Tuesday 25 October 2016

අමිල පෙම....!



උසට ගැලපෙන මහත
මවිල් පිරුන පපුව
පිරිමිකම ඉහවහා ගිය
ඔබ දැඩි දෑත...
හසුරුවන සුක්කානම පෙනේ මට ඇස්කොනින්..

මහවැහි වහී එළියේ
පොඩිත්තී ගුලිවී හීතලේ
පිටුපස අසුනේ මාතුරුලේ....
ඇය....
ඔබ මව්බිසව්...ඉදිරි අසුනේ...
මෙයයි මගේ..නැහැ..අපෙ ජීවිතේ...!






61 comments:

  1. හප්පා......සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වගේ.

    ReplyDelete
    Replies
    1. බීම කෙසේවෙතත්..වෙජිටේරියන්ලු..
      හදන්නම බෑ...!

      Delete
  2. ශානි කියනවා වගේ සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ..
    ඇඩෙනවා තනි ඇහැට

    ReplyDelete
    Replies
    1. බීම ගැනනන් ඕං කථාවත් කරන්න එපා...ජරා පුරුදු ඕවා..!

      Delete
  3. ගව් ගණනක් යන්න ඇතේ
    මව් තැන ඉදිරියෙන් වෙතේ
    පව් ඈතින් හිඳි මොහොතේ
    ඔව් අමිලයි පෙම දෙසිතේ........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පුත්‍ර රත්නයනම් අමිල ලෙස පෙමින් මව් සමග තාමත්...!

      Delete
  4. සුන්දරයි ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද අප්පා...අති සුන්දරයි....!

      Delete
  5. Realy....not nice for the person who goes through this experience ....!!

    ReplyDelete
  6. අමිල පෙම...
    තේරෙන්නේ නැහැ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති නිසා තමයි ඔයවගේ ප්‍රශ්න මතුවෙන්නේ ලොකූ...තව හිතහං...!

      Delete
  7. මක්කිව්වා.........? අර මව් බිසව නිකං මාරි ඇන්ටනට් බිසව වගේ පාලනයක්ද ගෙනියන්නේ?

    ReplyDelete
    Replies
    1. නැහැනේ... පුත්කුමරු තාමත් මව් රැජිණගේ රාජ්‍යයේනේ වැඩ වසන්නේ..හිතෙන් මම කිව්වේ...!

      Delete
  8. නැන්දා ලේලි කේස් එකක්ද හිටන්?
    ලොරියක් ගත්තනම් ඉස්සරා පැසෙන්ජර් සීට් දෙකක් ම තියෙන......

    ReplyDelete
    Replies
    1. එතකොට ලේලීතුමීට ක්ලීනර් ලෙවල් එකේ පිටිපස්සේම එල්ලිලා යන්නවෙයි..නැද්ද...?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Pink Floyd..The Wall....!
      Way to go Likhitha...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @Pra Jay..assume likhitha knows the limits..ha..!

      Delete
    4. @ලිඛිතා...තැනින් තැන සුදු වෙච්ච බූල් තියෙන බූල් බූල් අතක් කියලනේ කිව්වේ.!

      Delete
  10. Replies
    1. කසාද (දෙකක්) බැන්දට පස්සෙවත් හිතන්න ඕනි දෙයක්..නැද්ද කොච්චි මචෝ...!

      Delete
    2. ආයෙත් අහලා...හැබැයි මගේ කසාද දෙකේදිම මව්තුමී එක්ක සීට් ප්‍රශ්න ඇති උනේ නැහැ.

      Delete
  11. කාර් එක නැතුව ගොං කරත්තයක් ගත්තනම් මිනිහා කරත්තෙ දක්කනවා, අම්මයි ගෑණියි පිටිපස්සෙ සම තැන් වල .

    ReplyDelete
    Replies
    1. Range Rover ගොං කරත්තයක් විකුණන ඇඩ් එකක් තියෙනවා මෙතන

      Delete
    2. කොහොමද බිරිඳට කරත්තේ දක්කන්නය කියලා මව් පුතු සමාගම ෂපාන් එකේ පිටිපස්සේ වාඩිවෙලා ගියානං ඉයන්ගේ ගොංකරත්තේ....!

      Delete
    3. ගොන් කරත්ත දක්කන්න ගත්තමත් මෙහෙම වෙනවා...

      Delete
    4. ගොනා නෙමෙයි බං හරකයි බර අදින්නේ ,

      Delete
    5. අන්න මාතෙට තේරුනා...අනුන්ගේ ගොන්කරත්ත දක්කන්න උනාම කෝමද....!

