Thursday 15 December 2016

නුඹ




නැගෙනහිරු....

ඈත කඳු අතරින්
කර ඉඟිබිඟි
නිමක් නැති උස් අහසේ
 මවන රූ රටා අතරේ

පියඹන සොයා නිදහස
වැහිලිහිණි නුඹ...

සිඳනොගන්න
නිදහසේ අත්තටු
බිඳලන්න බැමි
ඔබ වටකර ඔවුන් බැඳි

නිමක් නැති අහස 
ඔබටමයි....!




41 comments:

  1. බලාගෙන නිදහසේ පියාඹන්නෙ.
    දැන් ඩ්‍රොන් කාරයො හැමතැනම.

    ReplyDelete
    Replies
    1. මේක DJI Phanthom 4 එකක් නිසා නෝ වොරීස්....!!!!!

      Delete
  2. නිමක් නැති ඒ අහසේ
    සුළං කපොලු මැදින් යද්දි
    විදුලි අකුණක් වැදුනොත් එහෙම චෙෆාකි...

    ReplyDelete
    Replies
    1. ලස්සන පිහාටු දීලා තියෙන්නේ ඒවගේ දේවල්වලිනුත් බේරෙන්න තමයි..."

      Delete
    2. අපොයි චෙෆාකි හදන්නේ බොහොම අමාරුවෙන් මවලා හදලා තියන පිහාටු ටිකට ගිනි තියන්නද...

      Delete
    3. පිච්චෙන්න නොදී බේරෙන්න තමා අත්තටු තියෙන්නේ. පියඹලා බලන්නකෝ...!

      Delete
  3. සිහින් තටු සලා හුස්මක් ලබාපන්
    විහින් බිය නොවී වීරිය දරාපන්
    ගිහින් නුඹේ නෑසියො දැක බලාපන්
    - - - ලංක නෑ දැන් සැරිසරාපන්..........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. චෙෆාකිටත් සැරිසරන්න හිතිලද ?

      Delete
    2. සැරිසරලා සරලා දැන් රිටායර්ඩ් හර්ට් දුමී....!

      Delete
  4. හුඟක් ඉහල ඔක්සිජන් නෑ

    ReplyDelete
    Replies
    1. එච්චර උඩ යන්නේ නෑලු....!

      Delete
  5. එහෙම කොහොමද පියාඹන්නේ...

    අහසෙත් සීමා තියෙනවා දැන්...

    ReplyDelete
    Replies
    1. මේ නිමක් නැති අහසේ..හපොයි...!

      Delete
  6. ඉතින් ඒ නුඹ සොයන
    ඉතින් මේ මා සොයන
    නිදහස...
    කෝ කොහිද...
    ඇත්තටම...

    ReplyDelete
    Replies
    1. නුඹ, මා, සොයන නිදහස
      අගුළුලා ඇත්තේ
      නුඹ, මා, තුලමැයි...
      ඇත්තටම...

      Delete
  7. වැහි ලිහිණියේ පියාඹපන් ..බය නැතිව ඉගිළියන්
    ඒ නිදහස රස කරපන්......

    ReplyDelete
    Replies
    1. නිදහස රසයි....!

      Delete
    2. අරූ අයියන්ඩි මම උබගේ පොස්ට් එක කියව්වා ...කෙමෙන්ට් දාන්න මට නොතේරෙන අවුලක් තියනවා කාගෙන් හරි අහගෙන කොටන්නම් ....

      Delete
  8. පියාබන්ඩ කතාව ..යන යන තැන ලිස්ස ලිස්ස වැටි වැටි

    ReplyDelete
    Replies
    1. ඉතින් මංයැ පියාඹන්නේ....?
      ඒකනේ හෙඩිම දැම නුඹ කියලා...!

      Delete
  9. උබ ලියන ඒවා කියවලම දැන් මටත් යමක් කමක් තේරෙනවා

    ReplyDelete
  10. නුපුරුදු එවුන් පියාඹද්දි කපුටො කොටනව.

    ReplyDelete
    Replies
    1. කපුටොත් එක්ක බෑ තමයි...!

      Delete
  11. පියාඹල පරෙස්සමෙන් පහළට වරෙන්කො.

    ReplyDelete
    Replies
    1. ලිහිණින් පහලට නොපැමිනේ....!

      Delete
  12. නිමක් නැති අහස
    නිමක් නෑතිවම දකින්නට
    හයිය ඇත්නම්
    නොසලන පියාපත්
    මක්කටෙයි..හා?

    ජයවේවා..!!

    ReplyDelete
  13. හිතෙනවා තමා, ඒ වුනාට බයයි අප්පා.

    ReplyDelete
    Replies
    1. බය...ඔහෙත් බය නං ඉතිං අපි අනාතයි...!
      බයවෙන්න එපා අප්පා..ඉගිලෙන්න..ඉගිලෙන්න..!

      Delete
  14. ඔය බොරු.. ඕකත් අර මාජ්ජවේදී හැඳුනුම්පත වගේ.. ඕන්නැති තැංවල පියෑඹුවොත් කන්න වෙනවා.. ඔය කියුවට උඹ පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා පියාඹපං වැහිලිහිණියෝ..

    ReplyDelete
    Replies
    1. ඔලුව නෙවෙයි..හදවත....!

      Delete
  15. මම ...

    නිමක් නැති අහස
    කියා කිව්වාට ඔබ
    ගුවන් තොටකුත් හදා
    නිදහස මරා දැමුවා ඔබ

    ReplyDelete
    Replies
    1. පියාඹන්න බැරි අයට ගුවනින් යන්න ඕනි නිසා නේද ගුවන් තොටුපොලවල් තියෙන්නේ...!

      Delete
  16. සීත මිදුම් මැදින්
    පියාඹා යනකලට
    පරිස්සං වෙයං උඹ
    කොල්ලන්ගේ දැල් වලින්

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගේ දැල් වලිනුත් පරිස්සං වෙන්න ඕනිනේ...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....