Friday 7 October 2016

අයියෝ සිරිසේන....සිරිසේනට යන්න උනාය...!


සිරිසේනගේ තරමක් සමීප රූපයක්......එයා නෙවෙයි මේ...!
සිරිසේන ආයෙත් ඇවිත්.......!

වැරෙන්ඩා එකේ හාන්සිපුටුවෙ පයිප්පේ ඇද ඇද ඉන්නකොට ඉස්සරහා පැත්තෙන් ඇහුනේ මහත්තයෝ කියන හඬ....ඒ සිරිසේනගේ..

සිරිසේන වත්තට හඳුන්නලා දුන්නේ රිටි වලින් පොල් කඩන රංජිත්..ඒ මීට පොල් මුර දෙකකට විතර කලියෙන්...ඒ කියන්නේ මාස හතරකට එහා වෙන්න එපැයි...!

"මහත්තයෝ...

"කොහොමෙයි සිරිසේන ..දැන් සනීපය..."

"හා ...දැන් සනීපයි මහත්තයො..සිංහල බෙහෙතුත් ගත්තා අර අපරැක්කේ වෙදෙක්ගෙන්..මාතර ඉස්පිරිතාලෙන් කිව්වා තව එක පාරක් බෙහෙත් බිව්වම හරිය කියලා..මට දැන් වැඩ කරන්න ඇහැකි.."

"ඔහේට මක්කැයි ඇත්තටම උනේ සිරිසේන.."

"මෙහෙමයි මහත්තයෝ...මම හැමදාම තුනහමාර වෙනකොට නානවා...( හෑ ඒ කියන්නේ මේ මනුස්සයා කිසිම වැඩක් කරන්නේ නෑ කියන කථාව ඇත්ත..තුනට නාන්නේ කොහෙමෙයි පහ වෙනකන් වැඩකරනෑයෝ...)..එදා මම නානකොට මට වෙන කවද්දවත් නොදැනිච්ච ගායක් දැනුනා වම් අතේ..මේං මෙහෙම උඩට උස්සන්න හැදුවා හ්ම්හු..බෑ...වම් කකුලත් හොල්ලගන්න බෑ බෑ වගේ උනා..මම ඔලුව අල්ලලා බැලුවා..ගානක් නෑ...දකුනතින් වතුර කරාමේ වහලා..තෙත සරම හිමීට බිමට වැටෙන්න ඇරියා...සරම ඇඳගන්න හැදුවට බැහැ වගේ...බිම වාඩිවෙලා ඔලුවෙන් දාලා සරම ඇඳගෙන අල්ලගෙන අල්ලගෙන අතගාගෙන දනගාගෙන ගියා වැට දිගේ පන්සලට..."

( මේ මනුස්සයා කියන විදියට මීටර් දෙසීයක් විතර දුරක් ගිහින් නේ...)

"කොහෙන්ද පන්සලට ගියේ.."

"ඉස්සරහින් මහත්තයෝ ..ගේට්ටුව ඇරලා නේ තියෙන්නේ..මම වැට අල්ලගෙන ගියා...ගිහින් පොඩි හාමුදුරුවන්ට කිව්වා...මට ටිකක් අමාරුයි, වීල් එකකට කතා කරන්නය කියලා..ඊට පස්සේ ඒ ආපු වීල් එකේම ආපහු වත්තට ඇවිත් හාමුදුරුවන්ට කිව්වා මගේ කොට්ටෙ යට තියෙන සල්ලි වලින් පන්සීයේ කොළයක් මගේ සාක්කුවට දාලා ඉතිරි සල්ලි තියාගන්නය, මම ආපහු ආවාම ඒවා බේරගමුය කියලා..වීල් එකේ ලමයාට කිව්වා මාව රදම්පොල ඉස්පිරිතාලෙට ගෙනියන්නය කියලා...එතන හිටිය දොස්තර මහත්තයා මාව බලලා ඇම්බූලන්ස් එකට කතාකරලා මගෙන් ඇහූවානගින්න ඇහැකිද කියලා..මම හා කිව්වා..ඒපාර මාව ගෙනිච්චා මාතරට...දවස් දෙකක්ම ඉන්න උනා මාතර..."

"ඔය සුරුට්ටු අරක්කු බොන එක නවත්තන්න කිව්වේ නැද්ද දොස්තරලා.."

