Thursday 6 January 2022

Dreamer....!

 


අහස කළු කලාට
සුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොව

හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු
මට පෙන්නුවේ සුළඟද අහසද

තරු සහ මා අතර මැදින්
ආ කළු වලාවන්
ඈතට ගෙන ගොස්
හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල්
මට පෙන්නන්න හිතුනේ
හුලඟට මොනා හිතලාද

නොපෙනුත් ඈතක සිටියත්
මා තරු අතර බැව්
හුළගට හොරෙන් හොරෙන්
කියන්නත් හිතෙනව මට

11 comments:

  1. හා හහා නොකියන්න
    කාටවත් ඔය රහස
    කාට හරි කීවාම
    අගේ නැති වේවි නොව?

    ReplyDelete
    Replies
    1. කියන්නමයි හිතෙන්නේ...සුළඟට....!!

      Delete
    2. හිත දෙනවා නං කියන්න
      හුළඟට කියලා බලන්න
      හැබැයි පරෙස්සමින් ඔන්න
      බට ගස් නැති තැනක් ගන්න

      Delete
  2. ඉස්සර නම් මේ වගේ එව්වාට රිප්ලයි කයිත් ලියන්න පුලාන්...සැක්....ඒකට දැන්..මට කයි ලියන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. කපපු කැරට්
      ලියපු ලීක්ස්
      බඩ පුරවයි
      උයපු රයිස්...
      🤣
      ලියන්නකෝ ඒවා...!

      නැත්තං...

      යෙලෝ රයිස්
      ෆ්‍රයිඩ් රයිස්
      ඊට රසයි
      පෝර්ක් රයිස්...!

      🤣🤣🤣🤣

      Delete
  3. දිලිසෙන තරු වැල්
    හිනැහෙන කවිමල්
    වළා මැදින් විත්
    පුබුදයි මනකල්

    ReplyDelete
  4. උබගේ කවි කියවලා රසවින්දට කවි වලින් පිලිතුරු දෙන්න කවි දැනුමක් නැත

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....