Saturday 25 June 2016

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...

මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..

අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය.. 

අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..

අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...

අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...

ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!

ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...


මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..!  සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි. 

එයා කෙකි කාරයෙකි....!

සේන අයියා


කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.

මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...

රංජිත්

අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතර‍යි නේදය කියලා හිතෙන නිසාය.

ලීඩ්පාර්ට්නර්

ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්


පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!

මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..

කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!

සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය. 

උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය. 

කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...

පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කෙක්ක උඩ පොල් පිහිය
පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...!

කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..

හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..

සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!

ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?

ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...

බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!

නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!

කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..

හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!




79 comments:

  1. Once keki karayo gone; will try with some 'koku karayo' among bloggers :)

    Nicely written. Never knew this as a profession. I thought these 'keki' use domestically only by housewives when there isn't some one like Palitha to send up.

    ReplyDelete
    Replies
    1. You need longer ones than blogger koku for this purpose dear....!
      This is another profession which is disappearing fast...!

      Delete
    2. IP has disappeared two months ago..no transponder signals recorded anywhere on our radar system....!!!
      If you find the bleep bleep of the blackbox pls let us knw....!!!

      Delete
  2. ලජ්ජාව තියන යූ ඇන් පී කාරයෙක් ගැන ඇහුවමයි මේ

    ReplyDelete
    Replies
    1. ඔහේට සාලහාමිව හම්බවෙලා තියෙනවනේ...!

      Delete
  3. මාරවිල මූදුකටුව කාක්කපල්ලිය හරියේ කෙකි කාරයෝ ඉන්නවා හෝයියට.ඔය ඩෑල් පාරෙ යන්නෙ පුසේ තමා දිගට දිගේ කෙක්කත් කරේ තියාගෙන බැලන්ස් එකට.පාර ක්‍රොස් කරනවා එහෙම්ම කෙක්කත් කරේ තියාගෙනම.කෙක්ක අතෑරල යන්නෙ.ඈතට පේන්නෙ බයිසිකල් කාරයෙක් පාර ක්‍රොස් කරනවා විතරයි .අව්වට පාර හරහ තියන හීනි කෙක්ක පේන්නෙ ලඟටම එද්දි..

    ReplyDelete
    Replies
    1. ඊලගට උඩුකු උඩුකුරුංකං

      Delete
    2. උඩුකු උඩුකුරුංකං කියන්නේ මොකක්ද

      Delete
    3. විදානෙය උඩුඋරුඤ්ඤං වෙලා.

      Delete
    4. අද මොකද්ද බොල ගහපු බ්‍රෑන්ඩ් එක .… හැලි ද ?? :D

      Delete
    5. මීට පස්සෙ පොල් කඩන එකාගෙ රැස්පොට් බලන්න ඕනෙ නෑ.
      මුද්ද උඹ මගෙ යාළුවනෙ , මම ගහකට 60 ගානෙ දෙන්නම්, ගෙදරට ඇවිත් එක්කගෙන යන්නම්, හවසට අඩියකුත් ගහමු. මෙහෙ ඒ තරම් ඩිමාන්ඩ් ජොබ් එකක්. හැබැයි උඹ බීල ගස් ගදේ උම්ම දෙන්ඩනම් එන්ඩ එපා.

      Delete
  4. ඔය කෙකි කරුවන් ගාව තියන කෙකි තලේ නිකං දැල්ලක් වගේ ... රැවුල කපන්න පුලුවං ... එක මුවාත් තියන්න යනව පැයක් විතර ..
    බූවල්ලෙ මුලට දාල අදින්ඩ ඕනෙ නෑ කෙක්කෙ බරට කැපිල වැටෙනව ...
    ඔය උණ ලී පදං කරන එක, එකට බදින එක,ලණු පූට්ටු කරන එක කෙකිතලේ තියල බදින එක වෙනම කලාවක්,ගැලවෙන්නෙ නෑ මලාට..
    අපෙ අම්මගෙ ගමේ (සජ්ජගෙ ගමට අල්ලපු ගම) හිටිය එකම බුවා දැං රිටයර් වෙලා ... ඇස් පේන්නෙ නැති හිංඳා ...
    පොර කාලයක් අපේ ගෙදර නැවතිලා හිටියා ඒකෙන් මට චාන්ස් එකක් වැදුනා පොරගෙන් ඔය ඔක්කොම ඉගෙන ගන්න ගුරු මුට්ටි නැතුව ....

