Friday 14 October 2016

CONFLICT




එක්කො ත්‍රීවිල් එකක,
නැත්තං බට්ටෙක්,
ඉඳලා හිටලා ටවුන් ඒස් එකක....
අහිංසක පාට පොඩි එකෙක්ගේ..
එහෙමත් නැත්තං අම්මෙක් තාත්තෙක් වගේ කඳුළු කඩා හැලෙන මනුස්ස පරාණයක..
ඩිජිටල් ප්‍රින්ට් කරපු පොටෝ එකක් එක්ක තඩි බැනර් එකක් එල්ලලා,
කණ හිල් කරගෙන යන අනවුන්ස්මන්ට් පාරක් දාගෙන ගමේ ගොඩේ සිදාදියේ හැම අහුකොන් පාරකම ගාටමින්,
ලොකු දොස්තර මහත්තයෙක්ගෙ රෙකමදාරු ලියුමකුත් දික්කරගෙන,
පින්වත්නි, මේ අසරණ (දරු පැටියාගේ, අම්මගේ, තාත්තගේ.......)
වකුගඩු සැත්කම,
හෘද සැත්කම,
පිළිකාව....බ්ලා බ්ලා බ්ලා...සඳහා..
රුපියල් තිස් ලක්ෂයක්, හාර කෝටියක්.....
ඉන්දියාවට ගෙනියන්න අච්චරක් මෙච්චරක් කිය කියා....
මොකක්ද මේ කරන මේ විජ්ජාව....
අතේ තියෙන දෙකයි පනහ ලොතරැයි කූඩුවටද බට්ටටද..
සිතමින්...
එහාට මෙහාට වාංගු වෙන ඇටසැකිලි වන් සංහිදියාවෙන් මත්වූ බොහෝමයක් වු මිනිසුන්.....

සේනනායක හංදියේ ට්‍රැෆික් ලයිට් රතු පාටයි...
රණවිරු ටී ෂර්ට් එකේ
අත් දෙක හුළඟට වැනෙන..
අවි ගත් දෑත වන්නියේ දමා ආ..
මිල්ලගස් ආරේ රණවිරු අබේසිරිවර්ධන මාවතේ අම්මා පදිංචි වී සිටින..
අබේසිරිවර්ධන මුදියන්සේලාගේ අමිල අබේසිරිවර්ධන...
යදින්නේ කීයක් හෝ ...
යුහ එකයි හතරයි පහයි නමේ..
තරු දෙකේ ලාංජනයේ ලෙදර් වැස්ම අරන් දැමූ..
සුදු පාට ප්‍රාඩෝ එකේ ගාම්බීරව ඇස්දල්වා වාඩිගෙන සිටින..
අත් පා ඇති ඒත් සිත වන්නියේ දමා ආ..
විජේ බණ්ඩාර ගෙන්.....

කවදාද අප පතනා කොළ එළිය අප දකින්නේ....!

20 comments:

  1. හම්ම් ඔව්වා ඔහොමයි විකාරයි......දැක්කද මේක ..........වැන්දඹු අනත්දරු

    ReplyDelete
    Replies
    1. පිස්සු වැටෙන සඳ....!

      Delete
  2. යුදහමුදා සේවයේ සිට ආබාධිත තත්වයට පත්වූ කෙනෙකු මහමග සිඟා කනවා යන්න මෙහි අර්ථය නම්, කොතනක හෝ බරපතළ වැරැද්දක් තියනවා. මන්ද එවැනි කිසිවකුත් මහමග සිඟා කන තත්වයට හමුදාව විසින් පත්කර නැහැ.

    ඔවුන්ව 'අභිමංසල' නමැති රණවිරු සත්කාරක මධ්‍යස්ථානයක රඳවා, ජීවිත කාලයටම බලාගන්නවා, වැටුප් සහ විශ්‍රාම වැටුප්, වන්දි දීමනා, ආහාරපාන, ඇඳුම් පැළඳුම්, සියලු වෛද්‍ය පහසුකම්, සහිතව.

    මසකට දින කීපයක්, තමන් කැමතිනම් තම නිවසට යාමට හෝ මධ්‍යස්ථානයේ ඉඩ තිබේනම් පවුලේ අය ගෙන්වාගෙන වෙනම සැකසූ කුඩා නිවහනක ඉන්නට පවා අවස්ථාව දෙනවා.

    ඇත්තටම මෙලෙස සිඟා කන සෙබළකු ඉන්නවානම්, ඔබටම පුළුවන්, ඔහුගේ විස්තර නිර්නාමිකව හෝ යුද හමුදා මූලස්ටනයට යවන්න, මෙහෙම වෙන්නේ ඇයි කියා අසා.

    ReplyDelete
    Replies
    1. විචා...රණවිරු ටී ෂර්ට් එකක් කැප් එකක් ගහගෙන අදත් මෑන්ස් එතන ඇති...සමහර විට අර,අනුන්ගේ ලමයි කරේ තියන් රඟපාන යදින්නියන් මෙන් මොහුත් රඟපානවා වෙන්නැති..මට මේ හැඟීම ආවෙ පහුගිය පොපිමල් ව්‍යාපාරය දිනයේ ඔහුගේ හැසිරීමෙන්..!
      නමුත් ඉහත නම් ගම් මන:කල්පිතයි...!