"කිව්වා..ඒ ගොල්ලෝ ඒ කියන්නේ පුරුද්දටනේ මහත්තයෝ..මට උනේ මේ කසිප්පු නැති වෙච්ච එකනේ...කසිප්පු තමයි මේ ලෙඩේට බෙහෙත..මට කිව්වේ අර රත්නපුරේ දොස්තර මහත්තයා..මහත්තයා දන්නවත් ඇති අර මාරපන් වලෙව්වෙ ලොකු දොස්තර මහත්තයා..එයා තමයි කොළඹ මහ ඉස්පිරිතාලේ ලොක්කා..එයා කිව්වේ මේකට..අර මහත්තයෝ සිංහලෙන් කියනව නේද පඩ යනවය කියලා..ලොකු දොස්තර මහත්තයා මගෙන් ඇහුවා පඩ යන්නේ නෑ නේද කියලා..මම නෑකිව්වා...කසිප්පු බීපු හැටියේ හෝ ගාලා යනවානේ මහත්තයො..එතකොට ඉහෙන් බහින ලෙඩක් නෑ..මේ ලෙඩේ පටන් ගත්තේ අර මිල්ලගස් ආර පන්සල ඉස්සරහ තියෙන අක්කර පහේ මුර කරනකොටනේ..කැකුනදුරේ කසිප්පු විස වෙලා අර ගොඩාක් ඈයෝ මැරුනැයින් පස්සෙ කසිප්පු නැති උනා.ඉතින් මම අරක්කු බිව්වා..එදා ඉඳන් ලෙඩ මහත්තයෝ.."

"සිරිසේනට දැන් වයස කීයද..? "

"72ක් නේ දැන්...."

හදිසියේම කතාව නැවැත්තූ සිරිසේන ලොකු කල්පනාවකට වැටුනා...මේ මනුස්සයා හරිම අද්භූත චරිතයක්..මම ඉස්සරවෙලාම කථා කරපු දවසේ ඒ කියන්නේ වැඩට ඇවිත් සුමානෙකට විතර පහුවෙලා ගේට්ටුව ගාවදි හම්බවෙලා මාත් එක්ක ඇවිදගෙන ආවා..අමුතුම ශාන්ත කමකුත් ඒ වගේම භයංකාර නිශ්ශබ්ද කමකුත් ඇති සිරිසේන කා සමගවත් වැඩි කතාබහක් කලේ නෑ...එකම වේගයකින් බිම බලාගෙන ඇවිදින ඔහු කිලෝමීටර් තුනක විතර දුරින් තියෙන රත්මලේ හංදියට ඇවිදිනවා අරක්කු රුපියල් සීයක බොන්න..ආපහු එනකොට ආයෙත් අරක්කු තිබහ හැදෙනවා ඉතින්...මුරකාර රස්සාව කෙසේ වෙතත් දවසේ වැඩි හරියක් සිරිසේන පාරේ...මේ ගතිගුන නිසාත්, ඈතදීම සෙරෙප්පු ගලවා මා ලඟට ඇවිදගෙන ඒමත්, කිසිමදාක කසාදයක් දරුමල්ලෙක් නොවුනු එකත් නිසා මට හිතෙන්නෙම මේ මනුස්සයා හිටපු හාමුදුරුකෙනෙක්ද කියාය. එදා ගේට්ටුව ගාව ඉඳන් ඇවිදගෙන එන ගමන් මම ඇහුවම දරුමල්ලො ඉන්නවද කියල සිරිසේන කිව්වේ, ගෑනු මට අකපැයි මහත්තයො..ඕවා හරි කරදර හිතුවිලි කියලා..මාර කථාවක් ඒක...

"මහත්තයො මට රස්සාවක් දෙනවද..?"  එක පාරටම එහෙම අහපු සිරිසේන පලමුවෙනි වතාවට මගේ මූණ බැලුවා...

"සිරිසේන ඊයේ  රෑ කොහෙද හිටියේ..."

"කඹුරුගමුවේ අපේ මලයගේ අහ...එහෙ ඉන්න බෑ මහත්තයො..මලයා මගේ උනාට ඔය ගෑනු කියනවනේ ඔය ඉතින් මැරෙන්නය අපේ ගෙදර ආවෙ කියලා...මට ඔය ගැනුන්ගේ කථා අහන්න බෑ මහත්තයො...මට රස්සාවක් දෙන්න පුලුවන්ද කියන්න මහත්තයාට..?"