    ReplyDelete
    Replies
    1. ප.ලි
      සාස්තරේ අහක ගියෙ නෑ මේක නියම රස්සාව මහත්තයො.උස ගස් වල උනත් බාගයක් නැගලා ඉතුරු ටික කෙක්කෙන් කඩනවා.ගුරාගෙන් පස්සෙ දැන් ලයින් එකේම පොල් කඩන්නේ මං.ගස් තියනවනං කියන්න 45/= ගානෙ කරල දෙන්නම්.

      - ඇනෝපිලිස්-

      Delete
    2. හප්පේ ඇති යංතං..දැන් ඉතින් බය නෑ..ඊලඟ මුරේ ඉඳන් පටන් ගනින්...කැමරාවත් එල්ලගෙනම වරෙන් හොඳේ මුද්දෝ..!

      Delete
    3. හප්පෝ බෑ ....
      ඇනෝ/රට්ටු මොනා නොකියයිද..??

      Delete
    4. පොල් කඩන වෙලාවට ඇනෝ යමං :D … එතකොට හරිනෙ

      Delete
    5. ඔය බඩ තඩියත් උස්සං ගස් බඩ නගිතහෙක..

      Delete
    6. බැරිද බ්ලොග් කාරයින්ට 35 ගානෙ විතර කරල දෙන්න.

      Delete
    7. බූවල්ල නෙවෙයි යකෝ බූ මටුල්ල

      Delete
  5. ඇත්ත....

    යූ ඇන්පී, සිරි ලන්කා කෙකි කාරයෝ වඳ වෙලා යන එකේ අර තායිලන්තේ, මැලේසියාවේ රිලවුන් ගේ ඉනට ලනුවක් බැඳලා ගහට යවලා ගෙඩි කඩා ගන්නවා වගේ ගහට රිලවු යවන එක පුරුදු කොරනා කොන්තරත්තුව අනුර කුමාර දිසානායකටවත් බාර දෙමුද?

    ReplyDelete
    Replies
    1. ඉනේ ලනු බඳින එක්ස්පර්ට් නේ කැළනියේ මර්වින් ආචාරියා..අනුරට කොන්ත්‍රාත් වැඩියි...මර්වින්ව ප්‍රොපෝස් කරමු...!

      Delete
  6. ඔය ගොල්ලො ඉස්සර නං අපේ පළාතෙත් හරියට. දැන් නං වැරදිලාවත් දකින්න නෑ.ගහෙන් ගහට යමින් කෙක්කෙ මුලට පැය තියල පොල් වල්ල කපා හෙලන එකත් කලාවක්.බලං ඉන්න ලස්සනයි හැබැයි ලඟට නොගිහිං.

    ReplyDelete
    Replies
    1. ලඟ නෙවෙයි මචෝ..සෑහෙන් දුරින් ඉන්න ඕන..පොල් වල්ල බිම වැදුනාම එක්ස්ප්ලෝඩ් වෙලා මිසයිල වදිනවා හාල් දන්ඩට..හම්මෝ...

      Delete
  7. Me too never new this as a profession. You have nicely illustrated it, Chef. Pleas write more to educate us.

    ReplyDelete
    Replies
    1. For that we have to define what a profession is..නේද බුද්දිකා..if u realy observe them, the skills they have which is mind boggling cannot be taught in a uni...
      I am so blessed to be with this kind of talented souls...
      Loving the experience...!!!

      Delete
  8. ඔච්චර දිග කෙක්ක කරේ තියාගෙන ප්‍රධාන පාරවල් වලත් බයිසිකලේ පැදගෙන යන එක මාර සරකස් එකක්. තවම, නාරම්මල, කුලියාපිටිය, ගිරිඋල්ල, දිහාවේ දකින්න ඉන්නවා මේ කට්ටිය.