      Delete
  12. Replies
    1. Just describing what is in the pic..nothing serious...!

      Delete
  13. මුල් කොටසේ හරිම සරාගී විදියට පිරිමි ළමයව විස්තර කරල තියනව, ඇත්තටම ගෑනු ළමයෙක් ලියල වගේ.

    ලිව්වේ කොල්ලෙක් (කොල්ලෙක්??? මාමෙක්/සීයෙක්!) වෙච්ච චෙෆාකි ම නිසා, ඉතා අගනා විදියට ගැහැණු ඇසින් බලා තිබෙන බව හිතුණ. මොකද මට ගැහැණු ළමයෙක්ව සැමියාට පේන විදිය, කවදාවත් මෙහෙම ලියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. EM කියන්නෙ මේක චෙෆා ලියපු එකක් නෙමෙයි කියලද නැත්නම් චෙෆා ගෑණු කෙනෙක් කියලද .... හෙහ් හෙහ්

      Delete
    2. කොල්ලෙක්, මාමෙක් තමා හෙට,අනිද්දා සීයෙක් වෙන්න පෙරුම් පුරනවා..ඒ මගේ මතුපිට...
      ශෙෆාකිගේ තවත් පැති තියෙන බව දැන් පේනවනේ..ඔය ඉයන් හොඳට දන්නවා ඒවා ගැන...!

      Delete
  14. මෙහෙම වැඩක් අපිටත් උනානේ.. ඒ හින්දා පද පේලි ටික තදටම හිතට දැනුනා.. හි.. හි... ;)

    ReplyDelete
    Replies
    1. හැමෝටම උනාට මැනේජ් කරගන්නේ බොහොම ටික දෙනයිනේ...අනික ඩ්‍රයිවර් එකම ලමයා උනාම කේස්...නැද්ද..!

      Delete
    2. නෑ... මම මේක බැලුවේ බිරිඳ සහ අම්මා කියන කෝණයෙන්..

      Delete
  15. ඔන්න වැඩේ! බැඳලත් බෑ.. නොබැඳත් බෑ

    ReplyDelete
    Replies
    1. බැඳාහන් බැඳහන් හැබැයි කම්පනාවෙන් වැඩ කටයුතු කොරහන්...හොඳේ..!

      Delete
  16. වාහනේ අයිතිකාරි වෙන්නැති ඉස්සරහ සීට් එකේ ඉන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑලුනේ...ලීස් එක ගෙවන කෙනාලුනේ පිටිපස්සේ ඉන්නේ..ඒකනේ සර් අවුල...!

      Delete
  17. මම ගොඩක් වෙලාවට මව් රැජිණට සුක්කානම බාර දීලා ලේලිව ඈත් එක්ක ඉදිරි අසුනෙ ඉන්දෝලා පිටිපස්සෙ ආතල් එකේ සින්දුවක් අහගෙන යන එක කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අන්න මගේ ජාතියේ බුවෙක්....රෙස්පෙක්ට්...ඕකනෙ මචෝ තැන්සූස්නුවන් කියන්නේ...!

      Delete
  18. වැරදිලාවත් මෙහෙම දෙයක් උනානම්,

    *පව් කවදාවත් වාහනේක ඉස්සරහ යන්න ලැබිලා නැතුව ඇති, එකනේ ඔච්චරම ආසා ඇත්තේ... අනේ හා යන්න කමක් නෑ වයසක මිනිස්සුනේ.
    *දෝණි එක්ක ඔය ඉස්සරහ යන Driver & Cleaner ට නොදී ඇති තරම් chocolates කනවා.
    *දෝණි එක්ක ඉස්සරහා යන අයගේ කන් බීරි වෙන්න සිංදු කියනවා
    ඒ මම නේ
    හ්ම් , මම හොදින්ම දන්නා one & only son කෙනෙක් marry කරපු මගේ හොඳම යාළුවෙක් ඔය වගෙත්, ඔයිටත් වඩාත් දුක් වින්ඳා.. මම එයාට දුන්නු එකම උත්තරෙන් එයා ගොඩ ගියා, ඒ උත්තරේ

    "කකුළුවෝ යන්නේම හරහටනේ ඉතිං කෙලින් යන්ඩ කියලා අඬු කඩන්න ද
    ..? අපි තුවාල කරගන්නද..?? හොඳම දේ තමන්ට යන්න ඕනේ පැත්තට කකුළුවා හරවලා තියන්න"

