වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්... |
වප් පෝයට සඳවතී දිලිසෙන
පරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවන
වැලිමත සිත්තම් කල වුවන
ඈත සිටි මා නොදකින
වැවුරුකන්නල නිවෙන දෑසට
ඔබ නෙත් යොමාන
වැවුරුකන්නල ඝන්ටා නාදයට
මා දෙසවන් යොමාන
තනිවෙන්නට හෙටදින
හිරු දෙවියන් හනිකට ඉපදෙන
සයුර අද්දර අප හමුවන
සොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවන
ආදරණීය නේරංජනා....!
ආදරණීය නේරංජනා....අනේ හීනෙන් නැතුව හැබැහින්ම එන්න අප්පා ..
ReplyDeleteඇයත් නොදන්නිය ඇය යන මානය..උන්හිටි තැන් මතකයෙ අඩමානය....
Deleteහීනෙන් විතරයි සඳා...හැබැහින් අමාරුලු....!
සාදු සාදු සාදූ!
ReplyDelete( :D )
කෝ නෙළුම් මල්....යන්න ගිහින් මල් අරන් එන්න..යන්නකෝ....!
Deleteනේරංජනා, නේරංජනවෙන් නෙමෙයි, මහ සයුරෙන් පනින්න වගේ බලාන ඉන්නේ...
ReplyDeleteපනින රංජනාවකින් මාත් එක්කම පැන්නනං මොකෝ....!
Deleteඔය නේරංජනාවෙන් පැනිම ගැන මගේ තියෙනවා වෙනස් දැක්මක්...
Deleteඔහේගෙ දැක්මත් හබරල කරල දැම්මනං අපිලටත් දැනගන්න එක්කලා මොකෝ වෙන්නේ....!
Deleteහි හි
Deleteආවර්ජනා කෙරු සිහිනය සුන්දරද
ReplyDeleteනේරංජනා නුඹ හැර යන්නේ ඇයිද.....
ජයවේවා!!!
සුන්දර සිහිනයක ඈ
Deleteඔහු හැරයන්නට අදිමදි කරනා....!
දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
ReplyDeleteසමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
ඝන්ටා නාදේ ඇහෙන දුරින් ඉන්නකොට විහාරයේ කඳුළු නොවැටේ....!
Deleteනේරංජනා කියන නම තෝර ගත්ත හේතුව මොකක්ද චෙපාකි?
ReplyDeleteඔන්න කොච්චි ඕනි නැති ප්‍රශ්ණ අහනවා..අලුත් ඉන්ගිරිසි වචනේ මතක් උනේ...අයියෝ...!
Deleteදැක්කනේ...ප්‍රශ්නය වැදගත් එකක් වගේ
Deleteනේරංජනා යනු අමරණීය මතකයක් මැ විය යුතුය.
ReplyDeleteආදරණීය නේරංජනා....!!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපාලූ වීදියේ තනිකම මැකුනා...!
Deleteඅස්සය ලාබෙටත් ඕන එක පාර නෙරංජනාවෙන් පණින්නත් ඕනෙ කිව්වලු
ReplyDeleteඅපිලා නං පනින්න කලියෙන් ඩ්‍රෝන් එකක් එහෙම ඇරලා ස්ටඩි කරලා තමයි පනින්නේ..අස්සයෝ ඕනිම නෑ අනේ....!
Deleteඅම්මට හුඩු, ඩ්‍රෝන් එකේ කතා වස්තුව දාන්නත් තියෙනව එහෙමම නේහ්
Deleteසරණව හදන්ඩම බැරි උනෙත් , දිගටම මීයෝ කැරපොත්තෝ ඇල්ලුවොත් , සෝරත නං ආදරේ හංදාා සමාව දෙයි , ලොකු හාමුදුරුවෝ ගහල පන්නයි පන්සලෙං , අසරන සරනයා කොහේ යන්ඩද
ReplyDeleteකොහේ යන්නද බං..ඌ මීයෙක් දෙන්නෙක් අල්ලගෙන පංසලේම ඉඳීවි සෝරත රහත් වෙනකන්...ලොකු හාමුදුරුවො ගැන අපි නොදන්නවැයි ඉතින්...හැක්..!
Deleteමට මතක් වෙන්නේ ප්‍රියා විතරමයි.. හැක්
ReplyDeleteසූරියසේන නේද මල්ලී..එහෙනං හරි..එයාමයි මේ...!
DeleteHmm
ReplyDeleteHMm කිව්වෙ හිස් මැජෙස්ටි මොංගල්ටද?
DeleteHer mighty meanness
Deleteපිරුණු හඳ කළාතුරකින් දැක්කත් ,මොන සිටුවේෂන් එකේ හිටියත් හිතෙන් මං ලංකාවේ, පටන් ගැන්ම අවසානය සහ පිංතුර අමුතු සුසංයෝජනයක්.
ReplyDeletehttps://www.youtube.com/watch?v=v1WZGH6s2OU
Deleteමේ අතනින් ඉඳගන්න එහෙම එපා. වැවුරුකන්නල බුදුහාමුදුරුවන්ට එතන හොඳට පේනවා.
ReplyDeleteඅන්න ඒ නිසාම තමයි මේ ඈතට වෙලා ඝංඨාර හඬ අහගෙන ඉන්නේ..!
Deleteහීනෙන් හරි ලංවෙනවනේ. කවි ලස්සනයි.:)
ReplyDeleteකවිය ලස්සනයි...
ReplyDeleteහීනෙන් ලංවෙන ප්‍රේමයක අවසානයේදී, තත්පරයකට හෝ හැබැහින් ලං වීම අනිවාර්යයි...ඊට පස්සේ ඉතින් "ඇරඹුමම කඳුලක් වෙලා"... :)
පොකුරු..කාලය ගොඩාක් දේවල් වෙනස් කරනවා...ඒ කඳුලක් වූ ඇරඹුම අද වෙනකොට සිනහවකට අන්තරාවරනය වූ හැටි අපූරුවක්...මම කාලයට හරිම ආදරේ ඒ නිසා...ඒ කියන්නේ සිහිනත් ඉඳහිට සැබෑවෙනවා පොකුරු...!
Deleteඅනිවාර්යෙන් චෙෆාකි මහත්තයෝ, කඳුළු රිදවුම් දරාගන්න පුළුවන් ඕනෙම කෙනෙක් ඒ හීන හැබෑ කරගන්න ක්‍රමයක් සොයා ගන්නවා...අනිත් එක පුංචි හිතුවක්කාරකමකුත් ඕනේ මට හිතෙන විදියට...කාලය තමයි ඒ හැමදේටම මාධ්‍ය...මමත් ඒ දේ විඳලා තියනවා...
Deleteඋබත් එක්ක බැහැ...තේරෙන මගුලක් ලියපන්කො
ReplyDelete