Monday 16 November 2015

පාත්තර සුමනේ....


thewittyjournalblog.wordpress.com


එක දිගට ඇදහැලෙන වර්ෂාව නිසා උතුරා යන ඇලවේල්ල උතුරන තරමටඉස්සරහා දොරින් ඇතුල් වෙන වතුර පාර කුස්සි කෑල්ලේ ලිප් ගල් අතරින් යන්තං අටවා ගත් ගෙයක් යැයි කීවද, පැලක්වත් නොවෙන මේ කාමර කෑල්ලේ, පිටිපස්සේ දොරක් වෙනුවට එල්ලා ඇති ප්ලාස්ටික් රෙද්ද තාලයකට පද්දවමින් ගලාගෙන යනහැටි, චන්දරේ බලා සිටින්නේ බීඩිය ආදරයෙන් දත් අතරින් තදකරගෙන දුම්පාරින් පපුව පුරෝගනිමිනි..

කාරා කෙල තලියක් ප්ලාස්ටික් දොර පලුවෙන් එලියට ගසා අන්තිම බීඩි උගරද ඇද ගත් චන්දරේගේ ඇස් යොමු උනේ පැලේ එල්ලා ඇති කිහිලි කරු යුගලයටයි...පාත්තර සුමනේට පින්සිද්ධ වෙන්න එදා වේල හම්බකරගන්නේ ඔය කිහිලිකරු දෙකින් නේදැයි කියා තමාට කියාගත් චන්දරේ ප්ලාස්ටික් දොර පලුව අතින් පැත්තකට උස්සා වහලයේ රඳවා එලියට හිස දමා අහස මැන්නේ අදත් මේ වැස්සනම් නවතින්නේ නැහැ යැයි පසක් කරගත් සිතිනි...

අදට ගෙට කොටු වී දින හතරකි...නාන ලිඳ ලඟ උක්කුවාගේ පෙට්ටි කඩේට රුපියල්ම දෙසිය විස්සක් දීමට ඇත, බීඩි සහ පාන් ගෙඩි දෙකකටත්, පරිප්පු සීයකටත්ය. නාලිනි දවස් ගානකින් ගෙදර ආවෙත් නැත. කොහේ හරි කොටු වෙලා ඇති, නැත්නම් ඔය ගෑනි ඇඳුම් හෝදගන්න හරි වත්තට එනවා. තනියම සුටු සුටු ගාමින් ආයෙත් කිහිලි කරු දිහා බලාගෙන කල්පනාවට වැටුන චන්දරේ උඩ සාක්කුව අතගෑවේ බීඩියක් ගැනීමටයි.

ෂික්...කොලේ විතරයි...බීඩි ඔක්කොම මම බිව්වද....තේ කහට එකක් ගහන්න උක්කුවා ගාවට යන්න විදියක් නැති හැටි....කොහෙන්ද අප්පා සල්ලි හොයාගන්නේ..මේ දවස්වල වැස්ස නිසා බිස්නස් පාඩුය, වීල් එකේ ගානවත් හොයාගන්න බැරිය, කියලා පාත්තර සුමනේ ඩීල් දෙන්නේ නෑ..නැත්නම් කොහේ හරි සිග්නල් ලයිට් තියෙන හංදියකට ගෙනිහින් බස්සනවා..හැන්දෑවට පන්සීයේ කොලයක් අතේ, දවල්ට තම්බි කඩේ බුරියානි එකයි බීඩි මිටියයි....නෙදකින් මේ කාලකන්නි වැස්ස... වෙන කරන්න දෙයක් නෑ..පාත්තර සුමනයාට මල නොපනින්න කනත්ත ගාව රේමන්ඩ් එක ඉස්සරහා පාරවත් අල්ලගන්න ඕනි...කිහිලිකරු කේස් එක එතනට හරියන්නේ නෑ..සිලි සිලි බෑග් තමයි....

සිලි සිලි බෑග් එකක් හිසේ නමා ගත් චන්දරේ ඔබේසේකර පුර පාරට එනකන් අඩිය ඉස්සර කලේ වැස්ස වැඩි උනොත් අදත් බඩගින්නේ නේදැයි මුමුනමිනි... ඔබේසේකර පුර පාරේ දෙපැත්තේ තියෙන එලවලු කඩ හතර පහ චන්දරේ අඳුනයි. කිසිම කථා බහක් නැතුව එලවලු බක්කි අසල වැටී ඇති වම්බටු ගෙඩියක්, බන්ඩක්කා කරලක් දෙකක්, ලූනු ගස් දෙකතුනක් එකතු කරගත් චන්දරේ තිස්සමහාරාම සහල් බෝර්ඩ් එක කියවමින් හොරගල් අහුලනු සිරිසේන මුදලාලි දැක්කත් නොදැක්කා වාගේ සිටියේ නාලිනීව සිහීවූ නිසාවෙන්ය.

ටික වෙලාවක් කැරකි කැරකී සිටි චන්දරේ...

"මුදලාලි...."

"හ්ම්"

".........ම්ම්මේ....."

"හා හා..පාල අර තෙත්ගැහිච්ච මිටියෙන් මේ චන්දරේට හාල් පන්සීයක් කිරල දියන්.."