    තව දෙයක් පුද්ගලිකවම මං උනත් ඕනෙවට වඩා උපෙදෙස් දෙනවට කැමති නැ (මෙලෝම දෙයක් නොදන්නවා උනත්) ඒ නිසා උපායශීලි වෙන්න. මේ ගැටළුවට අඩු වැඩි වශයෙන් දන්නා නොදන්නා කාලේ ඉදලා හැමකෙනෙක්ම මුණ දෙනවා. හැබැයි ඉස්සරට වඩා අද කාලය වෙනස්. ගෙදරටම හිරවුණු කාන්තාවන්ට වඩා මෙහිම කියවෙන විදිහට වාහනේ ලීස් එක ගෙවන්නෙත් ඇය. එහෙම ඇයට මෙහෙම වෙන්නේ ප්‍රශ්නේ විසදන්න ගත්ත උපායේ අවුලක් තියෙනවා කියලමයි හිතෙන්නේ.

    ඉතිං හුරුකරන්න ඉන්නෙත් දුවෙක් නම් උපායශීලි වෙන්න , නම්‍යශීලි වෙන්න , ස්වාදීන වෙන්න.

    ReplyDelete
  19. මේ වෙලාවට හොඳටෝම කපටි වෙන්ඩ ඕනෙ ......

    ReplyDelete
  20. දෙය්යනේ කියල වැස්සෙන් නොතෙමි වායුසමීකරණය කරපු වාහනයක මාවයි මගේ දරුවයි ගෙනියනවනේ, ඒ මදැයි කියල හිත හදාගන්නවා මම නම්...කිසිම දවසක දෙමාපියන් සහ දරුවන්ගේ බැඳීම් අතරට යා යුතු නැහැ...ඒවායේ නොගැටී තමන්ගේ පවුල රැක ගන්න ගැහැණියක් බුද්ධිමත් වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අක්කි.

      Delete
    2. ගැහැණිය කොහොමත් බුද්ධිමත්නේ පොකුරු...so no issues...!

      Delete
  21. මට නම් මගේ නැන්දම්මා බලෙන්ම වාහනේ ඉස්සරහ සීට් එක දුන්නා.. නැන්දම්මා විතරක් නෙමේ මාමන්ඩිත් දුන්නා.. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් ආවේ නැ...

    හැබැයි අපි දෙන්නම කැමති වාහනේ පිටිපස්සේ යන්න..කොහෙද එහෙම කරන්න අර දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඩ්‍රියිවර් වැඩේ බාර ගත්තේ නැනේ..

    ReplyDelete
    Replies
    1. සුදුස්සට සුදුසු තැන ලැබෙනවා චෙෆාකි.. බලෙන් ඉල්ලන්න යන්න ඕන නැ.. එතකොට ප්‍රශ්න වැඩියි..

      Delete
    2. තව දෙයක් මතක් උනා චෙෆාකි, අපි හම්බුන මුල් කාලේ මට කාර් එකින් බහින්න ඔහු මට දොර ඇරලා දුන්නා.. මාත් කාර් එක ඇතුලෙම හිටියා බහින්නේ නැතුව ඔහු බැහැලා ඇවිත් දොර අරින කන්.. මේක ඕනම තැනකදි උනා.. කියන්න පුලුවන් ද ඇයි එහෙම වුනේ කියලා...හි හී...

      Delete
    3. ගෑල්ලමයි එහෙම කරන්නේ ඇයි කියල කියා දුන්නනං හොඳයි..මම නම් තාමත් දොර අරිනවා නගිනකොටයි බහිනකොටයි...ඇත්තටම...ඉයන් පෝස්ට් එකකත් ලියල තිබ්බා ඒක...;)

      Delete
    4. ෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට ආපහු යන්න ඕනි උනාම පේජ් එකෙන් එක්සිට් වෙන්න...නැතුව රිටර්න් බට්න් එකෙන් ගියාම කමෙන්ට්ස් රිපීට් වෙනවා...!

      Delete
    5. තැන්කස් චෙෆාකි.. කාර් එකේ ඉස්සර දොරේ ලොක් එක කැඩිලා තිබ්බ නිසා.. මට ඇතුලෙන් දොර අරින්න බැ..හදා ගන්න යන්න තියන කම්මැලිකමට කාලයක් යනකන් ඔහොම තමා කලේ එයා හි හී

      Delete
    6. බලන්න ඉන්න අය හිතන්න ඇති " අමිල පෙමක් " කියලා.. :)

      Delete
    7. රිපීට් වෙන අමිල පෙම් කියලා....! දොරේ කතාවනං හරිම රොමෑන්ටික්...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....