Friday 6 December 2019

අපි

Blue nude- Pablo Picasso

ඉවුරු දෙකක් නැත්තං
කෝ ගඟක් තිබුනට වතුර
ඉර නොතිබුනානං
බැබලේවිද සඳක් පාලොස්වකට
හමාවිද සුළගක්
වහීද මහ වැහි
දැනේද උනුහුමක්
ඔබ නැතිනං මා ලඟ 
සිහිනෙන්වත් ...!!



18 comments:

  1. හමන හුළඟත් නොපෙනෙතත්
    දැනෙනවා
    උල්පතත් සැඟවී උනත්
    ඉවුරු දිග ගඟ ගලනවා
    එකම අහසක උනත්
    එක ලග නැතත්
    හිරු රැසින් සඳ පිපෙනවා

    ReplyDelete
  2. Replies
    1. ඇයි ඔයා මාව දාලා සිඩ්නි ගියේ..අන්නේකයි...🤣

      Delete
  3. රැඳි සිහිනේ
    නොවැ යහනේ
    කෝ උනුහුම
    මේ සිසිලේ
    ගැලෙමි රැඳෙමි
    ඒ සිහිනේ
    දිව සුවයක්
    ලද ලෙසිනේ .

    ReplyDelete
  4. ඉවුරු දෙකනං වතුරට යටින් හා වෙලානෙ තියෙන්නෙ.

    //හමාවිද සුළගක්
    වහීද මහ වැහි//
    බෙංගාල බොක්ක ගැනද දන්නෑ මේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊසානදිග මෝසමනේ දැන්...බෙංගාල බොක්කෙන් තමා හමන්නෙ...කමක් නෑ නේ...😍

      Delete
  5. තනිය මිහිරකි
    පාලු ග්‍රහයෙකි
    එවිට නොතනිය
    ක්ෂීර පථයකි!

    ReplyDelete
    Replies
    1. තනිය කොහෙද මෙයා මිහිරි
      වටේට යාලුවො සෙට් එකක් හිටිය ඉස්සරනං තනියට...
      කෝ උන් දේශපාලකයො පස්සෙනේ...

      Delete
  6. Replies
    1. පාළුව වැඩියෙන්ම දැනෙන්නේ මේ වහින වෙලාවට...!
      හීනියට මොනා හරි කරගෙන ඉන්නව අපි ඉතින්....🥂

      Delete
  7. සිල්පරකොටන් විතරක් ඇතෑ
    කෝ පීලි......?
    කෝච්චියකට උනත්
    දුවන්න හැල්මෙ
    කවදාවත් හමුනොවෙන
    ඒ පීලි මත්තෙත්
    ඉඳහිට පිපෙන එකනෙ වැඩේ
    ඇබිත්තන් මල්....
    කෝච්චිය දන්නවායැ මල් සුවඳ
    හිත් පිත් නැති යකඩ යකා
    දන්නෙම හීන පොඩිපට්ටම් කරගෙන
    දුවන්න නොවැ..

    ReplyDelete
    Replies
    1. හා ඉතින් ඔයැයි කියනවනම්.... ලොකු අය කියන එවා පිලිගන්න එපැයි....🤣

      Delete
  8. “Absence is to love what wind is to fire; it extinguishes the small, it inflames the great.”
    ― Roger de Bussy-Rabutin

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....