පින්තූරය Larsen, A&CE |
මතකය මීට දශකයකට එහා දුව යයි. 2004 වසරේ ඔක්තෝබරයට.
මා වෙත පැවරී ඇත්තේ සුලු පටු වගකීමක් නොවේ.
නව ගුවන් තොටුපාලවල් දෙකක ප්‍රධාන ගෘහනිර්මාන අධ්‍යක්ෂක වෂයෙන්, ගුවන් තොටුපොලවල් නිර්මානය කිරීමට හැකියාව ඇති, ඒවායේ සැලසුම් නිමකිරීමට වෘතිකයන් පෙල ගැසීම මා හට පැවරුන ඒ මහා බාරදූර කාර්‍ය්යයි.
නිතැනින්ම හිත යොමු උනේ බටහිර වෘතිකයන් සොයා යාම මිස මා දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයන් වෙත නොවේ.
මැද පෙරදිග ගුවන් තොටුපල සම්බන්ධ උපදේසක කාර්යයන්ගේ ක්ෂෙමභූමිය වූ ඩුබායි රාජ්‍යයෙන් විමසා බලා රැකියා සැපයුම් ආයතන රාසියකින් ගෙන්වා ගත් අයදුම් පත් නිරීක්ෂනයකින් පසු, සුදුසුකම් කෙසේ වෙතත් පලපුරුද්ද ඇති බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජතික ගෘහ නිර්මාන ශිල්පීන් දෙපලකින් අපි වැඩය පටන් ගතිමු.
එවකටත් මා සමග කන්ඩායම් ගැසී සිටි ශ්‍රී ලාංකික ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනාද, ඩෙන්මාර්කයෙන් ජෝඩු වූ අපගේ ලොකු මහතාද, අලුත් දෙදෙනාද ඇතුලු කන්ඩායම කර්තව්‍යය නිම කිරීමට ප්‍රමාන වේ යයි සිතා ගත්තද, බොහෝ කෙටි කාලයකදී මාගේ තීරණයේ ඇති ළඳ බොළඳ කම පැහදිලිවම අනිසි ප්‍රථිඵල ගෙන එන ලදි.
අප හට ගුවන් තොටුපල නිර්මාන කිරීම සඳහා අවශ්‍ය පෙර සුදුසුකම් කිසිත් නැත. අලුතින් ආ දෙදෙනාගෙන් ප්‍රංශ ජාතිකයා කිසිම හැකියාවක් නොමැති සුදු හමක් පමනක් ඇත්තෙකි. කාලය පියඹා යයි. ප්‍රෝග්‍රෑම් එකකට සියලුම සබ්මිෂන්ස් කල යුතුව ඇත.
මා තාප්පයටම හේත්තුවී ඇත. මෙවන් අවස්ථාවලදී ඕනෑම කෙනකුට සිහිවන්නේ බුදු සාදුයි අම්මාවයිය (බුදු අම්මෝ...)නමුත් ඒ දෙදෙනාටම මට කල හැකි කිසිම දෙයක් නැත. ඒ දෙදෙනා ලෙසටම කිට්ටු තව කෙනෙක් හැමෝටම සිටී. ඒ යාලුවන්ය. යාලුවන්ගෙනුත් මෙවන් මොහොතක උදව් දිය හැක්කේ ප්‍රොෆෙෂනල් යාලුවන්ටම පමනි.
මම ඔවුන් සරණ පැතුවෙමි. ඒකෙක් පමනක් ඕමානයේ වෙනත් කොම්පැනියක සිටියේය. පහත ලිස්ට් එක මාගේ ආරාධනාවෙන් මා සොයා පැමිනි එවන් ප්‍රොෆෙෂනල් යාලුවන් කන්ඩයමයි:
- ජයසිංහ (JMR)-ඕමාන්වලින්
- HB (හාවා)- ඔස්ට්‍රේලියාවෙන්
- මෙලාති - ඔස්ට්‍රේලියාවෙන්
- රෙහාන් - ලංකාවෙන්
- මුනී-ලංකාවෙන්
- ක්‍රිශාන්ත -ලංකාවෙන්
- පියල් -ලංකාවෙන්
- මංජුලා-නිව්සීලන්තයෙන්
- ඩොටා-ලංකාවෙන්
- කිත්තා-ලංකාවෙන්
- තට්ට මහෙන්ද්‍ර-ලංකාවෙන්
- ලොකු මහෙන්ද්‍ර-ලංකාවෙන්
- නීලංග-ලංකාවෙන්
- රුකා-ලංකාවෙන්
- චන්දන -ලංකාවෙන්
- මිනූෂි -ලංකාවෙන්
- වෛද්‍යරත්න ජෝඩුව-ලංකාවෙන්
- ලක්කන-ලංකාවෙන්
- ප්‍රදීප් - ලංකාවෙන්
- ලාල් - ලංකාවෙන්
- සන්හාර්- ලංකාවෙන්
- රන්ජිත් - ලංකාවෙන්
- එරල්
මෙවන් සංකීර්ණ, ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ යෝජනා ක්‍රමයක, ආසියාතිකයන් වූ අපවැනි වෘතිකයනට ඉහලම තල වල වැඩකිරීමට ලැබෙන මෙම අවස්ථාව අහක දැමීමට තරම් වූ අයවලුන් සීමතය.