    ReplyDelete
    Replies
    1. පොල් තියෙන කොහෙත් ඉන්නවා තාම..මම මේ දුර හිතනවනේ..දැන් බය නෑ..මුද්දා ඉන්නවනේ අනාගතේට..!!

      Delete
  9. දැනට පළදරන එකම පොල් ගහක් හෝ නැති මට අදාල නැත. නමුත් අපේ පැත්තේ නම් පොල් කඩන්නේ ගහට බඩගාලාය. උන්ව චැනල් කරන එක වෙනම ගෝත කරුමයකි.

    අර පොල්කෙක්ක සී නයින්ටියේ බැඳං යනකොට පාරෙ යන අනිත් උන්ගෙ අවයව කැපෙන්නෙ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. මේක පොල් ගස් ඇත්ද නැද්ද ..ඒවා පලදරනවාද නැද්ද යන්න ගැන පුරස්නයක් නොවෙන බව ඩූඩ් දන්නවා ය...
      එහෙම අවයව...අයවැය නෙවෙයො නේ..කැපෙන්නෙ නැතුව රංජිත් අද C90 යේ ගෙනාවනේ කෙක්කක්..ඇත්තටම..

      Delete
  10. බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට.

    ReplyDelete
    Replies
    1. ජාන වල වැරැද්ද....නැද්ද රුවන්..!

      Delete
  11. කවියට සිත මෙව්ව උනා....


    ජයවෙවා

    ReplyDelete
  12. පොල් කඩන එක කරගන්න iPhone ඇප් එකක් තියෙනවා. ඒක දාගත්තම හරි. මෙතනින් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අර 50/-,ගානෙ එකතු කරන රනිල් මහත්තයාගෙ ඇප් එකද..?
      ලැජ්ජාවයි....!

      Delete
    2. අයි පෝං එකක් ගන්න පොල් ගස් ටික විකුණන්න වෙයි අ‍ායිබොන්ඩ.

      Delete
    3. ආච්චිගෙ චර්ය කාලෙ වගේ බලෙන් නෙමෙයිනෙ ගන්නෙ කැමැත්තෙන් දෙන අය ගෙන් ගන්න එකේ මොකටද ලැජ්ජාවක්

      Delete
    4. අපිලට හුරු නිකන්ම ගන්නනේ..ඒකයි ලැජ්ජාව...
      චර්ය කාලේ...????

      Delete
    5. ///ආච්චිගෙ චර්ය කාලෙ වගේ බලෙන් නෙමෙයිනෙ ගන්නෙ කැමැත්තෙන් දෙන අය ගෙන් ගන්න එකේ මොකටද ලැජ්ජාවක්///

      ආච්චිගේ කාලේ මොනවද ඉයන් බලෙන් ගත්තේ. ඒ කාලේ අපෙන් ඉල්ලුවෙත් නැහැ, අපි දුන්නෙත් නැහැ, ඒ වගේම අද දෙන්නෙත් නැහැ...
      ඉයන්ලානේ වැඩ වරද්දගෙන තියෙන්නේ ඉල්ලන්නෙත් නැතුවම දීපු එකෙන්...

      දැන් රු.20/- එක කැමැත්තෙන් ගන්න ඉඩ දීල තිබුනට අනිත් ඒවා බලෙන් ගන්නේ සරදියෙල්ටත් ලජ්ජා හිතෙන විදිහටනේ ඉයන්...

      Delete
    6. ආච්චිගෙ චර්ය කාලේ බලෙන් ගත්ත ඒවා ගොඩක් කියත හැකි. තර්ජනය දාල ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් ඉල්ලල දුන්නෙ නැතිනිසා විකුණලා යන්න සෙට් කලා. ඒක මැක්සි එකට විකුණන්න හදලා ගාණ ගත්තා. 5 වෙනි මොබයිල් ලයිසන් එක ගන්න ලංකා බෙල් එක සල්ලි දුන්නෙ නැති නිසා බිලියන 1.2 කට එයා ටෙල් එකට දුන්න. ඩයලොග් එක සල්ලි දෙනකන් තර්ජනය කලා. ඔන්න ඔහොම පොඩි වැඩ. ඒ සල්ලි පක්ශෙට ගියේ නැහැ. පක්ශලාට ගියේ.