"රස්සාවක් කරන්න ඉස්සර වෙලා ඔය වයසට පරිස්සම් වෙන්න ඕනි නේද සිරිසේන..තනියම මේ වතු මැද ඉන්න හොඳනෑ නේ ද...එදා හාමුදුරුවො නොහිටියනං..?"

"මට තැන් දෙක තුනකින් කථා කරලා තියෙනවා, මම එහෙනම් ඒ තැනකට යන්නං මහත්තයෝ....මට එක උදව්වක් කරන්න ඕනි මහත්තයා.."

"මොකක්ද සිරිසේන කරන්න ඕනි...?"

"මම දන්නේ නෑනේ මහත්තයෝ මෙහෙ වැඩ කොරන කට්ටියගේ නම් ගං..අර හීන්දෑරි.. මැසිමෙන් කැලෑව සුද්ධ කරන හාදයා, එයා මගෙන් එක දවසක් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා, තව දවසක් මහ හදිස්සියෙන් වගෙ ඇවිත් රුපියල් දාහක් ඉල්ලගත්තා, මහත්තයා ඒ එකදාස්පන්සීය මට දීලා ඒ හාදයගෙන් ඒ සල්ලි ඉල්ලගන්න..ඒ උදව්ව කරන මහත්තයො මට.."

"අර ට්‍රැක්ටර් එක එලවන කෙනාද..එයා අන්න එහා පැත්තේ අද පොල් කඩන තැන ඉන්නවා..සරත් මහත්තයාත් එතන ඉන්නවා..ඉස්සරවෙලා ගිහින් සරත් මහත්තයා ඉස්සරහා ඒ හාදයාගෙන් ඔය ගනුදෙනුව බේරගන්න හැටියක් කතාවෙලා එන්න එතකොට සරත් මහත්තයා සල්ලි ගෙවාවි සිරිසේනට.."

"ඒකට මහත්තයෝ එයා කියාවිනෙ සල්ලි හෙට ගෙනත් දෙන්නංය අරකය මේකය කියලා.."

"එක තමයි සිරිසේන මම කියන්නේ සරත් මහත්තයා ඉස්සරහා ඔය කතාව කතා කරගත්තම ඉවරනේ කියලා..යන්න දැන් ගිහින් ඒක් කරගෙන එන්න.."

"හොඳමයි මහත්තයෝ.."

ඈතට ඇවිදගෙන යන සිරිසේන...!
මගේ හිත තාමත් තෝන්තුවෙලා වගේ...ලංකාවට ආවාට පස්සේ අත්දැකපු දේවල් වලින් මගේ යන්තං හරි ගෑවිලා තිබුන මනුස්සකමට හෙන ගැහිලා....මම කියලා මොනාකරන්නද...මේ මනුස්සයාව මට බලාගන්න බැහැ...සල්ලි දුන්නාය කියලත් වැඩක් නැහැ..රස්සාවක් දෙන්නත් බැහැ අංශභාග රෝගියෙකුට...කාගෙද වගකීම...මට මේ වැරැද්ද හදන්න බෑ..හදන්න කියන්නත් එපා....!

ප.ලි.-මේ සිරිසේන ජීවත්වෙන්නේ දකුණුපලාතේ ඌරුගමුවෙ දන්දෙනිය ග්‍රාමයේ...පොලොන්නරුවත් එක්ක කිසිම සම්බන්ධකමක් නැත...ශිෂ්‍යත්වය පාස්දැයි නොදනිමි..!

56 comments:

  1. ඒක නෙමෙයි, කිතුලක් දෙකක් මද්දවන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑනේ...බදුරලියේ බදුරලියේ මෙහේ බැහැ ඕවා..."

      Delete
  2. Replies
    1. Approp‍riation bill එක දාන්නේ මෙන්න මේ වගේ වියදම් පිරිමහන්න වෙන්න ඕනි..!

