ශූන්‍ය
බෙදන්නත් බැරි
එකතු කරන්නත්
අඩු කරන්නත්
ගුනාකාර හොයන්නත්
බැරි
සමීකරණ
නියමයන්
නොදන්නා
සමාන පාද
සමකෝණ
අංශක
වර්ගපල
නොමැති
අවකලන
අනුකලන
අනන්තය
සයින් කොස්
සිග්මා
ෆයි
< >
[ ]
වරහන් නොව
සමාන ලකුනක් වත්
නොදැක්ක
ගණිත පාඩම
ඔබ....!
හා...!
ගණිත පාඩම
ඔබ...!
අපොයි හරිම බයානකයි.. එක සමානයි දෙක කියල ඔප්පු කරෙත් ඔබගෙන් බෙදුනු කෙනෙක්මයි!
ReplyDeleteඑකයි දෙකයි සමාන මොකටද කියලයි හෙව්වෙ.කොහේද ..ෆේල් මෙයා...👍
Deleteහොයන්න ඕන තැන
ReplyDeleteජයවේවා..!!
හොයන්නාටමලුනේ හම්බෙන්නෙත්...👍
Deleteජයහේ...!
ඔබ තමයි අනන්තය
ReplyDeleteඔය තියෙන්නේ උත්තරේ...ගොඩ ඉතින්...තැන්කූ...👍
Deleteනැවතීමේ තිතකින්
ReplyDeleteඉවර කරන්නත් බැරි
වරහනක සඟවා
වෙන් කරන්නත් බැරි
කමාවකට පසු
ඉස්සරහට යන්නත් බැරි
ප්‍රශ්නාර්ථයකි
නුඹ
එනමුඳු
හැමදාමත්
විශ්මයාර්ථයට
පසුවම යෙදෙන
තිත් පෙලකි
ඔව් ඒ ඔබ
( අ ) ශූන්‍ය
එනමුඳු
අනන්තයටම විහිදෙන
? ! ...........................
ශූන්‍ය
Deleteකොමාව....කමාව කියන්නේ ගණිතෙට සම්බන්ධ දෙයක් නෙවෙයි සඳවතී...!
Deleteඔව් පස්සෙ දැක්කා... ඒත් ඩිලීට් නොකර හිටියා...
Deleteදඩිබිඩි කමෙනට්ස්...කවද ඩිසිප්ලින් වෙයිද මේ ලමයි...!
Deleteගණන් වලට අපි බයයි අප්පා...
ReplyDeleteඑතනින් නරකම එකා වෙන ශුන්‍යයට අපි ඉතීම් කොච්චරක්නම් කියල බය වෙන්න ඕනෙද...
ඒ හින්දෑ වෙන්නැති මැටීරියල් ඉන්ජිනියරින් කරන්න ඇත්තේ...👍
Deletelove = 0
ReplyDelete1 love...👍
Deleteඉන්දියන් කාරයෝ සීරෝ වෙනුවට කියන්නේ ජීරෝ කියළා. මුලින්ම බින්දුව නැතුව තමයි ගණන් හදලා තියෙන්නේ. පස්සේ එයාලට තේරිලා මොකක් හරි අඩුවක් තියෙනවා නේද කියළා. ඉන් පස්සේ තමයි බින්දුව හොයාගෙන තියෙන්නේ. මාතා ලව් සීරෝ කෝක් වලට වෙන්ටෑ
Deleteකෝණ ගොඩක අංශක හරියට හොයලා
ReplyDeleteපේන සමීකරණය තව විසඳාලා
දාන ප්‍රමේයන් හොඳ හැටි ගළපාලා
ගාන හදන්නට එනු මා ලගටම දුවලා....
ජයවේවා!!!
ඔය විභාගේ ෆේල් වෙන්න හොඳ හේතුවක් දුමියෝ....😂
Deleteසයින්, කොස් තිබුණට ටෑන් අමතක වෙලා වගෙයි.
ReplyDeleteනිකංයෑ ගනන් බෑ කියන්නේ..ටැංජන් එක කෝමත් අවුල් මල්ලී....😂
Deleteදයාබර ශූන්‍යය,
ReplyDeleteසමහර මිනිසුන් ලඟ තාලය ඇත රසය ඇත භාවය නැත
තවත් කොටසක් ලඟ තාලය ඇත භාවය ඇත රසය නැත,
ඒ අතරේ ඉන්නවා රසය ඇත භාවය ඇත තාලය නැත,
කොහෙද ඉන්නේ තාලය රසය භාවය ඇති මිනිසුන්,
ඔබ දන්නවද..
මේ අනන්තය.
තාලය, රසය හෝ භාවය යනාදී තුනෑදුතු ගුනයන් මට නං පිහිටලා නෑ හිටං...😂😂😂
Deletesure නේ හිටං කියලා....😂😂😂
Deleteහිටං ගැන තමා එහෙම කිව්වෙ...!
Deleteඅපි ඉස්සරහට කවුරෝවත් එනවට අපි කැමති නෑ. හැබැයි පිටිපස්සෙන් එනවනම් අකමැත්තක් නෑ. විශේෂයෙන්ම පඩියේ ඉල්ලක්කම් පිටිපස්සට එනවට අකමැත්තක් නෑ.
ReplyDeleteහැබැයි ජාත්‍යන්තරයට කතාකරන්නනං ඉස්සරහට අපි දෙන්නෙක් ඕනිමයි...!!!
Delete😂😂😂
+++++++++++++++++++XXXXXXXXXXXXXX----------------////////
ReplyDelete~~00~~
Delete