Friday 20 March 2015

ඊර්ෂ්‍යාකාරයාගේ බිරිඳ.....ආදරයද මේ...


ආලය 
වියරුව අත්ලෙන් පිපිරුන
හැඟුමන් නැවතුන
හාදු දුන් දොකොපුල
පිපිරී විසිරෙන
රතුලේ පවසන

රහස කිම….


සියුමැලි මා හද
නිල්වන් දෙනුවන
තලා තෙමා
ඊර්ශ්යාව නම් රකුසාගේ නලුව
වියරුව රඟනා

  
ඔබ...

  
තුරුණු වියේ කෙළිලොල් සමයේ
දෑඟිලි පටලා මංමාවත් වල
පෙම් බස් මිමිනූ
අප
අද දෙලොවක
.
.
.
දෑඟිලි බැන්දේ රන්හුයකින් නොව
යදමින් බැව් දැන් දන්නේ
…..
කෙලෙසක ඔබහට
මා  නැවතත්
පෙම්කරන්නද
පෙම්බරයානෙනි
කියා දෙනු මැන


ආදරයෙන්..

84 comments:

  1. ඇත්ත කියහං අයියේ , හවස් වරුවේ කොහෙද ගියේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොල තෝ එහෙම ඇහුවේ....
      නොන්ඩි ගගහ ගියා සුරාබදු බොස් හම්බවෙන්න....ලැබුනා නේ F7 සහ F8 ලයිසොං දෙකම...වර රත්නපුරේ...දාමු අපි බාර් එකක්....
      අනේ චූටිව ආදරෙන් මතක් කොලා කියහන් ඈ...
      අර අලමාරියයි බිත්තියයි අස්සේන් බලන් ඉන්න හැටි මතක් වෙනකොට පිච්චු වැහෙනවා මලේ...

      Delete
    2. වාචාලකමට කලින් කමෙන්ට් එක දැම්මට හත් අටපාරක් කියෙව්වහම තමා ගැට්ට නැති කයියේ තේරුම දැක්කේ

      ගියාට පස්සේ චුටි ඇහුවා ඒ මාමා චෝයියෙද්ද නෝටියෙද්ද කියල , ඇහුවට කියුවේ නැ , මොකක් හරි අපි නොදකින අහු කොනක් අල්ලගනද කොහෙද

      Delete
    3. F7 සහ F8

      කියුවහම තියන වෙනස්කං මොනවද කොරන්ඩ පුලුවන් සහ බැරි මොනවද

      Delete
    4. F7 - Hotel License (for room service, banqueting etc.)
      F8- Hotel Bar License (for a bar)
      නියමයි නේ....!

      Delete
    5. \\ ගියාට පස්සේ චුටි ඇහුවා ඒ මාමා චෝයියෙද්ද නෝටියෙද්ද කියල , ඇහුවට කියුවේ නැ , මොකක් හරි අපි නොදකින අහු කොනක් අල්ලගනද කොහෙද..///
      මොනවාවත් බිව්වේ නැති නිසා වෙන්ටෑ...හැක්..
      මොක්කුන්ටද බං නොටියො කියලා එයා සාමන්‍යයෙන් කියන්නේ...එතනින් අල්ල ගතෑකි..හොයලා කියහං...
      සමහර විට අසම්ජ්ජාති කමට මම බොට අඩාපාලි කී නිසා වෙන්ටෑ...

      Delete
    6. ///ලැබුනා නේ F7 සහ F8 ලයිසොං දෙකම.අපි දාමු බාර් එකක්.///

      චෝයියෙක් නෙමෙයි යකෝ දෙයියෙක් … දෙයියෙක් :D :D

      Delete
    7. එනකොට හොඳවැයින් වයින් අරන් වර....දාන්න බාර්...මට පලතුරු විකුනලා හිරේ විලංගුවේ ලගිතෑකි අර එතනෝල් සෙට් එකත් එක්ක...
      උඹ නම් දැන් වයින්වත් බොන්නේ නෑ කියලයි අපිටනම් ආරංචි පත්තර මලේ...

      Delete
    8. \\\ගැට්ට නැති කයියේ////
      ඒ මොකක්ද බං ඒ...?

      Delete
    9. එලිසමයට මං කයන නම.

      Delete
    10. හුකා...ඒක නැද්ද...මේවාට කව්ද බං කයි කියන්නේ..මේ හිතේ අමරුවට ලියන ලියුම්..අර සිංදු පවත්වනවා වගේ...