මොවුන් හරිම සොඳුරු මිනිසුන් වූහ. ව්‍යාපෘතිය ආරම්භයේ සිට අප කොන්ත්‍රාත්තුව අවාසනය වෙන තෙක්ම ඔවුන් එකා ලෙස, එක පවුලක් ලෙස මා සමග එම භාර දූර කාර්යය කිරීමෙහිලා අනගි සම්පන්න මෙහෙයක් ඉටු කෙරූහ.
අප ගත කල එම කාලය ගැන ලිවීමට බොහෝ දේ සිතේ නලියයි. ටිකෙන් ටික මතකය අලුත් වන විගසින් අකුරු කිරීමයි අරමුන.
පින්තූරය Larsen, A&CE |
ඉදිරියට රසවත් දේවල් ලියාගැනීමට හැකියාව ලැබේ යනු මාගේ පැතුමයි....
හරි හරි ඔහොම යන්. එයාර්පෝට්ස් දෙක මස්කට් & සලාලාද? ආසයි කියවන්න.
ReplyDeleteමස්කට් සහ සලාලා එයාර් පොර්ට් දෙක තමයි අරූ....වෙලාව හොයාගෙන කොහොම හරි ලියන්න තමයි ට්‍රයි එක දෙන්නේ...සපොර්ට් එකට තැන්කූ මචෝ...
Deleteමේල් එකක් එවන්නං
ReplyDeleteඇයි මචෝ මොකක් හරි කේස් එකක්ද?
Deleteඑළ බුවෙක්නේ අපේ චෙෆා.... මම හිතුවේ චෙෆ් කෙනෙක් කියලා එදා පින්තූරයක් දාපු වෙලාවේ හිතුවේ කේක් එකක් කියලා.. බලාගෙන ගියාම විශ්මකර්මයෙක්නේ... ලියන්නයි තියෙන්නේ ලොක්කා.. හැබයො නොම්මර එකේ කවියෙකුත් ඇතුලේ ඉන්න බව අමතක කරන්න එපා..
ReplyDeleteහුටා...ප්‍රොෆෙෂනල් චෙෆෙක් නෙමෙයි මහාචාර්ය තුමා...හැබැයි අනෙක් පාර්ට් එකනම් ප්‍රොෆෙෂනල් විධියට කරමින් ඉන්නවා....මේ කථාව ලියන්න ඕනිම එකක මොකෝ අපේ පුංචි රටේ අය කරපු සමහර හොඳ වැඩ අපිම හංගගෙනන ඉන්නේ...මේ දවස් වල තවත් සිරා වැඩකට කර ගැහිලා ඉන්නේ ලංකාවෙම, ඉතින් වෙලාව වෙන් කරගන්න ගියාම සුලු සුලු කචල් තියෙනවා..බොන්නවත් වෙලාවක් නෑ මචෝ..අර කැළනි පාලමේ කිව්වා වගේ, ඒක කරන්නෙත් දුව දුව...:)
Deleteමාතා දෙන සපෝර්ට් එක නිසා තමයි ගට එන්නේ ලියන්න...උඹ නම් මාර බුවෙක් බොස්...
සුපිරි ! කන්ස්ට්‍රක්ෂන් ගැන නම් කවදත් කියවන්න ආසයි :) දිගටම ලියමු.
