම ඇති
එහෙම නැත්තං
අයියාගේ කඩයේ
අාප්ප හතරක්
ඇඹුල්කෙහෙල් එක්ක
සිරිල් අයියා ලෙස නිවැරැදි විය යුතුය
Deleteසුනිල් අයියාගකඩේ
Deleteඉස්සරහ බංකුවේ
බයිසිමොටෝ එක තියාගෙන
මුලු රදම්පොලටම පේන්න
හිමිදිරියේ කන
රතුහාල් පිටි ආප්ප දෙක තුනේ රහ
කොහෙද බං රාජගිරියේ..!
හුටා...සිරිල් අයියා ලෙසම නිවැරිදි විය යුතුය....
Deleteසිරිල් මල්ලී නේද චිත්‍රපටයේ නම?
Deleteනෑ
ReplyDeleteනෑ
නෑ
නෑ
හම්මේ ඇතියංතං උත්තරයක් හම්බඋනා..."
Deleteමං හිතන්නෙ උඹ වැරදියට ගත්තා උත්තරේ
Delete1. (කටු) අනෝදා තමයි හොඳම
2. තම්බපු කව්පි තමයි හොඳම
3. පොල් සම්බල් කිරිහොදි සමග හාල්පිටි ඉඳි ආප්ප තමයි හොඳම (තුන්වෙනි දවසෙ ටෝස්ට් පාන් එක්ක වෙජිමයිට්)
4. හොඳයි. නමුත් ඉහත කිව්ව තේරීම් එක්ක තරඟ කරන්න බෑ.
නඩේ ගුරා හා සෙස්සන් කළබලයෙන්
ReplyDeleteබඩේ ගින්න වැඩි වීදෝ නිමේෂයෙන්
අඩේ සගයිනේ මොක කෑවත් උදයෙන්
බඩේ තරමකට කාහං වැඩි වැඩියෙන්.....
ජයවේවා!!!
ගුරෙක් නොමැත නඩයකි මේ සිටින්නේ
Deleteබඩේ ගින්න උදයෙන්මයි නැගෙන්නේ
පාතරසයේ ඇති වෙනසින්නේ
බඩේ තරම අපහට කියලා දෙන්නේ...
මට නම් උදේට බත්, මස් අප්‍රියයි.
ReplyDeleteමට නං, බඩගිනි නං, ඕනි දෙයක්....
Deleteඅපේ ගෙදරත් ඉන්නවා උදේට ස්පයිසි ස්ටෆ් අප්‍රිය කෙනෙක්...ඉතින් උදේට නානාප්‍රකාර කෑම මේසයක් හැදෙනවා අර උඩින් කියල තියෙන ආකාරයේ....!
දෙලුයි පොල් සම්බලුයි...මිරිසට උයපු බලමාළුයි !!!
ReplyDeleteඒ උදේට...ඒ උනාට ත්‍රස්තවාදියා වැඩියෙන්ම ආසා පුහුල් ව්‍යාංජනයට බව නං අපි දන්නවා....!
Deleteදුවන පුහුල් මිරිසට වඩා හොඳයි!
Deleteඇයි සා රස ඒකේ ඩෙවල් එකත් මරු...ක්‍රැක්ලින් කර කරස් ගානට ගත්තමත් බියර් වලට චෝයි...!
Deleteහීල් බත් පිඟානයි
ReplyDeleteපොල් සම්බෝලෙයි,
බල මාළු හොද්දයි.
කියල වැඩක් නෑ බන්.
හීල් බතට සුදු හාලේ බත මරු..උනු උනුවෙන්නං රතු කැකුළු....!
Deleteමාතලන්ට නම් කැමති ඕනම දෙයක් අත ළඟ ඇත.. මුදලද බොහෝ සාධාරණය....
ReplyDeleteප්‍රියතම කීපයක්ද ඇත..
