දිගු කල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි......
මේ නරුමයා තරම් ඔබ හා බැඳි
වෙනත් ආත්මයන් නොමැති බැව්
කවදා හෝ වෙවුලන ඔබ දෑතින් ලියවේවිද....
ජීවිතයේ තනිමංසල අතරමංවෙලා.....
ඒ අමරදේව.....
සෙනේහයේ සත් පියුමන් නැවත පිපේවා...
ඒත් අමරදේව....
පොඩ්ඩක් ඉන්න..කෝ ඔයා කිව්ව තණකොල පිරිච්ච, අර ඔයා බිම පෙරලි පෙරලි මනෝ ගහනව කිව්ව තණබිස්ස නෑනේ ඔයාගෙ මිදුලේ...මහා අපිළිවෙලට එහාට මෙහාට වෙච්ච කුරුබිලියක් වගේ ගාඩ්න් පොඩිත්තක්නේ මම දැක්කේ එදා.....කිව්ව තරම් මල් ගස් වත්, ඔයා කතාකර කර පෝර දානවා කිව්ව ගස්වත් නෑනේ තිබුනේ ඔයාගෙ ගාඩ්න් එකේ..මාව වෙන තැනකටද එක්කන් ගියේ, නැත්තං ඔයාගේ මනෝ විකාරද හැබෑට..
පොඩ්ඩක් ඉන්න......හරි හරි........ අමානුෂික විදියට මම අවලාද කීවයි කියලා, ඔයා ඔෆිස් එක ඇතුලේ සිහිනැති උනා කියන එකයි, ඊට පස්සේ මයිනර් ස්ට්‍රෝක් එකක් හැදුනායි කියන එකයි කොහෙන්ද හොයාගත්තේ..එහෙම අහන්නේ මම නරුමයෙක් නිසාද..?
පොඩ්ඩක් ඉන්න..නරුමයෙක් කියන්නේ මොනවගේ කෙනෙකුටද හැබෑටම....?
මම ඇඹරල්ලා කන්න එච්චර ආසා නැති උනාට ඔයා ආසා නිසා ගෙනල්ලා දුන්න අඹරැල්ලා අච්චාරු ඔක්කොම තනියම කැව නිසාද නරුමයෙක් වෙන්නේ හැබෑට....?
When we're hungry...love will keep us alive
ඒ Don Henley...ඊගල්ස් ලගේ ඩ්‍රමර් අනේ...
I was standing
All alone against the world outside
You were searching for a place to hide
Lost and lonely
ඒත් Don Henley....ඔව් ඔව් ඊගල්ස් ලගේ ඩ්‍රමර් තමයි....
පොඩ්ඩක් ඉන්න....ඔයා තමයි මට කියල තේරුම් කරල දුන්නේ මතුපිටින් පෙනෙන රූපෙට වඩා ඇතුලාන්තයට ආදරේ කරන්නය කියන දේ..ඉතින් එහෙමනේ මම ආදරේ කරන්නේ...ඒත්...ඇයි මේ නාඩගං හැබෑට....
අනික..ඇයි හිතන්නේ the world rotate around you කියලා...අනිත් අයටත් ජීවිතයක් තියෙනව නේද කියල හිතන්න බැරි ඇයි ඔය තරමට.....
ඔයා one way street එකක් කියලා කී පාරක් නං කියල ඇත්ද....?
දිගුකල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි.....?