පදම් කල ඇට්ටේරියා කරුව
පරන හම් සපත්තුව
වින්කලෙන් ගෙනා ටියුබ් පටි
ඔට්ටුපාලු
කැටපෝලය අතේ..
පළමුවෙනි විදිල්ල පාරෙන් එහා
රබර් ගසේ උසම උස කරටියට
ලා දලු පසාරු කරගෙන
ගල් කැටය නොපෙනී ගියත්
විද්‍යාගණිත මිස් කියා දුන්න
ගුරුත්වය සහ
ප්‍රක්ෂිප්ත නීතී
අකුරටම පිලිමදිමින්
........ගල්කැටය........
පහලවෙලේ නියර අදින
චන්ද්‍රපාලගේ වම් ඇහේ......
හපොයි..
ReplyDeleteඇයි ගැඹුරු මදිද...තව පාරක් කියවන්න...
Deleteමහාචාර්‍ය තුමාට දුන්න රිප්ලයි එක කියවන්නකො....
හුටා... ඒක නෙමෙයි මේක මේ විදියට ලියපු එකයි අපූරුව..
ReplyDeleteහෙඩිමට දාන්න හිටියේ නානසාර හරි බඩු බල සේනා කියලා..
Deleteනානසාරට පිස්තෝලේ දීපූ නිව්ස් එක දැක්කම් මට මතක් උනේ අර වඳුරෙකුට කඩුවක් දීපූ කතාව.
Deleteපහත් බිම් යට කරයි
ReplyDeleteගිරි ශිකරයේ සුදු හිම...
ගිම්හානයෙන් පසු...
Deleteඇඳිරිය කාමරය
ReplyDeleteවැටකි අයෝමය
දනගා ගොස්
ReplyDeleteඅරින්න ජනේලය...
චෙපා... ෆලෝවර් ගැජට් එක දාහං. අනික පටන් ගත්තම ඔය මාතලං මාරයා කකා වගේ තැන් වල පොඩ්ඩක් ලින්කටුවක් දාහං... ජය වේවාත...
ReplyDeleteතැන්කූ...
Deleteදේශකයානෙනි...කොලාට හරි ගියේ නැතිය...ෆොලෝවර් ගැජට් එක දාන හැටි ඊයකින් ලියලා එවපන් මචෝ...
Deleteදේශක, මොකක්ද අැහුන් නෑැ. ලන්කට්ටුවක් ඕනේ?
Deleteහරියට ඉලක්කෙට
ReplyDeleteරබර් ගහෙ කරටියට
ගල වදිනකොට ඇහෙන
හුරේ හඬ නොඇසේද?
පාලයාගේ ඇහැ ගැන
මේ උත්සව සමේ
කතා කරනා එක
හොඳ මදියි මගේ හිතට
පට්ට පට පට
Deleteහුටා the projectile!
ReplyDeleteගැටයා කාලේ වෙච්ච තාමත් වදදෙන කේස් එකකි....
Deleteනිව්ටන්ගේ හිස මත පතබෑ ඇපල ගෙන
ReplyDeleteවිද්‍යාගණිත මිස්ගේ තියරි ගෙන මැන
විද්දා නම් කැටපෝලෙන් වෙර ගෙන
චන්ද්‍රපාලයාගේ ඇස අදටත් හොඳ සුවෙන
වැස්සටවත් පාසල් නොගිය චන්දරේ
විද්‍යාගණිතයට 100ම ලකුණු ගත් "ඇනෝ"
පොතේ ලෙසම අකුරු කරවූ ගුරුන්
කවුරුන්ද වැරදි මේ අතුරින් කියහන්
බාහිර අසන්තුලිත වෙර බලය යොදා
එෆ් සමානයි එම් ජී පමනක් විසඳා
වා ඝර්ෂන විස්කොසිටි බල නොයොදා
නොයවන් ප්‍රක්ෂිප්ත ආයේ කිසිදා
- By Tek Croach :)
අම්මෝ කියා කෑ මොර දුන් හඬින් චන
Deleteදෙදරා ගියා මිහිකත ගම් නියම්ගම
පැළුනද මන්ද මගෙ කන් වී අනුනාද
සැනින් නැග්ගා ගහකට වෙව්ලමින් බිය
අම්මෝ ශබ්දය දෝංකාර විය
ගම සියලු දෙනා එතැන රැස් විය
විද්‍යාගණිත මිසුත් එහි විය
කරපිටින් චනා වෙද ගෙදර ගිය
විද්‍යාගණිත මිස් දැක්කම මගේ හිතට
මතක් වේය ඇය කියා දුන් ප්‍රක්ෂිප්ත
මතකයි එදා සිරා ඔච්චම් කළා මට
සල රේ චලිතයෙන් දුන්නා උගෙ හොම්බට
සැනින් එය දුටු විද්‍යාගණිත මිස
එල්ල කළා හුණු කුර මගෙ මුහුණට
එව්වා වේග පන්දුවක් මගෙ හොම්බට
වුණේ වෙන දෙයකි අහන් අාපිට
එදා ගුරුන්ටත් අකුරු වැරදුනා
සිරා කොලුවා කඩුල්ල මුවා කරා
හුණුකූර උගෙ නාස් පොල්ලේ වැදුණා
අපේ කරපිටින් ඔහු වෙද ගෙදර ගියා...
වරද මගෙයි යෙදු නිස අසංතුලිත බල
යැවූ නිස එෆ් සුත් පමනක් ම දැන
නොදනිමි මා වා ඝර්ෂන කොසිටි බල
නොයවමි ආය දිවි ඇති තෙක් ප්‍රක්ෂිප්ත
- By DNK හිටිවන
පට්ට.. සුපිරි :) :) :)
Deleteහුම්... ඒකනම් ඇත්ත. මුන්ට කොහෙන් කවි සිතිවිලි පහළ වෙනවාද දන්නැ.
Deleteහිකිස්zz
ReplyDelete