      Delete
  3. අනේ මන්දා බං ඔළුවත් කරකැවෙන්න ගත්තා...සමහර ප්‍රශ්නවලට උත්තර නැහැ. ඔය සමහරු දෙමව්පියන්වත් පාරේ අත හැරලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිලටත් කවදහරි ඔච්චරයි අරූ මලයෝ...! මක්කා කියල කරන්නද..?

      Delete
  4. අර යටම තියෙන පින්තූරෙ caption එක වැරදියි නේද? ඒක මගේ අළුත්ම බැකෝ එක කියල වෙනස් වෙන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් වැරදියිනේ...ඒ බැකෝ එක නෙවී ඊට මෙහායින් පාර්ක් කරල තියෙන එක්ස්කැවේටර් එක...මෙහේ අය කියන්නේ සැවේටරේ කියලා ඒකට....හැක්

      Delete
  5. සැක් ... කියෝල හිත අප්සෙට් උනා ......
    ලංකාව වගේ දුප්පත් රටක දරු මල්ලො හිටියත් නැතත් නාකි උනාම කරදර බොහොම වැඩී ..
    මම නං හිතං ඉන්නෙ නාකි වෙන්ඩ කලිං මැරෙන්ඩ ...

    ReplyDelete
    Replies
    1. ඇයි දැං උඹව බලාගන්න කවුරු හරි ඉන්නවද..? ඒ අයට කියහං උඹ නාකිවෙනකන්ම බලාගන්න කියලා..එතකොට අහවරයිනේ...!

      Delete
    2. මාව බලාගන්න කට්ටිය එච්චර කල් ජීවත්වෙන්නෙ නැතිවෙයි ....

      Delete
    3. බය නැතිව හිටිං , කටුස්ස උඹව හොදට බලාගනී.

      Delete
  6. // කාගෙද වගකීම. //

    පොලොන්නරුවේ සොරිසේනගේ වගකීම හිටන්!

    ReplyDelete
    Replies
    1. එයැයි කියල මක්කා කොරන්නෙයි හිටං..රාජපක්ෂලාගේ වැරැද්ද යුද්දේ ඉවර කරපු එක..නෑ නෑ එයා නෙවෙයිලුනේ ඉවර කලේ..ඒ කාලෙ මොකා හිටියත් ඉවරවෙනවලුනේ...යුද්දේ තිබුනනං මේවා ප්‍රශ්න නෙවී..නැද්ද...?

      Delete
    2. // ප.ලි.-මේ සිරිසේන ජීවත්වෙන්නේ දකුණුපලාතේ ඌරුගමුවෙ දන්දෙනිය ග්‍රාමයේ. //

      සිස්සත්වෙන් ලන්කාවෙන් ම පලවෙනියා වුනේ ඌරුගොමුවේ දරුවෙක් නේ..?

      Delete
    3. ඔව්නේ..අද මම ඉස්කෝලේ ගාවට ගියා..කොල්ලගේ බැනර් ගහලා පාර පුරාම ..පව් ඒකා...!

      Delete
  7. කැලේ පැනල ඉන්නකොට ලියන්න අපූරු කතා හම්බුවෙනවනේ බොලේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිලා ඔහේට ආරාධනා කොලේ එන්නය කියලා..කෝ ඉතින් එනවයැ...!

      Delete
  8. අනුකම්පාවට උදව් කරන්න ගිහිල්ල ඔය මනුස්සය මලොත් එහෙම චෙෆාට පොලීසි ගානෙත් යන්න වෙයි.
    මොනව උනත් දුක හිතෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. පොර බොන ස්පීඩ් එක නං වයසට ගැලපෙන්නේම නෑ...එයා හිතං ඉන්නේ කසිප්පු තමයි බෙහෙත කියලා..ඔන්න කඹුරුගමුවේ යනව කියලා ගියා සල්ලිත් අරගෙන..දැන් රත්මලේ පොට් එකේ බොනව ඇති බඩ පිරෙන්න...!

      Delete
  9. සමාජ ආරක්‍ෂණයක් නොමැතිකම

    ReplyDelete
    Replies
    1. අපිට ඒ තරම් දුරක් යන්න බෑ මේ ව්නාසකාරී වියදම් අධික පොලිටිකල් සිස්ටම් එක නිසා...එක්ස් ලෑන්ඩ්කෲශර් එකක් ගේන සල්ලි වලින් මේ වගේ මිනිස්සු දාහක් විතර බලාගන්න තිබ්බා..කාට කියන්නද...!