අඩියට දෙකට, වැස්සට යටින්, දුවන නොදුවන ගානට, ආයුර්වේද හන්දියයි කාසල් එකයි පහු කල චන්දරේ කනත්ත හංදියත් දේවිබාලිකා සිග්නල් ලයිට් එකත් යා කරන පාරේ කනත්තේ එක ගේට්ටුවකුත් සිග්නල් ලයිට් හංදියත් අතර තැනක් තෝරගත්තේ කට කොනකට සිහින් සිනාවකුත් බඩ පුරා හීන ගොඩකුත් පුරවාගෙනය...



 නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් හාල් පොල් එලවලු පලතුරු සහ මාලුත් ගත් සිරිල් ආපසු නාවල පාරින් ගෙදර යෑම අතහැර බේස්ලයින් පාරට රථය පැදගෙන ආවේ, නාරාහෙන්පිට පොලේ හොඳ හරක් මස් කඩයක් තියෙන නිසාත්, මස් ගැනීමට පෙර පොල ගාව පන්සලේ නෙලීමට කොන්ත්‍රාත් එක දී ඇති පිලිමය වැඩ අවසන් කර ඇද්දයි, යන දෙකම කරගන්නා අදහසිනි. පන්සලත් පොලත් අතර ඇති තීරුවේ රථය නවතා බිරින්දෑට ඔහොම ඉන්න යැයි කියා ඔහු පන්සල තුලට වැදුනේ ඇය ආවොත් අනේ බුදු සාධුගේ කණ දිගයි, කොණ්ඩේ උසයි යනාදී වශයෙන් ගිය සතියේ දුන් අවවාද නැවතත් පිලිම නෙලන සරත් මල්ලිනම් පිලිනොපදින බව දන්නා බැවිනි.
"ලබන සතියේ පිලිමේ ගෙනියන්න පුලුවන් චිත්‍රා....ඔයා කිව්ව විදියටම වැඩේ කරලා...එතෙන්ටම ඇවිත් ඇස් තියන්නං කිව්වෙ.."
"හානේ මටත් එන්න තිබුනා බලන්න...කමක් නෑ අපිටත් ඉන්වයිට් කරයිනේ ඕපනින් එකට.."
"ඔව් ඔව්...කොන්ත්‍රාත් කාරයා නැතුව පන්සල් විවෘත කරනවයැ..අනික මම එච්චර ප්‍රොෆිට් එකක් ගත්තෙ නෑ කියලා ලොකු සාධු දන්නවා..""
"කෝ ඔයා මස් ගත්තේ නෑනේ..."
"ආ..පිලිමෙ දැක්කම ඒකත් අමතක උනා..පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නං "

කනත්ත හංදියට එනකන්ම දෙන්නාගේම සද්දයක් නැත්තේ හිතන්න ගොඩාක් දේවල් තියෙන නිසා.......
හෙමින් හෙමින් නයෙක් වගේ ඇදෙන ට්රැෆික් එක නිසා සිතුවිලි ලෝකේ පුරා දුවනවා නේදැයි සිරිල්ට හිතුනත් ඔහේ යාන්ත්රිකව රථය පැදවෙන්න අරිමින් සිටින විට...

"සිරිල්..පොඩ්ඩක් නවත්තන්න..අනේ පොඩ්ඩක් නවත්තන්න.."

"මෙතන ඉඩ නෑ මොනාද අමතක උනේ...හවසට ගමු..දැන් පරක්කු උනා.."

"අනේ නෑ අර බලන්න අර මනුස්සයාගේ හාල් ටික ඔක්කොම පේව්මන්ට් එකේ ඉහිරිලා..එලවලු ටිකත් පාරේ පව් අනේ.."

"ඉතින්..?"

"පව්නේ අනේ..දුප්පත් මනුස්සයෙක්..අතේ සල්ලිත් නැතුව ඇති ආයෙත් ගන්න..පොඩ්ඩක් ස්ලෝ කරන්න..."
තම පසුම්බිය අරිමින් එසේ කී චිත්‍රා වීදුරුව පහත්කරත් ඇයට ඔහුගේ අවදානය යොමුකරගත නොහැකි විය...එවිගසම නැවැත්තූ රථයෙන් බැස ගත් ඇය...

"ඔය බිම වැටිච්චා අහුලන්න එපා..පාරේ ජරාවනේ...මේක තියාගෙන ආයෙත් කඩෙක ගිහින් බඩු ටිකක් ගන්න.."

"පින්සිද්ධවෙනවා නෝනා.." යැයි කී චන්දරේ දෑත එක්කොට චිත්‍රාට වඳිනු දුටු සිරිල් කට කොනකින් සිනාවක් මතු උනේ ඇය කෙරේ උපන් ආදරය නිසාමය...

පිටුපසින් නොනවත්වා ඇසෙන හෝන් හඬ නිසා ලහිලහියේ රථයට නැගුන චිත්‍රාවත් රැගෙන ඉදිරියෙන් මතුවී තිබූ හිස්තැන පිරවීමට රථයේ ඇක්සලේටරය තදින් පෑගූ සිරිල්ට හිතුනේ...... මනුස්සයා කොහෙන්ද බඩු ගත්තේ..මේ ලඟ කඩවල් නෑනේ...?



පන්සීයේ කොලයක් දුටුව කාලයක්...පාත්තර සුමනේ...වැස්ස...ගෙදර එල්ලා කිහිලිකරු...උක්කුවාගේ ණය...බීඩි...තම්බිගේ කඩේ බුරියානි...ඇයි .....නාලිනී....චන්දරේගේ හිත ලෝකේ පුරා දුවයි.....!