      Delete
    7. එහෙම සුරංගනා කතා නෙමෙයි අයියා අපි වගේ ජහ මනයගෙන් ගත්තු මොනා හරි එව්වා තියෙනවද කියලයි මම අහන්නේ...
      ඔය වගේ කතා දැන් හරියට "කොටියා ආවෝ" කතාව වගේ වෙලා...

      හැබැයි ඉතින් මේ ඇත්තම සීන් එකක්නම් නරකද ඔය ෆයිල් ටිකත් අරගෙන FCID පැත්තේ ගියොත්, ගත්තේ කාගෙන්ද, කීයක් ගත්තද, මොකටද ගත්තේ කියලත් දන්න එකේ "පක්ෂලා" ගත්තු ඒවා ඔප්පු කරගන්න බැරුව ඉන්න වෙලාවේ මේ චෝදනාව ඔප්පු කර ගත්තොත් යහ පාලනේම ගොඩ නේ...

      මෙච්චර හොඳ අවස්ථාවක් තිබිලත් නිකං ඉන්න එකේ මොනා හරි රහසක් එහෙම තියෙනවද කියල මටනම් දැන් සැකයි... ;)

      Delete
    8. ඕවා රස රහස්...රසම රස රහස්....!!!

      Delete
  13. කෙකි කාරායෝ ඇත්තටම වඳවීගෙන යන ජාතියක්.. කුරුණෑගල පැත්තේ නම් තාමත් ඉන්නවා... ඕකට සොලියුෂන් එකකට වෙන්නෑ දැන් එච්චර උස යන්නේ නැති පොල් ගස් වගා කොරන්නේ.. ඒවයේ වළුවල ඵල නෙලන්න ඕනා දෙකට නැමිලා... බොරුනම් ඔහේ වත්තට යන ගමන මාතර රැට්ටවුස් එකට ගොඩ වෙලා බලන්නකෝ. එතන සෝක් තැන... රහමෙර උනත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය මිටි-මිටි කියන හයිබ්‍රිඩ් වර්ගය හිටවලා තියෙන්නෙ නැවත වගා කිරීමෙ ව්‍යාපෘතිය හැටියට...
      මාතර රේට් හවුසිය මරු තැන තමයි...

      Delete
  14. වඳවී යන රැකියාවක් ගැන ලියපු එක හරි වටිනවා. කෙකි රස්සාව පොල් ගස් නගිනවාට වඩා "රැකියාවේ ආරක්ෂක තත්ත්වය"/ කමි ගේ ඒරියා එක .... අතිනුත් ඉහලයිනේ....

    ReplyDelete
    Replies
    1. ගහේ නගින ගානටම අනාරක්ෂිතයි කෙක්කත්..ගහ යට ඉඳන්නේ කඩන්නේ..!

      Delete
  15. මේ පැත්තෙනං කෙකි අරං යන්නෙ අර ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ අතු කපන අය විතරයි. පොල් කඩන්නෙනං ගහට බඩගාල.

    ඔය මාත කියල තියෙන ජාතියෙ වෙන්නැ බිම ඉඳන් කඩන්න පුලුවන් පොල් වගාවක් තියෙනව ඇඹිලිපිටියෙ ඉඳල මිද්දෙනිය පාරෙ යනකොට අතර මග.