      Delete
    2. ඕක ඉතින් සරසා ගේ ආණ්ඩුවටත් (යුද්දේ දිනපු එක)) මේ ආණ්ඩුවටත් දෙකටම සාධාරණයි නේද?

      Delete
  10. මක් කරන්නද, ඔච්චර වයසට යනකල් ඉන්නේ නැතුව ඉක්මණට මැරිලා යන්න තමයි මම හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන්මම ගානක් ගෙවලා හිටියොහ්, ඔහෙට වයස හැට පිරෙනදාට ඇවිත් වැඩේ කොරලා දෙන්නම් හිටන්!

      Delete
    2. අනේ යකෝ . අපි අහුවෙයි ඔව්වට ගෙවන අන්තිම අවුරුදු හත අට අපෙන් ඇඩ්වාන්ස් අරගන සැපට ගෙවන්ඩයි හදන්නෙ

      Delete
    3. මගේ ටාගට් එක උපරිම 55 යි බං, එච්චරත් බැරි වෙයිද මන්ද...
      දැනටම සුදු කොඩි පේනවා සමහර වෙලාවට...

      Delete
  11. අවසානය හැම වෙලාවකම අපි හිතන තරම්ම සුන්දර එකක් වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙය ආරම්භයකි ඔහුට..එයයි කනගාටුව...!

      Delete
  12. වෙන කරන්න දේකුත් නෑ.. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා..ගොඩාක් දේවල් කරන්න ඇහැකි..ඒත් වටපිටාව ඒවට ඉඩදෙන්නේ නෑ කමී....!

      Delete
  13. ඒකාංගික ටෙලි නාට්‍යයකට හොඳයි. අර පෝය දවසේ පෙන්නන, 'සිත නිවන කතා' එකට එහෙම හොඳයි.

    ReplyDelete
  14. අප්පට සිරි කියන්ඩ බැරි උනානෙ . සිරිසෙන කසාද නොබැදපු හේතුව . අර කුරුදු තලන කට්ටිය එක්ක අඩියක් ගහනකොට කියල තියෙන්නෙ. මං දවසක් ඔහේ ආවහම අර පච්ච කොටල ඉන්න පන්ඩිත ඩයල් එක මට කියුවෙ

    ඔන්න පොර ඉස්සෙල්ලාම දවසේ ගියාලු ඉස්තිරි පහසක් හොයාගන ( සල්ලි වලට ). ප්‍රවිෂ්ට කරන්න හදනකොටම දාතු පහ උනාලු . ආයේ ට්‍රයි කරාලු කරාලු බැරුව ගියාලු .පස්සේ අර බට්ටි කියුවලු ....ඔහෙට ගෑණු හරියන්නැ . කවදාවත් බදින්ඩ එපා කියල......ඒ වචනෙට ගරු කොරල පොර ආයේ ඒවා ගැන හිත යොමුකලේ නැ කියල තමයි ....කියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හිටපු හාමුදුරු කෙනෙක් වෙන්නැති බං...!

      Delete
  15. ඔය වැඩිහිටි නිවාසෙකට යවන්න බැරිද? සැල්වේෂන් ආමි එකේ තැනක් තියනා නේ කොළඹ මහලු අය ගන්න

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයාගේ හිත හයියයි..එහෙම නිවාසෙකට යන එක සෝශල් ඉෂූ එකක් ගැමියෙකුට...අරක්කු සුරුට්ටු පාවිච්චිය නිසා කවුරුවත් උදව් කරන්නෙත් නෑ..සිරුසේන ඒ පුරුදු අතරින්නෙත් නෑ...

      Delete
  16. සිරිසේන කලාකරුවෙකු නම් ආණ්ඩුවට බනින්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. කාටවත් බැනලා වැඩක් නෑ...අපි අපේ දෙමව්පියන් බලාගනී..ඒත් කාත් කවුරුවත් නැතිකෙනෙකුට පාර තමයි...

      Delete
  17. රටේ වැරද්ද. අම්මට සිරි ලංකාවේ 40% කටත් වඩා පිරිසකගෙ උරුමය ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. අපි කියල මොනා කරන්නද මාතේ..අතේ පයේ හයිය හත්තිය තියෙනකන් ඔක්කොම පුලුවන්කාරකම්...!