      Delete
    11. චෙෆෑකි, අද අපේ ගෙදරට ඩිලිවර් සර්විස් එකක් ආවා. මට දවස් තුනකට කෑම එක්ක. දැන් උඹලා මට ගමේ කෑම අගේ කලාට වැඩක් නෑ. ගමේ කෑම හම්බ වුනේ. හාල් මැස්සෝ, උම්බලකඩ, පපඩම්, ඇඹුල් තියල් හා තව දොදොල් හෝ මොනාත් ත් තිබුනා.

      අඩේ පත්තරේ ටෝක් දාන්නේ ගල් බෝතල් දෙසියක් බොන එකා වගේ. ඕක එක්ක බොන්න ඇරපු කියාන්ති එක මම තනියෙන් බීලා දැම්මා.

      Delete
    12. කියාන්ති කියන්නේ අර ප්‍රියන්තිගේ නංගි නේද

      Delete
    13. අර බාර් එකේ වේකන්සී නැද්ද දන්නේ නෑ.. වේකන්සි තිබුනත් වැඩක් නෑ ගෙදර බාර් එකේ වගේ ගල් නැත්නම්..

      Delete
    14. චෝයියෙක් නෙමෙයි යකෝ දෙයියෙක් … දෙයියෙක් :D :D

      දේවාල ගෙනාපු නැවක්.

      Delete
    15. හෝව් හෝව් මචංස්ලා...මේක දිග ප්‍රොසෙස් එකක්...තව චුට්ටක් කල් යනවා වැඩේට..හැබැයි පලවෙනි ෂොට් එක අපි ඔක්කොම එකට තමයි සප්තපාදියේ දාන්නේ...තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න..එතකන් ඉවසා වදාරන සේකවා..
      චියර්ස්....

      Delete
    16. @බූරු..ගෙදරින් ආපු ඩිලිවරි එකේ..මියන කොල ඇඹුල, කිරි කොස්, පොලොස්මැල්ලුම, හොඳ කරවල හොද්දක්, හරක්මස් කරියක් එහෙම තිවුනේ නැතේ?

      Delete
    17. F8 එකෙන් බීල F7එකේ කාමරේක දවසක් නිදියනව ගල් බෝතලයක් ඇද යට තියන්.

      Delete
    18. හිත රිද්දනවා කියලා ඔහොමම කරන්න එපා චෙෆෑකි. අපි පව්. (:

      Delete
    19. කම්මලේ මචං මම නිදාගන්න ඔලුවට තියාගන්නෙත් ගල් බෝතලයක්.

      Delete
    20. බූරු මිස්

      මං ඒකත් ගහලා උඹේ අර කබඩ් එකේ තිබුන ඒව සේරමත් ගහලා කාණු පල්ලක ලැගල යන්නං .. හිටපං :D

      Delete
    21. පත්තරේ,
      අනේ එපා බං.... :D
      මම නරකක් කිව්වේ නෑ නේ උඹ වයින් බිව්වේ නෑ කියලා. ;) උඹ ගල්ම බිබී හිටපන්. මම වයින් බොන්නම් තනියම. මට අන්තිමට කොලු පැටවුන්ට බොන්න දුන්නා කියලා හිරේ යන්න බෑ බං මේ වයසට. :D

      Delete
    22. හුරේ ,,,,,,,මතට තිත ..

      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
      අතුරු මිතුරු දඹදිවතුරු
      එදා පටන් අද වෙනතුරු
      මේ කල්පය පවතින තුරු
      අරින වහන බාර් ...
      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
      උදේ පටන් රෑ වෙනතුරු - උතුර දකුණ නොපෙනෙන තුරු
      බොන කට්ටිය ඉන්නා තුරු - වහන්ඩ බැ බාර්
      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...

      මුතුන් මිත්තෝ බාර් වලට ගිහින් බිව්ව කාලේ
      වාගේ නොවෙයි දැන් බැලුවම මොඩිෆයි වෙලා තාලේ
      ඕපන් වෙලා මාකට් එක තරගේ වැඩියි රාලේ
      විස්කි බ්‍රැන්ඩි ගල් පොල් බොන කාටත් එක ලිලේ ..