    ReplyDelete
    Replies
    1. https://www.google.lk/maps/place/Embilipitiya/@6.264212,80.7860078,3a,75y,106.83h,92.82t/data=!3m7!1e1!3m5!1sJXrsf-lhQ9xR7molngIK6w!2e0!6s%2F%2Fgeo2.ggpht.com%2Fcbk%3Fpanoid%3DJXrsf-lhQ9xR7molngIK6w%26output%3Dthumbnail%26cb_client%3Dsearch.TACTILE.gps%26thumb%3D2%26w%3D392%26h%3D106%26yaw%3D159.69273%26pitch%3D0!7i13312!8i6656!4m5!3m4!1s0x3ae4002f298e95e3:0x62e2b8bc9ea7a79b!8m2!3d6.3162324!4d80.8433145!6m1!1e1?hl=en

      Delete
    2. උන මචං කම්බිය අහසේ තිබුනට බිම තියෙන ලාඩප්පා ගස් වල අතුත් අදිනවනේ...ඔය මිද්දෙනියේ පොල් සංවර්දනේ වගාව..දැන් පීදිලා...මිටි-මිටි වර්ගය තමයි ඒ..

      Delete
    3. මිටි- මිටි කියලා ජාතියක් නැහැ ලොක්කා.කුන්දිරා උස නැත්නම් නිල නාමය CRIC65.

      Delete
    4. @උදාර..අපේ CDO ලොක්කා එහෙම කියල තමයි පැල ටික දන් දුන්නේ..අපි කියන්නේ මංඩලේ පොල් පැල කියල....CRIC65 කියල ලියාගන්නං..
      තැන්කූ ලොක්කා....!
      කුන්දිරා මුහුන් කරලා හදන වර්ගයක් කියලා නං CDO කිව්වවගෙ මතකයි...!

      Delete
    5. තව පොල් වර්ග අළුත්න් හදපුවා ගණනක් තියෙනවා. කප් රුවන, කප්සුවය කියලා පිට රටින් ගෙනපුවා එක්ක මුහුම් කරලා හදපු. පොල් මහත්තයා ගාව පොතක් ඇති පොල් පැල සිටුවීම හා කඩත්තුව කියලා. රු150.යි 2012 දි නම්.අරන් බලන්න. ඕමාන් වල මිල්- ක්‍රිස්ට් එකත එක්ක සම්බන්ධයක් තියෙනවාද?

      Delete
    6. හොඳමයි...ඒ පොත අරගන්නං...!
      මිලන් මගේ හොඳ යාලුවෙක්..මිල්ක්‍රිස් ලෝන්ච් කලේ අපේ එයාපෝර්ට් ප්‍රොජෙක්ට් එකටනේ...දැන් ලොකු කොම්පැනියක් ඒක...උදාර දන්නව ඇතිනේ...!

      Delete
    7. තුෂාරඉන්දික කියලා ඉංජෙක දන්නවාද?

      Delete
  16. කුලියාපිටිය පැත්තේ යනකොට ඔය කෙක්කක් අරන් බයිසිකලේ යනවා ගත්ත වීඩියෝ කෑල්ලක් තියනවා.ඒතේක කමෙන්ට් එකෙට අමුනන්න දන්නේ නෑ,

    ReplyDelete
    Replies
    1. අටම්ගෙන් ඇහුවා නං කියයි වීඩියෝ එක අමුනන හැටි...

      Delete
  17. Harima interesting post eka!

    ReplyDelete
  18. කෙකිකාරයෝ මෙහෙ නෑ... එච්චර පොල් ගස් නැති නිසා වෙන්නත් ඇති... කොහොමත් පොල් කඩන මිනිස්සු දැන් නෑ තමයි...මෙහෙනම් දැන් ගෙවල්වල අයම කෙකි බැදන් පොල් කඩන්නේ...

    ReplyDelete
    Replies
    1. අක්කර හැත්තදෙකක පොල් කඩන්න ගෙවල්වල අය එක්ක කෙකි බැන්දොත් මට ආයෙත් බඳින්න වෙනවා නිර්මාණී....:)

      Delete
    2. එකපාරක් බැදල හරියන එකකුත් නෑ චෙෆ්... හැක හැක...

      Delete
  19. මම මේ සැරේ ලංකාවට ගිය වෙලාවේ කෙක්කකින් කොස් ගෙඩි දෙකක් කැඩුවා හෙහ් හෙහ්.. තනි උණ ගහේ බැඳපු එකක්.. අම්මයි මමයි කෝස් හොයන්න කියල කඩේ යන්න අතරෙදි මාමලාගේ ගහේ තිබ්බ කොස් ගෙඩි දෙකකට දුන්න වැඩේ..

