ඉරිතලා හඬනා පොළොවට
ඇදවැටෙන්න මෝරන අර වැහිවලාවට
ඉඩදෙන්නටමදෝ හැංගෙන්නේ
හිරු අද හැන්දෑවට
පාළොස්වක වඩම්මන්න මෝරන හඳට
ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ
අද අර තරුකැට
හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට
ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට
කලියෙන් පහුවෙන්නට පාළොස්වක
වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට
හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට
බොරු කියන්නේ මොකට
කොහොමත් එකයි දැන්නං මට
ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට
හිතුවනං නැවතිලා පෙර පනින්නට
හංගාගෙන හිටියා නොව මං
මහමෙරක් වන් ආලයක් තිට පුදන්නට
තාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹ
පැල පුරාම මැවෙන්නේ නුඹේ කොමල හිනාව
ගැටපිච්ච පඳුරේ මල් පිරිලා ඉනාව
තුරුල්වෙන්න එනවානේද හෙටානිද්දා නොපමාව
~~~~~~
වෙනවා මතක් නොසිතා පෙර පැනපු පිමී
ReplyDeleteමොනවා වුනත් පෙර පෙම ගත විඳින්නෙමී
ගොරවා වහිනවිට තුරුලට පැදුර ගමී
එනවා තුරුල්ලට පහනෙහි තෙලුත් නිමී...
ජයවේවා!!!
රකින්නේ පැල් අනුන්ගේ හේනකනං
Deleteකියවෙන්නේ පැල් කවිත් නුහුරටම නං
අලියන් ඇවිත් කෑවත් අපෙ ගොවිකං
පිලේ නොසිට කොහි ඉන්නද අද රෑ මං
ජයම වේවා....!
පිගේ පැදුර හේකට අරගෙන යනවා
ReplyDeleteඑලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
විචාරක දියණිය
:)
DeleteGood one chefarchi
ReplyDeleteThanks...!
Delete-----
ReplyDelete???
DeleteHarima Lassanayi chef-architect :)
ReplyDeleteThanks...!
Deleteහේනක්නං නැති උනාට මක්වෙනවැයි.
ReplyDeleteහේන් නං තියෙනව..කොටමුද....?
Delete:)
පායන කාලේ.. අකල් වැස්සක් වගේ පෝස්ට් එකක්.. :) දාඩිය නිවුනා..
ReplyDeleteමෙහෙට නං වහිනව හෝ ගාලා...අකල් නෙවෙයි..නෝමල් වැහි....හෙහ් හෙහ්...!
Deleteකාලෙකට පස්සෙ ඇවිත් කතාවක් වගේ කවියක් ලියලා ගිහින් නොවැ.කවිය මිසක් කවියාව නොකියවන නිසා මම ඉතින් මුකුත්ම අහන්නෙ නෑ ඕං. ඒත් මම මේ කල්පනා කරන්නේ හේනක් නැතුවට මොකට කම්පා වෙනවද කියලා ගොවිපොලක්ම තියෙද්දී.
ReplyDeleteබොරු කියන්නේ මොකට
Deleteකොහොමත් එකයි දැන්නං මට
/// ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට /// +++++++++
ReplyDeleteඅන්නේකයි..කිව්වට ඇහුවේ නෑ..දැන් පරක්කු වැඩියි ඉතින්....!
Deleteහිතා ගන්න බැහැ මේ අනින්නෙ ටොකුද කියලවත්...
Deleteආයෙ සිංහල පන්ති යන්න කියල බැලුවෙ... 😭
මේක මගෙ හිතේ ටීකා සීපදයක් වෙන්ටෑ....
ReplyDeleteහෑල්ලක් වගේ නිසාද ලොකුමල්ලී ඒම කිව්වෙ..පොල්කඩන ගමන් කියවෙන එව්වා නිසා ඒමත් හිතතෑකි හැබෑටම...😂
Deleteඅන්නේකයි...
Deleteලස්සනයි...බං...
ReplyDeleteඅනේ මංදා....!
Deleteමුරුගසං වැස්සක් වැස්සත් පෙම නං හේදෙන්න දෙන්න එපා !
ReplyDeleteහේදෙන්න දෙයක් නෑ හැලපේ..හෝදලා වැලේ දැම්මා වේලෙන්න..මුරුගසං කිව්වම මතක් උනේ මුරුංගා..මේ වාරෙනේ..කෑවා ඇතිවෙන්න...අලුත හිටෝපු ගස්වල හැදුනා මුරුංගා...මරු සහ ගුන කෑමක් නේ...!
Delete'කොහොමත් එකයි' නං ඇත්තක් වෙන්නම බෑ
ReplyDeleteවේවා ඔබේ හීනය මතු දිනෙක හැබෑ