93 comments:

  1. Replies
    1. මදි....හොඳටම මදි...!

      Delete
    2. පලවෙනි කමෙන්ට් එක ගන්න ගහපු ගැටයක්..

      Delete
    3. ඉයනත් ඔය වැඩේ පටන් ගනියිද දන්නෙත් නැ.ඔය හොඳයි කියලත් තියෙන්නේ..

      Delete
  2. මේ කියලා තියන ප්‍රදේශය හොඳට දන්නා නිසාත්, ඒ පැත්තේ ඉන්න මේ වගේ චරිත දැක ඇති නිසාත්, ලස්සන රූප පෙළක් හිතේ මැවුණා කතාව කියවාගෙන යද්දී.

    ජීවිතය............ කාටත් අයිති, කවුරුත් රැඳී ඉන්න ජීවිතය. ජීවත්වීමේ අරගලය එක පැත්තක. සමාජ තත්වය පිලිබඳ පුහු අරගලය තව පැත්තක.

    ReplyDelete
    Replies
    1. ඩේලි බිස්නස් මන් කෙනෙක් විචා.. නිව් සිස්ටම්..

      Delete
    2. අද උදේ සයිට් එකකට ගිහින් මමයි ඉවානයයි එන කොට දැක්ක සීන් එකක්....සීන් එකයි මේ කියන කථාවයි දෙකක් වෙන්නත් පුලුවන්....

      Delete
    3. මේ කියලා තියන ප්‍රදේශය හොඳට දන්නා නිසාත්, .......මේකත් අර කලින් කියාපු විදිහමයි 1974 වසරේ නවපාර්ලිමේන්තු පාරේ පිට්ටනියක රග්බි පුහුණුවන්න ගියා කියලා කිව්වේ

      Delete
  3. ඒවත් වෙනවා නං තමා.. චෙෆාකි.. මනරම් නිරික්ෂණයක්.. මට නං මේක හිතට ඇල්ලුවා..

    ReplyDelete
    Replies
    1. අද උදේ සයිට් එකකට ගිහින් මමයි ඉවානයයි එන කොට දැක්ක සීන් එකක්....

      Delete
  4. ඔය විදිහට හාල් එළවළු ටිකක් බිම දාල එකතු කරන කෙනෙක් ගිය සතියෙත් මම දැක්ක.
    කැළණි තිස්ස එක ගාව ට්‍රැෆික් ලයිට් එක ගාව හිටපු එකෙකුට මම රුපියල් තුනක් දීල ඌ ඒක ආපහු වාහනේට විසි කලා. වාහනේ සන්තකටම තිබුනෙ රුපියල් තුනයි. මගෙත් එක්ක හිටපු එකා " හොද වැඩේ සල්ලි දෙනවට " කිවුව.
    බොසා අපි මතක් කරන්ඩම ඕනෙ නේද ලියන්ඩ ?

    ReplyDelete
    Replies
    1. වහිනවා මචෝ..කොහේ ලියන්නද..? මේක ලියවුනා...ලිව්වේ නෑ...!

      Delete
    2. චැහ්.. අපිටනං ආරංචි උනේ බුවා රුපියල් 103 ක් වාහනේ අස්සට විසිකළා කියලයි.

      Delete
    3. දැං කවුද බං හිඟන්නා ?? හැක හැක

      Delete
    4. කම්මලයට අහුවෙලා තියෙන්නේ පෝසත් හිඟන්නෙක්.

      Delete
  5. Replies
    1. ඒක අහපං ඉවානයගෙන්..
      ඔහේ තාම අංගොඩද..?
      කමෙන්ට් නැති උනාම මම හිතුවා තාම අංගොඩ තමා කියලා..මින් මනත ඔහොම යනකොට අපිටත් කියහං තනියම කොටන්නේ නැතිව...!

      Delete
    2. මී මැස් මොරේ හැදිල , බඩු මල්ලක් විසි කරල රගපාන උන් කෝච්චි වල හිටිය. සබන් කෑල්ල කටේ.

      Delete
    3. කම්මලයා
      අටමා දැන් ඒ බිස්නස් එක කරන්නෙ නෑ බං

      Delete
  6. ඒකත් ටැලන්ට් එකක් නේ....

    ReplyDelete
    Replies
    1. අනික කාටවත් හානියකුත් නැහැනේ....මරු පොරවල් ඕයි....කොහොමෙයි ඔහේ...?

      Delete
    2. හැක්.. බිස්නස් ගැන වයිබරෙන් කතා කරානං නරකෙයි..

      Delete
    3. දේශා වෝන් කොරලා... ඔහේ කියපුවා ඔහේටම මතක නැති හැටි..

      Delete
  7. පිළිමෙ දිහා බලල මස් ගන්න ගිය එකෙන් තමයි 500 ට කෙල උනේ.
    හැක්... මොනව උනත් ගෑණු අන්දන්න නියම ට්‍රික් එක.

    ReplyDelete
    Replies
    1. ගෑනු ලමයි කොහොමත් ඇඳගෙන නේද ඉන්නේ මිස්ටර් ප්‍රසන්න...!

