ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලී
මේ තනි හිතට සීතල දැන් බෝම වැඩී
වෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදී
ඇවිලෙන්නට නුඹ උන්නානම් බෝම වටී
කාලය එක්ක පොරබැඳ හති වැටෙනකොට
පාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොට
රාවය නැගෙන පෙම් ගී ළය නිවනකොට
හීතල මතක ඇවිදින් හිත ඉඹිනකොට
හීන් සිරුවට වෙලි වෙලි දැවටීලා
පපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලා
බුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලා
ඉන්නට එනවාද රහසෙම සැඟවීලා
ගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්ව
වැද වැද සිහිල් සුළඟට අළු අහුරක්ව
අවරට ගියත් රෑ සැන්දෑ අහසක්ව
ප්‍රේමය පරනොවන අසෙනිය කුසුමක්ය
මසිත කියවූ ඇය එසැන්නි ලියූ කවක්.......
දුවන හිතක නැවතුම කොහෙ තියෙනවද
ReplyDeleteදවන හැඟුම් හැම සතුටක් ගෙනෙනවද
මවන සතුට කෙළවර හර දකිනවද
නිවන සොයන්නට අවසර ලැබෙනවද......
ජයවේවා!!!
ලස්සන කවියක් දුමී
Deleteලස්සන කවියක් දුමී +1.....!
Deleteකෝ අපිල සප්තපාදිය පැත්තෙ එද්දි චෙෆාකිලා එහෙ නැහැනේ.
DeleteWow ++++
ReplyDeleteකීයක් හරි දෙනවද අපිලටත් .....!
Deleteඅප්පොච්චියේ... නාකි මගේ පපුවත් මක්කද උනා..
ReplyDeleteඅප්පොච්චි විතර නාකි නෑ නේද ඔහේ...ඉතිං මක්කවත් වෙන එකක් නෑ...!
DeleteSuperb..
ReplyDeleteකියන්නං එහෙම කිව්වය කියලා...!
Deleteහප්පා, හිත ගිනිගන්නවා වගේ.
ReplyDeleteඕක ලෙඩක් මචං...බෙහෙත් ඕනි නෑ...වැඩිය ගනන් ගන්න එපා..ඉබේ හරි යනවා...:)
Deleteඈ ලියූ කවියකින් හරි බ්ලොග් එක අප්ඩේට් වීම සතුටක්....කොහෙද මෙච්චර දවස් හිටියේ...?
ReplyDeleteදුෂ්කරක්‍රියා කලා...පස්වග මහනුන්ගෙන් බැනුම් අහ අහ ඉගෙනගන්න ට්‍රයි කොලා...නයෙක් යට තපස් රැක්කා...ඕන් ඔය වගේ දේවල් කර කර තමා හිටියේ...ආ මාර දුතියෝ මෙල්ල කරන්න උනා...මතකත් නෑ අප්පා කරපු දේවල්...ඔය දරුවා කොහේද හිටියේ...?
Deleteමමත් ඔය අහල පහලම තමා උන්නේ ඇයි මතක නැද්ද කිරිපිඬු ගෙනත් දුන්නේ හි.හි.හි
Delete+++++++++++
ReplyDeleteතඩි වැට මරු....!😉
Deleteදැන් මේක ඔහේගෙද...? එහෙම නැහ්නන් වෙන කාගෙවක්ද...?
ReplyDeleteඔහේ දන්නවනේ මට කවි ලියවෙන්නේ නෑමයි කියලා..ඉතිං ඇයි අප්පා ඔහොම අහන්නේ...!
Deleteචෙෆාත් ඉතිං ගිනි අවුලවන්නමයි හදන්නෙ නේද.
ReplyDeleteපිදුරු නොදා හිටිං...කටුස්සත් මල එකේ....😂
Deleteලදක සනහස කරන උත්තම පිදුම් නේකයි නිමකරනු බැහැ
ReplyDeleteහදක ගිගිරුම නොම හැගෙනවා නොවෙයි සොදුරිය ඉවසගනු බැහැ
පිනක මහිමෙන් නුබව ලද්දෙමි එහෙත් නුබ හා දිවිගෙවනු බැහැ
කොනක සිට මා පෙරූ පිරුමන් සසර දනහට සහවගනු බැහැ
Nelliප්‍රින්ස්
මතුදා ඔබත් ඔහුත් ඔවුනොත්
Deleteසසරෙන් එතෙර කරන හදින් මිස
කලකිරීමකින් රහසේම වෙන්වූවා නොව
ළඳක සනහස උව විඳදරා ගත නොහැකිය හෙට ගැන සිතනා මට...!