      බාර් තියන තරමටයිනේ බොන අය වැඩි වෙන්නේ
      සුර් වෙච්ච තරමටයිනේ සවි බල දිය වෙන්නේ
      සර් ඔහොම බොන්න ගියොත් නැති ලෙඩ ඇතිවෙන්නේ
      බාර් එකෙන් පෙනහැල්ලත් අරගන්නයි වෙන්නේ ..

      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
  2. චෙෆාකි සහෝදරයා... පුද්ගලික නෙවෙයි නේද??

    ReplyDelete
    Replies
    1. පිස්සුද සජ්ජෝ.....අපි එහෙම ජරා ජාතියේ නෙමේ...
      මම දන්න කෙනෙකුට වෙච්ච ඇබැද්දියක්....කෙටි පනිවිඩයක් වරද්දගෙන..
      ඕවා හරියයි...

      Delete
    2. ඔය කෙටි පනිවිඩ තියන්නේ යුගදිවියට තියන මරු පහරක් , ෆෝන් වලට ඔව්වා එන එක සදහටම නවත්තන්ඩ පුලුවන්නං හොදයි

      Delete
    3. හා හා.. අයියෙ.. එහෙම කියන්න එපෝ.. ඇස්.ඇම්.ඇස් එකකින් මිසක් බොන වෙලාවට ගෙදරත් එක්ක කතා කොරන්න වෙන ක්‍රමයක් නැතෝ... හොර කරන්න නියම භාණ්ඩෙ ඇස්.ඇම්.ඇස් තමෝ...

      Delete
    4. හොර කොරලා තමයි ඔය කෙලෝගෙන ඉන්නේ...
      කවුද නොසංඩාලයෙක් උම්මා එකක් එවලා එස් එම් එස් එකකින්...ඕවා ගෙන්න ගන්න නැතුව හිටියානං ඉවරනේ බං...

      Delete
    5. එහෙනං නෝ චාන්ස් . එලවන්ඩ කියහං අයියේ , වල් පදුරිව

      Delete
    6. අටමි උඹව කී පාරක් එළවලා තියනවද?

      Delete
    7. අනේද කියන්නේ..අපි බඩු ගන්න කඩේ මුදලාලියාත් අපේ සදුට ඇස්.එම්.ඇස් එකක් එවලා..ආදරේයි කියලා..අපේ ගෑනි රිප්ලයි එකක් දාලා කිලෝ එකක් කියද කියලා?

      Delete
    8. @එල ද බ්‍රා මෙන්ඩා.... එල ද බ්‍රා..

      Delete
    9. පවුල් කඩන්න ඔහොම ෆෝන් වලින් උම්ම එවන එවුන් ඉන්නව. ඉස්සලා ඒක බලන්න ඕනෙ.

      Delete
    10. අපේ ගෑනි බෝක්ක තමයි..අනං මනං නැත්තා උඔලා ඔන එකෙකුට මම නැතත් ගෙදර ගිහින්..
      “ නංගි..බත් ටිකක් දිපං‘“ කිව්වෝත්
      “ අවුලක් නෑ අයියන්ඩි කුස්සියටම ගිහින් බෙදා ගන්න කියයි“

      පුරාඡේරැ නෙමෙයි මගේ ගෙදර ඇවිත් ගිය හැම යාලුවෙක්ම මේකට සාක්කි.

      Delete
    11. සාක්කි දෙනවා !!!!!!!

      Delete
  3. ගිණි දැල් වැදී
    බුබුලු දමමින් කැලතෙන
    සුසුදු පෙන කැටි පිටාරව
    අවසන
    ගිණි නිවී හැතපී
    පිඟානට වී බත්පත
    හඬගසයි පෙර සේ
    ආදරෙන්..

    ReplyDelete
    Replies
    1. ඊටත් එහාය මේ දෙපොල...

      Delete
    2. ඇ බං දැන් මේක අපි තුන්දෙනාගේ ප්‍රයිවට් චැට් එකක්ද

      Delete
    3. වහාම මෙය 'පොදු ජනසතු චැටක්' ලෙස නම් කරන මෙන් ගස් ලබ්බා වන මා විසින් උදක්ම ඉල්ලා සිටිනවා..

      Delete
    4. අපි සැට් වෙන්න කලින් නවත්තන්න තහනං ඕන්.. බ්ලොගේ මකුලු දැල් කඩන්න ඊයෙ වෙන් කරපු නිසා එන්න පරක්කු උනා.. ඔන්න දැන් වරෙල්ලා..