      Delete
  8. සුමනේ පව්..
    චෙෆා..මචං..ඒ මිනිස්සු වංචාවක් කරනවා ඒ වුනාට ඒ ඡිවිත වල ඇතුලට බැහැලා බැලුවොත් පව්.
    මට මතකයි එක සැරයක් රස්සාව නැතුව ඉන්නකොට මාත් එක්ක කාපු බිපු යාලුවෝ සිගරට් එක පත්තු කරගෙන මාව මගඇරලා යනකොට මාව පිච්චුනා ඇස් දෙකට කදුලු ආවා..කතා කරලා සිගරට් උගුරක් ඉල්ලගන්න හරි එක්කෝ මුන පොඩි වෙන්න ගහන්න හරි හිතුනා..
    අනුරාධපුරේ ඉදලා කොළඔ යන බස් එකේ ඩ්‍රයිවර් රැපියල් 50ක් එක්ක ෆොන් නොම්මරේ දිලා “මල්ලි අනිත් බස් එක මෙතනින් පිටත් වෙකොට මට කොල් එකක් දියන් කිව්වා“ මම පිටිපස්සෙන් ආපු බස් එකටත් ඊලග බස් එක පිටත් වෙනකොට කොල් එකක් දුන්නා රැ අපි යාලුවෝ ටික බෝතලයක් ගැහැව්වා..අද ඒක කරන පොඩි එකා ඒකෙන් දරැ පවුලකුත් රකිනවා ඒක ටැලන්ට් එක..
    හොරකන් කරනවට මාලයක් කඩගෙන දුවනවට වඩා ඒක රේෂ්පට්...
    සිද්දියකින් කතාවක් ගොඩනගපු උඔගේ හැකියාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අපේ කඩේ ඉස්සරහත් ඔහොම බස් වලට වෙලාව කියන බුවෙක් ඉන්නව. මිනිහටනං එකකින් 20 යි හම්බවෙන්නෙ.

      Delete
    2. මෙන්ඩා මහතාට කතා ලියන්නට බැහැ කියන්නේ බොරුවටය.එහෙම නැත්නම් කම්මැලිකමටය.තමුන්ට ඇති අත්දැකීම් වලින් නවකථාවක් වුණත් ලියන්නට පුළුවන්ය.අනික කොමෙන්ටුවේ ලියා ඇති වචන ටික වුණත් බැලුවාම ලිවීමේ යම් හැකියාවක් තිබෙන බව පෙනෙනවාය.

      Delete
    3. @ AI මෙන්ඩා මහතා කරන්නේ කථා කියන එකය....කමෙන්ට් කරන එකය...මෙන්ඩා මහතා කථා ලියන්න පටන් ගත්දාට අපි ගස්ය...!

      Delete
    4. මෙන්ඩා උඹ කියනවා වගේ තියනකොට ඉන්න යාලුවන්ගෙන් සමහරු අපිට ටිකක් අමාරුවෙනකොට හොයාගන්නත් නැති වෙනවා.මටත් ඔය දේ වෙලා තියනවා.අනික කෙනෙක් අසරන වුනාම ඒ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න නොකරන දෙයක් නෑ.

      Delete
    5. තියෙනකොට ඉන්න යාලුවො තියෙනකොටම නැතිවෙලා තියෙනව මටනං. මොකද උංගෙ කෝට එක කපා හැරියට පස්සෙ.

      Delete
  9. අද උදෙත් අපේ උන්දලාගේ දිහා ඉද්දි වැස්සෙ තෙමි තෙමි තාප්පෙ අස්සෙන් "මහත්තයා" කියාපු හිඟන්නෙකුට 100ක් දුන්න. දැන් කසිප්පුත් නැති එකේ "හොම්බ කොටා" බාගයක් ගහන්නත් රුපියල් 400ක් යනව. තව ගෙවල් කීපෙකට ගිහිං හොයාගන්නෙ නැතැයි... බොරුවෙන් මිනිස්සු රැවට්ටුවත් නැති බැරි කම හන්දනෙ. කාට නමුත් අතපාලා කීයක් හරි ඉල්ලගන්න මට්ටමකට වැටෙනව කියන්නෙ ඒ ජිවිත වල ගන්න දෙයක් නෑ... මූ කසිප්පු ගහන්න සල්ලි ඉල්ලන්නෙ , මූ බොරුව කරන්නේ කියල අතෑරලා දාන්න බෑ මට නං. ඔය සම්බන්ධයෙන් මං අනන්ත රැවටෙනවා. මං දන්නවා මං රැවටෙනවා කියල. අපිට වඩා ගානක් මුන් දවසකට හොයනවා, ඕක මරු ජොබ් එක කිව්වට අපි කාටවත් පුළුවන්ද හිඟා කන්න? කවද හරි එහෙම කරන්න උනොත් එදාට ඒ තත්වෙට අපි වැටෙන්නෙ මොන තරම් අසරණ උනාමද?
    මම දන්නවා චෙෆාකි සහෝදරය ඔය කියපු බුවාට මොනවාහෝ දෙයක් දෙන්න ඇති. නැත්තං මේක ලියන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් රැවටෙන බව දැන දැනම වෙලාවකට දෙනවා බං.. උනුත් ප්ලේන්ටියක් ගහන් නැතෑ ……

      Delete
    2. ඔය ජොබ කරන්න සෑහෙන නිර්මානත්මක හැකියාවක් තියෙන්නත් ඕනි..ඔයිට වඩා අපිව රවට්ටන්නේ අරක දෙනවය මේක දෙනවය මෙහෙම කරනවය අරහෙම කරනවය කියලා..අනික අපි රැවෙටෙන්නේ හවුල්වෙලානේ එහෙම අයට හිටං..