කොළ කැඳ, පොල් රොටි හා කට්ට සම්බල, ඇඹුල් තියාල් සමඟ ආප්ප, කිරිහොදි පොල්සම්බල් තම්බපු බිත්තර සමඟ ඉඳි ආප්ප. රෝස්පාන් හා කළුවට හැදූ නැට්ට කොට හෝ කරත්ත ඇන්ජින්, හාෆ් බොයිල් එක් බටර් විත් අමු පාන්, රෝස්පාන් හා ටෙම්පර්ඩ් පරිප්පු. කිරිබත් ඇඹුල් තියාල් හා කට්ට සම්බෝලය සමඟ.. බිටිස් බෙක්පස්ට්.. ඉන් කීප්යකි...
කරත්ත ඇන්ජින් දැන් කැලේ නැට්ට කොට හොයනවටත් වඩා දුලබයි මාතේ...තලේබාන් කේස්නේ....!
Deleteකරත්ත ඇන්ජින් නම් මාත් කනවා. ඒත් මේ වේසිගේ පුතලා මරන්නේ ගොඩක් විට අහිංසක මිනිස්සුන්‍ේග හරක් හොරෙන් පන්නන් ඇවිත්
Deleteඕවා වගේද ටිකිරි මාරි පැකට් එකකට කිරි වක්කරලා කන එක....
ReplyDeleteදැක්කා දැක්කා මූනූපොතේ ඔහේට හුඟකාලෙකින් මාරිව මුනගැහිච්ච වග...!
Deleteඒ උනාට වැඩක් නෑ අප්පා. ඒවා ලොකු මාරි. ටිකිරි මාරි තරම් රහ නෑ
Deleteකිරිබත්, සීනිසම්බෝල, කට්ට සම්බෝල සමග මිරිසට හැදූ තලපත් මාලු.....යහපාලනේට පින්සිද්දවෙන්න!
ReplyDeleteඒ කොම්බනේෂන් එකටනම් හකුරු කෑල්ලකුත් ඕනිමයි මටනං....!
Deleteමේ දවස්වල උදේට කන ජැමෙයිකා සිටි හෝටලේ පෙපර් බීෆ් සමගින් දුවන් පුහුල් ඇත රාලේ
ReplyDeleteරස්ටාමෑන් කෙනෙක්ද ඒ හෝටලේ ශෙෆා...!
Deleteදෙයියන්ගෙ පිහිටෙන් නැත..
Delete"දුවන පුහුල් දැක නොදමන් නෙලූ පළා" කිව්වලු. අපට කොයින්ද දුවන පුහුල්!
ReplyDeleteඇයි යකෝ අර දුවන පුහුල් රූම් එකක්ම තියෙන්නේ අල්ෆෙයාර් එකේ...කම්මැලියා...!
Deleteඅනේ ඉතිං
ReplyDeleteඅපිට කොහෙද
බාගෙට තම්බපු බිත්තර
හැන්දෙන් කන්න
කඩේට ගොහිං
ඉඳිආප්ප එක්ක
පරිප්පු මස් හොදි
වඩේ එක්ක ප්ලේන්ටියක්
නෝනාගෙන් ණයට බිත්තර දෙකක් ඉල්ලගන් උදේට..තම්බන හැටි මාරයා කියාදුන්නානේ..මතක නෑද දැන්...?
Deleteකන්න නැති අපිට මක්ක දුන්නත් රජ බොජුන්.. හැක් හැක්..
ReplyDeleteඅපිල නම් හොයාගෙන කන්නේ..අපිට ඉතින් කව්ද කන්න දෙන්නේ...!
Deleteඇත්තටම මේ ජීර්ණය වන ආහාර ගැනද අපි කතා කරන්නේ.. හෑ..
Deleteනැතුව නැතුව....:)....!
Deleteෆුල් ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට්......බොරු බං.... පළවෙනි ආහාර වේල දවල් කන දෙයක් තමයි.ජූස් එකෙන්, ප්ලේන්ටීයෙන්, කෝපි එකෙන් ඇදගෙන යන්න පුලුවන්. උදේට කාලා නැතුව ඇති මතක ඇති කාලෙක.
