එක්කො ත්‍රීවිල් එකක,
නැත්තං බට්ටෙක්,
ඉඳලා හිටලා ටවුන් ඒස් එකක....
අහිංසක පාට පොඩි එකෙක්ගේ..
එහෙමත් නැත්තං අම්මෙක් තාත්තෙක් වගේ කඳුළු කඩා හැලෙන මනුස්ස පරාණයක..
ඩිජිටල් ප්‍රින්ට් කරපු පොටෝ එකක් එක්ක තඩි බැනර් එකක් එල්ලලා,
කණ හිල් කරගෙන යන අනවුන්ස්මන්ට් පාරක් දාගෙන ගමේ ගොඩේ සිදාදියේ හැම අහුකොන් පාරකම ගාටමින්,
ලොකු දොස්තර මහත්තයෙක්ගෙ රෙකමදාරු ලියුමකුත් දික්කරගෙන,
පින්වත්නි, මේ අසරණ (දරු පැටියාගේ, අම්මගේ, තාත්තගේ.......)
වකුගඩු සැත්කම,
හෘද සැත්කම,
පිළිකාව....බ්ලා බ්ලා බ්ලා...සඳහා..
රුපියල් තිස් ලක්ෂයක්, හාර කෝටියක්.....
ඉන්දියාවට ගෙනියන්න අච්චරක් මෙච්චරක් කිය කියා....
මොකක්ද මේ කරන මේ විජ්ජාව....
අතේ තියෙන දෙකයි පනහ ලොතරැයි කූඩුවටද බට්ටටද..
සිතමින්...
එහාට මෙහාට වාංගු වෙන ඇටසැකිලි වන් සංහිදියාවෙන් මත්වූ බොහෝමයක් වු මිනිසුන්.....
සේනනායක හංදියේ ට්‍රැෆික් ලයිට් රතු පාටයි...
රණවිරු ටී ෂර්ට් එකේ
අත් දෙක හුළඟට වැනෙන..
අවි ගත් දෑත වන්නියේ දමා ආ..
මිල්ලගස් ආරේ රණවිරු අබේසිරිවර්ධන මාවතේ අම්මා පදිංචි වී සිටින..
අබේසිරිවර්ධන මුදියන්සේලාගේ අමිල අබේසිරිවර්ධන...
යදින්නේ කීයක් හෝ ...
යුහ එකයි හතරයි පහයි නමේ..
තරු දෙකේ ලාංජනයේ ලෙදර් වැස්ම අරන් දැමූ..
සුදු පාට ප්‍රාඩෝ එකේ ගාම්බීරව ඇස්දල්වා වාඩිගෙන සිටින..
අත් පා ඇති ඒත් සිත වන්නියේ දමා ආ..
විජේ බණ්ඩාර ගෙන්.....
කවදාද අප පතනා කොළ එළිය අප දකින්නේ....!