      Delete
    2. හෙහ් හෙහ්, ඔයාට කියන්නම් මගේ අත්දැකීමක්. මම දවසක් කුරුණෑගල සිට අනුරාධපුරේට යන බස් එකක යනකොට තඹුත්තේගමදී, රණවිරුවෙක් කියා කියාගන්නා කෙනෙක්, බස් එකට නැගලා, ශල්‍යකර්මයක් සඳහා මුදල් ඉල්ලන්න පටන් ගත්තා. මම නැගිටලා මුළු බස් ඒකටම ඇහෙන්න කිව්වා, කවුරුවත් සල්ලි දෙන්න එපා, මම මෙයාව බලාගන්නම් කියලා. මම ඇහුවා, පුතා ඔයාගේ නම මොකක්ද, හමුදා ඒකකය මොකක්ද, අසනීපය හෝ තුවාල සිදුවීම කුමක්ද, ඔයාගේ සෙබල අංකය, නිලය සහ නම මට දෙන්න, මමත් හමුදා නිලධාරියෙක් මම ඔයාගේ ප්‍රශ්න විසඳා දෙන්නම් කියලා. මූ විදුලි වේගෙන් අතුරුදන් වුණා.

      කමක් නෑ අර මිනිහා හමුදාවේ නම නොවිකුණා හිඟා කනවානම්. මොනවා කරන්නද. ඒ මසුස්සයාත් මේ සමාජයේ සාමාජිකයෙක්. අර කැප් එක සහ ටී ෂර්ට් එක වෙන්නැති මිනිහගේ ජීවිතය රැකදෙන්නේ. හැබැයි, වගකිවයුතු හමුදා නිලධාරියකු දැක්කොත් ඔහුගෙන් ප්‍රශ්න කරයි.

      Delete
  3. ඕක තව ඉවසුවැහැකි අපේ ගෙවල් පැත්තේ මාසෙට දෙතුන් දෙනෙක් එනවා හාමුදුරුවරු දඹදිව යන්න ආධාර ඉල්ලලා.හාමුදුරුවරු නිසා ගේට්ටුවෙන් පිට තියනන්ත් බෑ එයා එක්ක එන උපාසක මහත්තයා ටක් ගාලා කියනවා සුදු රෙද්දක් දාලා ආසනයක් සකස් කොරන්ට කියලා.ඊට පස්සෙ ඉතින් ගෙදර මොන වැඩ තිබුනත් මොන අපහසුතා තිබුනත් එයාලගේ කතන්තරෙත් අහන් ඉදලා අවම 500 කින්වත් ආධාර කොරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමතැනම හැමකෙනාම අපිව අපේ මනුස්සකම පාවිච්චි කරලා දැන දැන අපිව රවට්ටනවා සඳා..මක්ක කියල කරන්නෙයි ඉතින්...!

      Delete
  4. 21 වන සියවසේ බිසිනොස්...

    ReplyDelete
    Replies
    1. අපි කලොත් FCID.....හැක් ..!

      Delete
    2. ඒවා වහන්න යන්නේ හිටන්...

      Delete
  5. වැඩි හරියක් බොරු විකුණන සෙට් ඉන්නේ. චීවරධාරී සහ රණවිරු ඉතාම ලේසියෙන් මාකට් කරන්න පුලුවන් මැටීරියල්ස්. පාර්ලිමේන්තුවෙත් එහෙමයි පේව්මන්ට් එකෙත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අර කරෝල කෑළි කකුලේ බැඳන් කරපු මාකටින් ඕනි නෑ දැන්...!

      Delete
  6. ඔයිට නාකද හූ කිව්වනං සා රස...!

    ReplyDelete
  7. මිනීමැරුවත් රණවිරුවෙක් නම් කිසිම ප්‍රශ්න කිරීමක් කරන්න තහනම් නම් හිඟා කාපුවම මක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. මේ හැලප උන්නාන්සේ...සංහිඳියාවට කෙළවෙන ප්‍රකාශ නිකුත් නොකර ඉන්නව හොඳයි හිටං...හුහ්..."

      Delete
  8. කොමෙන්ට් එකක් ලිව්වා.. ඒක මැකුවා.
    ඔය උඩ දාල තියන පින්තූරෙම තමයි දැන් ගස්ලබ්බගෙ කොමෙන්ට් එකත්.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මන් කල්පනා කොලේ පින්තූරෙ ඉන්න හෝමර් ගේ ලස්සන තට්ටෙ ගැන නේ හිටන්!

    ReplyDelete
  10. මම මේ කල්පනා කලේ චෙෆාකි, මම දැන් ඉන්න නිහඬ පරිසරයේ ඉඳලා නිකමට හරි ලංකාවට ඇවිත් ඉන්නේ කොහොමද කියලා.. ඒත් නැවිත් ඉඳලත් බැ..

    ReplyDelete
    Replies
    1. නිහඬ පරිසර හොයාගතෑකී ලංකාවේ...නිකමට හරි ඇවිත් බලන්න...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....