ReplyDeleteනරක පුරුද්දක් නේද උදේ වේල අතපසු කරනෙක....?
Deleteබිත්තරයක් දෙකක්, ස්ට්‍රීකි බේකන් ඉරුදෙකතුනක්, ලාඩ් වලඉන් ග්‍රිල් කරගත්ත තක්කාලි පලුදෙකක් එක්ක පාන් පෙත්තක් ඇදබාන එක උඹට මහ අරුමයක් නෙවෙයි නේද අරූ..කෝපි මග් එකක් ඕනිමයි ඒකටනම් නැද්ද...!!!!
ඔව් බං හැමෝම කියන්නේ උදේට කාපන් හොඳට කියලා. ඒත් මට දවල් පහුවෙනකම් කෑම දැකීමත් වාතයක්. පුරුද්දට ගිය නරක වැඩක්. අපි කොහොමත් නරකයිනේ බං :D
Deleteහෙහ් හෙහ් ...ඒකට අපි.
ReplyDeleteඋදේට නොකන්නෙ මොනද? එකම අවුල රෑට ඉතුරුවෙන ජාති කලවන් කරල ගෙදරම හදන එක විතරයි. ඔක්කොම අවුල් වැහෙන්න කලිම්ම දිය බත් කෝප්පයක් ගහනව.
දැක්කා දැක්කා...ඔහේට නෝනා කන්න දෙන හැටි......හුහ් දියබත්...බොරු කියන්නෙපා පව් සිද්ධ වෙනෝ....!
Deleteබත්මුලක් බැඳගෙන ගිහින් කාපු කාලයක් මතක නෑ. මේක කියෙව්වම ආසා හිතුනා. කොලපත් පට්ටේ බැඳපු බත්මුල් මතකද?
ReplyDeleteඇත්තම කියන්න විචා, කොලපත් පට්ටේ බැඳපු බත්මුලක් නං කාලා නෑ..හැබැයි, ගොයම්පාගනකොට ගොඩපර කොලේ තියපු ඇතුල්පතේ නං ඇඹුල කාලා තියෙනවා පොඩි සංදියෙදි...!
Deleteපොල් කට්ටට වතුර අරන්
ReplyDeleteමූණ සෝදලා විගහට
හීල් බත් මිටෙන් සෑහි කහට උගුර බී හනිකට
පස්ස ඉරුණ කලිසම ඇඳ අකුරු කරන්නට යන විට
මල් නො පිපුණු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න
තනි ලන්දේ තනි ගමනේ හිතට බියක් නො එනාගල් උල් වී පුංචි පතුල් එක විදියට රිදුණා
පය හීරී ගලක කඳුළු හිත අස්සෙම මිදුණා
ඉගෙන ගන්න පුංචි හිතට තව දයිරිය ලැබුණා
පොල් කට්ටට වතුර...
දුක දැනෙන්නෙ නෑ අක්කේ මගෙ හිත පුරවා තියන්න
කර රිදෙන්නේ නෑ කුඩේට මට පුළුවනි වැලි අදින්න
අපේ අම්මගෙ සොහොන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න
පියා කියලා දුන්නු පාරෙ යමු අක්කේ දුක නිවන්න
ගායනය: රන්ජන් ජයතිලක
පද රචනය: නෙල්සන් දේමුණි
සංගීතය: නාමල් ගුණසේකර
පෝස්ට් මකා දමන බ්ලොග් මකා දමන සංවිධානයට බැඳුනද?
ReplyDeleteබැඳුනේ නෑ...මැකුව විතරයි...එහෙම කලාට කමක් නෑ නේද ඉයන් තුමා...!
Deleteමෝඩයා කෝ ...........හැක්
ReplyDeleteගැලෙව්වා මල්ලී...මෝඩ වැඩියි ඒ පෝස්ට් එක....සමාවෙන්ඩ ඕනි..."
Delete