Friday 30 June 2017

ඇසළ එරබදු


            Lorenzo E. Gabutina: The Late Blooming



වැට දිගටම රතට රතේ එල්ලුව
එරබදු මලේ ලස්සන පොහොට්ටුව
බක්මහට පිපෙන්නයි අපෙ පොරොන්දුව
ඇසළ මහේ පිපුනේ ඇයි පරක්කුව

කොවුලන් හඬ නොඇසුන
බක්මහ අකුනින් දෑස නිලංකාරව
වෙසක් මලක දසුනෙන් සිල් බිඳගත්
වැට දිග රතෙන් සැරසුව 
ඇසළ එරබදු පොහොට්ටුව
සොයන්නී කෙහෙරළ පළඳින
 සමන් පිච්ච මල් වැල
කෝවිල අද්දර....!







33 comments:

  1. සොරි ෆෝ ද ඩිලේ.... ඔන්න ඔහෙ කමක් නෑ කෝම හරි පිපුණනෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...!
      පිපුනානේ...!
      පර වෙනවා එහෙම නෙවී ඕන්..!

      Delete
  2. පිපෙන්නට බක් මහේ හැඟුම් සිත් මෝරණා
    දිනන්නට නොහැකි තැන දුහුල් හිත පාරණා
    සරන්නට ඇසළ මහ අගෙයි ගත් තීරණා
    සොයන්නට සමන් මල් කිමද මේ කාරණා.....

    රහයි චෙෆාකී මේ පදවැල.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොයන්නී සමන්වැල් සරසුමට කෙහෙරැල්ල...!
      පිටගමකට දීගයනදා සරසුමට
      කෙහෙරැල්ල....!

      Delete
  3. අතීතය සිහිනයක් පමනයි
    සැබෑ සුවදක් නැ

    එදා ෆෝවඩ් නොකෙරුවානං
    මෙදා වියොවක් නැ

    මීට
    දැඩිමුණ්ඩ

    ReplyDelete
    Replies
    1. හලෝ මිස්ට දැඩි මුණ්ඩ, හව් ආර් යූ ඩුයින්ග්..?

      අප්පිරියාවේ බෑ බංග්ලාදේශ් දැඩිමුණ්ඩව මතක් වෙනකොට...!

      ෆෝවර්ඩ් කරන්නැතුව ෆෝමැට් කොලා නං ඉවරනේ මෙයා...!

      Delete
  4. මෙහෙම පරක්කුවෙලා පිපෙන මල් වලට කවි ලිය ලිය හිටියහම ඇහැළ මලීට මක්කෙයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. පායාපං අපේ පැලට පායපං හඳ කිය කියා ඉන්නව ඔහේ ඉතිං.... මක්කා කොරන්නද අප්පා...!

      අනික මේවා කවි නෙවීනේ....ඔහේ ලියන රොමෑන්ටික් කවි ලියන්න ආයෙත් ඉපදෙන්නම වෙනවා අපිට නං....:)

      Delete
  5. මං පරක්කු වෙලා වෙන එකෙක් ඉක්මන් වුන නිසා මම තාමත් විඳවනවා

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා ඇනෝ... රේස් යනකොට...හැමෝටම දිනන්නත් බෑ හැමොම පරාදත් නෑ...මම තමයි ඔන්ලි වන් කියලා හිතාගත්තාම දිනුම්...!

      Delete
  6. වැඩේ වරද්දගත්තම දෙයියෝ සිහිවෙලාද? :))

    ReplyDelete
    Replies
    1. නෑනේ..වැඩේ වරද්ද ගත්තම කරන්නේ බ්ලොගට ටටා බායි කියලා එෆ්බී එකේ එල්ලෙන එකනේ..!

      දෙවියෝ සිහිකරන්න එනවා මෙතන...!

      අපි තලායි ඔයා එක්ක...!

      Delete
  7. මේවා කියවල තේරුම් ගන්න "ගැටපද වියරණ" වගේ පොතක් හරි මොකක්හරි කොඩින් සිස්ටම් එකක් හරි දෙන්නකෝ, පීස්...

    ReplyDelete
    Replies
    1. හැන්දෑවක හම්බෙන්න පීස්..එතකොට කියල දෙන්නං...!
      :)

      Delete
  8. ඔහේ කොවුලො නැද්ද? මෙහේනං දැනුත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කොවුලොද..හිටියා ඒ කාලේ...දැන් නෑ....උන් ගිහින් වෙන කොහේද...! සමහර විට එෆ්බී එකට මාරු උනාද දන්නෙත් නෑ බං...!

      Delete
  9. ඇසල මස පිපුණද
    එරබදු මලේ රත
    එලෙසම සුන්දරයි නම්
    කිම්ද දුක්වන්න කාරණ.

    ReplyDelete
    Replies
    1. දුක් නොවෙමි...!
      සොම්නසින්
      බලා සිටිමි...!

      Delete
  10. පෝර ජාතිය වැරදෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වරදින්නේ නැතුව තියේයෑ..ඔයාල පෝර මිල නැග්ගුවානේ..පෝර තමා..කුණු ටික දාගන්නවත් තැනක් නෑ.. එනව මෙතන පෝර දාන හැටි කියලා දෙන්න..!

      Delete
  11. ඔව් ඔව්.. හැමදේම පරක්කුයි

    ReplyDelete
  12. ඉතා විශිෂ්ඨ මහා අනර්ඝ කාව්‍ය කරණයේ රතු පැහැති අකුරින් ඇති මල් වර්ගය පමණක් හඳුනමී
    https://www.pinterest.se/pin/522065781774353838/

    ReplyDelete
    Replies
    1. “Luck has got nothing to do with chance. It comes from hard work and dedication to one’s craft. And the faith that, after all the effort you put in, God will somehow take care of the rest. And that, if things still don’t work out, there is always another day and another and another. Luck is about not giving u" - Lorenzo E. Gabutina

      Dear Archi, you so amazing.... ofcourse yes I'm jealous... Please continue your poetry. I would like to name your style as VISUAL POETRY..

      Delete
  13. මේ කවිය මට කසියා බාගයක් ගහලා ගුලියක් කාලා ජොයින්ට් එකක් පත්තු කරගත්තා වගේ..

    ReplyDelete
  14. මට නම් තේරුනේ නෑ...අම්මපා !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නොතේරීම තේරුනා වගේ කමෙන්ට් කිරීමට බාධාවක් නොවේ.
      මං මේ චෙෆ්-පොයට්-ආකි ගේ හැම පෝස්ට් එකටම කමෙන්ට් කරන්නෙ අගේට.

      Delete
    3. ඇයි මම..මමත් මෙලෝ දෙයක් තේරුනේ නැතුව ඔය යසට ලියන්නේ තේරුනා වගේ...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....