වැට දිගටම රතට රතේ එල්ලුව
එරබදු මලේ ලස්සන පොහොට්ටුව
බක්මහට පිපෙන්නයි අපෙ පොරොන්දුව
ඇසළ මහේ පිපුනේ ඇයි පරක්කුව
කොවුලන් හඬ නොඇසුන
බක්මහ අකුනින් දෑස නිලංකාරව
වෙසක් මලක දසුනෙන් සිල් බිඳගත්
වැට දිග රතෙන් සැරසුව
ඇසළ එරබදු පොහොට්ටුව
සොයන්නී කෙහෙරළ පළඳින
සමන් පිච්ච මල් වැල
කෝවිල අද්දර....!
සොරි ෆෝ ද ඩිලේ.... ඔන්න ඔහෙ කමක් නෑ කෝම හරි පිපුණනෙ.
ReplyDeleteඅනේද කියන්නේ...!
Deleteපිපුනානේ...!
පර වෙනවා එහෙම නෙවී ඕන්..!
පිපෙන්නට බක් මහේ හැඟුම් සිත් මෝරණා
ReplyDeleteදිනන්නට නොහැකි තැන දුහුල් හිත පාරණා
සරන්නට ඇසළ මහ අගෙයි ගත් තීරණා
සොයන්නට සමන් මල් කිමද මේ කාරණා.....
රහයි චෙෆාකී මේ පදවැල.
ජයවේවා!!!
සොයන්නී සමන්වැල් සරසුමට කෙහෙරැල්ල...!
Deleteපිටගමකට දීගයනදා සරසුමට
කෙහෙරැල්ල....!
අතීතය සිහිනයක් පමනයි
ReplyDeleteසැබෑ සුවදක් නැ
එදා ෆෝවඩ් නොකෙරුවානං
මෙදා වියොවක් නැ
මීට
දැඩිමුණ්ඩ
හලෝ මිස්ට දැඩි මුණ්ඩ, හව් ආර් යූ ඩුයින්ග්..?
Deleteඅප්පිරියාවේ බෑ බංග්ලාදේශ් දැඩිමුණ්ඩව මතක් වෙනකොට...!
ෆෝවර්ඩ් කරන්නැතුව ෆෝමැට් කොලා නං ඉවරනේ මෙයා...!
මෙහෙම පරක්කුවෙලා පිපෙන මල් වලට කවි ලිය ලිය හිටියහම ඇහැළ මලීට මක්කෙයි වෙන්නේ
ReplyDeleteපායාපං අපේ පැලට පායපං හඳ කිය කියා ඉන්නව ඔහේ ඉතිං.... මක්කා කොරන්නද අප්පා...!
Deleteඅනික මේවා කවි නෙවීනේ....ඔහේ ලියන රොමෑන්ටික් කවි ලියන්න ආයෙත් ඉපදෙන්නම වෙනවා අපිට නං....:)
මං පරක්කු වෙලා වෙන එකෙක් ඉක්මන් වුන නිසා මම තාමත් විඳවනවා
ReplyDeleteඔහොම තමා ඇනෝ... රේස් යනකොට...හැමෝටම දිනන්නත් බෑ හැමොම පරාදත් නෑ...මම තමයි ඔන්ලි වන් කියලා හිතාගත්තාම දිනුම්...!
Deleteවැඩේ වරද්දගත්තම දෙයියෝ සිහිවෙලාද? :))
ReplyDeleteනෑනේ..වැඩේ වරද්ද ගත්තම කරන්නේ බ්ලොගට ටටා බායි කියලා එෆ්බී එකේ එල්ලෙන එකනේ..!
Deleteදෙවියෝ සිහිකරන්න එනවා මෙතන...!
අපි තලායි ඔයා එක්ක...!
මරු
ReplyDeleteඑහෙනම් මරු...!
Deleteමේවා කියවල තේරුම් ගන්න "ගැටපද වියරණ" වගේ පොතක් හරි මොකක්හරි කොඩින් සිස්ටම් එකක් හරි දෙන්නකෝ, පීස්...
ReplyDeleteහැන්දෑවක හම්බෙන්න පීස්..එතකොට කියල දෙන්නං...!
Delete:)
ඔහේ කොවුලො නැද්ද? මෙහේනං දැනුත් ඉන්නව.
ReplyDeleteකොවුලොද..හිටියා ඒ කාලේ...දැන් නෑ....උන් ගිහින් වෙන කොහේද...! සමහර විට එෆ්බී එකට මාරු උනාද දන්නෙත් නෑ බං...!
Deleteඇසල මස පිපුණද
ReplyDeleteඑරබදු මලේ රත
එලෙසම සුන්දරයි නම්
කිම්ද දුක්වන්න කාරණ.
දුක් නොවෙමි...!
Deleteසොම්නසින්
බලා සිටිමි...!
පෝර ජාතිය වැරදෙන්න ඇති.
ReplyDeleteවරදින්නේ නැතුව තියේයෑ..ඔයාල පෝර මිල නැග්ගුවානේ..පෝර තමා..කුණු ටික දාගන්නවත් තැනක් නෑ.. එනව මෙතන පෝර දාන හැටි කියලා දෙන්න..!
Deleteඔව් ඔව්.. හැමදේම පරක්කුයි
ReplyDeleteel nino and la nina effect...!
Delete:)
ඉතා විශිෂ්ඨ මහා අනර්ඝ කාව්‍ය කරණයේ රතු පැහැති අකුරින් ඇති මල් වර්ගය පමණක් හඳුනමී
ReplyDeletehttps://www.pinterest.se/pin/522065781774353838/
I AM COLOUR BLIND....:(
Delete“Luck has got nothing to do with chance. It comes from hard work and dedication to one’s craft. And the faith that, after all the effort you put in, God will somehow take care of the rest. And that, if things still don’t work out, there is always another day and another and another. Luck is about not giving u" - Lorenzo E. Gabutina
DeleteDear Archi, you so amazing.... ofcourse yes I'm jealous... Please continue your poetry. I would like to name your style as VISUAL POETRY..
මේ කවිය මට කසියා බාගයක් ගහලා ගුලියක් කාලා ජොයින්ට් එකක් පත්තු කරගත්තා වගේ..
ReplyDeleteමට නම් තේරුනේ නෑ...අම්මපා !
ReplyDeleteThis comment has been removed by the author.
Deleteනොතේරීම තේරුනා වගේ කමෙන්ට් කිරීමට බාධාවක් නොවේ.
Deleteමං මේ චෙෆ්-පොයට්-ආකි ගේ හැම පෝස්ට් එකටම කමෙන්ට් කරන්නෙ අගේට.
ඇයි මමත් එහම්නේ
Deleteඇයි මම..මමත් මෙලෝ දෙයක් තේරුනේ නැතුව ඔය යසට ලියන්නේ තේරුනා වගේ...!
Delete