    මම කවදාවත් ඔය කෙකි කාරයෝ දැකල නෑනේ..

    ReplyDelete
    Replies
    1. කොස් ගෙඩි දෙකක් ඇතිනේ දන්සැලකට :)
      ඔය උඩ පින්තූර වල ඉන්නේ....

      Delete
  20. අපිත් කෙකි පාවිච්චි කරනව. හැබැයි තනි උන ගහෙන් හදපුව.

    ReplyDelete
    Replies
    1. එහෙනං රාජ්ගේ ගස් තරුණ ඇති....!

      Delete
  21. අපේ පැතිවල ලොකු පොල් වතු නැති නිසා "පයිලට්" ලගෙන් තමයි ගේම ගහන්නේ...
    ගහකට පොල් ගෙඩි දෙකක් අය කරනවා, එහෙම නැත්තන් රුපියල් 100/- ක්...

    බ්ලොග් ලෝකයේ නම් කෙකි කාරයෝ කෙසේ වෙතත් කොකු කාරයෝ නම් වැහි වැහැලා...

    ReplyDelete
    Replies
    1. කොළඹත් 100/-ක් ගන්නව ගහකට...!
      බ්ලොග් ලෝකෙ ඉන්න කොකු කාරයොන්ට වඩා ඩේන්ජරස් බ්ලොග් කෙකි කාරයෝ...ඕ යේස්..!

      Delete
    2. //"පයිලට්" ලගෙන් තමයි ගේම ගහන්නේ...//

      මත්තල?

      Delete
    3. මත්තලට මොකටද ආයිබෝං පයිලට් ලා...
      ගබඩාවේ වී කන්න එන මීයන්ව ඤාව් කියල බය කරලා එළවන්නයි, වී වලට වහන ගුල්ලෝ අල්ලාගෙන බිම දාල සෙරෙප්පුවෙන් ගහල මරන්නයි ඕනේ කරන සේවක මහත්තුරු විතරයි දැන් එහෙ ඉන්නේ...

      පයිලට් ලා දැන් පිට වැඩ... ;)

      Delete
  22. ලොකු අයියා. කුලී වැඩ වලට , විශේෂයෙන් ලොකු ගානක් හම්බ කරගන්න පුළුවන් ඔය වගේ වෘත්තීන් වලට මිනිස්සු එන්නෙ නැත්තෙ සමාජ පිළිගැනීම නැති රස්සාවල් කියල හිතන නිසා. කිසිම වියදමක් නැතුව(ට්‍රාන්ස්පෝට් නෑ, හොඳ ඇඳුම් මේන්ටේන් කරන්න ඕන නෑ , ලොකු වගකීමක් මානසික ආතතියක් එන්නෙ නෑ, ලොක්කන්ගෙන් බැනුම් අහන්න ඕන නෑ, ඔෆිස් වල වගේ ඉවරයක් නැතුව මගුල්, මළගෙවල් දාන ගෙවල් නෑ) අතට ගානක් හොයාගන්න පුළුවන් ඔය වගේ රක්ෂා තාමත් මිනිස්සු හිතාගෙන ඉන්නෙ බොහොම පහත ඒව කියල. අපේ පැත්තට එනව කීර විකුණන කොල්ලෙක්. ඌ ටිකක් උගත් වගේ මනුස්සයෙක් කීර ගන්න ආවොත් කතාකරන්නෙ ඉංග්‍රීසියෙන්. ඒ ලෙවල් හොඳට පාස් වෙලා කැම්පස් යන්න බැරිවෙලා. කතාවට අල්ලගත්තොත් උගෙ දාර්ශනික ටෝක් ඇහුවම පුදුම හිතෙනව. හොඳට බිස්නසුත් තියනවා. බලන්න කොච්චර ලස්සනද. ආඩම්බරද. මට නම් හරිම පහන් හන්ගීමක් ඇතිවෙන්නෙ ඌ ගැන.
    හැබැයි කාලයක් යද්දී ඕක වෙනස් වෙයි. විශේෂයෙන් ඈත පළාත් වල ඉන්න මිනිස්සුන්ගෙ තියන දුර්මතයක් තමයි තමන් කරන රක්ෂාව දරුවො කරන්න ඕන නෑ කියන එක. රුපියල් 15000 පඩියට කලිසම අන්දලා බස් එකේ කට්ට කාල දවසම නාස්ති කරන එක ඒ මිනිස්සුන්ට නම්බුයි. ඒ ක්‍රමය එන්න එන්න වෙනස් වෙනව. ඔය වත්ත කොළඹ තිබ්බ නං කෙකි කාරයෝ හිඟ වෙන්නෙ නෑ. ඈත පළාත් වල මිනිස්සුන්ගෙ තාමත් ඒ ආකල්ප තියන නිසයි ඔහොම වෙන්නෙ.
    ඔය වත්ත අපේ ගෙවල් ගාව තිබ්බ නං මොකක් හෝ මැෂින් කටුවක් හදාගෙන මම පෝල් ටික කඩනව. අම්මප. කෙක්කෙන් කඩල 3500ක් ගන්නව නං අරෙහෙම 10,000ක් හොයතහැකි. වටේ වතු ටිකකුත් අල්ලගත්ත නං දවස් 20ක් වැඩකලත් මාසෙට ලක්ෂ දෙකක්. රස්සාව පොල් කඩන එක කිව්ව කියල මොකෝ ඇට ගෙවෙනව යැ. දැනුත් මොකද කරන්නෙ කියල ඇහුවම මං කියන්නෙ ගල් කඩනව කියල.. මොකෝ බොරුවක් යැ..