      Delete
  4. පලමුවෙනි කමෙන්ට් එක ඔන්න මම දැම්මා ශ්‍රීනාත්.

    ReplyDelete
  5. ඕවා ගොඩක් වෙලාවට බත ඉදෙනකන් විතරක් කේස්....ඒත් ඔය ඊර්ෂ්‍යාව කියන දේනම් ටිකක් විතර හිතේ තියෙන්න ඕනේ.තමන්ට කැමති විදිහකට ජීවත්වෙන්න ඉඩ දෙන පිරිමියට වඩා ලන්කාවේ ගෑණු කැමති "තෝ කරන්න ඕනේ මම කියන දේ විතරයි බැල්ලී"කියන ටයිප් පිරිමින්ටයි.(අත්දැකීමෙන් _)

    ReplyDelete
    Replies
    1. ඊර්ශ්‍යාව ඉබේම ආදරෙත් එක්ක එකට එන දෙයක්නේ පෘථග්ජන මිනිසුන්ට....සමහර විට පිරිමි කම කියන්නේ ඔහෙ හිටපිය බැල්ලි කියන එක කියලනම් ගෑනු හිතන්නේ අපි වගේ පිරිමි අනාථය...

      Delete
  6. දැන් නම් අර අතැගිලි පැටලුන අත්වල පිරිත් නූලක් බැඳගෙන සිල් ගන්ට ඕනි වයස නේ .මේ පාර ආවමනම් රත්නපුරෙත් එන්න වෙනවා F 4 හා F 7 සමරන්න

    ReplyDelete
    Replies
    1. තිලකේ, කවදා හරි ගමේ යනකොට මට මඟින් ශොට් එකක් දාගන්න තැනකුත් සෙට් වෙනවා එහෙනම්...

      Delete
    2. ඒ අපිටනේ තිලකේ..මුන් මේ තරුණ ලමයි...
      අප්‍රේල්වල කොහොමත් අපි සෙට් වෙනවානේ...!

      Delete
    3. @ බූරු...කිව්වනේ අපි මග බලාන ඉන්නේ කියලා..එකට දෙකක් දාන්න බැරියැ ඔහේ එනවානං.....

      Delete
    4. ඔව් මට දැන් ගමේ යන්න අතිරේක උත්තේජනයක් තියෙනවා .සමහරවිට ලබන සතියෙම අපිට හම්බ වෙන්න පුළුවන් වෙයි

      Delete
    5. චෙපෑකි, කොහොමත් අපි ශොට් එකකට වඩා බොනවා. සමහරවෙලාවට තුනක් විතර....
      හැබැයි අරක්කු නෙමෙයි ප්ලේන් ටී.... කිරි සීනි නැති ප්ලේන් ටී. :)
      සමහර එවුන් මට මඩ ගහනවා ඕකටත් ඉතින්...

      Delete
    6. බූරූ මේ ඔක්කොම උඹව ඉක්මනට ගෙන්න ගන්නනේ මචෝ..ගනන් ගන්න එපා..

      Delete
    7. කවුන්ටින් ඩේස් මෙන්... අයි විල් වන් ඩේ සුවර්ලි, බිෆෝ අයි ඩයි... ;)

      Delete
  7. ඔවුවා ඉතින් පොඩි වෙලාවකටනේ.. වැඩිය හිතේ තියන් ඉන්න යන්න හොද නෑ.. එතකොට තමයි අවුල එන්නේ..

    ReplyDelete
  8. සැකය රජකමත් නැතිකරපු අවස්තා තියෙනව නේ.වැරදිවැටහිම සැකය කරන දෙවල් නම් සෙල්ලම් නැ

    ReplyDelete
    Replies
    1. ඒකට මචං එතනට ගියාට පස්සේ හොටු ආවත් සැක හිතනවා...ඒක මනුස්ස සොබාවය...වටේ ඉන්නා අය තමයි වැඩ වන කරන්නේ....තාමත් අපේ පිරිමින්ට ගෑනු ලමයෙක් දිහා බලන්න පුරුදු නැහැ ලිංගිකත්වයෙන් මිදිලා..ඒකම තමයි මේ වගේ දේවල් වෙන්න ප්‍රධානම හේතුව. හිනාවෙලා කතා කරාම උස්සන්න පුලුවන් කියලා හිතුවාම කේස්...

