බලෙන්ම කරමින් මා අමතක
මන්දැයි මා හැර යන්නට දරන්නේ වෙර....
බලෙන්ම ගත් ඒ හාදු, නොකර අමතක
මම නොවෙදෝ සිටින්නේ
ඔබ වට...
ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සට
ඒත්
මා ඉහලා ගෙන නොව
කුඩයක්.......!
ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සට
ඒත්
මා ඉහලා ගෙන නොව
කුඩයක්.......!
මද්දු අක්කේ අපි බාලේ
අම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩු
අද උඹේ අතින් පිසුන
තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.
ලොකේට ලොකුකම් කරාට
රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.
මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,
තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමත
යන්නට නෑගම් නැතුව අඩුපාඩු
![]() |
| කිරිරොටි |
නිවි නිවී ඇවිලෙන
තැවි තැවී වැලපුන
කප්පරක් දුක් ඉහිලූ
සංයමයක් නොමැති සිත
අකීකරුකමින්
දඟකාරකමින්
පිහිතුඩු සේ තියුනු වදනින්
සිදුරු කොට
වැව්බැම්මේ
සරුංගල් අරින අපිදෙන්නා....!
කඩාගෙන ගියත්
කූරියා ගැහුවත්
අතඇරියත්
වතුරේ....!
![]() |
| Vincent van Gogh’s The Starry Night (left) filtered to simulate color blindness (right). Phot9o: Kazunori Asada |