      Delete
    3. @ පත්තරේ..අපොයි ඔව්..අපි දන්නෝ ඔහේ බොරුවට රැවටුනාය කියල කියනවා දීලා ඉවර වෙලා..හැක හැක...!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අතේ තිබ්බ සන්තකේ වෙච්චි රුපියල් 3 දුන්නහම ඒක ආපහු කාරෙකට දැම්මම මටත් හිගා කන එක හොදයි කියල හිතුන බං.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ හිඟන්නට 3 ක් දීල ඒක ඩබල් කරගෙනනෙ.

      Delete
    2. තුනෙන් මොනා කරන්නද කියල හිතෙන්න ඇති..අඩු ගානේ දෙක වත් දුන්නනං ගනීවි..!

      Delete
    3. සජ්ජගෙ කමෙන්ට් එකට යටින් දාපු කමෙන්ට් එක මෙතන ඩබල් වී වැටී ඇත.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දැං ඔය මොන ඩබල ගැනද කියන්න‍ෙ.

      Delete
  12. few years back i have witnessed same thing.

    so i feel how it go...
    (sorry for english. busy and im on mobile)

    ReplyDelete
    Replies
    1. This was the first time for me anyway.....cheers..!

      Delete
  13. 1)හොස්පිටිතාලෙ ඉස්සරහින් ඩෑලෙකක් කතා කරා.අතේ උරයක් කාරිය ගුලි කරගෙන.
    'මහත්තයෝ.. මගෙ ටිකට් කැපුවා.ගෙදරින් එක්කන් යන්න එනකං ඉන්නෙ.බඩගිණියි.. තේකක් බොන්න කීයඛරි දෙන්න' කිව්ව.
    ගස්ලබ්බත් 50ක්ම දීලා ටිකකින් එතනම කඩේට ගියා.අර ඩෑල් එක ගෝලීප් එකක් අරගෙන විටකුත් අරන් එනවා මූණටම හම්බුනා.පොර බයාදු හිනාවක් දාල 'ශිකරට් එකක් ගත්තා මහත්තයෝ' කියලා මාරු උනා.මාත් ඉතින් ඒකම කරා.
    2)එදාම.. 12ට විතර P&S ලඟ මනුස්සයෙක්.බඩගිනියි කෑම එකක් අරන් දෙන්න කිව්වා.බත් එකක් අරන් දෙන්නම් එන්න අතෙන්ට කියල හෝටලයක් පෙන්නනකොට මූ කියපි නෑ මේකෙන් අරන් දෙන්න කියලා.එතකොටම මිනිහෙක් කෑ ගැහුවා
    'අහුවෙන්න එපා ඕකා බනිස් ඉල්ලගෙන ගිහින් වෙනතැන් වල විකුණනවා' කියලා.
    බලන කොට උගෙ අතේ හෙන බනිස් මල්ලක්.ප්ලේන්ටියක් ඉලලා උගුර කෑ ගහනකොට ගස්ලබ්බ බයිකෙකේ නැගලා යන්න ගියා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා..!
      ඕකත් එක ප්‍රොෆෙෂන් එකක් මචෝ...හැබැයි සමහරු අපිටත් වඩා හොයනවා දවසකට..හැබැයි වැස්සොත් අනාථය....!

      Delete
  14. උනුත් මොන දහම්ගැටයක් දාල හරි එදාවේල කන්න හොයාගන්න එපැයි.පන්සීයක් දුන්නට පව් නෑ.මම සිකුරාදා සලාලා ගිහිං ඉරිදා රෑ ආපහු ආවා.දැන් අලුත් එයාපෝට් එකෙන් යන්නෙ එන්නෙ.ෂාහ් අලුත් ඉන්ටනැෂනල් එයාපෝට් එක මරුනෙ.හැබැයි වැඩේ තියෙන්නෙ ෆ්ලයිට් අඩුයි.ඉන්ටනැෂනල් ෆ්ලයිට් එකකට එන්නෙ කටාර් එයාවේස් විතරයි.සිටි සෙන්ටර් එකේ ඉඳල ටිකක් දුර යන්න තියෙනවා.ඉස්සර නං එයාපෝට් ඒක අතේ දුරනේ දැන් එහෙම නෑ.අලුත් එයාපෝට් එකේදි මට චෙපාකිව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔය එයාපෝර්ට් එක (සලාලා ) මාස්ටර් ප්ලෑන් යුගයේ සිටම ඕවර් සයිස් මචං, තනිකර පොලිටිකල් බේසිස් එකේ ඩිසයිග්න් වෙච්ච එකක්...හිතන්න අපි යාපනයට ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට් එකක් දෙනවා නම් ඒක කොළඹ ගානටම සයිස් වෙන්න වෙනවා කචල් අඩුකරගන්න...ඒ වගේ කේස් එකක්..ෆ්ල්යිට්ස් ඒවි කරීෆ් සීසන් එකට..නැත්නම් ටුවරිස්ම් තව ඩීවෙලොප් වෙන්න වේවි..
      මත්තල වගේම කේස් එකක්...සීබ් උනත් ලොකු වැඩියි..කලාපයේ තියෙන තරඟකාරි කම නිසා ලොකු වෙච්ච එයාර්පොර්ට් මිසක් හුදු අවශ්‍යතාවය මතම වෙච්ච කරපු දේවල් නෙවී..
      මේ ගැන ලියන්න ඕනි වෙලා අරගෙන..