ReplyDeleteමානවිකා..කන්ස්ට්‍රක්ෂන් ගැන ලිව්වොත් මෙලෝ රහක් නැති වෙයි බං...අදහස තියෙන්නේ මාත් එක්ක එයාර් පොර්ට් දෙක කරපු ආකියො රෑනේ එක එකා ගැන මට මතක රසවත් දේවල් පසුබිම් කරගෙන ප්‍රොජෙක්ට් එක කරපු හැටිත්, උන්ගේ තියෙන පුදුම දක්ෂකම් මතුවෙන විදියට මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ කොහමද කියන එකත් රෙකොර්ඩ් කරලා තියෙන එකයි.. නිතර ඇවිත් සපොර්ට් එකක් දීපන් නගෝ...කමෙන්ට් වලින් තමයි ගමනට පෙට්‍රොල් වදින්නෙ....
Deleteනියම කතාවක්නේ... දිගටම ලියමු..
ReplyDeleteතැන්කූ කිව්වා කොල්ලෝ.....
Deleteලියපං මචං පොරි හැලෙන්නම.. ඔය කතා සීරිස් එකට වෙනම ලේබල් එකක් දාහං.. මාත් හිතුවේ උඹ අජූත කුකෙක් වෙන්න ඇති කියලායි... අනේ මේ ෆලෝවර් ගැජට් එක දාහං..
ReplyDeleteදේශකයානෙනි....කුකෙක් වගෙම ආකියෙකුත් වෙමි....ආකියෙක් වගේම කුකෙකුත් වෙම්හ...ෆලෝවර් කේස් එක තාම මීටර් උනේ නෑ බොස්....ලේබල් කොරඤ්ඤං....
Deleteචෙෆා මේ වගේ සුවිශේෂ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න තීරණය කරපු එක අපේ වාසනාවක්. මම ඉන්නෙත් ඕමාන් වලට අසල්වැසි කටාර්වල . ඇත්තෙන්ම අපි ලියන දේවල් අතරට අපි මේ රටවලදී ගන්නා අත්දැකීම් හා රස්සාව සම්බන්ද දේවලුත් වරින්වර ලිව්වොත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියා මට හිතනවා . ලස්සන කවි සමග මෙවැනි දේත් දිගටම ලියන්න. ජය !!
ReplyDeleteතැන්කූ වේවා චීෆ්....ඔමාන් වල අවුරුදුම 23ක් කොරා මචෝ...නිවාඩුවකට ලංකාවේ ආව වෙලාවක, (මීට අවුරුද්දකට විතර කලින්)මාව අල්ලගත්තා මචෝ ලංකාවෙ සිරා ප්‍රොජෙක්ට් එකකට...දැන් ඉතින් ඒකට කරගහලා..ඒ කථාව මේක ලියලා ඉවර කරපු දවසක ලියන්න ඕන..
Deleteලියමු ලියමු ඉතුරු ටිකත් ලියමු. //අලුතින් ආ දෙදෙනාගෙන් ප්‍රංශ ජාතිකයා කිසිම හැකියාවක් නොමැති සුදු හමක් පමනක් ඇත්තෙකි//. අම්මෝ මෙ වගේ සුදු හොරු මෙහෙ කොයි තරම් ඉන්නවද?පඩි නම් ගන්නවා ඒ ගානට ලංකාවෙන් තුන් හතර දෙනෙක් ගෙන්ට පුලුවන්. අපෙන්ම වැඩේ අරන් රිපොර්ට් එකෙ වචන දෙක තුනක් හදලා මීටිමකට ගියාම අයෙ දෙනවා දොඹෙං. අපිට වගෙ කඩ්ඩ වරදියි කියලයෑ.
ReplyDeleteප්‍රංශ බුවා සුමාන දෙකෙන් එලෙව්වා මචෝ.. හැබැයි මම ලංකාවෙන් ජොයින් වෙච්ච හැම ආකියාටමත්, කැඩ් ඔපරෙටර් සෙට් එකටත් සුද්දොන්ට ගෙවන ගනන්ම ගෙව්වා...උන් ඔක්කොම ගොඩ...අදත් මාත් එක්ක 50ක් විතර ජෝඩුවෙලා ඉන්නවා උන්ගෙන්...
Deleteඑයාපෝර්ට් එකක් ඩිසයින් කරන එක ලේසි වැඩක් නෙවෙයි කියලා තේරුම් ගන්න මටත් පුලුවන්. මේ ලඟදි ඩුබායි එයාපෝර්ට් එක ගැන නැට්ජියෝ සීරීස් එකක්ම ගියා.
ReplyDeleteඉතින් කොහොම හරි වැඩේ ගොඩදාගත්තනේ උඹලා?
මට වැඩිය මිස් වෙලා නෑ වගේ.. :)
ReplyDeleteහැ මේක දැක්කෙ අද
ReplyDeleteඅදෝමැයි...අදයැ දැක්කේ....!
Delete