    ReplyDelete
    Replies
    1. පොල් කඩන මැසිමක් හදාගෙන මුද්දගෙ රස්සාවට කෙලින්ඩ හදන්න එපා , ඒක සාත්තරේට පොල් කඩන්න ඉගෙන ගත්ත එකෙක්.

      Delete
    2. එච්චරම දුර නෑ..අච්චිගේ චර්යේ හයිවේ එකට කඩුවෙලෙන් නැග්ගාම සුටුස් ගාලා මෙහේ..හදහංකෝ සජ්ජො මැශිමක්...අම්මපා අර කේරල කාරයෝ නං හදලා තියෙනවා සුටු සුටු ගාලා කඳේ යන්න ඇහැකි මැශිමක්...අපි තමයි ඒකට..ආංඩුකාරයෝනේ අපි ඔක්කොම..හප්පේ සංසාරේ...!

      Delete
  23. මම් උදේට දකිනව කෙකි ටිකක් පොඩි ලොරියක දාගෙන පොල් කඩන්න යන සෙට් එකක්. අපේ වත්තෙනම් එක ගහක්වත් නෑ කෙක්කෙන් කඩන්න පුළුවන් තරමෙ ගහක්. පොල් කඩන එකාට කෝල් එකක් දීල වෙලාවක් අරගෙන එයා එන වෙලාවට් නොවැරදීම ඉන්න ඕනෙ නැත්නම් ඉතිං ආයෙ මාසයක් විතර ඉන්න ඕනෙ.

    ReplyDelete
  24. http://dreamsofharee.blogspot.com/2014/05/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. වයඹ පැත්තෙ තාමත් ඔය විදිහටලු පොල් කඩන්නෙ. ලින්කුව දාපු පෝස්ටුවෙ තියෙන්නෙ පොල් කැඩිල්ල ගැන. එක එක ක්‍රම.

      Delete
  25. කෙක්කෙන් පොල්කඩන්න්හෙ ඉහ මුදුනටම ටොකු පතබාලා තියෙන අල්ල පනල්ලෙ පොල් කැඩිල්ල ගැන ගස්ලබ්බ මෙන්න මෙහෙමයි කිව්වෙ කියලා කියාගෙන හෙමිම මාරු වෙනවා ඕන්.. හෙහ් හෙහ්
    http://gaslabba.blogspot.com/2016/04/blog-post_22.html
    ජයවේවා..!!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....