      Delete
  15. කතාව නං සුපර්.. අර උඩිං කියල තියෙනව වගේ දෙයක් දැක්ක හින්දද නැත්තං ඇත්තටම කීයක් හරි චෙෆාකිත් දුන්නද.. අහල දැකල තියෙන දේවල් එක්ක එහෙම නොවෙන්නත් බැරි නෑ නෙව.. හිහි
    අර නෝන නං හලී........ ඊඊඊඊඊ හොදයි නේ... හිහි
    කතාව නං සුපිරියටම ලියල ඒත් පාත්තර සුමනෙ...???? අවුල් නැද්ද.. මොකද ඒ මනුස්සය මේකෙ කිසිම රෝල් එකක් කරන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. දුන්නේ නං නෑ කීයක්වත් හැබැයි මායි ඉවානයයි දෙන්නම හිතුවේ මෑන්ස් කරන්නේ ඇන්දවිල්ලක් කියලා...ඕවට සාමාන්‍ය මිනිස්සු අහුවෙන්නේ නෑ..අහුවෙන්නේ අසාධාරණ විදියට ගාන හොයන අය තමන්ගේ පව් හෝදන්න කියලයි මට ඇත්තටම කියන්න ඕනි උනේ..

      Delete
  16. ඔය සීන් එක දැක්ක ගමන් මට හිතුනෙත් පව් අර මනුස්සයා කියලා , ඒත් පහු වෙද්දී සයිඩ්මිරර් එකෙන් උගේ මූණ දැක්ක ගමන් ඔක්කොම තේරුනා , අපි නවත්තන්න වගේ ගිහිං ඇද්ද එකට මල පැනපු මූණක් තිබ්බේ පොරට

    ReplyDelete
  17. දවසට කීයක් හම්බුකරත්, ඒ හම්බුවෙන සල්ලි වලින් කුඩු ගැහුවත්, හිඟමනට වැටෙනවා කියන්නේ එතනින් එහාට කරන්න දෙයක් නැහැ කියන එකයි.. දහතුන්වෙනි දානය දෙන්න අපිට වාසනාවක් ලැබෙන්නේ උන් එව්වා කරන නිසානේ...ඇත්ත උනත් බොරු උනත් පින් සිද්දවෙනවා හිඟන්නන්න්ට ..

    ReplyDelete
    Replies
    1. ඒත් මචං වැඩකට අත පය තියෙන මිනිහෙක් හොයාගන්න තියෙන අමාරුව හිතෙන කොට මේ වගේ ඈයො ගැන මල පනිනෝ...!
      ආච්චි කෙනෙකුට ආතා කෙනෙකුට ඇරෙන්න දෙන්න හිතෙන්නේ නැහැ මුන්ට නං...!

      Delete
  18. පාත්තර සුමනේ හොඳයි සාත්තර සුමනේට ව​ඩා

    ReplyDelete
    Replies
    1. දෙන්නම කරන්නේ එකම වැඩේනේ..ඔය නම ආවෙත් ඒ හේතුව නිසාම තමයි රුවන්...!

      Delete
  19. අයියෝ...මේ වගේ සීන් ගැන නම් දන්නෙ නෑ...අනන්තවත් මේ වගේ හාල් එලවළු මලු පාරෙ හලාගෙන ඉන්න මිනිස්සුන්ව දැකලා තියෙනවා.උදව් කරලත් තියෙනවා.දැන් නම් ආයෙ කාගෙ හරි ඇත්තටම හාල් මල්ලක් හැලුනත් බලන්න හිත නැති වෙයි.ඒත් ඉතින් ඕව කරන්නේ ජීවත් වෙන්නනෙ.
    මරු කතාව..ලස්සනට ලියලා තියෙනවා.වැස්ස නිසා කී දෙනෙකුගේ බඩේ පහර වදිනවාද.

    ReplyDelete
    Replies
    1. අපේ සංවේදී කම පාවිච්චිවෙන වෙලාවල් ඔය...ඔතන වෙන දේට මුලු සමාජයම එකම විදියට වග කියන්න ඕනි...
      කොහෙන්ද අප්පා ඔය නම හොයාගත්තේ..අහල තියෙන ලස්සනම නමක් නේ ඔහේට තීන්නේ...!

      Delete
    2. අහලා තියෙන ලස්සන නමක් කියලා,කීදෙනෙක්ට කියලා තියෙනවද.නැත්නම් නම් අහලා නැද්ද

      Delete
    3. කට හඬවල් නේ අහලා තියෙන්නේ..