      Delete
  9. F 7 මෙන්න තියනවා https://www.youtube.com/watch?v=2naI3TiqoxI

    F 8 මෙන්න https://www.youtube.com/watch?v=QprQcfr45fk

    අපිත් රත්නපුරේ එන්නම්, හැබැයි ආපහු එනකොට F 7 එකකින් හරි F 8 එකකින් හරි එනවා වගේ දැනෙන්න තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඩිස්කවරි එකේ නැගහං නෙක්ස්ට් ටයිම්....කොරොල්ලා කටුවල එල්ලෙන්නේ නැතුව...F16 වගේ ඒවා හරිය....

      Delete
    2. මාත් යන් එක යනවාමයි ලබන පාර නං ඩිස්කවරියේ. අම්මපා!!!

      Delete
    3. වයිපර් දන්නෙ නැතුන් උනත් ඩිස්කවරියට හය්යෙන් යන්න පුලුවන්ද?

      Delete
  10. හරිම ලස්සනයි. පට්ටයි උත්කුරුස්ටයි.. මට කක්කා බරයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉතින් මෙතන රෙන්නේ නැතුව වල කක්කුස්සියකට හරි දුවහන් මලේ...

      Delete
  11. ලත්තනයි අපූලුයි...
    හිහි ඒත් මාන්දමිකයි...
    මොකද හැම කා ඇතුලෙම පට්ට වසල ගෝ‍රත්‍රිකයෙක් ඉන්න හන්ද

    ReplyDelete
    Replies
    1. මහේෂ් ....ආදරය කරන කෙනෙකුට ඊර්ෂ්‍යාව කියන එක රඹුටන් ඇටෙයි මදෙයි වගේ එකට යන දෙයක්. රඹුටන් මදේ ආදරේද ඊර්ෂයාවද කියන එක තමයි අරුමේ...
      ඒකට හැම මිනිහම ගෑනිම සම් මස් ඇටලේ වලින් හැදුන ඈයෝ නිසා මේ වගේ වයර් ෂොර්ට් විලි නවත්තන්න අමාරුයි...

      Delete
  12. ගෑණුන්ට අතින් පයින් ගහන්නේ පොන්නයෝ..

    නැත්නම් ඉතින් ගහන්න එකක් දෙයියෝ දීලා තියෙනවනේ..

    කයිය නම් වල්ල පට්ට..

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයේක් හිනාවෙලා කතා කලාම ඇඳට ඇද ගෙන යන්න පුලුවන් කියලා හිතන්න තරම් ගෝත්‍රික මනස් ඇති පිරිමිනේ මාතේ මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ. ඉතින් කුමන කථාද...?

      Delete
    2. උම ඔය කිව්වේ මාතේටද බං

      Delete
    3. නෑ බං මට..මාතේ බෝ පැලේනේ දේශෝ..

      Delete
  13. මමත් නම් ගෑනිට කවදාවත් අත උස්සන්නෙ නෑ..මෙනම හේතුවකටවත්..

    එල ද බ්‍රා කයිය.

    ReplyDelete
    Replies
    1. ඇද යට ඉදං අත් උස්සන්නෙ කොහෙද බොල ඇද පොලුවල වදිනවනෙ :D

      Delete
    2. නෑ යකෝ දන ගහගෙන වැදගෙන කොහෙමෙයි අත් උස්සන්නේ?

      ස්තුතියි කම්මලේ සහෝ ඔබගේ අත් දැකිම් අප සමග බෙදාගත්තාට.

      Delete
    3. කම්මලේ කොහෙද බං ඇඳං..මයිනහම් මිසක්..ඕකව කිනිහිරේ බැඳලලු තියෙන්නේ..

      Delete
  14. ගෑණු පිරිමි බේදයක් නැතිව, හිනාවෙලා කතා කරපු ගමන් වැරදි වැටහීම් ඇතිකර ගන්නව. SMS ඇත්තටම මලවදයක් තමයි ummmmmmaaa එවන්නෙ ඕකෙන්, ( පිට උන් නෙමේ ගෙදර උන්දැත් )

    ReplyDelete
    Replies
    1. බොට හොඳට ස්පෙලින්ග් හුරු වගෙයි උම්මා වල..