      Delete
  18. පුදුමයි, දුක්ගන්නාරාළ වැඩේ නොකරපු එක. කියවගෙන යද්දි හිතුනෙ කාමරයක් දීල නවත්තගන්න ඇති කියල.
    ඇත්ත කිවුවොත් දැන් ඉන්නෙ ඒ ගැන හිත අමාරුවෙන් නේද ?

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් යාවි හිත හදාගන්න..!

      Delete
  19. චෙෆාකි මීටත් වඩා බොහොම කෙසඟ ශරීරයක් තියන මහළු කෙනෙක් අපි ලංකාවේ ඉන්න කාලේ අපේ ගෙවල් පැත්තේ කුලී වැඩ කලා.. මට මතකයි මැරෙන්නම අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලත් වැඩ හොයාගෙන එනවා.. බොනවද කියන්න නම් මම දන්නේ නැ.. දරුවො මේ වැඩේට අකමැති උනත් ඒ මනුස්සයාගේ උත්තරේ වැඩ නොකර ඉන්න බැ , ලෙඩ වෙනවා කියන එක... තාමත් වැඩ ඉල්ලන් එනවද කියලා අම්මගෙන් අහලා බලන්න ඕන..

    මේ මනුස්සය කට්ට අවුවේ වැඩ කරනවා දකින එක මට බලන්න ඉන්න අමාරු දෙයක්..ඒත් වැඩක් නොගෙන සල්ලි ගන්නත් නිකන් ඉන්නත් කැමති නැත්නම් අපි මොකද්ද කරන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දන්නේ නෑ..මාව හොඳටම ඩිප්‍රෙස් උනා මේ කේස් එක නිසා...මට මතක තරමට ජීවිතේ මට කරන්න ඕනිම දෙයක් නොකර හිටිය බොහොම ටිකකින් එක සිදුවීමක් මේ...ඒ කියන්නේ මම හිතා ඉන්නේ I have solutions for everything and I have to take care of everyone කියලා...මේ කේස් එකේදි අවවාද හම්බුනා නේ otherwise..so I had to stop me....!

      Delete
    2. Sometimes we don't have any other solution than full stop & let it go...

      Delete
    3. In my case it is difficult...too sensitive due to various reasons...thanks though.
      Those words of yours help loads to heal meself...."

      Delete
    4. හිත හොඳ වෙලා බිස්නස් කරනන් බැහැ කියනවනේ.

      Delete
  20. ලෝකෙ තියන ඔක්කොම ප්‍රස්න අපිට විසඳන්න බෑ බොලේ.ඒ හින්ද ඔන්න ඔහෙ අතෑරල දාන්න...:)

    ReplyDelete
  21. සිරිසේන කියුවම මං හිතුවේ මේ වෙන කෙනෙක් ගැන කියන්න යනවා කියලානේ:d

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුලින්ම පින්තූරේ යටින්ම ලිව්වේ....මේ එයා නෙවෙයිය මේ කියලා....!

      Delete
  22. මමත් දන්න පොරකගෙ කකුලෙ තියෙනවා රෑෂ් එකක්. පොර කියන්නෙ ඒක හැදුනෙ පඩ යවන්නෙ නැති නිසාලු. මම පුදුම වුනා. පොර කියනව වෙද මහත්තයෙක්ලු කිව්වෙ. ඕවා ලැජ්ජාවට හිර අරගෙන හිටියාම අතුරු ආබාධ හැදෙනවලු. ඇත්තෙන්ම පොර ඒක කිව්වෙ විහිලුවට නෙවෙයි. ඒ කතාව ඇත්තටම විශ්වාස කරන නිසා. මට මතක් වුනේ ඒ කතාව.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්...මම ලිව්වේ සිරිසේනගේ වචන..72ක් වයසයි...life style is sacred than all other bullshit at that age, i suppose...පඩ යෑම නොයෑම ඒ මනුස්සයා realise කරන් ඇති as per his reality..i respect sirisena for his so called wisdom dude...!

      Delete
  23. ඔය වගේ තත්ව මම ඕන තරම් අත් දැකලා තියෙනවා. හරි අසරණ කමක් දැනෙනවා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....