      Delete
  20. ඔය හාල්මල්ල හලාගන්න පුදග්ලයෙක් ඒ දවස්වල මහරගම පොල ලඟත් හිටියා.ඒ මනුෂයා පොලේ තැන්තැන්වල විසි කරලා තියන එලවළු ටිකක් හොයා ගන්නවා.හාල් ටිකකුත් හොයාගන්නවා.පොඩි සබන් කෑල්ලක් කටේ දාගන්නවා.එකෙන් තමයි පෙන එන්නේ.සෙනග ටිකක් වැඩිපුර ගැවසෙන තැනකට ඇවිත් පාර මැද්දෙම ඇදගෙන වැටෙනවා කටින් පෙන දාගෙන.කොහොම හරි දවසට ලොකු ගානක් හොයාගත්තා අනිත් අයට වඩා.ඒ මනුෂ්‍යා හවසට මගේ මස්සිනාගේ කඩේට ඇවිත් අර සල්ලිත් දහපටි වලට මාරු කරගෙන යන්නේ.ඒදවස්වලට කඩවලට සිල්ලරයි පොඩි සල්ලියි ලැබුනේ මේ මිනිස්සුන්ගෙන්..

    ReplyDelete
    Replies
    1. ටැලන්ටඩ් බුවාලේ නේ මනෝ....!

      Delete
  21. එහෙම සීන් එකක් ගැන ඇහුවමයි. හොඳයි හොඳයි. මතක තියාගන්නං.

    ReplyDelete
    Replies
    1. හෑ...ඒ කියන්නේ තංගල්ලේ ඈයොන්ව රවට්ටන්න අමාරු නිසා වෙන්ටැති මයේ හිතේ...!

      Delete
  22. මමනම් හිඟන්නෙකුට කීයක් හරි දෙන්න හිතිච්ච වෙලාවට ආයේ මුකුත් බලන්නේ නැහැ දීලා දානවා...
    උන් ඒකෙන් කුඩු ගැහුවත් කමක් නැහැ කියල තමයි එහෙම දෙන්නේ, නමුත් එහෙම කීයක් හරි දෙද්දී වයසක බව, ආබාධිත බව විශේෂ කොට සළකනවා...

    එදා ෆුඩ් සිටි එක ගාව හිටපු අර සීදේවි ආච්චි ආම්මට චෙෆ් කීයක්වත් දුන්නේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. හෑ..මම හිතුවේ කිතුල්ගහේ උඩ හිටිය ලොකූට එක අහු උනේ නෑ කියලා එදා...!

      දුන්න නේන්නං..දීලා කථාවකුත් හදාගත්තා PJ ලෝයර් මහතාගෙන් ඡන්දේ ඉල්ලන්නද හිතා ඉන්නේ කියලා....ආයේ නම් ලෝයර්ලා ඉස්සරහා මොනාවත් කරන්නේ නෑ...

      Delete
    2. ලෝයර්ස්ලා එක්ක ඔබතුමාගේ ගනුදෙනු මං දන්නෙ නෑ.
      හැබැයි ඒ ආච්චිව හග් කරපු විදිහට කොලොන්නාව ප්‍රධාන සංවිදායකකම දෙන්න පුලුවන්.

      Delete
  23. එහෙමත් සීන් වෙනවද! ඒ වුනාට පව්.

    ReplyDelete
    Replies
    1. පව් නං තමයි...ඒත් .....????

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මං මේ කල්පනාකලේ වෙනම රැකට් එකක්,
      "අනේ මේ අසරණ වර්ණ අන්ධයාට අනුකම්පා කර ගෙයක් දෙකක් ඩිසයින් කරන්න දෙන්න" වගේ... පස්සෙ එයාර් පෝර්ට් එකක් කරල තියනව දැක්කහම කොහොමට තියෙයිද?

      (චැහ්. මට බ්ලොග් ලියන්න හැකියාව තිබුනනම් මාත් ලියනවා...... ගුටි කාල අත කඩා ගන්නකම් )

      Delete
    2. අර මාතා දාලා තීන කමෙන්ට් එක මෙන්න මෙතනටනම් හොඳට ගැලපෙනවා....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම ඕකට තාම පේටන්ට් අරන් නෑ..ඒ නිසා ඔබතුමාට ඕනිම නම් පිකප් ලයින් එකක් හැටියට පාවිච්චි කලාට කිසිම අවුලක් නෑ...!

      Delete
    5. මකන්න එපා යෝදයෝ..!

      Delete
    6. "ඔහේ කියපුවා ඔහේටම මතක නැති හැටි.." ? : -D

      Delete
    7. ඔහේල ඔක්කෝම පිස්සු නටනවා. අන්තිමට එක එක බකුස්ලට චෑන්ස් දෙනවා බයිල ගහන්න. ඊට පස්සේ හොදට ඉන්න මිනිස්සු කළකිරිවල දානවා.. හැක්.

      Delete
    8. @දේශා...ඉතින් ඔහෙත් එන්නකො අපිත් එක්ක පිස්සුවක් කෙලින්න..අපි එපා කියලා නෑනේ...එතකොට ඔය කළ වලට කිරි දාන එක නවත්තගන්න ඇහැකි...ඕනිම නම් අද රෑත් ඇහැකි...

      Delete
    9. හැක්.. හැක්.. පිස්සු යක්කුන්ට කතා කරල වැඩක් නෑ චෙෆා.. හැක්

      Delete
    10. Translation needed Mr. Lecturer. What on blessed earth are you talking about?

      Delete
  25. ලස්සන කතාව........ මෙහෙම දෙයක් ඇහුවමයි මමනං........... ඒකත් හොද රස්සාවක් බලන් යනකොට...............

