Sunday 27 April 2014

ප්‍රක්ෂිප්ත
















පදම් කල ඇට්ටේරියා කරුව
පරන හම් සපත්තුව
වින්කලෙන් ගෙනා ටියුබ් පටි
ඔට්ටුපාලු
කැටපෝලය අතේ..

පළමුවෙනි විදිල්ල පාරෙන් එහා
රබර් ගසේ උසම උස කරටියට
ලා දලු පසාරු කරගෙන
ගල් කැටය නොපෙනී ගියත්

විද්‍යාගණිත මිස් කියා දුන්න
ගුරුත්වය සහ ප්‍රක්ෂිප්ත නීතී
අකුරටම පිලිමදිමින්
........ගල්කැටය........
පහලවෙලේ නියර අදින
චන්ද්‍රපාලගේ වම් ඇහේ......   

22 comments:

  1. Replies
    1. ඇයි ගැඹුරු මදිද...තව පාරක් කියවන්න...
      මහාචාර්‍ය තුමාට දුන්න රිප්ලයි එක කියවන්නකො....

      Delete
  2. හුටා... ඒක නෙමෙයි මේක මේ විදියට ලියපු එකයි අපූරුව..

    ReplyDelete
    Replies
    1. හෙඩිමට දාන්න හිටියේ නානසාර හරි බඩු බල සේනා කියලා..

      Delete
    2. නානසාරට පිස්තෝලේ දීපූ නිව්ස් එක දැක්කම් මට මතක් උනේ අර වඳුරෙකුට කඩුවක් දීපූ කතාව.

      Delete
  3. පහත් බිම් යට කරයි
    ගිරි ශිකරයේ සුදු හිම...

    ReplyDelete
    Replies
    1. ගිම්හානයෙන් පසු...

      Delete
  4. ඇඳිරිය කාමරය
    වැටකි අයෝමය

    ReplyDelete
  5. දනගා ගොස්
    අරින්න ජනේලය...

    ReplyDelete
  6. චෙපා... ෆලෝවර් ගැජට් එක දාහං. අනික පටන් ගත්තම ඔය මාතලං මාරයා කකා වගේ තැන් වල පොඩ්ඩක් ලින්කටුවක් දාහං... ජය වේවාත...

    ReplyDelete
    Replies
    1. දේශකයානෙනි...කොලාට හරි ගියේ නැතිය...ෆොලෝවර් ගැජට් එක දාන හැටි ඊයකින් ලියලා එවපන් මචෝ...

      Delete
    2. දේශක, මොකක්ද අැහුන් නෑැ. ලන්කට්ටුවක් ඕනේ?

      Delete
  7. හරියට ඉලක්කෙට
    රබර් ගහෙ කරටියට
    ගල වදිනකොට ඇහෙන
    හුරේ හඬ නොඇසේද?

    පාලයාගේ ඇහැ ගැන
    මේ උත්සව සමේ
    කතා කරනා එක
    හොඳ මදියි මගේ හිතට

    ReplyDelete
    Replies
    1. අධිමානසික30 November 2017 at 10:34

      පට්ට පට පට

      Delete
  8. හුටා the projectile!

    ReplyDelete
    Replies
    1. ගැටයා කාලේ වෙච්ච තාමත් වදදෙන කේස් එකකි....

      Delete
  9. නිව්ටන්ගේ හිස මත පතබෑ ඇපල ගෙන
    විද්‍යාගණිත මිස්ගේ තියරි ගෙන මැන
    විද්දා නම් කැටපෝලෙන් වෙර ගෙන
    චන්ද්‍රපාලයාගේ ඇස අදටත් හොඳ සුවෙන

    වැස්සටවත් පාසල් නොගිය චන්දරේ
    විද්‍යාගණිතයට 100ම ලකුණු ගත් "ඇනෝ"
    පොතේ ලෙසම අකුරු කරවූ ගුරුන්
    කවුරුන්ද වැරදි මේ අතුරින් කියහන්

    බාහිර අසන්තුලිත වෙර බලය යොදා
    එෆ් සමානයි එම් ජී පමනක් විසඳා
    වා ඝර්ෂන විස්කොසිටි බල නොයොදා
    නොයවන් ප්‍රක්ෂිප්ත ආයේ කිසිදා

    - By Tek Croach :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ කියා කෑ මොර දුන් හඬින් චන
      දෙදරා ගියා මිහිකත ගම් නියම්ගම
      පැළුනද මන්ද මගෙ කන් වී අනුනාද
      සැනින් නැග්ගා ගහකට වෙව්ලමින් බිය

      අම්මෝ ශබ්දය දෝංකාර විය
      ගම සියලු දෙනා එතැන රැස් විය
      විද්‍යාගණිත මිසුත් එහි විය
      කරපිටින් චනා වෙද ගෙදර ගිය

      විද්‍යාගණිත මිස් දැක්කම මගේ හිතට
      මතක් වේය ඇය කියා දුන් ප්‍රක්ෂිප්ත
      මතකයි එදා සිරා ඔච්චම් කළා මට
      සල රේ චලිතයෙන් දුන්නා උගෙ හොම්බට

      සැනින් එය දුටු විද්‍යාගණිත මිස
      එල්ල කළා හුණු කුර මගෙ මුහුණට
      එව්වා වේග පන්දුවක් මගෙ හොම්බට
      වුණේ වෙන දෙයකි අහන් අාපිට

      එදා ගුරුන්ටත් අකුරු වැරදුනා
      සිරා කොලුවා කඩුල්ල මුවා කරා
      හුණුකූර උගෙ නාස් පොල්ලේ වැදුණා
      අපේ කරපිටින් ඔහු වෙද ගෙදර ගියා...

      වරද මගෙයි යෙදු නිස අසංතුලිත බල
      යැවූ නිස එෆ් සුත් පමනක් ම දැන
      නොදනිමි මා වා ඝර්ෂන කොසිටි බල
      නොයවමි ආය දිවි ඇති තෙක් ප්‍රක්ෂිප්ත

      - By DNK හිටිවන

      Delete
    2. පට්ට.. සුපිරි :) :) :)

      Delete
    3. අධිමානසික30 November 2017 at 10:31

      හුම්... ඒකනම් ඇත්ත. මුන්ට කොහෙන් කවි සිතිවිලි පහළ වෙනවාද දන්නැ.

      Delete
  10. හිකිස්zz

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....