      Delete
  15. කවියට දපු කොමෙන්ට්ස් නවත්ල තියෙන්නෙ SMS වලින්.. පිස්සු හදෙනවා මචන් කියවගෙන යනොකොට.... මොනව උනත් F7 /F8 ලබුන කියන්නෙ එතින් බඩුම තමා.... මගෙ සුබපෑතුම් මචන්... ගල් බගයක් සහ සොඩා ටිකක් උබ එක්ක බොන එක ගෑන් හීන මවනවා. කොහෙද සතියකට වඩා එන්න ලෑබෙන්නෙ නෙ.... මොකො නොනිඩි ගහන්නේ බස් එකෙදි කකුල පෑගුවද ගෑල්ල්මයෙක්?

    ReplyDelete
    Replies
    1. ගල් බැහැ..උඹ ඉතින් BMW එකත් එක්ක ලව්නේ ආවාම..මේ අසරන අපි මතක් වෙනවැයි ඉතින්..කකුල පෙරලිලා ගෑල්ලමෙක්ගේ කරට අත දාලා කඩාගන්නේ නැතුව යංතං බේරුනා..බටදූවේ සයිට් එකේදි..

      Delete
  16. යකෝ ලියලා තියෙන කවි ටික අමතක උනානේ කොමෙන්ටු ටික කියෙව්වම ..........

    ReplyDelete
    Replies
    1. කයිටික නම් මොකෝ සබ්ජෙක්ට් එකත් කැලේ ගියානේ මැලේ..

      Delete
  17. ලැබිච්චි දේ රසයට වඩා නොලැබිච්චි දේ තිත්ත ගැන හිතන්න, කියන්න අපි කැමතියිනෙ.

    ReplyDelete
  18. ඕවා නම් මොනාද චෙපෑකි. මට දැන් සති කිහිපයකට ටෙක්ස්ට් එකක් එනවා ලංකාවෙන්. මම ඒ නම්බර් එක දන්නේ නෑ. අනික ඒ වගේ මට ටෙක්ස්ට් එන්න ලංකාවේ කවුරුත් නෑ. ඉතින් මම ටෙක්ස්ට් එකෙන් ඇහුවා කවුද කියලා. මෙන්න මට ලියලා එවනවා මට ආදරේ කරන මගේ බෙටර් හාෆ්ටයි විශ් කරන කෙනෙක්ලු.
    එක දිගට ආවා. පස්සේ නම්බර් එක බ්ලොක් කලා. ක්ලබ් එකේ එවුනුත් හරි කියුරියස් වෙලා හිටියේ මට ටෙක්ස්ට් එවන එකාව බලන්න. උන් පිළිගන්නේම නෑ නේ මම සිංගල් කීවට.
    හොඳ වෙලාවට වලියක් යන්නේ නැතිව මාත් බේරුනා ඒක හින්දා.
    ;) .

    ReplyDelete
  19. ෆෙච් මචං...............

    පට්ටෙට ලියලා....... යාලුවාව මතක් කරා කියන්න

    ReplyDelete
  20. අපේ උන්දැගෙ ෆෝන් කබලටත් හැට හුට හමාරක් විතර ඔහොම එවුං මැසෙජ් එහෙම එවනවා.. උන්ගේ නොම්මර වලට ලස්සන ලස්සන නික් නේම් එහෙමත් දාල තියෙන්නේ.. සමහර එව්ව මට පෙන්නුවම මං එව්වට උත්තරත් යවනවා අපේ උන්දැ යවනව වගේ.. මං නං කියල තියෙන්නේ කතාකරොත් හොඳින් කතා කරනකං කතා කරන්න බැරිනම් කට් කරල දාන්න කියල.. වෙලා මදිකම නොවෙයිනම් උන්දට පුලුවන් දැන් හැටකට විතර එකපාර ලව් කරන්න.. කේස් එක කියන්නේ මේ ගෑනි හැබැයි කැමති නෑ වැරදිලාවත් මගේ ෆෝන් එකට ගෑනියෙක් කතා කරනවට..

    කවිය කියවනකොට ලස්සන කවි උත්තරයක්ම ලියන්න හිතුනා.. කොමෙන්ට් ටික කියෙව්වම ඒව ඔක්කොම අමතක උනා.. හැක් හැක්..

    ReplyDelete
  21. මාත් දැකලා තියෙනවා බඳින්න කලින් වුනත් බස් ස්ටෑන්ඩ්වල, බස්වල කෙල්ලන්ට ගහන නරුමයෝ.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....