    ReplyDelete
  26. මේ වාගේ සිං එකකට මාවත් අහු උනා .....හයියෝ ...

    බුලත් වඩියක් හපාලා හඳයා...
    බංගලාවේ දොරකඩ හිටියා...

    හාමු මොරොන්දන් 
    සුපිරින්ටැන්ඩන්
    තේජස්භාවෙන් හිටගත්තා...

    මොකට ද ආවේ හඳයා 
    සුපිරින්ටැන්ඩන් ඇසුවා
    නිකං ආවේ රාලහාමී
    හඳයා... උරහිස කැසුවා...

    නිකම් මොකට මෙහි ආවේ
    සුපිරින්ටැන්ඩන් ඇසුවා
    එහෙනම් නිකම් ම පලයන්
    සුපිරින්ටැන්ඩන් කිව්වා...

    හුඟක් දෙනා අද ලෝකේ
    බොරුවට බයාදු වෙනවා
    හඳයා යනතෙක් ඉඳලා
    සුපිරින්ටැන්ඩන් හිතුවා...

    ආපසු අත්පුඩි ගහලා
    හඳයව ගෙන්නා ගත්තා
    මිනිහට හොඳ හැටි බැනලා
    ආ කාරණෙ දැනගත්තා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
  27. හිඟන්නෝ ගැන පෝස්ට් එකක් විතර කොමෙන්ට් එකක් දාන්න තිබ්බ.. සක්.. දැන් වැඩක් නෑ පරක්කුයි.. මෙයා ලියන්නෙත් අපි බිසී වෙලාවටමනේ..

    ReplyDelete
  28. චෙෆආකිගේ කතාවට මම හිතන්නේ මටත් වඩා හොඳ කමෙන්ට් එකක් මහගම සේකරයන් මීට හුඟ කාලෙකට කලින් ලියලා අපි අතරින් වෙන් වෙලා තියෙනවා, කතාවේ සිද්දි සියුම් ලෙස ග්‍රහණය කරගත්තොත් මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධයේ හොඳින්ම මතක තියෙන කොටස් කීපයක මේ එකතුව කතාවත් එකකේ මොනවට ගැලපෙනවද කියලා ඕනෑම කෙනෙකුට තේරේවි.

    විෂමව කැරකෙන ලොව දෙස
    ඔබත් මමත්
    ඈතට වී බලා සිටිමු
    පබ්බතට්ඨෝ'ව භුම්මට්ඨේ
    මේ ලොව මීට වඩා යහපත් කොට
    සාදන්නට
    එවිට අපට හැකිවනු ඇත

    වික්ටර්
    බතක් වතක් ගෙයක් දොරක්
    ලද පමණින්
    රස්සාවක් ලද පමණින්
    විමුක්තියක් ලැබිය හැකිද?
    අසහනයෙන් මිදිය හැකිද?
    සංසාරේ නිරන්තරව පැවරී ඇති
    දුක එතකින් නිමා වේද?

    දිස්විය ඔහු නෙතට
    කුරා කුහුඹුන් ලෙසට
    පඩංගු පකිස් ලෑලි
    ටින් බෙලෙක්ක තහඩු ගෝනි
    අස්සෙන් එබී බලන
    මුඩුක්කු දහ ජරාව පැටව් ගැසුව
    වැරහැලි කාලකන්නි මිනිස් ප්‍රාණ
    දුගඳ පිරුණු කානු දිගට

    දුක් විදින්නන් කෙරෙහි මෛත්‍රියෙන්
    තෙමීද කැමැත්තෙන් දුක් විදියි
    ධර්මය වටහා ගත හැකි
    සත්‍ය සුන්දර බව දැන ගත හැකි
    උත්තර සමාජයක ගොඩනැගුමේ මුල් පියවර
    කෑමෙන් බීමෙන්
    ඇඳුමෙන්
    ගෙයින් දොරින්
    තෘප්තිමත් වූ ලොවක් තැනීමය
    ඒ සඳහා මම නවතිමි
    නැවතීම මය ගමන

    ~ මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධයෙන් ~

    ReplyDelete
    Replies
    1. සොමියා හරියටම කියල තියෙනවා.

      Delete
  29. මම නම් ඔන්න ඔහේ කියල වැඩිය හිතන්නේ නැතුව ඔය වගේ මිනිස්සුන්ට කීයක් හරි දීලා දානවා.. කතාව ලස්සනට ලියල තියෙනවා.. ඔය හිඟන්නෙක් ගේ සාපයක් නිසා මහ විනාසයක් වෙන කතාවක් සෙන්නා ලියල තිබුනා.. මට ඒක මතක් වුණා හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඉවානයත් ලිව්වා ඒ වගේ කතාවක්

      Delete
  30. ඔව්, ඔහොම හිඟන්නොත් ඇති. නමුත් හුඟක් වෙලාවට පහලොස්වෙනිදා පහුවුනාම රජයේ සේවකයෝ ලඟ තියෙනවට වඩා වැඩි මුදලක් කොහි හිඟන්නා ගාවත් තියෙනවා.

    ReplyDelete
  31. ලස්සන කතාව. මෙහෙම .දේවලුත් වෙනවනේ.

    ReplyDelete
  32. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1602-2015-11-19-22-29-22

    ReplyDelete
  33. maru scene eka, mehemath aya ennawane nedha....

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....